සතුන්වත්තේ කුසගින්න


 

1926 වර්ෂයේදී ජර්මන් ජාතික ජෝන් හාගන්බර්ග් මහතාගේ අදහසකට අනුව අක්කර පහක භූමියක ආරම්භ කෙරුණ දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට අක්කර තිස් පහක් පුරා විසිරී පවතින අපූරු ස්ථානයකි. 1936 වර්ෂයේ රජයට පවරාගත් දෙහිවල සත්වෝද්‍යානයේ මේ වන විට සත්ව විශේෂ තුන්සිය පනහකට ආසන්න ප‍්‍රමාණයකට නවාතැනක් වූ සත්වෝද්‍යානයකි.

දිනක ආහාර වියදම ලක්ෂ එකයි අසූදහසක් ලක්ෂ දෙකත් අතර වූවත් නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ අක‍්‍රමිකතා හේතුවෙන් මෙහි සතුන් නිරාහාරව මිය යෑමේ තර්ජනයකට ලක්ව ඇති බව සත්වෝද්‍යානයේම නිලධාරියෙක් සඳහන් කරන කරුණකි. තම රැකියාවට බලපෑම් එල්ල විය හැකි බැවින් සිය නම සඳහන් නොකරන ලෙස ඉල්ලීමක් කළ මෙම සත්වෝද්‍යාන නිලධාරියා පැවසූවේ මෙන්න මෙහෙම කතාවකි.

මීට වසර කිහිපයකට පෙර මෙහි පැමිණ නරඹන්නට දවස පුරාම බැලූවත් බලලා ඉවර කරන්න බැරි තරමට සත්තු උන්නා. එහෙත් කියන්න කණගාටුයි මේ වන විට මෙහි ඇති කූඩු බොහෝමයක් හිස්. මෙම සතුන් රැක බලා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු වූවත් එක් එක් සේවකයාට වුවමනා ආකාරයට ඔවුන් කටයුතු කර ඇත්තේ.

පසුගිය දාක ඇති වූ ඇනකොන්ඩා ගැහැනු සතා පිරිමි සතා ගිල දැම්මේ සිද්ධියේ දී පවා හේතු වුණේ මේ නොසැලකිල්ල.ඇනකොන්ඩාවියට ආහාර ලෙස ලබා දීලා තිබුණේ කුකුළන් තුන් දෙනෙක් පමණයි. ඒ ලබා දීලා තිබුණෙත් මීට සති දෙකකට උඩදී. සති දෙකකට උඩදි කුකුළන් තුන් දෙනෙක් ලබා දුන්න කියන්නේ ඇනකොන්ඩා ගිල දමන අවස්ථාවේ ඇනකොන්ඩාගේ ගැහැණු සතා සිටියේ කුස ගින්නේ එය පැහැදිලි ඇත්තක්.

ඇනකොන්ඩා කියන්නේ ශක්තිමත් සතෙක්. ඒ වගේම අඩි 35 දක්වා විශාලත්වයකින් වැඩෙන සතෙක්. මේ සතුන්ට ඇති සත්වෝද්‍යානයේ කූඩු ප‍්‍රමාණවත් නෑ. බලන්න ඇනකොන්ඩා කූඩුව අසලම ඇති විශාල පිඹුරගෙ කූඩුව. එම කූඩුවට යොදාල තියෙන්නේ තුනී වීදුරු. නිකමට හරි වීදුරුව කැඩුනොත් ඒ විශාල පිඹුරගෙන් නරඹන්නනට පවා අනතුරක් සිදුවන්න පුළුවන්.

ඒ වගේම මේ උරගයින්ට ලැබෙන ආහාර මදි. ඔවුන්ට ගෙම්බන් මීයන් ලබාදෙන්නට සේවකයෙක් යොදවලා තිබුණත් ඔහුගේ සේවාව පවා නිසි පරිදි ඉටුවන්නේ නෑ. පුංචි පුංචි උරගයින් බොහෝමයක් නිරාහාරව මිය යනවා. ඇත්තටම මේ ගැහැණු ඇනකොන්ඩා පිරිමි ඇනකොන්ඩා ගිල දාන්නේ නෑ ඇයගේ කුස පිරි තිබුණා නම්. එය තමයි  ඇත්ත. මොකද පිරුණ බඩට තව ආහාරයක් ගන්න බෑනේ. අප මීළඟට සම්බන්ධ කර ගත්තේ උරග උයන. උරගයින් බාරව කටයුතු කරන පී. පේ‍්‍රමසිරි පීරිස් මහතාය.

