රාමාට මා සැකයි රාවණා


 

 

 

ප්‍රේමයේ පරමානන්දය, බ්‍රහ්මාස්වාදය විඳීමේ පරම පරමාර්ථයෙන් ඇතැමි පුරුෂයෝ එක ලියක් පතා ලොබ ලිය වඩති. ජීවිතයම කැප කරති. ඇතමෙක් ප්‍රේමය බිඳි ගිය පසුවද අතීත සැමරුම් පටුවත දිගේ ගමන් කරමින් විප්‍රලමිබ ශෘංගාර සයුරේ කිමිදෙති. තවත් අයෙක් දිවිහිමියෙන් පෙම් කළ ගැහැනිය පරපුරුෂ සේවනයේ යෙදුණු බවට අවලාද නගමින් සැක සංකා මවමින් ඇයට ගර්හා, වෛර කරති. මෙබඳු සංසිද්ධියකට මුහුණපාන ඔිනෑම ගැහැනියකට විවාහ සංස්ථාව යනු සිරගෙයකි. මෙි අතර බිරිය වහලියක් කොටගෙන ගෙදරදොර සියලු වැඩ ඇය මතම පටවා කෙළිදෙලෙන් ගතකරන පුරුෂයෝ ද සිටිති. ඔවුහු ගේහසිත ප්‍රේමය වදයක් වන තරමටම ගැහැනිය තළා පෙළා දමති.

බොහෝ කාන්තාවෝ පිරිමින්ගේ මෙි රැවුම් ගෙරැවුම් ගැරැහුම් ඉවසා පවුල් සංස්ථාව රැකගැනීමෙි අටියෙන් සැමියාට යටහත් පහත්ව අත්පා මෙහෙවර කරති. දරුවන් හදා වඩා ගනිති. එහෙත් බාහිර සමාජය ද ඇය පෙළයි. ස්ත්‍රිය දෙස නිතර වපරැසින් බලයි. ස්ත්‍රිය නම් පහත් සත්ව කෙනකැයි යන දෘෂ්ටිය බැහැරි සමාජයේ රජකරයි. ධනය, බලය, කුලය, කන්‍යාභාවය, ස්ත්‍රි හිංසනය එහි ප්‍රබල ලෙස බලපවත්වයි. මෙි නම් කුමන ඛෙිදවාචකයක්ද? පුරුෂාධිපත්‍ය රජයන සමාජයක ගැහනියගේ ඉරණම කරණම ගහන්නේ ඇය සතු ආත්මාභිමානය ද බිඳ හෙළමිනි. යම් ලියක පරපුරුෂයකු සමඟ ⁣අනියම් සබඳතාවක් සඳහා තල්ලු කරනු ලබන්නේ නම්, ඒ එකී නොකී අප්‍රිය අමනාප තතු විසිනි. එබඳු සබඳතාවක් වුව මෙි සමාජයේ සැබෑ ප්‍රේමයක් විය නොහැකිය. එහෙත් එය යට කී බන්ධනයන්ගෙන් නිදහස් සේ පෙනීයාම නිසා සාපේක්ෂ ලෙස සුන්දර සේ පෙනී යයි. සමාජය විසින්ම ආරෝපිත ගර්හාව, ඔිපාදූප, සදොස් සිත යනාදිය නිසා එවැන්නකින් වුව ස්ත්‍රියකට නොකිලිටි ආස්වාදයක් පරමානන්දයක් ලද නොහැකිය.

