සැමියා රට ගියාම බිරිඳගේ තනියට කෙනෙක් ඇවිත්


1    

 

මිනිසා කියන්නේ විවිධත්වය අගයන ජීවියෙක්. ඒ විවිධත්වයට තිබෙන කැමැත්ත නිසා තමයි අපේ සමාජයට අලූත් අලූත් නිෂ්පාදන පැමිණෙන්නේ. අලූත් අලූත් කෑම වර්ග සොයා ගැනෙන්නේ. ඒවාට කාන්තාවන් අතර වැඩි ඉල්ලූමක් පවතින්නේ. කාලෙන් කාලෙට අලූත් අලූත් විලාසිතා පැමිණෙන්නේ. ඒවාට සමාජයේ මුල්බැස ගැනීමට හැකියාවක් පවතින්නේ. ඉතිං මේ සත්‍යය පවුලටත් පොදුයි. ඒකෙන් ගැලවෙන්න පුළුවන්කමක් පවුලකට තියෙන්නත් බැහැ. මේ තත්ත්වයන් තේරුම් ගෙන අවබෝධයෙන් ජීවත්වෙන පවුලක බිරිඳට තමන්ගේ සැමියාගේත් සැමියාට තමන්ගේ බිරිඳගේත් අවශ්‍යතා ඉටුකරන්න හැකියාව තියෙනවා. එවැනි පවුලක ගැටුම් අඩුයි. ඒත් අද එවැනි තේරුම් ගැනීමක් සහිත අවබෝධයෙන් පවුල් ජීවිත ගෙනයන්නන් සිටින්නේ කී දෙනාද?

 

5 සමහර විට තමන්ට වඩා අතමිට සරු අය හමුවුණාම විවාහක සහකරුවා සහකාරිය අත්හැර නව සම්බන්ධතාවට හිත යොමු කෙරෙනවා. මේ දෙකම නැතිව මොනවා හරි කරලා හම්බකරගෙන ජීවත් වෙමු කියලා ජීවිතය පටන්ගත්ත අයටත් එය ඉදිරියට පවත්වාගෙන යාමේදී මුදල් අවශ්‍ය වෙනවා. එතකොට ඒ අයට මේ රටේ හරිහමන් රස්සාවක් නැත්නම් විදේශගතවීම තමයි එකම විසඳුම වෙන්නේ. එවිට විවාහ වූ දෙන්නාම හෝ එක්කෙනෙක් හෝ විදේශ රැුකියාවකට පිටත් වෙනවා. කසාද බැඳලා වැඩි කලක් ඒ ජීවිතයේ සතුට විඳගන්න ඉඩක් නොතබා මේ විදිහට විදේශගත වුණාම ඒ පවුල් ජීවිතය අවුල්වීම අහම්බයක් නෙවෙයි. අහම්බය වෙන්නේ එවැනි පවුලක් සතුටෙන් තෘප්තිමත්ව ජීවත්වීමයි. බොහෝ විට විදේශගතවූ කාන්තාවක් හෝ පිරිමියෙක් ලොකු මුදලක් හම්බකරගෙන ලංකාවට ආවත් ආපහු ඒ විදිහට හම්බකරන්න පුළුවන් රස්සාවක් මෙහේ නැති නිසා නැවත නැවත විදේශගතවීමට උත්සාහ කරනවා. ඒ නිසා අන්තිමට ඔවුන් මුදල් උපයනවා පමණයි. පවුල කැලේට යනවා. අපි අද කතාකරන දමයන්ති හා ජගත්ගේ කතාවත් ඒ වගේම එකක්.


මේ කතාවත් අපිට ලැබුණේ හෝමාගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ලියවුණ පැමිණිලි පොතෙන්. විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක රණබාහු මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා උපපොලිස් පරීක්ෂිකා තනූජා අබේසිංහ මහත්මිය අපිට ඒ කියපු කතාවෙත් මුලින් මේ අඹුසැමි යුවළම විදේශගතව රැකියා කරනවා. පසුව බිරිඳ ලංකාවේ සිටියදී සැමියා විදේශගත වෙනවා. මේ ගමනේ අවසන් ප‍්‍රතිඵලය තමයි අපි සැලකිල්ලට ගත යුතුව තිබෙන්නේ.