ඔහුගෙන් අපි මේ ඇනකොන්ඩා යුවළ දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණ ආකාරය පිළිබඳව විමසුවෙමු. ඔහු පැවසූවේ මෙන්න මෙහෙම කතාවක්. මෙම ඇනකොන්ඩා යුවළ දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණේ චෙක් සමූහ ආණ්ඩුවෙන් දෙදාස් තුන වර්ෂයේ සත්ත්ව හුවමාරු ක‍්‍රමය යටතේ. මේ වන විට මෙම ඇනකොන්ඩා යුවලගෙ වයස අවුරුදු දහයයි. ගැහැණු සතා අඩි පහළවකින් දිගින් යුක්තයි. පිරිමි ඇනකොන්ඩා අඩි දොළහමාරක් පමණ වෙයි. උන් විෂ රහිත උරගයෝ. මුලූ ශක්තියම ඇත්තේ මෙම උන්ගේ ශරීරයේ. ගොදුර පොඩිකොට වෙලා ගනිමින් ගිල දැම්ම තමයි මෙම සතුන්ගේ ක‍්‍රමය.

ඇමේසන් වැසි වනාන්තර ආශ‍්‍රිතව වගුරු බිම් තමයි මෙම උරගයින්ගේ නිජ බිම වන්නේ. මෙම ඇනකොන්ඩා යුවලට දාව ඇනකොන්ඩා පැටවුන් සීයක් අවස්ථා හතරකදී උපත ලැබුවා. අවසාන වශයෙන් පැටවුන් බිහි වුණේ පසුගිය ජූලි මාසයේ. එම අවස්ථාවේ පැටවුන් තිස්දෙනෙක් බිහි වුණා. මේ වන විට උරග උයනේ පැටවුන් 38 සිටිනවා. අනෙක් ඇනකොන්ඩා පැටවුන් කොටසක් මිය ගියා. කොටසක් විදේශ රටවලට සත්ත්ව හුවමාරු ක‍්‍රමයට ලබාදුන්නා.

ඇනකොන්ඩා යුවලට ආහාර සඳහා ලබාදුන්නේ මොනවාද? කොයි තරම් ප‍්‍රමාණයක් ද? යන්න අප ඇසූ පැනයට පේ‍්‍රමසිරි මහතා පැවසූවේ මෙන්න මෙහෙම කතාවක්. මෙම උරග විශේෂයට අපි ආහාර වශයෙන් ලබා දුන්නේ කුකුලන් අට දෙනෙක්. එක් ඇනකොන්ඩකුට හතර බැගින් දෙදෙනාට අටක් තමයි ලබාදුන්නේ. පශු වෛද්‍ය නිර්දේශයට අනුව සති දෙකකට වතාවක් ආහාර ලබා දෙනවා. අවසාන වතාවට ආහාර ලබා දුන්නේ මීට සති දෙකකට උඩ දී.

ඇනකොන්ඩා යුවළගේ පැටව් බිහි වීම නිසා මීට පෙර අවස්ථාවකදී අප උන් දෙදෙනා කූඩු දෙකක රඳවනු ලැබුවා. එම අවස්ථාවේදී  ගැහැණු ඇනකොන්ඩා කෑම කෑවාට පිරිමි ඇනකොන්ඩා කෑම නොකා හිටියා. මේ හේතුව නිසා අපි නැවතත් ඔවුන් එක කූඩුවකට යොදවන්න පියවර ගත්තා. මෙම යුවල බොහොම සෙනෙහසින් සිටි යුවලක්. ඇනකොන්ඩා යනු විශාල ගවයකු පවා ගොදුරු කර ගැනීමට සමත් සත්ත්වයෙකි. ස්වභාවික පරිසරයේදී එවැනි විශාල ආහාරයක් ලබාගත් පසු සති දෙකක් හෝ තුනක් ආහාර ගැනීමෙන් වැළකී සිටින බව ඇනකොන්ඩා පිළිබඳව සොයා බැලූ තොරතුරු වලට අනුව අපට දැනගන්නට ලැබුණ කරුණකි.