දෙරණ ඩ්‍රිම්ස්ටාර් සුපිරි තරකාවියක වන ගායන ශිල්පිනී එරන්දි මධුෂිකාගේ සුගායනයෙන් මනෝහර වූ ⁣මෙි ගීමිණිරුවනට ප්‍රතිෂ්ඨ වූ වෘතාන්තයක් ඇත. ඒ වාල්මිකී⁣ විසින් විරචිත රාමායණයයි. ඉන්දියානුවෝ රාමා සීතා ප්‍රේම වෘත්තාන්තය දේවත්වයෙහිලා සලකති. සීතා වූකලි සිය සැමියා වෙනුවෙන් පතිවත සුරැකීමට ඇපකැප වූ සැබෑ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය  යැයි ඔවුහු විශ්වාස කරති. රාමා යනු  රාවණාගෙන් සීතා බෙිරාගත් වීරයාය. රාවණා වූකලි ලෝක පූජිත රාමා සීතා පෙම් යුවළගේ අතර මැදට පැමිණි දුෂ්ටයාය. රාවණා රජුන් සීතා පැහැරගැනීමෙන් පසු රාමා නිතර ඇය දෙස බැලුවෙි අවිශ්වාසයෙනි. "රාමාට මා සැකයි රාවණා" ගීතය වූකලි එබඳු ගැහැනියකගේ පාරිශුද්ධවූත් සුනිර්මලවූත් හෘදයසාක්ෂියේ විලාපයයි. මෙි ගීතයට විෂය වී තිබෙන්නේ සැබෑ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ සීතාගේ පතිවත පිළිබඳ ස්වයං පාපෝච්චාරණයයි. රාවණා රජුන්ගේ නිවාස අඩස්සියේ සිටි සීතා පිළිබඳ රාමාගේ සිතෙහි සැක සංකා මතුවිය. විශේෂයෙන්ම තම බිරියගේ පතිවත පිළිබඳ ඔහු නිතර අවිශ්වාසයෙන් පසුවූයේය. අවසානයේදී රාමා සිය සැකය දුරුකර ගැනීමට සීතා අග්නි පරීක්ෂාවකට පවා යොමු කළේය. ගැහැනිය කෙතරම් නිර්දෝෂී වූව ද ඇගේ හෘදයසාක්ෂිය විනිවිද දකින්නෝ කවරහුද? ඇගේ හදවතේ බුර බුරා නැගෙන ගිනිදළු නිවන්නෝ කවරහුද ?


රාවණා රජුන් සීතා පැහැරගැනීමට පෙළඹුණේ තම නැඟණියට සිදුවු අසාධාරණය නිසාය. රාවණාගේ නැඟණිය වූ සුපර්නිකා රාමාට පණ මෙන් පෙම් කළේය. එහෙත් රාමා ඇයට පෙම් නොකළේය. රාමා පෙම් කළේ රූමත් පංචකල්‍යාණියක වූ සීතාටය. ඔහු සුපර්නිකාගේ ආදරය ප්‍රතිකේෂ්ප කළේය. තම නැඟණියට සිදුවු අසාධාරණයට පළිගැනීමේ චේතනාවෙන් රාවණා  සීතා පැහැරගෙන ලංකාවට රැගෙන ආවෙිය. ඇයට කාලයක් රාවණා රජුන්ගේ නිවාස  අඩස්සියේ සිටීමට සිදුවිය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් රාමා ලාංකාවට පැමිණ යුද්ධ කොට රාවණා පරාජයකර සිය ප්‍රාණසම බිරිය වන සීතා නැවත ඉන්දියාවේ අයෝධ්‍යා පුරයට රැගෙන ගියේය. එහෙත් රාමා නිතර සීතා දෙස බැලුවෙි වපරැසිනි. ඔහු ඇයගේ පතිවත පිළිබඳ සැක පළ කළේය. එහෙත් පතිවෘත්තාවෙි දෙව්දුව හැටියට නම් දරා සිටි සීතා කිසිදු මොහොතක රාවණා සමඟ කාමසම්භෝගයේ  නොයෙදුණාය. සීතා කෙරෙහි පෙමින් පසුවූ රාවණා ද ඇයගේ හදවත බලහත්කාරයෙන් දිනා ගැනීමට උත්සාහ නොකළේය. ඔහු ඇය ඉදිරියේ බවුන් වැඩුවෙිය.

එහෙත් රාමා ගේහසිත ප්‍රේමය එපා වනතුරු සීතාට  වද දුන්නේය. සැකයම වැපුරුවෙිය. තමා පණමෙන් ආදරය කළ සැමියාගේ මෙි සැකය, අවිශ්වාසය සීතාට දරාගත නොහැකිවිය. ඇය ඒ පිළිබඳ නිතර පශ්චාත්තාපයට පත්වූවාය. මෙබඳු පරිසරයක හුස්ම වැටෙන ගැහැනියක ජීවත් වනුයේ කෙසේද? මෙය ජීවත්වීමක් යැයි කිව හැක්කේ කවර අරුතින් ද? ජීවත් වුණත් ඇය මියගිය ලියක් නොවෙිද?එය අනුක්‍රමයෙන් සිදුවන ගොරතර මරණයක් ම නොවෙිද? මෙි ලිය ප්‍රකාශ කරන්නී තමා තුළ එසේ උපන් හෘදයසාක්ෂි ඝට්ටනයයි.