 

3


ජයන්ති රුවැති තරුණියක්. පාසල් යන කාලයේම ජගත්ගේ හිත ගැනීමට ඇගේ මේ රූ සපුව හේතු වුණා. ඒ වගේම ජගත්ගේ කඩවසම් පෙනුම ජයන්තිගේත් හිත ගත්තා. පාසල් කාලය අවසන් කළ ජගත් කොළඹ රස්සාවකට ගියා. ජයන්ති ගෙදරට වෙලා හිටියා. ඇගේ දෙමාපියන් ඇයව රස්සාවකට යවන්න කැමති වුණේ නැහැ. ජගත්ගේ සම්බන්ධයට ජයන්තිගේ දෙමාපියන් කැමති වුණේ නැහැ. ඒ ඔහුට හරිහමන් රස්සාවක් නැතිකම නිසයි. ජගත් රියදුරු පුහුණුව ලැබුවා. ඊට පස්සේ විවිධ තැන්වල රස්සාව කළා රියදුරෙක් විදිහට. ඒ කාලය තුළ ඔහු බරවාහන රියදුරෙක් විදිහටත් පුහුණුව ලැබුවා. මොන තරම් දේවල් ඉගෙන ගත්තත් ජයන්තිගේ දෙමාපියන් ජගත්ට දුව දෙන්න කැමති වුණේ නැහැ. අන්තිමේදී දෙන්නා රහසේම විවාහ වුණා. ගමෙන් තරමක් ඈත් වෙලා කොළඹ කුලී ගෙයක් අරන් දෙන්නා පදිංචි වුණා. දෙන්නා කලක් බොහොම සතුටින් ජීවත් වුණා. තමන්ගේ අරමුණ ඉටුකරගන්න ලැබීම ගැන තමන්ගේම ලෝකයක තනිවෙන්න දැකපු හීන හැබෑ කරගන්න ලැබීම ගැන ඔවුන් බොහෝ සේ සතුටු වුණා. 


ඒත් ඔවුන්ට තම තමන් අයිතිකර ගැනීමට එහා ගිය හීනයකුත් තිබුණා. ඒ තමයි තමන්ගේම කියලා ගෙයක් දොරක් හදා ගැනීම. දරුමල්ලන් හදාගෙන පවුලක් හැටියට සතුටෙන් ජීවත්වීම. ජගත් රියදුරු රස්සාව කරලා හම්බකරන වැටුප එදිනෙදා ජීවිතය ගෙනියන්න ප‍්‍රමාණවත් වුණත් ගෙයක් දොරක් හදාගෙන, දරුමල්ලන් හදාගෙන ජීවිතය ඉදිරියට ගෙනියන්න ඒ වැටුප ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා ජගත් කිව්වා තමන් විදේශ ගතවී ටික කාලෙකින් ආපහු ඇවිත් ගෙයක් හදන්නම් කියලා. නමුත් ජයන්ති ඒකට කැමති වුණේ නැහැ.


”අනේ ජගත් ඔයා ගියාම මම තනියමනේ. අපි කසාද බැන්දා විතරයි. ඔයා මාව දාලා රට යන්න හදනවා. මට නම් බෑ මෙහේ තනියම ඉන්න. යනවා නම් මාත් අරන් යන්න.” 

 

2

 


ජයන්ති දිගටම හිිටියේ ජගත්ව තනියෙන් රට යවන්න බෑ කියන අදහසේ. ඉතිං ජයන්ති කියන විදිහට දෙන්නාටම රට යන්න පුළුවන් රස්සා හොයන එක ලේසි නැහැ. ඒත් ජයන්ති කියනවා වගේ ඇයව තනියම දාලා යන්න හිතක් ජගත්ට තිබුණෙත් නැහැ. ඇය වගේ ලස්සන කාන්තාවක් මෙහේ තනියම දාලා ගිහින් අන්තිමට කවුරුහරි ඩැහැගෙන යන්න බැරිකමකුත් නැහැ කියලා ජගත්ට හිතුණා. ඉතිං ජගත් උපරිම උත්සාහ කළා දෙන්නාට විදේශ ගත විය හැකි රස්සා හොයන්න. අන්තිමට සවුදි ආරාබියේ නිවසකට රියදුරෙක් සමග මෙහෙකාරියක් හොයන බවට ඒජන්සියකින් පණිවුඩයක් ලැබුණා. ඒ අනුව දෙන්නාම විදේශගත වුණා. අවුරුදු දෙකක් විදේශගතව ඉඳලා දෙන්නම ලංකාවට ආවා. ඉඩමක් අරන් ගෙයක් හැදුවා. ජගත් ආයෙම රියදුරු රස්සාවක් හොයා ගත්තා. දැන් පවුල සම්පූර්ණ කරන්න අඩු දරුවෙක් විතරයි. අවුරුද්දක් විතර යද්දී ඔවුන්ට ලස්සන දියණියක් ලැබුණා. දියණිය ලැබී අවුරුද්දක් විතර යනතුරු ජගත් ලංකාවේ හිටියා. නමුත් විදේශ රැුකියාවක් කර පුරුදු වුණ ජගත්ට මෙහේ ලැබෙන වැටුප මදිවගේ දැනුණා. ඒ නිසා දියණියට අවුරුදු එකහමාරක් වෙද්දී ඒ කියන්නේ ඇගේ හුරතල්ම වයස එද්දී ජගත් ලංකාවෙන් ගියා.


