මිනිසා තම බුද්ධියට ඝෝචර නොවුණු ඉර සඳ සුළඟ සහ ගින්දර වැනි බලවේගයන්ට දේවත්වයක් ආරෝපණය කළ යුගය යාතිකාවේ සහ පුදපූජාවේ ආරම්භය ලෙස සැලකේ. මානව බුද්ධියේ වර්ධනයත් සමගම මෙම දේවත්වය තමන් දුටු හෝ නොදුටු අධි බලයක් ඇතැයි සැලකුණු පුද්ගලයන් කෙරෙහි ද ආරෝපණය විය. මෙම මහා බලවේගයන්ට කෙරුණු පුද පූජා අතරතුර, දෙවියන් සතුටු කිරීම සඳහා මිනිසා විසින් නර්ථනය, වාදනය සහ ගායනය ද යොදාගන්නා ලදී.
අද ද බොහෝ භක්තිකයෝ තම යාතිකා අතරතුර දෙවියන් සතුටු කිරීම සඳහා ගීතිකා ද යොදාගනිති. මුළු යාතිකාව ම සංගීත රිද්මයකට අනුගතව කෙරෙන ගායනයක් වූ ඇදහිලි ඇත්නම්, ඒ අතළොස්සකි. ඒ අතර බෞද්ධ වන්දනාව ප්‍රධාන ය. පංචශීලය පිහිටුවීමේ සිට මහ පිරිත දක්වා සියලුම ගාථාවන්, එක්තරා රිද්මයකට අනුව කෙරෙන සංගීතමය ගායනාවන් ය.
විහාරාධිපති නේපාලයේ ශාක්‍යනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්, රෝමයේ ධර්මාශෝක විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු බුදු මැදුර ඉදිරිපිට දී ජූලි මස පළමු වැනිදා සවස සිදුකෙරුණු පොසොන් බැතිගී පූජාව, සිය ගණනින් පැමිණ සිටි සැදැහැවතුන් සමාධිගත කළේය. විහාරයේ නේපාල දායකයන් විසින් ඉදිරිපත් කරන ලද පොසොන් බැති ගී, භාෂාව නොතේරුණ ද අනෙකුත් සැදැහැවතුන්ගේ ද සිත් නිවා සනහා ලීමට සමත් විය. ධර්මාශෝක විහාරස්ථානයේ පොසොන් වත්පිළිවෙත් සඳහාම එංගලන්තයේ සිට විශේෂයෙන් වැඩමකර සිටි පූජ්‍ය කොරළයාගම සරණතිස්ස ස්වාමීන්වහන්සේ විසින් සැදැහැවතුන් ධර්මානුශාසනයෙන් සමාධිගත කළහ.
ධර්මාශෝක විහාරයේ පොසොන් බැතිගී සරණියේ අවස්ථාවන් කීපයක් ඡායාරූපවලින් දැක්වේ.
විහාර දායක සභාව.
ධර්මාශෝක විහාරස්ථානය.