රාමාට මා සැකයි රාවණා
ගිනි සෑයේ අභියස
මා දැවෙිවී රාවණා
සෑයටත් ඉහළින් නැගේ
හදේ ගිනි බුර බුරා

නොකළ  වරදකට අග්නි  පරීක්ෂාවකට නියම වූ මෙි ගැහැනිය පුරුෂාධිපත්‍යයෙන් බැටකෑ තවත් අසරණියක් නොවෙිද? රාමාගේ සැකයට බඳුන් වන සීතා ගිනිසෑය වටේ පැදකුණු කරමින් සිය හෘදයසාක්ෂිය විශ්වයටම මුදාහරින්නීය. ගිනි සෑයටත් ඉහළින් නැගෙනුයේ ඇගේ හදවත දළුලා වැඩෙන සෝගින්දරයි. ඇයට සිහිවනුයේ ප්‍රේමය නමැති රැහැනින් බැඳ තම සිතුම් වසඟකර ගත් රාමා මොනතරම් පටු සිතක් ඇති පිරිමියකු ද යන්නය.විවාහකයෝ පවුල විසිරිය නොදී රැකගනුවස් බැඳගත් බෙරයම ගසති. ලෝසිරිතට අඔුදරුවන් රකිති. එහෙත් ඇතුළ කැලඹිලාය. ගිනිගෙනය. සතුට පෑලදොරින් පැන ගොස්ය. සන්තුෂ්ටිය අහලකවත් නැත. වැඩවසම් මානසිකත්වය රජ කරන සමාජයක පිරිමින්ගේ චින්තනය ද  ගතානුගතිකය. ඔවුහු ආචීර්ණ කල්පිත මතවලම එල්බගෙන බිරියන්ගේ පතිවත පස්සේම දුවති.තතු එසේ වූවද  රෙද්දෙ තුත්තිරි ඇති පත්තිනි අම්මලා ද ඇති තරම් සමාජයේ  සිටිති.

හඬමි මම රාවණා
රාමාට මා සැකයි රාවණා
නැගෙන ගිනිදළු  මතින්
පාව යයි දුම් ස්නේහයේ
සත්පතිනි විලාපේ
සත්සයුරු තරණය කරයි

ඇගේ හදවතේ බුර බුරා නැගෙන ගිනිදළු මතින් පාව යන්නේ ආදරයේ, සෙනෙහසේ දුමාරයයි. "නැගෙන ගිනිදළු මතින් - පාව යයි දුම් ස්නේහයේ " යන්න කාව්‍යමය යෙදුමකි. ශෝකය අනුක්‍රමයෙන් තීව්‍ර වන බවත් තවදුරටත් ඒ තුළ සිටීම දුෂ්කර බවත් මෙයින් ගම්‍ය නොවෙිද? පත්තිනි දේවිය වූකලි කාන්තාවන්ගේ දුකට පිහිට වන මවය. ඇය විවිධ වෙිශයෙන් පෙනී සිටින්නීය. වරෙක රීරිමාංශ බොන යකින්නියකි. මෙි යකින්නිය පයෝධර කඩා කෝපාග්නියෙන් ගිනි අවුළු වන්නීය. කතුන්ට දුක් දෙනවුන්ට ද්වෙිෂයෙන් ශාප කරන්නීය. මෙි අතර හැම මවකටම  ආරක්ෂාවෙි සංකේතයක් වූ ආදරය, කරුණාව පිරුණු පත්තිනි අමිමා ද සිටින්නීය. මෙි සියල්ලෝම සත්පත්තිනියෝය. සත්වාරයක් උපන් තැනැත්තියක නිසා ඇතමෙක් පත්තිනි දේවියට සත්පත්තිනිය නමින් ද ආමන්ත්‍රණය කරති. පත්තිනි දේවිය යනු මධුරාපුරයේ උපන් කාන්තාවකි.පත්තිනි දේවියගේ සැමියා පාලම් කුමරුය. ඔහු රාජ උදහසට ලක්වී මියගියදා පටන්  පත්තිනි දේවිය පතිවත රකිමින් දැහැමින් සෙමෙන් ජීවත්වූවාය. ඇය කාන්තාවන් වෙනුවෙන් පේවී සිටියාය. මෙනයින් ඔිනෑම විපතකදී කරදරයකදී කාන්තාවෝ පත්තිනි මෑණියන්ගේ පිහිට පතති. මෙහිදී ⁣රචකාවිය කියන්නෙ සීතා දේවියගේ සත්පතිනි විලාපය සාගර සතක් තරණය කරන බවය. මෙි වචන ධ්වනිතාර්ථපූර්ණය, කාව්‍යාත්මකය.

