ගාසා තිරය ආක්‍රමණ්ය කළ ඊශ්‍රායලය දියත් කර ඇති යුද මෙහෙයුම් තුළින් පලස්තීන වැසියන් 42,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ. ඉන් 30% ක් පමණ කුඩා දරුවන් බව සහනසේවා ආයතන ගණන් බලා ඇත.
ගාසාවෙන් නොනැවතී ඊශ්‍රායලය ලෙබනනයටත් පහරදෙයි. ලෙබනන වැසියන්ද දිනකට අවම වශයේන 50-100 පමණ ජීවිත අහිමිකර ගැනීම ඛේදවාචකයකි. සාර්ථක බුද්ධි මෙහෙයුම් තුළින් ඊශ්‍රායලය හිස්බුල්ලා හා හමාස් සන්නද්ධ කල්ලි නායකත්වයන් විනාශ කර ඇත.
ඉන්දියාවේ යුදෙව් ජනගහනයක් සිටියද, ඉහත සිද්ධිය ඔවුන්ගේ ආරක්ෂාව ගැන ඇති අභියෝග සිහිපත් කරන්නකි. බංග්ලාදේශය වැනි රටවල දැඩි යුදෙව් විරෝධයක් පවතී. ඊශ්‍රායල් සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයක් වූ මාලදිවයින පසුගිය ජුනි මාසයේ සිට ඊශ්‍රායල් වැසියන්ට එහි පැමිණිම තහනම් කළේය.
සතියේ මාතෘකාව ආරුගම්බේ විය. රට පුරා ආන්දෝලනයකි. ඒ ඇමෙරිකාව “ සංචාරක අනතුරු ඇඟවීමක්” නිකුත් කර බට කැලේට ගිනි තැබීමත් සමගයි.’’ සංචාරක පුරවරයක් වෙන ආරුගම්බේ වන ප්‍රහාරයක් ඒල්ල වීමේ අවදානමක්’’ අමෙරිකානු නිවේදනය කීවේ එසේය. යුද සමයේ පවා නොතිබූ තර්ජනය කුමක්දැයි අපේ ජනතාව සිතද්දී, තර්ජනය අපට නොව ඊශ්‍රායල් ජාතිකයන්ට බව නිවේදනයෙක් කියැවිණ.
ලංකාවේ ඊශ්‍රායල්වරුන් මෙහෙ කුමක් කරන්නේද ? පහර දීමට තරම් විශාල සංඛ්‍යාවක් ඊශ්‍රායල්වරුන් හෙවත් යුදෙව් ජාතිකයන් මෙරටට පැමිණේ ද? අපේ සිත් තුළ ප්‍රශ්න ගොඩකි. කොවිඩ්, අරගල, ආර්ථික අවපාතය, පෝලිම් ආදි විවිධ හැළහැප්පීම් නිසා පසුගිය කාලය තුළ බලපෑමට ලක්වූ අපේ මිනිසුන්ට මෙය තවත් හිසරදයක් ලෙස දැනෙන්නට වීම අරුමයක් නොවේ. එය අපේ ප්‍රශ්නයක් නොවේ. අපේ හිස මතට කඩා පාත් වූ ලෝක ප්‍රශ්නයකි. අපේ රටට ආතපාතකවත් නැති ප්‍රශ්නයකි. මේ ප්‍රශ්නයේ මුල ඇත්තේ ලංකාවට කිලෝමීටර් 5403ක් බටහිරින් වූ පලස්තීනයේය. එයට කොහේවත් සිටින අප ඈඳුණේ කෙසේද? මෙවැනි තත්ත්වයක් පවතින්නේ අප රටේ පමණද? ඇතමුන් අදහස් දක්වන්නට ගත්තේ මෙය ලෝකයෙන්ම අප රටේ පමණක් නිර්මාණය වූ ගැටලුවක් ලෙසිනි. විවිධ කතා නන් දෙසින් ඇසෙද්දී අරුගම්බේ වෙත කඩාපාත් වූ මේ ගිනිගෙඩිය කුමක්දැයි අවබෝධ කරගැනීමට අපි වෙහෙසෙමු.