 

 

 


කුකුළන් හතර දෙනෙක් යනු ඇනකොන්ඩා වැනි විශාල ගොදුරු ගිල දමන සත්වයකුට සුළු ආහාර වේලක් බව ඔබ අප හැම දෙනා පිළිගත යුතුය. මන්ද සති දෙකක් ඇතුළත කුකුළන් හතර දෙනෙක් මිනිස් පරිභෝජනයට පවා අල්ප ආහාර වේලකි. මිනිස් පරිභෝජනයට පවා සුළු ආහාර වේලක් වන කුකුලන් හතර දෙනා ඇනකොන්ඩා වැනි විශාල ගොදුරු ගිල දමන සත්වයකුට සති දෙකක් පුරා කුසගින්නක් නොමැතිව සිටීමට හැකි වූයේ කෙසේ ද යන්න අවධානය යොමු කළ යුතුම කරුණකි. ඇනකොන්ඩා යුවළට ආහාර පාලනය සිදු කරනු ලැබුවේ අධික වර්ධනය නිසා බව පශු වෛද්‍ය මතයයි.

එහෙත් ඔවුන් නිර්දේශ කරනු ලබන ආහාර ප‍්‍රමාණයන් ඒ ආකාරයෙන්ම මෙම සතුන්ට ලැබුනේ ද යන්න සඳහන් වන සටහනක් ලේඛනයක් සත්වෝද්‍යානයේ නිලධාරින් සතුව නැත. ඇපල්, මාංශ, පලතුරු, ධාන්‍ය යනු මිනිස් පරිභෝජනයට ද ලබාගන්නා ආහාරයන්ය. කොළ අතු මිනිසුන් ගිල දමන්නේ නැත. ඇපල් පලතුරු, මාංශ, ධාන්‍ය සතුන්ටම ලැබෙන්නේ ද එසේ නොමැති නම් සේවකයින්ගේ මුළුතැන්ගෙට පියඹා යන්නේද යන්න සොයා බැලීමේ ක‍්‍රමවේදයක් නොමැති වීම හේතුවෙන් සතුන් අසරණ වී ඇත. අද ලැබුණ කෑම හරිහට ලැබුණේ නෑ. අහවලා මට ලබා දෙන පලතුරු වලින් මස් පංගුවෙන් කොටසක් රැුගෙන ගියා යයි පැවසීමට සතුන්ට නොහැක.

එකිනෙකාට බද්ධ වූ සේවා ජාලයක් සත්වෝද්‍යානය තුළ පැවතියේ නම් ලබා දෙන ආහාර සටහන් කිරීමේ ක‍්‍රමයක්, කිරා මැන බලන ක‍්‍රමයක්, මේ සියලූ දේ සිදුවන්නේ ද යන්න සොයා බලන හදිසි වැටලීම් ක‍්‍රමයක් සත්වෝද්‍යානයේ පැවතුනා නම් පෝෂණය ගුණාත්මක බව කෙසේ වූවත් මෙම සතුන්ගේ කුස පිරෙන ආහාර වේලක් ලබා දීමේ හැකියාව ඉඩකඩ උදාවෙනු ඇත.

අවාසනාවට එවැනි කිසිදු ක‍්‍රමවේදයක් සත්වෝද්‍යානයේ පරිපාලනය තුළ නොමැත.

