ආදර රන් සෙනෙහස පිදු
රන් කිරි කළ හත පොවාපු
මගෙ ආදර මෑණියනේ
මා හරි අසරණ වෙලා ඉන්නේ
සරණ බන්ධනයකට කොටු වී
බිරිඳක් දරුවන් රකින්න
පාළු කතරේ දුක් විඳින්නේ
කය වෙහෙසා වැඩ කෙරුවත්
මගේ සිහින සැබෑ නොවෙයි
පෝය දාට අපේ පංසලේ
සුදෝ සුදට සිල් රෙදි ඇඳ
අපට සුවය පතනා ඔබ
සුදු පිරුවට පරණ වෙලා
ඒවා සැම තැන ඉරිලා
සිල් රෙද්දක් අරන් දීලා
මගෙ දෑතින් පිළිගන්වලා
සතුටු වෙන්නේ කවදද මම
මගේ අම්මේ රත්තරනේ
අසරණ මට සමා වෙන්නේ
ඔබ පතනා පිං බලයෙන්
මතු බුදු වේවා!
නිහාල් ප්‍රේමසිරි
ෙදාහා - කටාර්