එදින සඳ ඇති රැයකි. පහනක් ද ඇතිව සුදු ගවයන් දෙදෙනකු සමඟින් ගොවියෙක් රාත‍්‍රීයේ දී ඉඳුරන්නාවිල අසලම තම කුඹුරේ වැඩකරමින් සිටියේය. ගොවියා හා සුදු ගවයන් දෙදෙනා මෙන්ම නඟුලද ආලෝකය විහිදුවන පහන ද එක්වරම මඬ සහිත හැලේ එරී නොපෙනී ගියේය. ගොවියා කෑ ගසන හඬත් ගවයන්ගේ බෙරිහන්දීමත් මධ්‍යයේ මෙම විල අසල මහපොළවේ ගිලී ගිය ගොවියා නඟුල හා සුදු ගවයන් දෙදෙනා එකෙනෙහිම නොපෙනී මහපොළවට ගිලගත් බව පැරැුණි ගම්වැසියෝ පවසති. යක්ෂයෝ බිලිගත් බව ගම්මානයේ පැරණි පිරිසගේ මතයයි.
දෙවියන් විසින් දෙන ලද්දාවූ විල නැතහොත් ඉඳුරන්නාවිල මහාවිල් සහිත ගම්මානයේ අරුම පුදුම දිය බුබුලූ සොයා ගිය සුන්දර ගමන සත්තකින්ම බිය සැක මුසු වූ මහා දුෂ්කර ගමනකි. මෙම ගම්මානය සත්තකින්ම සුන්දරවූ ගමකි.
ගමෙහි අදටද ජීවත්වන වැඩිහිටියන් පවසන්නේ, මෙම ඉඳුරන්නාවිල කුඹුරු යාය හැල් කුඹුරු යායක් මඩ සහිත එරෙන සෙලවෙන බිම වශයෙනුත් අතීතයෙදී අහංගම ගොවියා පාන ගම්මානය හා දේනුවෙළ නොහොත් දේනුවල දක්වා පැතිර තිබු බවයි. මෙම විලෙහි ජලය ගොවියා පාන දක්වා ගලාගෙන ගොස් ඇත. අදටද මහාජල කඳක් මේ ගම්මානය හරහා තවත් ගම්මාන රැුසක් පසු කරමින් මහ මුහුදට ගලා බසියි.
එකල ගොවියෝ ඉඳුරන්නාවිල ගමෙහි තම කුඹුරු සරිකර ගත්තේ නඟුල බැඳි හරක් දෙදෙනෙකු උපයෝගී කරගෙනයි. මෙම ප‍්‍රදේශයේ ගොවියන් මහා අස්වනු සරිකර ගත්තේ මේ අන්දමිනි.
එම ගම නැතහොත් ඉඳුරන්නාවිල ගමෙහි ගොවියෝ බලා සිටියදීම මෙම භූත, යක්ෂ වින්නැහිය සිදුවී විල අසලදී ගිලී ගිය පුවත අදටද ගැමියන් පවසන්නේ මහත් ත‍්‍රාසයකිනි.
එහෙත්, කාලයක්ම පහනේ ආලෝකය තිබු බවද තවත් ගම්වැසියෝ අප සමග කීහ. මේ ගමට ආසන්න ගම වූයේ පහන්චාලිය නැතහොත් පාන්චාලිය ගම්මානය වේ. පැන්තාලිය පසුව පහන්චාලිය වූ බව ද අදට මේ ගම පාන්චාලිය ලෙස නම් කර තිබේ. පාන්චාලිය ගමේ හතරමං හංදියේ පැන්තලියක් තිබූ නිසා මේ ගම පාන්චාලිය ලෙස නම්වූවා විය හැකි බව ගම්මුන්ගේ අදහසයි. සෑම දිසාවෙන්ම පාගමනින් ඇවිද එන ජනතාවට දිය පිපාසය සංසිදුවන්නට මේ පැන්තාලිය උපයෝගි කර ගත් බව ගැමියෝ කියති.
එම පැන්තාලියට දියගෙන එන ලද්දේ ඉඳුරන්නාවිල දිය බුබුල්වලින් බවද පැවසේ.
මෙම දිය බුබුල අසලින් බිලි ගන්නා ලද ගොවියා සහ සුදු ගවයන් දෙදෙනාද නඟුලද මෙතෙක් හමුව නැති බව ගම්වාසීහු පවසති.
