හිතට ළංවුණු කස්තුරි සුවඳ


25-Rasa-P2-BBBB

 

මළ හිරුගේ රැස් දහරක් පොළොවට පතිත වෙමින් තිබුණා. ආලින්දයට වෙලා පාරදිහා බලාගෙන හිටපු කාංචනාගේ මුහුණට ඒ හිරුරැස් දහරක් වැටුණා. කහපාට රුක්අත්තන වැලේ අතු අග්ගිස්සකින් මල් පොහොට්ටුවක් පිපීගෙන එනවා. තවත් මලක් පරවෙලා බිම වැටිලා.... ජීවිතේ හරි පුදුමයි. ඇතිවීම්, නැතිවීම්, හිමිවීම්, අහිමිවීම් එක්ක ගැටෙන ජීවිතේ තවත් දවසක් එහෙම ගතවෙලා යද්දි කාංචනාට ඇගේ ජීවිතේ අතීතය මතක් වුණා.

 


අම්මාගේ අතේ එල්ලී ගෙන පාසල් ගිය හැටි, අක්කා සහ මල්ලි සමඟ සෙල්ලම් කරපු හැටි ඔවුන් සමඟ රණ්ඩුසරුවල් වුණ හැටි, ඇයගේ යොවුන් පාසල් කාලය ගතවූ හැටි, යොවුන් වියේ ආදරයට මැදි වූ ඇය පෙම්වතාගේ අතින් අල්ලාගෙන ගමන් ගිය ආකාරය, පෙම් හසුන් මාරු කර ගත් ආකාරය ඒ සියල්ලම සිතුවම් පෙළක් මෙන් එකිනෙක ඇයගේ ඇස් ඉදිරියේ මැවෙන්නට වුණා.


‘‘මගෙ කෙල්ල කසාද බදින කෙනා නැතිවෙනවා කියලා ඒ මනුස්සයා කියන්නෙ කොහොමද? නැකැත්කාරයොත් කරන්නෙ සල්ලිවලට මොනවහරි කියලා මිනිස්සු රවට්ටන එක මදැයි කෙල්ලගෙ මල්වර නැකත් අහන්න ගිහින් අපි අහගත්තු දේවල්......’’ මල්වර නැකත් බලන්න ගිහින් ආපු අම්මා ගෙයි පිටිපස්සට වෙලා ලොකු අක්කත් එක්ක හිමින් මුමුණනවා කාංචනාට ඇහුණා. එදා නොතේරුණු ගොඩක් දේවල් ඇයගේ ජීවිතයට අද වන විට තේරුම් ගිහිනුයි තිබුණෙ....


”නෝනා...... නෝනා.......”
”හ්ම්”
මෙතෙක් වේලාවක් කල්පනා සයුරේ ගිලී සිටි කාංචනා පියවි සිහියට අරගෙන ආවේ මැගී අම්මා...... තේ කෝපපය කාංචනා අතට දුන් මැගී අම්මා ඇය දිහා ගොඩක් වෙලාවක් බලාගෙන හිටියා. තේ කෝප්පය අතට ගත්තු කාංචනා ආයෙත් කල්පනා ලෝකෙට පිවිසුණා. තමාගේ ආදරයට ගෙදරින් මොන බාධා පැමිණියත් ඔවුන් එකිනෙකා කෙරෙහි වූ පේ‍්‍රමයට සීමා මායිම් වැට කඩුලූ තිබුණෙ නැහැ. උසස් පෙළින් පසු උසස් අධ්‍යාපනය සඳහා කාංචනා ගමෙන් පිටවුණත් ඇයට දර්ශනව අමතක කිරීමට නොහැකි වුණා. ඒ මන්දයත් කාංචනාට ඔවුන්ගේ පේ‍්‍රමය ජීවිතයේ නොමැකෙන මතකයන් වූ නිසා.....