ආයෙම ඩුබායි ගිය ඔහු ආපහු ලංකාවට ආවේ අවුරුදු තුනකට පස්සේ. ඒ ඇවිත් මාසයක් පමණ ලංකාවේ ඉන්න ජගත් ආපහු විදේශගත වුණා. මේ විදිහට අවුරුදු තුනෙන් හතරෙන් ලංකාවට එන ජගත් හොඳට හම්බ කළා. දැන් ගෙදර කිසිම අඩුපාඩුවක් නැහැ. දියණිය සමග තනිවුණ ජයන්තිට ජගත් එක්ක එක වහලක් යට සිටීමේ දැඩි  ඕනෑකමක් තිබුණා. ඒ වගේම දියණියට ගොඩක් වයස යන්න කලින් තවත් දරුවෙක් ලැබෙනවා නම් හොඳයි කියලත් හිතුණා. ඒත් ඒකට ජයන්තිට අවස්ථාව ලැබුණේ දියණියට අවුරුදු දහයක් සම්පූර්ණ වෙද්දියි. ජගත් අවුරුද්දක් විතර ලංකාවේ නැවතුණාට පස්සේ තමයි ඇගේ දෙවැනි දියණිය ලැබුණේ. ඒ දියණියටත් මාස හයක් හතක් වෙද්දී ජගත් ආයෙම රට ගියා ඒ දරුවන් දෙන්නා ජනප‍්‍රිය පාසල්වලට දාලා උගන්වන්න නම් හොඳට සල්ලි තියෙන්න  ඕනෑ කියලයි. ඒ වගේම දෑවැදි සකස් කරන්නත් එක්ක කීයක් හරි හොයා ගන්න  ඕනෑ කියලයි. ජයන්ති අකමැත්තෙන් වුණත් ඒකට කැමති වුණා. මොකද ජගත් ලංකාවේ තියාගත්තොත් ඔහු මිතුරන් සමග එකතුවී බීමට ඇබ්බැහි වන නිසා වගේම මුදල් හිඟ පාඩුවක් වූ විට එහි දෝෂාරෝපණය තමන් වෙත එල්ල කිරීමට ජගත් උත්සාහ කිරීමත් නිසයි. 


අවසානයේ දෙවැනි දියණියට අවුරුදු හතක් වෙද්දීත් ජගත් හිටියේ ලංකාවේ නෙවෙයි. ජයන්තිලාගේ අල්ලපු ගෙදර ඇනෙක්සියට තරුණයෙක් ඇවිත් බෝඩිං වෙන්නේ මේ අතරයි. තරුණයෙක් වුණත් ඔහු ද විවාහකයෙක්. මේ දෙන්න අහම්බෙන් දවසක් නගරයට ගිහින් එද්දී හමුවෙලා කතා කරනවා. ජයන්ති තමන් ආව ත‍්‍රී රෝද රථයේ යාමට ඔහුට ආරාධනා කිරීම නිසා තමයි මේ අඳුනාගැනීම ඇති වන්නේ. මේ අඳුනාගැනීම නිසා පසුවද ඔහු සමග කතා බහ කිරීමේ උවමනාවක් ජයන්තිට ඇතිවෙනවා. ඇයට ජීවිතයේ දැනුණ පාළුව මේ අලූත් මිතුරා නිසා නැතිවෙලා යනවා වගේ ඇයට දැනුණා. බිරිඳගෙන් වෙන්ව දුර බැහැර රැුකියාවට පැමිණ සිටින මේ තරුණයා ද ජයන්තිගේ මේ උනන්දුව විසින් උනන්දු කරවනු ලැබුවා වගෙයි. එහි කෙළවර වූයේ ඔවුන් දෙදෙනා අතර අනියම් සබඳතාවක් ගොඩනැගීමයි. 


