මීට වසර කිහිපයකට පෙර එනම් යුද්ධය අවසන්වීමට පෙර නොවැම්බර් 20ත් 30ත් අතර දින දහය අපේ රටට ඉතා උණුසුම් තත්ත්වයක් ගත් අයුරු මතකයේ ඇත්තනට සිහියට නැගෙනු නොඅනුමානයි. මීට බලපෑ ප‍්‍රධාන කාරණා කිහිපයක් වුණා. ඉන් එක් පාර්ශ්වයකට ප‍්‍රධාන වුණේ රජය විසින් පාර්ලිමේන්තුවට නව අයවැයක් ඉදිරිපත් කිරීමයි. තවත් අයකුට ප‍්‍රධාන වුණේ කොටි නායක වේලූපිල්ලෙ ප‍්‍රභාකරන්ගේ මහවිරු සැමරැුම හා ඔහුගේ උපන් දිනය යන කාරණා නිසාවෙන්ය.
මෙම සටහන තැබීමට අවස්ථාවක් වූවේ කොටි සංවිධානය අපේ රටෙන් තුරන්වෙලා වසර 6ක් ගතවුවත් අවාසනාවකට වගේ අළු යට සැඟවුණු ගිනි පුපුරු මෙන් නැවත හිස ඔසවන්නටදෝ මෙන් කුරුමානම් බලන කොටි පුල්ලිවල ඇතැම් ක‍්‍රියාකාරකම් තවමත් උතුරේ රැුව්දෙන නිසාවෙන්ය.
එවකට නොවැම්බර් 26 සහ 27 අපේ රටේ ජනතාවට වැඩි වශයෙන් පීඩනයක් වුණේ අලූත් අයවැයට වඩා කොටි සංවිධානයේ මහවිරු සැමරැුම්වලට කිවහොත් නිවැරැදිය.
ඊට හේතුව වූවේ කොටි නායකයා තම උපන්දිනය සහ මහවිරු දිනය සැමරුවේ අපේ රටේ කුමන හෝ පළාතක විනාශයක් කොට ලැබෙන සතුටින් නිසාය.
සිංහලයාට සියල්ල ඉක්මණින් අමතක වෙනවා කියන කතාවට අනුව අද අපේ බොහෝදෙනකුට යටගියාව අමතක වීම අභාග්‍යකි. රටේ ජාතික ආරක්ෂාවට මුල් තැන දිය යුතුය. එයට කදිම නිදසුනකි වර්තමානයේ ලොව ප‍්‍රබල රටවල් පවා ත‍්‍රස්තවාදයේ භීතියෙන් වෙළී සිටීම.
මේ නිසා අපේ අයටත් පොඞ්ඩක් හෝ යටගිය අතීතය මොහොතකට හෝ සිහිගන්වන්නට සිතුවෙමි.
වසර 30කට පෙර කරළියට ආ මේ මහවිරු සැමරුම ගැන ආවර්ජනය කරනවානම්, ප‍්‍රභාකරන් මහා වීර සතිය පවත්වන්න ආරම්භ කළේ මීට විසිහත් වසරකට පෙරය. එනම් 1989 නොවැම්බර් 27 වෙනි දින සිටය. 1982 වසරේ දී මියගිය ප‍්‍රථම ගරිල්ලා සාමාජිකයා වූ ශංකර්ගේ මරණය සිහිපත් කිරීම මුල්කොට ‘මහාවීර සතිය’ සමරමින් ප‍්‍රභාකරන්ට අවශ්‍ය වූවේ කොටි සංවිධානයට හැකිතරම් ජාත්‍යන්තරයෙන් ආධාර උපකාර ලබාගැනීමටය. ඒ වෙනුවෙන් ඊළාම් අභිප‍්‍රාය වෙනුවෙන් සටන්කොට මියගිය සියලූදෙනා සිහිපත් කිරීම සඳහා එක්වන ලෙස ලොව පුරා සිටි දෙමළ ජාතිකයන්ගෙන් ද ප‍්‍රභාකරන් විවෘත ඉල්ලීමක් කළේය. මෙහිදී ප‍්‍රභාකරන් දිගින් දිගටම කියාසිටියේ තම මියගිය සගයන්ට කළ හැකි ඉහළම හා එකම උපහාරය වන්නේ ඊළාම් රාජ්‍යය බිහිකිරීම දක්වා සටන් කිරීම යන්නයි. මේ වෙනුවෙන් එදා කළු කොටි කණ්ඩායම්, මරාගෙන මැරෙන කණ්ඩායම්, මුහුදු කොටි කණ්ඩායම් ප‍්‍රභාකරන් ඇති කරන්නේ ඊළාම් රාජ්‍ය දක්වා ගමන් කිරීමටය.