දර්ශන කාංචනාගේ ලෝකෙට පෑයූ ආදරණීය තරුව වුණේ ඒ කාලයේ පාසලේදීමයි. ඒ මඟතොටේදී හැකි හැම ඇසිල්ලකම කාංචනා උත්සාහ කළේ දර්ශනගේ පේ‍්‍රමය භුක්ති විඳින්නයි. එහෙත් ඒ කිසිවක් ඇයගේ අධ්‍යාපන ගමනට බාධාවක් කරගත්තේ නැහැ. උසස් අධ්‍යාපනය සඳහා ගමෙන් බැහැරව සිටියත් ඇය නිතරම දර්ශන සමඟ දුරකථනයෙන් කතා කළා. මාසයකට වතාවක් වගේ ඇය ඔහුව හමුවෙන්න ඉඩ ලබාගත්තා. මේ විදිහට ඔවුන්ගේ ආදරේ ගලාගෙන ගියා. ඒ විදිහට කල්ගතවෙද්දී කාංචනාගේ බලකිරීම නිසාම දර්ශන රැකියාවක් ලෙසට යුද හමුදාවේ සේවයට බැදුණා. කාංචනාගේ ගෙදරින් දර්ශනට අකමැති වුණේද ඔහුගේ රැකියාව නිසාවෙන්.


ජීවිතේ ස්ථාවර වෙන්න වගේම මව්පියන්ගෙන් දර්ශනට කැමැත්ත ලබාගන්නත් රැකියාවක් තිබිය යුතුයි කියලා කාංචනා විශ්වාස කළා. එහෙත් යුද හමුදාවේ සේවය කළ අයෙකු නිසාම ඇයගේ පවුලේ උදවිය දර්ශනව ප‍්‍රතික්ෂේප කළා. ඒ අතරවාරයේදී කාංචනා ගුරුපත්වීමක් අරගෙන ගමේ පාසලේ සේවයට ආවා. එහිදී තමයි ඇයට ගෙදරින් විවාහ යෝජනා කතා කරමින් සිටියෙ. එහෙත් ඇයගෙ හිත තිබුණෙ දර්ශනට විතරයි. ඒ සියල්ලම පසෙකලා සියලූ හැල හැප්පීම් මැද සියලූම බාධක ජයගෙන ඇය අවසානයේ දර්ශන සමඟ විවාහ වුණා.


කාංචනාගේ අම්මාගේ අවසාන කාලය පවා ළඟ හිදිමින් අම්මාගේ හැමදේම කළේ දර්ශන..... ඒ නිසාම අම්මාගේ ආදරයද නොඅඩුවම දර්ශනට හිමිකර ගැනීමටත් හැකිවුණා. කාංචනාත් දර්ශනත් සතුටින් ජීවත් වුණා. කියන්නට තරම් මුදල් හිඟයක්ද ඔවුන්ට තිබුණෙ නැහැ. ඒ කාලයේ උතුරේ යුද ගැටුම් වැඩි සමයක්. දර්ශන කාංචනා බලන්න එන්නෙත් මාස දෙක තුනකට වරක් පමණයි. කාංචනා මවක වීමේ පෙරනිමිති පහළ වුණෙත් මේ කාලෙදිමයි. දර්ශනගේ පෙරැත්ත නිසාම කාංචනාගේ මව මිය ගිය පසු මැගී අම්මා නම් සේවිකාව ගෙදර නවත්වා ගැනීමට කටයුතු කළා.


 ඕෂධීට වගේම කාංචනාටත් මැගී අම්මා මවක වුණා. ගෙදර කෙතරම් වැඩ කටයුතු තිබුණත් කාංචනා පාසලේ වැඩකටයුතුවලට විශාල උනන්දුවක් දැක්වූවා ඒ විදිහට දවස් ගතවෙද්දි ඔවුන්ගේ දරුවාගේ පාසල් ගමනත් ආරම්භ වුණා. ඔවුන්ගේ සිඟිති දියණිය වන  ඕෂධීව දිනපතා පාසල වෙත ගෙන ගියේ කාංචනා...... කාංචනාගේ පාසලේමයි  ඕෂධී ඉගෙනුම ලැබුවෙත්..... ඔය අතරවාරයේ දර්ශන එක් වරක් හදිසියේම ගෙදර ආවා. ඔහු ඒ ආවෙ මාස දෙකකට පමණ පසුව.... ඒ ගතවූ කාලය කාංචනාට අවුරුදු 10ක් තරම් වුණා.