ඊශ්‍රායල් - පලස්තීන ප්‍රශ්නය හා වර්තමානයේ ඊශ්‍රායලය හා ඉරාන ළැදි සටන්කාමී සංවිධාන අතර හටගෙන ඇති යුද්ධය අවුරුද්දක සිට අප රටේ මාධ්‍යවල පවා මුල් පුවත් අතර නිරන්තරයෙන් සැරිසැරූ මාතෘකාවකි. රුසියානු - යුක්රේන අර්බුදය හැරුණු විට ලෝකයට වඩාත් බරපතළ ලෙස තර්ජන එල්ල කරන අර්බුදය මේ ඊශ්‍රායල් ගාසා යුද්ධයයි. ගාසා යුද්ධය පසුගිය වසරේ ඔක්තෝබර් 7 වෙනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දීමෙන් පසු ඇවිළී යාමත් සමග අන්තර්ජාතික මාධ්‍යවල පවා නිරන්තරයෙන් කියැවුනු වචනයක් වන්නේ “ ්භඔෂ - ීෑඵෑඔෂීෂඵ” යන්නයි. ශබ්ද කෝෂය පෙරළා බැලූ විට අපට පෙනී යන්නේ එහි අර්ථය යුදෙව් ජනතාව කෙරෙහි ඇති විරෝධය හෝ වෛරය යන්නයි. මේ වචනය අතීතයේ වඩාත් තදින් බැඳී තිබුණේ දෙවැනි ලෝක යුද සමයේ නාසි ජර්මානු නායක ඇඩොල්ෆ් හිට්ලර්, යුරෝපයේ ජීවත් වූ යුදෙව්වරුන් සමූල ඝාතනය කිරීමට ගත් උත්සාහයත් සමගයි.
එහෙත් දැන් නව යුදෙව් විරෝධයක් නිර්මාණය වී ඇත්තේ 1948 වසරේ දී ඊශ්‍රායලය නම් රාජ්‍යය බ්‍රිතාන්‍ය යටත් භූමියක් වූ පලස්තීනයේ බිහිකිරීමත් සමගයි. අප වරින් වර මැදපෙරදිග අර්බුදය ගැන සාකච්ඡා කරද්දී සඳහන් කර ඇති පරිදි, ඊශ්‍රායලය බිහිවීමේ දී යුදෙව්වරුන්ට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වෙන්කරනු ලැබූ භූමියට අමතරව අරාබි පලස්තීන ජනයා ජීවත් වූ ප්‍රදේශ රැසක් ද බලහත්කාරයෙන් ඈඳා ගැනීමත්, ඒවායේ සිටි 700000 කට ආසන්න පලස්තීන වැසියන් සදාකාලික සරණාගතයන් වීමත් යන කරුණු නිසා බිහිවූ යුදෙව් විරෝධයයි. 1948 අරාබි - ඊශ්‍රායල් යුද්ධය, 1967 සයදින යුද්ධය, 1973 යොම් කිපූර් යුද්ධය, 1964දී ස්ථාපනය කරනු ලැබූ පලස්තීන විමුක්ති සංවිධානය හා ඊශ්‍රායලය අතර ගැටුම්, 1987දී බිහිවූ හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර ගැටුම්, 1982දී ඊශ්‍රායලය ලෙබනනය ආක්‍රමණය කිරීම හා ඉන් පසු ඉරානය විසින් ලෙබනනයේ බිහිකරන ලද හිස්බුල්ලා ගරිල්ලා සංවිධානය අතර ගැටුම්, ඉරානය හා ඊශ්‍රායලය අතර සෙවනැලි යුද්ධය, ආදි යුද ගැටුම් නිසා ඊශ්‍රායලයත් එහි වෙසෙන යුදෙව් ජනතාවක් කෙරෙහි අරාබි ප්‍රජාවගේ හා සමස්ත ඉස්ලාමීය භක්තියකයන්ගේ විරෝධයක් නිර්මාණය වූයේ ඉස්ලාම්‍ය අරාබි පලස්තීන ජනයා ඊශ්‍රායලය වෙතින් මුහුණ දුන් දුක්ඛදායක ඉරණම පදනම් කරගනිමිනි.