අවුරුද්දක් පමණ මේ සම්බන්ධතාවය පවත්වාගෙන ගියේ කිසිම ගැටලූවකින් තොරවයි. එහෙත් ඒ බව ජයන්තිගේ අනියම් සැමියා නැවතී සිටි නිවසේ හිමිකාරියට දැනෙන්නට පටන් ගෙන තිබුණා. ඇය මේ බව එළියට නොකියා සිටියේ තමන්ගේ බෝඩිංකරු නැති කරගන්න අකමැති නිසයි. මෙය රහසක් ලෙස රැුකුණේ ද ඒ නිසයි. ඒත් මේ අම්මාගේ වෙනස වැඩිමහල් දියණියට හංගන්න පුළුවන් වුණේ නැහැ. ඇයට ටික කලකින්ම අම්මාගේ හොරය ඉව වැටුණා. ඒත් එයට කිසිම සාක්ෂියක් නැති නිසා ඇය කට පියාගෙන සිටියා. අම්මත් එක්ක කතා කළ හැම විටම තමන්ගේම දරුවන් තමන්ට පද හදද්දී ගමේ අය මොනවා නොකියයිද කියා ඇයට බැණ වැදුණා. ඒ නිසා දියණිය මේ කතාවෙන් ඉවත් වී තමන්ගේ පාඩුවේ වැඩ කරගෙන සිටියා.


ඒත් හදිසියේම දවසක පාසලේදී අසනීප වූ මේ වැඩිමහල් දියණිය පාසලේ අවසරය මත බෙහෙත් ගෙන ආපසු නිවසට පැමිණියා. දොර හැර තිබූ නිසා ඇය ගේ ඇතුළටම ගියේ අම්මාට කතා නොකරයි. නිවසට යද්දී මව කවුරුන් හෝ සමඟ කතා කරන හඬත් සිනා හඬත් ඇසෙන්නට වුණා. මේ තමන් බල බලා සිටි අවස්ථාව විය හැකි යැයි අනුමාන කළ දියණිය වහා මවගේ කාමරය අසලට ගොස් මවට කතා කළා. මේ සිදුවූ හදිසි සිදුවීමෙන් කිසිවක් සිතා ගත නොහැකි වූ මව වික්ෂිප්ත වූවා. ඇයට කතා කරගැනීමට නොහැකි වුණා. මව තවත් අයෙකු සමග සිටිනු දැකීමට අකමැති වූ දියණිය කාමරයෙන් පිටත සිට කීප වරක් කතා කරද්දී මව එළියට ආවා.


”මොකද මේ බෙරිහන් දෙන්නේ? මොකා වැහිලද? මොකද වේලාසන ගෙදර අවේ? අද ඉස්කෝලේ නෙවෙයිද ගියේ?”
මේ වගේ ප‍්‍රශ්න ගොඩක් ජයන්ති දියණියට ඉදිරිපත් කළත් ඇය කිසිවකට පිළිතුරු දුන්නේ නැහැ. කවුද කාමරේ ඉන්නේ යැයි ඇය ප‍්‍රශ්න කරද්දී අතුල් පහර කීපයක් දියණියගේ කම්මුල හරහා පිළිතුරු ලෙස එල්ල වුණා. ඇය කම්මුල් පහර කාගෙනම අම්මාගේ කාමරයට ඇතුළු වුණා. අල්ලපු ගෙදර නේවාසිකයා එහි සිටිනු ඇය සියැසින්ම දැකගත්තා. 


තවදුරටත් මව සමග සිටීමට නොහැකියි. එය තම නැගණියගේ ජීවිතය නොමග යවන්නට ඉඩ තිබෙනවා යැයි සිතූ වැඩිමහල් දියණිය ඇයවද පාසලෙන් ගෙන ඒ මොහොතේම තම පියාගේ සහෝදරියකගේ නිවසට ගියා. එහි ගොස් පියාට සියල්ල සැලකර සිටියා. ටික කලකින් ලංකාවට පැමිණි ජගත් තවදුරටත් තමන්ට ජයන්ති අවශ්‍ය නැති බව පවසා ඇගෙන් වෙන් වන බවට පොලිිස් පොතේ ලියා පිටවුණා. ජයන්තිගේ අනියම් සැමියාටද ඇයව අවශ්‍ය නැති බවත් තමන්ගේ පවුල සමග ජීවත් වීමට තමන්ද මේ ප‍්‍රදේශයෙන් යන බවත් පවසා ඔහුද යන්න ගියා. දැන් ජයන්ති තනිවෙලා. ඇය පොළොන්නරුවේ සිටින සිය සහෝදරියකගේ නිවසට ගියේ නියම පවුලත් අනියම් පවුලත් දෙකම නැති කරගෙන ජීවිතයම කඩාවැටුණ කාන්තාවක් ලෙස දරුවන්ද අහිමිකරගෙනයි. 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත ඒවා බව කරුණාවෙන් සළකන්න)

m