නුඹෙි තුඟු දසුනින්
මහඟු මනු ගුණයෙන්
නොසැලෙන්න මගේ
සිත සිර කළා

සෙනෙහේවන්ත සැමියකුගේ ගුණවත් බිරිඳක් තවත් පුද්ගලයකුගේ පෙම්දැලේ පැටලේද? රාවණා රජුගේ උත්තුංග, උස් බැල්මත් මහාර්ඝ මනුෂ්‍යත්වයත් ඉදිරියේ තමා කිසිදු මොහොතක නොසැලුණු බව සීතා කියන්නීය. තමා පිවිතුරු බිරිඳකි, උතුම් කතකි යන ඒකායන  සිතුවිල්ලේ ඇය නිතර පසුවූවාය. පරපුරුෂයකු සමඟ කාමසම්භෝග සම්පර්කට ඇය නොගියාය. මෙබඳු  දුෂ්කර අවස්ථාවක ග්‍රහණයට හසුවූ ඇගේ සිතේ රජයන දෙගිඩියාව පූර්වෝක්ත අන්තරා කොටසෙන් සුවිශද වෙයි.

හුදෙකලා වදුලේ
අඳුරු සීතල තුරුලේ
මා අසල ක⁣ළේ නුඹ භාවනා

රාවණාගේ අඩස්සියේ පසුවූ සීතාට අවසානයේදී ඉතුරුවූයේ පාළු, සීතල අඳුර රජයන තුරු වදුලක් පමණය. ඇට, ලේ, මස් නහරින් හැදී වැඩුණු ගැහැනියකට හැඟීම් දැනීම් නැතුවා නොවෙි. එහෙත් සීතා නමැති උත්තරීතර පත්තිනිය මෙි සියලු ආසා මැඩලමින් එක ආරම්මණයක සිටියාය. රාවණා ද ඇය අසල හිඳ බවුන් වැඩු බව කියති. මෙි නම් අභව්‍ය සිදුවීමක් යැයි ඇතමකුට හැඟීයාමට ඉඩ ඇත. එහෙත් මෙහිදී සීතාගේ හෘදයසාක්ෂි වඩාත් ප්‍රබලය. සීතාගේ හෘදයසාක්ෂිය විනිවිද දකිමින් ඇගේ ස්වයං පාපෝචිචාරණය ලෝකය ඉදිරියේ දිගහැරුමට රචකාවිය ගෙන ඇති ප්‍රයත්නය සාර්ථකවී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි. පතිනියකගේ අධ්‍යාත්මය වෙළාගෙන පවත්නා අසන්තුෂ්ටිය, පශ්චාත්තාපය හා ශෝකය මෙි ගීමිණිරුවනින් ධ්වනිත වෙයි. ගිනි මැලයක් අභියස ආත්මීය අඬහැරයෙන් විලාප නගන ඇය මුහුණපා සිටින්නී අතිශය දුෂ්කර අවස්ථාවකට නොවෙිද? පුරුෂාධිපත්‍යයේ වෙිරම්බයට හසුවී අසරණභාවයට පත්වූ සීතා ඉල්ලන යුක්තිය ඔබට මෙි ගීතයෙන් නොඇසේද? මෙි තුළින් අප හද ඇය අරබයා කම්පා නොවෙිද ?

 


විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