ගැට ගසා ගෙන දෙකොණ කා නොකා හිස් බඩට
හැට කරා ආ ගමන බර වැඩිය අත පයට
හෙට තියා අද වේල ගැන සිහින නැති අපට
ගෙට වඩා කිම පිරිය පොද වැටෙන අගු පිළට
කට පියා දිවි ගමන බර කරට ගත් පවට
මට වඩා දුක වැඩිය නුඹ දකින මගෙ නෙතට
ගැට ගසා වරහැළිය වක ගසා පිඹ ලිපට
හෙට එපා තේ කහට ලණු ඉරුණු ඇඳ ළඟට
නැත දෙපා පෙර සවිය පා නගනු පෙර මඟට
ගත දපා මැසි කඩක විඳ අපා දුක් පවට
අත පපා තව කුමට නැති බරක් අසපුවට
හිත හදා ගමු සොඳුර නැති දිනෙක අපි අපට
වැට කඩා ගෙන හේන වල් සතා ආ ලෙසට
කැට කපා ගෙන අඳුර පැමිණ ඇත දොර කොඩට
වට පිටා වට රහස නුඹට සමු දෙන කලට
මිට තබා ගෙන මතක රැගෙන යමි යන තැනට
රසිකලා - ෙරා්මය, ඉතාලිය.