සේවකයෝ තමන්ට රිසි පරිදි ආහාර බෙදා හරිති. එහි අඩුවැඩිය තීන්දුවක් තීරණයක් නොමැත. සොයාබැලීමක් ද නැත. ඇනකොන්ඩා යුවලට කුකුලන් හතරක් ලැබුනා ද පැහැදිලි සටහනක් නැත. ඇනකොන්ඩා යුවලගේ කුසගින්න ප‍්‍රසිද්ධ රහසක් වන විට අප අලි ඇතුන් සහ අනෙකුත් සත්ව විශේෂ පිළිබඳව සොයාබැලීමට පිය නැගුවෙමු. සත්වෝද්‍යානය පුරා පිය නැගූ අපට වැඩිපුරම දක්නට ලැබුණේ සතුන් නොව හිස් කුඩුය. නාමලී, බන්දු, ඉන්දු වැනි විවිධ නම් ලබා සත්වෝද්‍යානයේ සිටින අලි ඇතුන්ට ලබා දෙන්නට නිර්දේශිත ආහාර වේල කිලෝ තුන්සිය පනහක් දෙසීයක් අතර ආහාර වේලකි. ජලය ලීටර් දෙසීයකි. අලි ඇතුන්ට ලබා දීමට නිර්දේශිත ආහාරවේල කොමඩු, පිපිඤ්ඤා, දිවුල්, කොස් කොළ සහ විවිධ ශාක කොටස් වලින් සමන්විත වූවකි. අලි ඇතුන්ට ලබා දෙන ආහාර වේල කිරණු ලබන්නේ අලි ඇතුන්ට කන්නට බැරි ගස් නාරටි සමග නම් අප එහි සිටි අවස්ථාවේ අලි ඇතුන්ට ලබා දුන් ආහාර වේල නිර්දේශිත බරට සමානය.

එහෙත් එය එසේ නොවන්නේ නම්, එම ආහාර වේල කිලෝ පනහක පමණ බරෙන් යුක්ත වූවකි. සත්වෝද්‍යානයේ සතුන්ට ආහාර ලබා දීමේ වට්ටෝරුව සැකසෙන්නේ වසර ආරම්භයේ සතුන්ගේ පෝෂණය, ලබා දිය යුතු විටමින් නිර්දේශ විය යුත්තේ සත්ව පෝෂණයවේදියකුගේ අනු දැනුම මත වූවත් දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ ආහාර වේල සැකසෙන්නේ සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන්ගේ සැලසුමට අනුවය. මහලූ සතුන්, ගැබිනි සතුන් සහ සත්ත්ව විශේෂයන්ට අනුව සැකසෙන මෙම ආහාර වට්ටෝරුව සතුන්ගේ බරට අනුව සැකසෙන්නක්. ඔවුන් එහිදී අනුගමනය කරන ක‍්‍රමවේදයට අනුව කිලෝ පනහක් බරැුති සිංහයකුට නම් ලබා දිය යුතු මස් ප‍්‍රමාණය කිලෝ පහකි. මෙම මස් ප‍්‍රමාණය නිර්දේශ වූ ප‍්‍රමාණයටම සතුන්ට ලැබෙනවාද යන්න අධීක්ෂණය කිරීමට අයකු නොමැති වීම කණගාටුවට කරුණකි.

පශු වෛද්‍ය නිර්දේශයට අනුව නොව සත්ත්ව පෝෂණ විද්‍යාඥයකුගේ අනු දැනුමට අනුව සැකසිය යුතු ආහාර වට්ටෝරුව පශු වෛද්‍ය කණ්ඩායමේ නිර්දේශයට අනුව සැකසීම සාර්ථක ක‍්‍රමයක් නොවන බව සත්වෝද්‍යානයේ සේවයේ නියුතු පශු වෛද්‍ය කණ්ඩායමම පිළිගනු ලැබූවත්, ඒ කෙරෙහි බලධාරීන්ගේ අවධානය නොලැබීම කණගාටුවට කරුණකි. පශු වෛද්‍ය නිර්දේශයට අනුව පමණක් නොව සත්වෝද්‍යානයේ අයවැයට අනුවත් එක් අවස්ථාවක සත්ව ආහාර වට්ටෝරුවක් පසුගියදාක සැකසී තිබුණ බවත් එම ආහාර වට්ටෝරුවට දැඩි බලපෑම් එල්ල කරමින් එය ඉවත් කිරීමට සත්වෝද්‍යාන කාර්ය මණ්ඩලය මැදිහත් වූ බවත් සත්වෝද්‍යානයෙන් දැනගන්ට ලැබුණ තවත් වාර්තාවකි.