දර්ශන නිවසේ රැුඳී සිටීම කාංචනාට ගෙන දුන්නෙ පුදුමාකාර සතුටක්. ගෙදර සිටින ටික කාලයේදී පවා දර්ශන ඇගේ සහ දරුවාගේ දුක සැප සොයා බලා කටයුතු කිරීමට මහන්සි ගත්තා. ඇයත් දියණියත් පාසලට පවා රැුගෙන යනු ලැබුවේ ඔහු විසින්... එලෙස ඔහුගේ නිවාඩු දින ටික ගෙවී ගියා. සාලයේ වාඩි වී සිටි දර්ශන දෙසට කාංචනා ළංවුණා.


”ඔයා හෙට යනවද?”
කාංචනා දර්ශන දෙස බලමින් ඇසුවා.


”ඔව්.... හෙට යන්න  ඕන සතියයි නිවාඩු දුන්නෙ.... සතියක් හරි නිවාඩු දුන්නෙ කාලයක් වැඩ කරපු නිසා...”


ඒ මොහොතේ කාංචනාගේ දෙනෙතට කදුළු නැඟුණා..... මම ඉක්මනට එනවනෙ..... ඔයා අඬන්න එපා...... දර්ශන කාංචනාගේ නළල සිපගනිමින් පැවැසුවා. පාසලේ වැඩකටයුතු ද ගෙදර වැඩකටයුතු ද අතපසු නොකර කිරීම කාංචනාගේ පුරුද්ද වුණා.


කාලච්ජේද 5ක් වැඩ නිමකළ කාංචනා ගුරු විවේකාගාරයට පැමිණියේ තරමක් තෙහෙට්ටු වූ ගතියකින්...... කාංචනා මිස්ට මහන්සි පාටයි, ගුරු විවේකාගාරයේ සිටි කස්තුරි සර් පැවැසුවා.


”ඔව්ෟ හරි මහන්සියි හිසරදේ වගේ...”


”පැනඩෝල් එකක්වත් බොන්න...” එසේ කියමින් කස්තුරි සර් තම බෑගයේ තිබි පැනඩෝල් කාඞ් එකෙන් පෙති දෙකක් කාංචනාගේ අතෙහි තබමින් ඈ දෙස බැලූවා..... කාංචනාගේ රූපශ්‍රීයට දේහ විලාසයට කස්තුරි සර් වසඟ වෙලයි හිටියෙ..... ඇය සමඟ කතා කිරීමටත් ඔහුට තිබුණෙ පුදුමාකාර කැමැත්තක්. ඔහු ඒ සඳහා උත්සහ කළ වාර අනන්තයි. පාසලේ වැඩ නිමකළ කාංචනා  ඕෂධිත් සමඟ නිවෙසට පැමිණියා. කාංචනා නිවෙසට පැමිණ බෑගය මේසය මත තබා පුටු සැටියෙ වාඩිවුණේ ගමන් මහන්සිය නිසා.


ඒ දිනය තුළ කාංචනාගේ ජීවිතයට දෛවය රුදුරු සරදමක් කරනවා. නමුත් ඇය ඒ කිසිම දිනක බලාපොරොත්තු නොවුණු දෙයක්.... මෙහෙයුමක් අතරතුර වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ දර්ශන අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බවට ටෙලිග‍්‍රෑම් පණිවිඩයක් හදිසියේම ඇයට ලැබෙන්නෙ ඔය අතරවාරෙදි..... ඇය ඒ මොහොතේ සිහිසුන්ව බිම ඇඳ වැටෙන්නේ දර්ශන පිළිබඳ එවූ පණිවිඩය දරාගත නොහැකිව. ඒ ශබ්දය ඇසී ඒ වෙත දිව යන මැගී අම්මා කාංචනා පුටු සැටිය මත වාඩිකර වතුර බිඳු කීපයක් ඇගේ මුහුණට ඉසීමත් සමඟින් ඇයට පියවි සිහිය ලැබෙනවා....


