බත් ගුලිය අතට ගෙන කුරුල්ලන් මට මවා
සමනලුන් මල් වැලෙන් මගේ හද ඔප කළා
ඔබේ ලේ කිරි දහර මා මනස රස කළා
සියලු බර හිස දරා දිවි තලය හැඩ කළා
නිදියන්න කවි ගයා සිහින කුමරුන් ගෙනා
පාසලෙන් පසුව අප ගෙදර ගුරු මව වුණා
දිනුම පැරදුම කිමෙද ඉවසීම උගන්නා
ඔබයි මෑණියන් මේ ලෝ තලය සුරකිනා
දුක් කඳුළු හංගලා සිනාසුනු මල ඔබයි
හිරු සඳුත් තරුත් මට ලැබුණේ අම්මා නිසයි
ෙම් ලොවම නැති වුණේ ඔබේ මුදු වදනටයි
වසන්තයෙ මල් පිපුණේ ඒ ගුණේ මහිමෙටයි
කිසි දිනෙක නොසෙල්වෙන ගිරි ශිකරයත් ඔබයි
කඳු මැදින් තාලයට ගලන නිල් දියවර ඔබයි
සොළොස් සඳ කලා පිරි පුන්සඳත් ඔබ තමයි
කිරි සුවඳ ලොවට දුන් හිරු මලත් මව් තමයි
අම්මේ නුඹෙ සමරන්න දිනයක් ද ඇවිල්ලා
බැරි විට දී විසි කරන නවාතැන් පිරිලා
පාට ගෑ මල්වලින් මව් ගුණය නසාලා
විකුණාවි අකුරු තුන කාසි ගැන සිතාලා
ලක්ෂ්මන් කොඩිතුවක්කු
සිඩ්නි ඕස්ට්‍රේලියාව.