හැම ආගමකටම ගරු කළ යුතුයි


බුදුදහමට අනුව ධර්මය යනු ලෝකය පාලනය වන විශ්ව නියමය වේග බුදුන්වහන්සේගේ ඉගැන්වීම්ද, ධර්මයට  ඇතුළත් වේ. ඊට හේතුව උන්වහන්සේ විශ්ව නියමට අනුව දේශනා කළහෙයිණි.

කිතු දහමට අනුව ධර්මය යනු දෙවියන්වහන්සේ ගේ වචනය වේ. ක්‍රිස්තුස්වහන්සේ ධර්මයාණෝ හෙවත් වච්නයතුමාණෝ ලෙස ජුවන්තුමාගේ සුවිශේෂ ආරම්භයේ දී හදුන්වාදී තිබේග එහෙයින් ක්‍රිස්තු ධර්මය යනු  ක්‍රිස්තුස්වහන්සේමය.

ආසියා වෙන් ආරම්භ වූ   බුදුදහම මෙන්ම කිතු දහම ද වසර දෙදහසකට වඩා වැඩි කාලයක් පෙරදිග පිලිබිඹුවක් සහ අපරදිග රටවල පැවති ආධ්‍යාත්මික චින්තනයේ පැහැදිලි ප්‍රකාශනයක් පෙන්නුම් කරති. මෙම ආගම් දෙකම  කාලය, දේශය, භාෂා, ජාති, කුල වැනි පටු සීමාවන් අභිබවා සමස්ත ලෝකය පුරා පැතිර තිබේ. එපමණක් නොව වර්තමානයේ, මෙම ආගම් දෙක අදහන  බහුතරයක් එම ආගමීක ශාස්තෘවරුන් අයත් වූ ජාතියට හා රටට හෝ භාෂාවට අයත් නොවීම ද විශේෂ කරුණකි.

බුදුන්වහන්සේ ඉන්දියාවේ පිහිටි කුඩා ප්‍රාන්ත රාජ්‍යයක් වූ නේපාලයේ උපන් ඉන්දු ආර්ය ජාතිකයෙකි. ක්‍රිස්තුස්වහන්සේ හා උන්වහන්සේගේ අපෝස්තුලුවරුන් සියලු දෙනම ජෙරුසලමේ උපන් යුදෙව් ජාතිකයෝ වූහ. එහෙත් අද ක්‍රිස්තියානි ආගම අදහන බහුතරයක් අයත් වන්නේ ඉන්දු-ජර්මන් ප්‍රභවයක් ඇති භාෂා කථා කරන යුරෝපීය ජාතීන්ටය. මෙවැනි පසුබිමක් තුළ බුදුන්වහන්සේ වේවා,  ක්‍රිස්තුස්වහන්සේ වේවා වෙන කිසියම් ආගමීක ශාස්තෘවරයකු විසින් වේවා දේශනා කළ ධර්මය සහ ඉදිරිපත් කරනු ලැබූ දර්ශනය පිළිගැනීම කෙරෙහි කිසියම් රටකට, කිසියම් ජනකොටසකට, ජාතියකට, භාෂාවකට පමණක් සීමා නොවන බව පැහැදිලිය. මිනිසා ගේ ආධ්‍යාත්මික සංවර්ධනය සහ සදචාරාත්මක හැඩගැස්වීම සඳහා උපකාරීවන ආගම් හා දර්ශනවාද සමස්ත මානව වර්ගයා සතු බුද්ධිමය හා ආධ්යා ත්මීක උරුමයකිග එම ආගම් හා දර්ශනවාද පිළිබඳව කරුණු සොයාබලා ඒවායේ ඇතුලත් කරුණු තම ජීවිතයට එකතු කර ගැනීමේදීත්, ලෝකයේ පැවැත්ම  පිළිබඳව අවබෝධ කර ගැනීමේදීත්, ඒ පිළිබඳව විමර්ශනය  කිරීමේ අයිතිය සෑමකෙනෙකුටම තිබිය යුතුය.

සියලුම ආගම් ඒවායේ ඓතිහාසික පරිණාමයේදී, විශේෂයෙන්ම, එම ආගමීක ශාස්තෘවරුන් බිහිවූ රටෙන් ඔබ්බට පැතිර යාමේ දී උන්වහන්සේලාගේ මුල් ඉගැන්වීම කිසියම් ප්‍රමාණයකට වෙනස් වී ඒවාට පරිබාහිර වූ වෙනත් කරුණු එකතුවීම අනිවාර්යයෙන්ම සිදු වන්නකි.  විවිධ යුගවල විවිධ රටවල පැවති තත්වයන් සහ අවශ්‍යතාවන් හේතුකොටගෙන මුල් ඉගැන්වීමවල යම් යම් වෙනස්කම් සිදුවිය හැකියග තවද අටුවාචාරීන් සහ ධර්ම ග්‍රන්ත රචනා කළ පුද්ගලයින්ගේ අදහස් හා පසුබිම ද එම දර්ශන පිළිබඳව තම තමන් ගේ පෞද්ගලීක අදහස් ද  ඒවාට  ඇතුල්විය හැකිය.

