පසුගිය සඳුදා රාත්‍රියේ ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීම පැවතියේ අරලියගහ මැඳුරේය. අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබුණද මඳක් ප්‍රමාද වී ජනපතිද එහි පැමිණියේය. එජාප-ශ්‍රීලනිප දීගය ගැන මැති ඇමැතිවරුන් දැනුම්වත් කිරීම ජනපතිගේ අපේක්ෂාව වුවද එදිනට නියමිත න්‍යාය පත්‍රය ඉදිරියට පැමිණීම නිසා ජනපතිට මඳ වේලාවක් රැඳී සිටීමට සිදුවිය. එජාප මන්ත්‍රීවරු කිහිප දෙනෙක් විවිධ ප්‍රශ්න ඉදිරිපත් කරන්නටද වූහ. තවත් වේලාව ගත වන නිසා වෙනත් හමුවීම් සඳහා වේලාව ලබාදී ඇති බව පැවසූ ජනපති අරලියගහ මැදුරෙන් නික්මිණ. එම රැස්වීමට ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරු කිහිප දෙනෙක්ද එක් වූහ.
බ්‍රහස්ප්‍රතින්දා අගමැතිවරයා අරලියගහ මැදුරට ආවේ නැගෙනහිර මහ ඇමැති ඇතුළු දෙස් විදෙස් අමුත්තන් කිහිප දෙනකු හමුවීමටය.
‘නැගෙනහිරට අපි අත්දැකීම් හා ලෝක සබඳතා බහුල හිටපු විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම ආණ්ඩුකාරකමට පත් කළා. නැගෙනහිර සංවර්ධනය කරන රජෙය් සැලැස්මේ පිටපතක් මහ ඇමැතිතුමාට වගේම ආණ්ඩුකාරයාටත් අපි දෙන්නම්. ඒ අනුව වැඩ කරන්න. සියලු ජාතීන් ලාංකිකයන් ලෙස සලකලා ක්‍රියා කරන්න. බෝගොල්ලාගම ආණ්‍ඩුකාරතුමාට නැගෙනහිරට විදේශ ආයෝජන ගෙන ඒමේ හැකියාව තියෙනවා. ඉන් ප්‍රයෝජන ගන්න.’ අගමැතිවරයා නැගෙනහිර මහ ඇමැතිවරයාට උපදෙස් දුන්නේය. ජනපතිවරයා පසුගිය කැබිනට් රැස්වීමේ දී රාජපක්ෂ යුගෙය් මහ හොරු ඇල්ලීමට ක්‍රියා නොකරන බවට පොලිසියට හා දූෂණ මර්දන කොමිසමට එල්ල කළ ප්‍රහාරය ගැනද අනතුරුව අවධානය යොමු විය.
‘ජනාධිපතිතුමා එක පාරටම ෆයර් වීම ගැන ශ්‍රීලනිප අයත් පුදුම වුණා. එතුමා කියපු සමහර ඒවා ඇත්ත. අගමැතිතුමා තත්ත්වය කූල් කරපු එක වටිනවා.’ ලක්ෂ්මන් කිරිඇල්ල කීය.
‘මේ ගැන ක්‍රියා කරන්න පොලිසියට හා අදාළ අයට වගකීම් පවරල තියෙන්නේ. අපි ඇඟිලි ගැහුවෙ නෑ. ඒත් සමහර තැන්වල පමාවක් තියෙනවා. ජනාධිපතිතුමාට අවශ්‍ය නම් ඒ පමාවෙන නඩු ඉක්මන් කරන ක්‍රියාමාර්ග වලට යා හැකියි. අපිට සහාය දෙන්න පුළුවන්. දූෂණ කොමිසම කාෙගවත් යටෙත් නැහැ. ඉක්මනින් එයාලව පොලිසිය යටතට දැමීමෙන් වැඩ ඉක්මන් වේවි. හොරු රකින්න කාටවත් අයිතියක් නෑ.’ අගමැතිවරයා පැහැදිල කළේය.