වසර කිහිපයක් සේවා පළපුරුද්ද මිස පෝෂණවේදියෙක් නොවූ ජාතික සත්වෝද්‍යානයේ සේවයේ නියුතු අතිරේක අධ්‍යක්ෂිකා මෙහෙයුම් ධම්මිකා මල්සිංහ මහත්මිය සැකසූ ආහාර වට්ටෝරුවට අනුව වෙනදා  ලබා දුන් ආහාර වෙළට වඩා ආහාර අඩු කිරීමක් සිදු කෙරුණා පමණය. ඇය එය සකසා තිබුණේ වියදම් කපා හැරීමේ අරමුණින් යුතුවය. මෙම ආහාර වට්ටෝරුවත් සමග සතුන්ගේ මාරාන්තික තත්ත්වයත් ඉහළ යා හැකි බව හඳුනා ගනු ලැබූ සේවකයින් ආහාර වට්ටෝරුවට විරෝධය දැක්වීම නිසා බලධාරීහූ ආහාර වට්ටෝරුව හකුලා ගත්හ.ආහාර අඩුකම හේතුවෙන් සත්වෝද්‍යානයේ මිය ගිය සතුන්ගේ සංඛ්‍යාව පවතින්නේ ඉහළ අගයකය. මිය ගිය වටිනා සතුන් අතර ඔරික්ස් ගවයා විශේෂය. මෙම සතුන් යුවළ මහලූය. ඔවුන් මිය ගියේ දින කිහිපයක් දෙපා පණ නැතිව සිටය. තැන තැන වැටී සිටි මිය ගිය මෙම යුවලට අවශ්‍ය විටමින් ලැබ තිබුණේ නැත. සතුන් අධිපෝෂණ තත්ත්වයට පත් වී ගැටලූකාරී තත්ත්වය ඇතිවේ යයි සිතා ද ආහාර පාලනයක් සිදුවන තත්ත්වයක්  සත්වෝද්‍යානයේ ඇත.

 

 

මෙම සියලූ කරුණු හමුවේ අධි පෝෂණය කෙසේ වෙතත් ලැබිය යුතු පෝෂණය වූවත් සතුන්ට ලැබෙනවාද යන්න ගැටලූකාරී තත්ත්වයකි. එමෙන්ම සත්වෝද්‍යානයේ අවධානය යොමු කළ යුතු කරුණු රාශියකි. මේ වන විට ලොව වඳවී යන සතුන් අතරට එක්ව සිටින යෝධ ඉබ්බාට ද අත් වී ඇති ඉරණම සිතා බැලිය යුත්තකි. වටිනා සම්පතක් ලෙස රැුක ගත යුතු මෙම යෝධ ඉබ්බාට ලබා දිය යුතු විශේෂිත නිර්දේශිත ආහාර වට්ටෝරු සහ විටමින් වර්ගය ලෝක වෛද්‍ය නිර්දේශයට අනුව තීරණය වී තිබුණත් දෙහිවල සත්වෝද්‍යානයේ ජීවත්වන ඉපැරණිම සාමාජිකයා වන යෝධ ඉබ්බාට ලබා දෙන ආහාර වේලද සාමාන්‍ය ආහාර වේලකි.

උරගයින් සඳහා නිර්දේශිත ගෙම්බන්, මීයන්, කටුස්සන් වැනි සතුන් සොයා දීම සඳහා සේවකයින් සිටි නමුත් උරගයින්ට ගෙම්බන් මීයන් ලැබෙනවාද යන්න සොයා බැලිය යුතුය. සත්වෝද්‍යානයේ දරුණු ගණයේ සත්වයින් ඇත. මෙය නරඹන්නට පැමිණෙන්නන් අතර වැඩි වශයෙන් සිටින්නේ කුඩා දරුවෝය. යම් හෙයකින් කාට හෝ සතෙකුගෙන් අනතුරක් සිදු වූවහොත් එය පාලනය කිරීමට අවශ්‍ය වෝකිටෝකි පනිවිඩ හුවමාරු ක‍්‍රමය සත්වෝද්‍යානය තුළ ක‍්‍රියාත්මක වන්නේ ද නැත. එබැවින් අනතුරට ලක් වූ අය බේරා ගැනීමට විනාඩි විස්සක් තිහක් පමණ ගත වෙනු ඇත.