මේ ආකාරයට ඊළාම් රාජ්‍යයේ සිහිනයෙන් සිටි කොටි නායකයා උතුරේ සිටි සියල්ලන්ටම බලපෑම් කරමින් එදා මහවිරු සැමරුම සිදුකරන්නේ වාතයෙන් පුම්බාගත් ගෙම්බෙකු සේය. මේ සැමරුම් සඳහා දෙස් විදෙස් මාධ්‍ය මගින් ද විශාල ප‍්‍රසිද්ධියක් ලැබුණි.
කාලයාගේ අවෑමෙන් 2005 වසරින් පසුව කොටි නායකයාගේ ඊළාම් සිහිනය බොඳවන්නට පටන් ගන්නේ ආරක්ෂක අංශ විසින් දියත් කෙරුණු දරුණු සටන් හේතුවෙනි. කොහොම නමුත් 2009 වෙනවිට කොටි බෝම්බ බිය අපෙන් සදහටම නැතිවන්නේ ඒ ඊළාම්වාදියා මියයාමෙන් පසුවය.
කොටි නායකයාගේ මරණය දෙස් විදෙස් කොටි හිතවාදීන් මොහොතකටවත් විශ්වාස නොකළේය. 2009 වසරින් පසුව මේ මොහොත දක්වාම කොටි සංවිධානයේ අවසානය ගැන නොහිතන පිරිසක් ඇත. මේ නිසා ඔවුන්ගේ පුල්ලි මකා ගැනීමට නොහැකිව වරින් වර ඇතැම් ත‍්‍රස්තවාදී ක‍්‍රියාකිරීමට උදම් නගයි. මේ සඳහා උඩගෙඩි දෙන ඇතැම් පාර්ශ්වයන් මෙන්ම ජාත්‍යන්තර කොටි හිතවාදීන් ද නැතුවා නෙමෙයි. අනෙක් පැත්තෙන් ගත් කල දේශපාලනය ඔය කාරණාවේ දී දෙමළ ජාතික සන්ධානය එක් රාමුවක සිටියි.
යුද්ධයෙන් පසුව ටී.එන්.ඒ. පක්ෂයේ ඇතැම් ජනතාවාදීන් දේශපාලන වාසි වෙනුවෙන් හෝ විවිධ වූ සැමරුම් වෙනුවෙන් පෙනී සිටින්නට උත්සාහ කළා. එහිදී ඔවුන් යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකිරීමේ යන මුවාවෙන් ඇතැම් දේ සිදුකිරීමට උත්සාහ කළ ද පොලිස් නීතිය නිසාවෙන් හීනවී ගියේය.
එළඹ ඇත්තේ 2015 වසරේ නොවැම්බර් මාසයේ අවසන් දින කිහිපයයි. මේ සටහන තබන විට උතුරේ වව්නියාව, කිළිනොච්චිය, මන්නාරම හා යාපනය යන දිස්ත‍්‍රික්කයන්හි කොටි මහවිරු සමරු මෙන්ම කොටි නායකයාගේ 61 වන උපන්දිනය සැමරීම වෙනුවෙන් ඇරයුම් කළ පෝස්ටර් හා තාප්පවල ලියවුණු වැකි මෙන්ම ඊළමට නිදහස දෙන්න කියමින් සිදුවූ සියදිවි හානි කරගැනීම් දක්නට ලැබුණේ අළු යට සැඟවුණු ගිනි පුපුරු මෙන් හිස එසවීමට මාන බලන කොටි පුල්ලි ගැන බියක් අඟවමින්ය.