ඉන් අනතුරුව වහා ති‍්‍රරෝද රථයක් ගෙන්වාගත් කාංචනා  ඕෂධීව අහල පහළ ගෙදරක නවත්වා මැගී අම්මා සමඟ රෝහලට යන්නෙ හිතේ තියෙන වේදනාව තුරුලූ කරගෙන.... දින දෙකක් කොළඹ දැඩිසත්කාර ඒකකයේ පසු වූ දර්ශන,  ඕෂධී සහ කාංචනා තනිකරදා නොඑන ගමනක් යනවා..... යුද හමුදා ගෞරව මැද දර්ශනගේ අවමංගල්‍ය කටයුතු එසේ සිදුවුණේ කාංචනාගේ විලාප මධ්‍යයේ... කාලය එසේ ටිකෙන් ටික ගෙවී යද්දි දර්ශන නැතිවෙලා අවුරුද්දකුත් වෙනවා... ඇය පෙර ලෙසම පාසලේ වැඩකටයුතුත්, නිවසේ වැඩකටයුතුත් කරගෙන ජීවත් වුණා.


පාසලේදී කස්තුරි සර් කාංචනා ගැන නිතරම සොයා බැලූවා. කස්තුරි කියන්නෙ විවාහක පුද්ගලයෙක්. ඔහුට පිරිමි දරුවන් දෙදෙනෙක්ද සිටිනවා.... ඒ කෙසේ නමුත් දර්ශන මියගියාට පසුව කස්තුරි කාංචනාට බොහෝසෙයින් ළංවෙනවා. ඉදහිට කාංචනාගේ නිවෙසට පැමිණෙන ඔහු  ඕෂධීටත් ළඟම නෑයෙක් බවට පත්වෙනවා...


ඒ සම්බන්ධතාව කොයිතරම් දුර ගියාද කිවහොත් කස්තුරි තම පවුල පවා අතහැර දමාවිත් කාංචනාලගේ ගෙදර නවාතැන් ගන්නවා. කිසිදු හව්හරණක් නොතිබුණු කාංචනාට කස්තුරිගේ ළංවීම ලොකු සතුටක්... කස්තුරි කාංචනාලාගේ ගෙදර නැවතුණද ඔහු ඇය සමඟ විවාහ වෙන්නෙ නැහැ. කාංචනාවත්,  ඕෂධීවත් රැුකබලා ගනිමින් ජීවත් වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතා නොපැකිලිව ඉටු කර දෙන්නත් ඔහු අමතක කරන්නෙ නැහැ. කස්තුරිගෙ පවුලෙ අය කස්තුරි නැති සොවින් පසු වුණත් ඔහුට ඒ ගැන අල්ප මාත‍්‍රයකවත් දුකක් තිබුණෙ නැහැ.  ඕෂධී දැන් ඉන්නෙ උසස්පෙළ පන්තියේ. ඇය සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වෙනවා. ඇයට ඉහළ ලකුණු ප‍්‍රමාණයක්ද ලබාගන්නට හැකිවුණා. ඒ හැමදේටම දැඩි කැපකිරීමක් කළෙත් කස්තුරි. ඔහු තම දරුවන්ට වඩා  ඕෂධී වෙනුවෙන් කැපකිරීම් කළා. දර්ශනගේ වැටුපද  ඕෂධී සහ කාංචනා වෙනුවෙන් සෑම මසකම ඔවුන්ට ලැබුණා. ඒ වැටුපත් ලබන ගමන් තමයි කාංචනා කස්තුරි සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ.


මෙලෙස ජීවිතය ගෙවෙද්දි කාංචනාට කස්තුරි සැමියෙක් වුණා. එලෙසම  ඕෂධීටත් ඔහු පියෙක් වෙනවා. දර්ශනව ඔවුන්ගේ ජීවිතෙන් අමතක වෙලාම ගිහින්.


අඩුම තරමෙ ඔහුව මතක් කරලා සාංඝික දානයක්වත්, පිංදීමක් කරන්න ඇයට මතක් වෙන්නෙ නැහැ. දර්ශන ගැන මතකය වෙනුවෙන් ඒ ගෙදර තිබුණෙ සුදු මල් වැලක් දමපු, රාමුකරපු පින්තූරයක් විතරයි. ඒ ෆොටෝ එකෙත් අද වෙද්දි මකුළුදැල් බැදිලා.... ඒත් කාංචනා කස්තුරි සර්ගෙ පේ‍්‍රමය සෙනෙහස මැද ජීවත්වෙනවා.

m