සත්වෝද්‍යානයේ සතුන්ට අත් වී ඇති මෙම ඉරණම පිළිබඳව අප විමසීමක් කිරීමට සම්බන්ධ කර ගනු ලැබුවේ සත්වෝද්‍යානයේ අතිරේක අධ්‍යක්ෂිකා මෙහෙයුම් ධම්මිකා මල්සිංහ මහත්මියයි. සත්වෝද්‍යානයේ වියදම් කපා හැරීම අරමුණු කොට ගෙන සත්ත්ව ආහාර වට්ටෝරුවක් නිර්දේශ කරනු ලැබූ මෙම ධම්මිකා මහත්මියගෙන් අප සතුන්ගේ ආහාර අධික වියදම් හේතුවෙක් කපා හැරියාද? ආහාර නිසි පරිදි සතුන්ට ලැබීමේ වැටලීම් ඒකකයක් තිබේ ද?  ඇසූ පැනයන්ට ඇය මෙසේ කීවාය. ඇත්තටම මෙම සතුන්ට ආහාර ලබා දීමේදී පමණක් නොව රාජ්‍ය ආයතනයක් වියදම් පාලනය කිරීමක් සිදු කළ යුතුයි. එහෙත් මෙම ආහාර වට්ටෝරුව මම පමණක් නොවේ අප කණ්ඩායමක් එක්ව නිර්මාණය කරනු ලැබූවක්. එම වට්ටෝරුව හදන්න සත්ව භාරකරුවන්, පශු වෛද්‍ය නිලධාරීන් ඇතුළු නිලධාරීන් රැුසක් සහභාගි වුණා. ඒ සියල්ලන්ගේම අනුදැනුම නිර්දේශයන්ට අනුවයි. මෙම ආහාර වට්ටෝරුව නිර්දේශ කරනු ලැබුවේ.  එසේ සියලූ නිලධාරීන් සම්බන්ධ කොට ගනිමින් සකසනු ලැබූ ආහාර වට්ටෝරුව සේවකයන්ගේ විරෝධතාව හමුවේ අකුලා ගනු ලැබුවේ ඇයිදැයි අප ඇසූ පැනයට ඇය දුන්නේ අපූරු පිළිතුරකි. එම ආහාර වට්ටෝරුව පශු වෛද්‍යවරුන් තවදුරටත් අධීක්ෂණය කළ යුතු යයි පැවසූ නිසා නැවැත්තුවා. ආහාර වට්ටෝරුව නිර්දේශ කිරීමට සහභාගි වූ පශු වෛද්‍යවරුන් මෙම වට්ටෝරුව සකසන්න සම්බන්ධ වූයේ වගකීමකින් තොරවද?

තමාම සම්බන්ධ වී සකස් කළ ආහාර වට්ටෝරුව තවදුරටත් අධීක්ෂණය කළ යුතු යයි පශු වෛද්‍යවරුන්ම සඳහන් කරන්නේ ඇයි? අතිරේක අධ්‍යක්ෂිකා මෙහෙයුම් ධම්මිකා මල්සිංහ මහත්මියගේ ආහාර වට්ටෝරුව ඉවත් කිරීමෙන් අනතුරුව පශු වෛද්‍ය කණ්ඩායම සකස් කළ නව ආහාර වට්ටෝරුවක් සත්වෝද්‍යානයේ සතුන්ට ලබා දුන්නේ ඇයි? පිළිතුරු නැති ගැටලූ රාශියකි. සත්වෝද්‍යානයේ ඇති වී ඇති ගැටලූකාරී තත්ත්වය පිළිබඳව විමසීමට අපි මීළඟට සම්බන්ධ කර ගනු ලැබූවේ සත්වෝද්‍යාන අධ්‍යක්ෂ අනුර ද සිල්වා මහතාය.