ඉඳුරන්නාවිල දිය බුබුලේ ජලය මුහුදට වැටෙන ගොවියාපාන අසල මුහුදේ කුඩා ¥පතකි. එය හඳුන්වා ඇත්තේ යකින්නගේ දුව නමිනි. මේ ¥පතට අරක්ගත් යක්ෂණියක් සිටින බවට ද ගොවියාපාන ගම්මානයේ ජනතාව පවසයි. මේ ¥පතේ අරුම පුදුම ගල් කුහරයක් ඇති බවත් ඒ තුළින් ඈත මුහුදේ සිදුවීම් ළංකර බැලීමට ද සතුරු මුහුදු යාත‍්‍රා තිබේද යන්න පහසුවෙන් පැහැදිලිව දැකගත හැකි ආකාරයටද මෙම ගල් සිදුර ස්වභාවිකම සකස්ව තිබූ බව ප‍්‍රදේශවාසීහු පවසති. වඩා ඈත මුහුදු සීමාවක් සමීපකර දිස්වන ආකාරයට මේ යකින්නගේ ¥පතේ ඇති අරුම පුදුම ගල් තලාවක සිදුරෙන් දැකිය හැකිබවද අදටද ගම්මානයේ ගම්මුන්ගේ විස්වාසයයි.
ඒ ආසන්නයේම දේනුවල නමින් ගම්මානයක් ඇති අතර එය ගොවියාපාන ගම්මානය අසලම පිහිටියේය. එයටද දෙවියන්ගේ යම් සම්බන්ධයක් ඇති බවද ඒ ගම් වැසියෝ පවසති. මේ සියලූම ගම්මානවල ආරම්භය ඉඳුරන්නාවිල මහා පුදුම බිලි ගන්නා වූ දිය බුබුල සහිත ඉඳුරන්නාවිල ගම්මානය බවද ප‍්‍රදේශවාසීහු පවසති. මේසා විශාල වටිනාකමක් ඇති ඉතිහාසයක් සහිත, මේ දිය බුබුල අදවන විට විනාශයට පත්ව ඇති බව ඉඳුරන්නාවිල ගොවීහු පවසති. ඉඳුරන්නාවිල ස්වභාවික දිය බුබුලේ ජල මූලාශ‍්‍ර පද්ධතිය විනාශවීමේ තර්ජනයකට ලක්වී ඇතැයි ප‍්‍රදේශවාසීහු පෙන්වා දෙති. අනාදිමත් කාලයක සිට මේ දිය බුබුලේ සංවර්ධනයට පියවර නොගැනීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ඉඳුරන්නාවිල දිය බුබුල් සුරැුකීමේ සංවිධානය සඳහන් කරයි.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ බිත්තර වී නිෂ්පාදනයට විශාල දායකත්වයක් සැපයෙන ඉඳුරන්නාවිල යායේ, යල මහ දෙකන්නයේ වගා කටයුතු වෙනුවෙන් මෙම දිය බුබුලෙන් ලැබෙන ජලය උපයෝගී කර ගැනේ.
මහවිල යාය, කැරැුන්ගහ ඕවිට යාය, බටකැටිය යාය, ඇතුකුඹුරු යායවල මේ දිය බුබුල් පැතිරී පවතී. දැනට බුබුල් කිහිපයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇත. මෙම දිය ්බුබුල් සංවර්ධනය කොට ආරක්ෂා නොකළහොත්, ජලය හිඟවීමෙන් කන්නයක් පාසා විශාල වී අස්වැන්නක් රටට අහිමී වීමට ඉඩ ඇති බවද ගොවීහු පෙන්වා දෙති.
මේ සම්බන්ධව අදහස් දැක් වු ඉඳුරන්නාවිල දිය බුබුල් සුරැුකීමේ සංවිධානයේ සභාපති, එච්.කේ. සෝමපාල මහතා මෙසේ කීය.
ඉඳුරන්නාවිල ගම්මානය ගාල්ල දිස්ත‍්‍රික්කයේ, ඉමදුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉතා සශී‍්‍රක ජනපදයක්. මෙහි පවුල් පන්සියයකට පමණ ගොඩමඩ ඉඩම් හිමිව තිබෙනවා. මෙම ප‍්‍රදේශය හරහා පවතින භූගත ජල මූලාශ‍්‍ර හේතුවෙන් යාය කිහිපයක දිය බුබුල් මතුවෙනවා. මේ ජලයෙන් කුඹුරු අක්කර 200 ක් පමණ සාර්ථකව වී වගා කරනවා. දැනට මෙම බුබුල් කිහිපයක් වැසීගොස් තිබෙනවා. මහවිල යායේ ප‍්‍රධාන බුබුලේ කොටසක්ද වැසීයාමේ තර්ජනයට ලක්වී තිබෙනවා. ඉදිරියේ දී මෙම බුබුල් රැුකගැනීමට ගොවීන්ට ශක්තියක් නැහැ. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍යයි. අප මේ සංවිධානය හරහා අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම ලබා ගැනීමට කටයුතු කරනවා.
වරෙක ජල සම්පත් මණ්ඩලය මඟින්, මේ ජල මූලාශ‍්‍ර ආශ‍්‍රිතව, නළ ළිං පද්ධතියක් ඉදිකොට වෙනත් ප‍්‍රදේශයකට ජලය ගෙනයාමට උත්සාහ කළා. ප‍්‍රදේශවාසීන් විරුද්ධවීම නිසා එම අවදානම නැතුව ගියා. ඒ නිසා දිය බුබුල්වලට හානි සිදුවුවා.