යුදෙව්වරුන් ඉපැරණි ජුදෙයා - ඊශ්‍රායල් හෙවත් පසුකාලීනව සිරියා-පලෙස්තීනා නමින් හඳුන්වනු ලැබූ මධ්‍යධරණි මුහුදු කලාපයට මායිම් වූ භූමියේ ජනිත වූ ජනකොටසක් වුවද 15-19 සියවස් වෙනවිට යුදෙව් ජනගහනයෙන් වැඩි පිරිසක් ජීවත් වූයේ පලස්තීන භූමියෙන් පරිබාහිරවයි. යුරෝපයේ යුදෙව්වරු ආර්ථික අංශයෙන් බලවත් වූහ. ඔවුන් දක්ෂ වෙළෙන්දන් මෙන්ම බුද්ධිමතුන් ද වූහ. යුදෙව්වරුන් කෙරෙහි යුරෝපයේ ජනතාවගේ එතරම් ප්‍රසාදයක් නොවූ බව පැහැදිළි වෙන්නේ යුරෝපා සම්භාව්‍ය සාහිත්‍ය තුළ පවා යුදෙව්වන් දුෂ්ටයන් කොට තිබූ බැවිනි. 1596-1598 කාලය තුළ මහා ගත්කරු/නාට්‍යකරු විලියම් ෂේක්ස්පියර් විසින් රචිත “ වැනිසියේ වෙළෙන්දා” නාටකයේ, පපුවෙන් මස් රාත්තලක්ම කපා ගැනීමට ඉල්ලන ෂයිලොක් යුදෙව්වෙකි. යුරෝපයේ යුදෙව් විරෝධයේ උච්චතම අවස්ථාව, ජර්මනියේ පාලකයා බවට පත් වූ ඇඩොල්ෆ් හිට්ලර් කළේ ක්‍රමානුකූලව සකස් කරන ලද යාන්ත්‍රණයක් තුළින් යුදෙව්වරුන් 60ලක්ෂයක් ඝාතනය කීරීමයි. 1900 කාලයේ සිට පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් ගැන සිහින මැවූ යුදෙව්වරු, කඩිනමින් ඊශ්‍රායලය බිහිකිරීමට මුල්වූයේද හිට්ලර් යුදෙව් ප්‍රජාවට යුරෝපය අහිමි කිරීමේ සංසිද්ධියයි. ඊශ්‍රායල් - පලස්තීන ප්‍රශනය ඇරඹීමෙන් පසු ප්‍රකට යුදෙව් ඉලක්ක ගත සන්නද්ධ ක්‍රියාකාරකරම් වෙන්නේ 1972 මියුනිච් ඔලිම්පික් උලෙළේ දී ඊශ්‍රායල් ක්‍රීඩකයන් ඝාතනය කිරීම හා 1976 යුදෙව් ජාතිකයන් වැඩි පිරිසක් රැගත් ප්‍රංශ මගී ගුවන්යානයක් උගණ්ඩාවේ එන්ටෙබේ ගුවන්තොට වෙත පැහැරගෙන යාමට පලස්තීන සටන්කරුවන් පියවර ගැනීම වැනි සිද්ධීන්ය. තවත් මෙවැනි
උදාහරණ රැසකි.
මෑත කාලීනව නව යුදෙව් විරෝධයක් නිර්මාණය වීමට ප්‍රධාන හේතුවක් වෙන්නේ 2023 ඔක්තෝබර් 7න් පසුව ඇරඹි ගාසා යුද්ධයයි. එයට මුල් වූයේ ගාසා තීරයේ සිටින හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ උතුරුදිග ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹමින් සිටි ඊශ්‍රායල ජාතිකයන් දහස් ගණනක් අමානුෂික ලෙස ඝාතනය කර තවත් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන යාමය. මෙලෙස ඝාතනයට ලක්වූ පිරිසෙන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් ගැහැනුන් සහ කුඩා දරුවන් ය. එයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සංවිධානයේ මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ලකරන්නට විය. එසේ ගාසා තිරය ආක්‍රමණ්ය කළ ඊශ්‍රායලය දියත් කර ඇති යුද මෙහෙයුම් තුළින් පලස්තීන වැසියන් 42,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් තිබේ.
ඉන් 30% ක් පමණ කුඩා දරුවන් බව සහනසේවා ආයතන ගණන් බලා ඇත. ගාසාවෙන් නොනැවතී ඊශ්‍රායලය ලෙබනනයටත් පහරදෙයි. ලෙබනන වැසියන්ද දිනකට අවම වශයෙන් 50-100 පමණ ජීවිත අහිමිකර ගැනීම ඛේදවාචකයකි. සාර්ථක බුද්ධි මෙහෙයුම් තුළින් ඊශ්‍රායලය හිස්බුල්ලා හා හමාස් සන්නද්ධ කල්ලි නායකත්වයන් විනාශ කර ඇත. ඉරානය සමගද ගැටුමකට මුල පුරා තිබේ. මේ සියල්ලෙහි අහිතකර බලපෑම ඍජුව එල්ල වී ඇත්තේ ඊශ්‍රායල් ජනතාව වන
යුදෙව්වරුන් වෙතටයි. ගාසා යුද්ධය ඇරඹීමෙන් පසුව මේ වෙනවිට ඇමෙරිකානු බුද්ධි අංශ පෙන්වා දෙන පරිදි, ඇමෙරිකාවේ ජන සමාජය අතර යුදෙව් විරෝධි සංකල්ප 380% කින් ඉහළ ගොස් තිබේ.