සත්වෝද්‍යානයේ වෝකිටෝකි ජාලය ක‍්‍රියාත්මක වන්නේ ද? සතුන්ට නිසි ආහාර වේලක් ලැබෙන්නේ ද? ඇනකොන්ඩා යුවළගේ ගැටලූවට හේතුව අධික කුසගින්නද? අප ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් ඒ මහතා පැවසූවේ මෙසේය. ජංගම දුරකතන දැන් කොයි සේවකයා ගාවත් තිබෙන නිසා වෝකි ටෝකි ජාලයේ දැඩි අවශ්‍යතාවයක් නෑ. නමුත් වෝකි ටෝකි ජාලය කඩා වැටිලා නෑ. වෝකිටෝකි විස්සෙන් අටක් අබලන් වී තියෙනවා.

අපි එම අබලන් වූ වෝකිටෝකි අලූත්වැඩියා කිරීමටත් අලූතෙන් වෝකිටෝකි ලබාගන්නටත් අවශ්‍ය කටයුතු සැලසුම් කොට තිබෙනවා. ඇනකොන්ඩා ගැහැණු සතා පිරිමි සතා ගිල දැමීමයි කුස ගින්නයි අතරේ කිසිදු සබඳතාවයක් නෑ. ඇනකොන්ඩා කියන උරග විශේෂය කොයි තරම් කුස පිරී තිබුණත් ගොදුරු ගිල දැමීමේ පිළිවෙතක් මෙම සතුන්ගේ තිබෙනවා. මෙම සතුන්ට ආහාර ලබා දෙනු ලබන්නේ පශු වෛද්‍ය නිර්දේශයට අනුව. මෙම කූඩුවල ඉන්න සතුන් ව්‍යායාමයේ නිරත නොවන නිසා ඔවුන්ට ආහාර ලබා දීමේදී යම් පාලනයක් සිදු කරනවා. එසේ නොදුනහොත් මෙම සතුන් තරබාරු වන්නට පුළුවන්.
මෙම සතුන්ට මස් මාංශ පළතුරු වැනි ආහාර නිර්දේශිත ප‍්‍රමාණයට සතුන්ට ලැබෙනවාද යන්න සොයන්න හදිසි වැටලීම් ඒකකයක් නෑ. ඔඩිට් නිලධාරියෙක් නෑ. මේ නව වසර ආරම්භක කාර්තුවේදී මෙවැනි අංශයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. සත්වෝද්‍යානයට පෝෂණ සත්ව විද්‍යාඥයන් නොමැති වූවත් සතුන්ට අවශ්‍ය ක‍්‍රමයට නිසි ප‍්‍රමිතියෙන් ආහාර වට්ටෝරු ලබාදෙන්න කටයුතු කොට තිබෙනවා. ඇත්තටම පරීක්ෂක නිලධාරීන් කොතෙකුත් හිටියත් සොරකම් කිරීමට අවශ්‍ය පුද්ගලයා එය සිදු කරනවාමයි. මා මෙම ඇනකොන්ඩා සිද්ධිය වාර්තා වීමත් සමග ගත යුතු සියලූ ක‍්‍රියාමාර්ග ගනු ලැබුවා.

විශේෂයෙන් සඳහන් කළ යුතුයි. විදේශයෙන් සතුන් මෙරටට ගෙන ඒමේදී එම සතුන්ගේ ආහාර වට්ටෝරුත් අප එම සත්ව බාරකරුවන්ගෙන් ලබාගන්නවා. ඒ නිර්දේශයන්ට අනුව ආහාර ලබා දීම සිදු කෙරෙනවා. මෙම සතුන්ට ලබාදෙන සියලූ ආහාරයන්හි සටහන් පතක් තිබෙනවා. උරග උයනෙත් මෙම සටහන්පත තිබෙනවා. ආහාරයක් ලබාගත් පසු ඇනකොන්ඩා නැවත ආහාරයක් ලබා නොගෙන සති දෙකක් පමණ පසුවන්නේ ගිල දැමූ ගොදුර දිරවා ගැනීමට නොහැකියාව නිසා බව අප සොයාගත් කරුණු අතර ඇත.