මේ ක‍්‍රියාවන් මුලින්ම ආරම්භ වුණේ වව්නියාවෙනි. වව්නියාවේ ස්ථාන කිහිපයක ඒෆෝ ප‍්‍රමාණයේ කොළ අලවා සඳහන් කොට තිබුණේ ‘අපේ පිපාසය දෙමළ ඊළමයි දෙමළ ඊළාම් රාජ්‍යය බිහිකිරීම වෙනුවෙන් මියගිය අප විරුවන් සමරමු සෑම නිවසකම පාසලකම පහනක් දල්වා අපේ ඊළාම් රාජ්‍යය බිහිකිරීම වෙනුවෙන් මියගිය විරුවන් සමරමු” යන පාඨයන්ය. අනතුරුව යාපනය සරසවියේ ස්ථාන කිහිපයකම මහවිරු සැමරීමට එක්වන ලෙසට සඳහන් කොළ අලවා තිබුණි. මේ ගැන අදහස් පළකර සිටි යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ සාමිනාදන් මහතාගෙන් විමසීමේ දී කියාසිටියේ මේ වසරේ ද එවැනි මහ විරු සැමරුම් පෝස්ටර තමා දැක්ක බවටත් මෙලෙසින් වසර ගණනාවක් කිසියම් පිරිසක් එම කාර්යය සිදුකරන බවටත් මෙතෙක් එම පිරිස් කවුරුන් ද යන්න හෙළිවී නොමැති බවටත්ය.
ඉන් අනතුරුව කිළිනොච්චි නගරයේ විශ්වමඩු හා අලිමංකඩ ප‍්‍රදේශයන්හි කොටි නායකයාගේ රුව ඇතුළත් ඡුායාරූපයක ‘61 වන උපන් දිනය සමරමු’ යන වදනින් යුතු පෝස්ටර් කිහිපයක් ගස්වල ඇලවීම හා මාර්ගයේ බිම දමා තිබුණි. මේ අයුරින් මන්නාරම මුරුන්ගන්හි රෝහල ඉදිරිපිට පිහිටි පුස්තකාල ගොඩනැගිල්ලෙහි තාප්පයේ මෙලෙස ලියා තිබුණේ කොටි නායකයාගේ 61 වන ජන්ම දිනය සැමරීමත් 27 වැනිදාට යෙදී ඇති මහවිරු සැමරුම සඳහා එක්වන ලෙසටත්ය.
මේ අයුරින් හොර රහසේ පළ වන කොටි පුල්ලි කවුරුන් ද යන්න ගැන අවධානය යොමුකළ යුතුය. මේ අතර දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. ශිවාජිලිංගම් යාපනය මාධ්‍ය කෙන්ද්‍රයේ දී මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් කියාසිටියේ 27 වනදා යාපනයේ නල්ලූර් කොවිලේ සහ යාපනය රෝමානු කතෝලික කිතුනු දේව මන්දිරයේ දී යුද්ධයෙන් මියගිය ජනතාව සමරා විශේෂ පූජාවන් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි. මෙහිදී එදින සමරනු ලබන්නේ කොටි සාමාජිකයින් දැයි මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියාසිටියේ කොටි සාමාජිකයින් කියා විශේෂයෙන් සැමරීමක් සිදුනොකරන බවටත් යුද්ධයෙන් මියගිය සියලූදෙනාම සිහිකර පූජාවන් පවත්වන බවටත්ය. එසේම යම් හෙයකින් එය නීතිවිරෝධී යැයි පවසා කිසිවෙකුට දහස් ගණනක් අත්අඩංගුවට ගැනීමට හෝ නීතියෙන් ක‍්‍රියාකිරීමට නොහැකි බවට ද යුද්ධයෙන් මියගිය වැසියන් සිහිකිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියක් බවට ද කියා සිටියේය.
යාපනයේ ජන මතයට අනුව සිවාජිලිංගම් කියන්නේ ප‍්‍රභාකරන්ගේ මස්සිනා බවයි. එහෙම බලන විට මොහු සැරසෙන්නේ කුමට ද යන්න සෙවිය යුතු පාර්ශ්වයන්ට අවධානය යොමුකළ යුතු කාරණාවක් වෙයි.
අද අපේ රටේ යුද්ධයක් තිබුණා ද යන්න ඇතැමෙකුට අමතක වූවාට බියකරු ත‍්‍රස්තවාදයට එය අමතක වී නොමැති බවට අප සිහියට ගතයුතුය. කෙසේ හෝ දහදුක් විඳ විශාල විනාශයකට පසුව හෝ අතුරුදන් වූ කොටි පුල්ලි නැවත මතුවීම කෙසේ අවසන් කළ යුතුය. එය මෙවර සමරනවාය යන කොටි සැමරුම් ද නවතා දැමීමෙන් ලොවම වෙළීසිටින ත‍්‍රස්ත බියට අසු නොවීමට ශ‍්‍රී ලාංකික අපි වාසනාවන්තයින් වන්නෙමු.
|