ඊශ්‍රායලයට ආසන්න යුදෙව් සම්භවයක් සහිත ජනසංඛ්‍යාවක් එනම් මිලියන 5.8ක් ජීවත්වෙන ඇමෙරිකාව තුළ පවා යුදෙව් විරෝධී ක්‍රියාකාරකම්වල ඉහළ යාම 200% ක් තරම් ඉහළ අගයක් පෙන්නුම් කරයි. යුරෝපයේ ඉස්ලාමීය ප්‍රජාව සැලකියයුතු ලෙස ඉහළ රටක් ලෙස සැලකෙන බ්‍රිතාන්‍යයේ පසුගිය වසරක කාලය තුළ යුදෙව් විරෝධි සිද්ධි 5583ක් වාර්තා වී ඇති බව මේ ගැන සමීක්ෂණ සිදු කරන සී එස් ටී නමැති ආයතනය පවසයි. තමන් වාර්තා සැකසීම ඇරඹූ 1984 වසරේ සිට මේ දක්වා යුදෙව් විරෝධි සිද්ධීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වු අවස්ථාව මෙය බව එම සංවිධානය පවසයි.
බටහිර යුරෝපය තුළද පවතින්නේ මෙවැනිම තත්ත්වයකි. ඊශ්‍රායලය මැදපෙරදිග යුද ජයග්‍රහණ ලබන තරමටම ලෝකය තුළ ඊශ්‍රායල් වැසියන්ගේ අනාරක්ෂිත බව ඉහළ යමින් පවතින බවට ඉහත සංඛ්‍යාලේඛන කදිම උදාහරණයකි. අප දකුණු ආසියානු කලාපයද ඊශ්‍රායල් වැසියන් ආරක්ෂිත නොවේ. 2008 මුම්බායි ප්‍රහාරයේදී පකිස්තාන ජාතික සටන්කරුවෝ මුම්බායිහි යුදෙව් ආගමික මධ්‍යස්ථානයකටද පහර දුන්හ. ඉන්දියාවේ යුදෙව් ජනගහනයක් සිටියද, ඉහත සිද්ධිය ඔවුන්ගේ ආරක්ෂාව ගැන ඇති අභියෝග සිහිපත් කරන්නකි. බංග්ලාදේශය වැනි රටවල දැඩි යුදෙව් විරෝධයක් පවතී. ඊශ්‍රායල් සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයක් වූ මාලදිවයින පසුගිය ජුනි මාසයේ සිට ඊශ්‍රායල් වැසියන්ට එහි පැමිණිම තහනම් කළේය.
මේ ගෝලීය වාතාවරණය නිසා ඊශ්‍රායල්වාසි යුදෙව්වරුන්ට මේ කලාපය තුළ නිදහසේ සංචාරකයන් ලෙස පැමිණීමට හැකි එකම රට වූයේ ශ්‍රී ලංකාවයි.
මේ නිසා කොවිඩ් වසංගතයෙන් පසු කාලය තුළ ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශය අංක එක ලෙසත් වැලිගම ප්‍රදේශය අංක දෙක ලෙසත් ඊශ්‍රායල් වැසියන් අතර ජනප්‍රිය විය. ඔවුන්ගේ ආගමික වතාවත් සිදුකරන ස්ථානයක්, අවන්හල් හා ව්‍යාපාරික ස්ථාන පවා බිහිවෙන්නේ ක්‍රමයෙන් වැඩිවූ ඊශ්‍රායල් සංචාරකයන් ට පහසුකම් සැලසීමටයි. මේ නිසාම ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කරගන්නා කණ්ඩායම්වල උකුසු ඇසද ශ්‍රී ලංකාව කරා යොමු වී ඇති බව දැන් නොරහසකි. එහි ගැටලුව වෙන්නේ බාහිර පාර්ශ්වයන්හි ගැටුමකට ගොදුරු වීම තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් දෙන සංචාරක කර්මාන්තයට අහිතකර බලපෑමක් එල්ල වීම හා ජන ජීවිතයට බාධා එල්ල විය හැකි වටපිටාවක් නිර්මාණය වීමයි. ඇමෙරිකාව බට කැලේට ගිනිතැබීමට පෙර යම් කාලයක සිටම කලාපීය ආරක්ෂක හා බුද්ධි අංශ සමග සහයෝගයෙන් මෙරට ආරක්ෂක අංශ හා රජය මේ තර්ජනවලට මුහුණ දීමේ සූදානමක පසුවූ බව රජයේ ප්‍රකාශ වලින් පැහැදිළි වේ.
ප්‍රසාද් කෞශල්‍ය දොඩන්ගොඩගේ