විශාල ගොදුරක් ගිල දැමීමට සති දෙකක් ගත විය හැකි වූවත් යෝධ කුකුලන් නොව පොඩි කුකුළන් හතර දෙනකු ගිල දමන ඇන කොන්ඩා උරගයාට සති දෙකක් ගොදුර දිරවනතෙක් කියා සිටිය හැකිද? මීළඟට අප සම්බන්ධ කර ගනු ලැබුවේ පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂක සජීව චාමිකර මහතාව. දෙහිවල සත්වෝද්‍යානයේ මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය සහ ලෝකයේ සත්වෝද්‍යාන, සතුන් පිළිබඳ සලකා බැලීමේදී මෙම ගැටලූ සම්බන්ධයෙන් අදහස් ප‍්‍රකාශ කරමින් පවසා සිටියේ මෙන්න මෙහෙම කතාවකි.

අද දෙහිවල සත්වෝද්‍යානය විදේශීය සංචාරකයින්ගේ අවධානයට ලක්නොවන තැනක් බවට පත්වෙලා.

සත්වෝද්‍යානයක් පිහිටුවීමේ ප‍්‍රධාන අරමුණු අතර වන්නේ පරිසර සංරක්ෂණය. මිනිසුන්ගේ හදවත් තුළ සතුන්ට ආදරය ඇති කිරීම, වින්දනය වැනි කරුණු. ඒ වගේම සතුන් පිළිබඳව දැනුම ලබාගැනීම. නමුත් කනගාටුයි කියන්න සත්වෝද්‍යානයේ මේ වන විට තියෙන්නේ ගරා වැටුණ තත්ත්වයක්. 1980 දශකයේ දී අපට මතකයි සත්වෝද්‍යානය තුළ විවිධ අධ්‍යාපනික වැඩසටහන් ක‍්‍රියාත්මක වුණා. නමුත් දැන් එවැනි තත්ත්වයක් නෑ. මෙහිදී සත්වෝද්‍යාන නිලධාරීන්ට පැවරෙන සත්තු නිසි පරිදි රැුක බලා ගැනීම වූවත් සිදුවන්නේ නෑ. පසුගිය කාලයේ වාර්තා වූ ඇනකොන්ඩා ගැටලූව වූවත් අධික කුසගින්න නිසා සිදු වූවක්.
ස්වභාවික පරිසරයේදී උරගයෙක් තවත් උරගයෙක් ගිල දැමීම සිදු වන්නේත් ආහාර හිඟවන අවස්ථා වලදී. මෙය කිසිසේත් සාමාන්‍ය හැසිරීමක් නොවේ.

ස්වභාවික පරිසරයේදී කුසගින්නට අනෙක් සත්වයා ගොදුරු කරගන්නා ආකාරයටම ගෑණු ඇනකොන්ඩා පිිරිමි ඇනකොන්ඩා ආහාරයට ගෙන තිබෙනවා. මේ සත්වෝද්‍යාන නගාසිටුවන්න රජය ප‍්‍රතිපත්තිමය ක‍්‍රියාමාර්ග අරං තියෙනවා. නමුත් ඒ සඳහා ශක්තිමත් පසුබිමක් නෑ. අපි උදාහරනයට ගත්තොත් පසුගිය කාලයේදී ජනකලා කේන්ද්‍රයේ ඉදිකළ සත්වෝද්‍යාන සත්තු මිය ගියා. සමහර සතුන් මිය ගියේ කූඩුවල හිරවෙලා. තවත් සතකු තවත් සතකුට ගොදුරු වීම නිසා මිය ගියා. ප‍්‍රතිපත්ති තිබුණාට තීරණ ක‍්‍රියාත්මක වන්නේ නෑ. ලංකාවේ සත්වෝද්‍යාන කොතරම් ඇති කළත් පලක් නෑ සතුන්ට නිසි පරිදි රැුක බලා නොගන්නේ නම්. සත්වෝද්‍යානයක් කියන්නේ විදේශ විනිමය රටට ගෙන ආ හැකි හොඳම මාර්ගයක්. ලංකාව ආශ්චර්ය බලා යන ගමන ශක්තිමක් කිරීමට නම් සංචාරක කර්මාන්තයට වඩාත් හොඳ ශක්තියක් වන සත්වෝද්‍යාන නගා සිටිවිය යුතුයි.