මේ නිසා මූලික ඉගැන්වීමට වෙනස් විවිධ ආගමීක නිකායන් බිහිවීම සිදුවී ඇත. උදාහරණ වශයෙන් විමුක්තිය සාක්ශාත් කර ගත හැක්කේ ලෝකය හා සත්වයාගේ පැවැත්ම පිලිබඳව ස්වයං අවබෝධයක් තුළින් පමණක් බව මුල් බුදු දහමින් උගන්වනු ලැබීය. එහෙත් පසු කාලීනව මහායාන බුදු දහමේ වර්ධනයත් සමග මනුෂ්යනයාට තනිවම විමුක්තිය සලසා ගැනීම දුෂ්කර බවත්, එය අමිතාභ නම් දෙව්ලොව වැඩ වාසය කරන බුදුවරයකුගේ පිහිටෙන් ලබා ගත හැකිබව විශ්වාස කෙරේ. එමෙන්ම ජේසුස්වහන්සේ පේදුරුතුමාගේ නායකත්වයෙන් ආරම්භ කළ ශුද්ධවූ කතෝලික සභාවට අමතරව එයින් වෙන්වී කතෝලික සභාව සමඟ සමගිව කටයුතු කරන කතෝලික නොවන ක්රිභස්තියානි සභාවන් කීපයක් : එංගලන්ත සභාවල බෞතීස්ත සභාව, මෙතෝදිස්ත සභාව, ලංකා සභාව, ගැලවීමේ සභාවල දකුණු ඉන්දීය සභාවල ප්රෙසස්බිතේරියානු සභාවග- මෙන්ම කතෝලික සභාවට එරෙහිව  පෞද්ගලීක අදහස් වලට අනුව  බිහිවී සිටින ක්‍රිස්තියානි මූලධර්මවාදී නිකායන් විශාල ප්‍රමාණයක් ලොව පුරා පැතිර පවතී.

මිනිසුන් තුළ විවිධ ආගම් සහ සමයාන්තර පිළිබඳව බොහෝ විට අගතියක් පවතින්නේ ඔවුන් ඒවා තුලනාත්මකව අධ්‍යයනය කර නොමැති හෙයිනි. තමා අදහන ආගම පමණක් ශ්‍රේෂ්ඨය යන පිළිගැනීම නිසා ඔවුහු කිසියම් දෘෂ්ටිමය රාමුවක් තුළ  කොටුවෙති. එම රාමුවෙන් ඔබ්බට විහිදෙන කරුණු පිළිගැනීම කෙසේ වෙතත් ඒවා පිළිබඳ සලකා බැලීමේ දී විෂය මූළික ප්‍රවේශයක් අනුගමනය කිරීමට හෝ නැඹුරුවක් නොදක්වන්නේ ඒ නිසාය. ආගම් පවතින්නේ මිනිසා සදහා මිස මිනිසා පවතින්නේ ආගම් සදහා නොවන බවත් තමන් අදහන ආගම පිළිබඳව නිසි අවබෝධයකින් යුතුව එහි අඩංගු කාරණා ප්‍රායෝගිකව යොදාගැනීමෙන්  තම මිනිස් ජීවිතය වඩාත් අර්ථවත්ව ගතකිරීමට  හැකිවන බවවත් අවබෝධ කර ගත යුතුය.

කවර රටක බිහිවූවත්, කුමන යුගයක බිහිවූවත්, කවර ආගමක  හෝ දර්ශනයක නාමයෙන් හැදින්වූවත් ශ්‍රේෂ්ඨ ශාස්තෘවරුන්ගේ චින්තන වෙනස්කම්වලට වඩා බොහෝ සමානකම් දක්නට ඇතිබව ඒ පිළිබඳව කරුණු හැදෑරීමේදී පැහැදිලි වේ.

එහෙත් එක් එක් ආගම් හා දර්ශනයන් හී එකිනෙකට ආවේනික වූ අනන්‍යතා ද පැහැදිලිව දක්නට ලැබේ.

විවිධ ආගමීක කණ්ඩායම් අතර අනනෝන්‍ය අවබෝධය ගෞරව සහ පිළිගැනීම වර්ධනය කළ හැක්කේ  ආගමීක වශයෙන් හුදකලාව කටයුතු කිරීමෙන් නොව විවිධ ආගම් හා ඇදහීම් පිළිබඳව තුලනාත්මක ඇගයීමක් කිරීමෙනි. තමන් අදහන ආගම ධර්මය නිසි අවබෝධයකින් අදහන්නා කිසි කලෙක අන්‍යාගම් හා දර්ශනයන් පහත් කොට හෝ නිගරු කොට සලකන්නේ නැත.

බුදුදහම හා ක්‍රිස්තියානි ආගම් අතර මෙන්ම අනෙක් ආගම් අතර ද  ඒවායේ ඇතුළත් සදාචාරාත්මක ක්‍රම පද්ධතියේ වෙනස්කම් මෙන්ම  සමානකම් පවතින බව අවබෝධ කරගත් විට තමා අදහන ආගම මෙන්ම අනෙකුත් ආගම් ධර්මයන් ගෞරවකොට සැලකීමටද බැතිමතුන් අතර අනනෝන්‍ය අවබෝධය වර්ධනයවී සමගිය, සමාදානය හා සහසම්බන්දතාව වර්ධනය කරගැනීමටද පිටුවහලක් වනු ඇත. කිසියම් ආගම් ධර්මයක් අවශ්‍ය වන්නේ මිනිසුන් අතර සමගිය සමාදානය ඇතිකරගනිමින් මනසින් උසස් පූර්ණ මිනිසුන් බවට පත්වීමට මිස එකිනෙකා අභිබවා යන්නට නොවේ. කිසියම් ධර්මයකින් අප භේද කරන්නේනම් එය ආගම් ධර්මයක් වන්නේ කෙසේද ?

ලිංටන් නිහාල් ප්‍රනාන්දු පියතුමා
පාදුවා, ඉතාලි