‘දූෂණ කොමිසමේ දී හොරුන්ගෙන් ප්‍රශ්න අහන ඒවා වාර්තා කරන්න එන්ෙන් මාධ්‍යව්දීන් දෙන්නයිලු. ඒත් හොරු කොමිසමෙන් එළියට ආවම තමන්ෙග් නිවැරැදිකම කියන්නයි ආණ්ඩුවට බනිනන්යි මයික් හා රෙකෝඩර් අල්ලන්න මාධ්‍යවේදීන් 22 ක් ඉන්නවා කියලා රාජිත මාර කතාවක් කිව්වා. රන්ජන් රාමනායක කීවේය.
‘මහින්දලාගේ ත්‍රිමලේ රැලියට සෙනග ටිකක් හිටියා. අල්ලපු දිස්ත්‍රික්කවලින් බස් දාලා හොඳට සෙනඟ ඇඳල තියෙනවා. මාසෙකට දෙකකට පාරක් ඔය වෙග් සල්ලි වීසි කරල රැලියක් කරන එක එයාලට අමාරු නෑ.’ දයා ගමගේ කීවේය.
‘වෛද්‍යවරුයි අන්තරෙයි පිටරට සල්ලි මලු ලැබෙන දේශපාලන පක්ෂයි සිසුවෙක් බිල්ලට ගන්නකම් තමයි මේ උද්ඝෝෂණ කරන්නේ. දෙමව්පියනුත් ඒ ගොඩටම යාමයි පුදුමය. උසාවි නියෝග දීලත් කොටුවේ අට්ටාලය පවා ඉවත් කළේ පරක්කු වෙලා. රජෙය් ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිත කරන්න ඉඩදීම භයානකයි.’ විජයදාස රාජපක්ෂ කීවේය.
‘ ජී.එම්.ඕ.ඒ. දොස්තරලා ගිය සතිෙය් වර්ජනය කරලා අනාගෙන ජනාධිපති එක්ක වැඳල සාකච්ඡා අරන් ෂේප් වුණා. ජූලි 05 වර්ජනය කරන්න හැදුවේ සයිටම් ගැන නඩු ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයේ දී විනිශ්චයකරුවන්ට බලපෑම් කරන්නයි. ඒත් ජනතාව නැගිටින බව දැනිලා මේ පාර වර්ජනය නොකර ෙෂ්ප් වුණා කියලා දොස්තර සංගමයට විරුද්ධව දොස්තරලා කීප දෙනෙක් මට කිව්වා.’ දයා ගමෙග් කීවේ එවැන්නකි.
‘කන්දේවිහාරෙ පිං පෙට්ටි පිරිල කියල ඒ හාමුදුරුවොයි අපිට ලිඛිතව දැන්වූවේ. බෞද්ධ කොමසාරිස්ගේ නිලධාරින් ගිහින් නීතියට රාජකාරි කරල මුදල් ගණනය කරල පෙට්ටි ආපසු සීල් කළා. මේ වෙග් පන්සල් 268ක පිංපෙට්ටි සීල් තැබීම හැමදාම කරගෙන එනවා. විජයදාස රාජපක්ෂ කීය.
‘ඒ කාලේ රෝමයේ වහල්ලුන්ට හාම්පුත්තු නිදහස දුන්නාම සමහර වහල්ලුන්ට නිදහස භුක්ත විඳින්න තේරෙන්නේ නැතිකමට පිස්සු කෙළින්න ගත්තා. අද මේ අපි දීපු නිදහස භුක්ති විඳින්න සමහර වෘත්තීය සමිතිවලට තේරෙන්නේ නැති ප්‍රශ්නයයි තියෙන්නේ.’ ලක්ෂ්මන් කිරිඇල්ල කළ විග්‍රහය ඉතා අපූරු බව අගමැතිවරයා ද කීවේ උස් හඬින් සිනාසෙමිනි.
‘ඔය රෝම වහල්ලුන්ගෙන් සමහරෙක් අපට නිදහස එපා වහල්කම යළිත් ඕනෑ කියලා හාම්පුතුන්ට කිව්වා. අපේ සමහරුන්ටත් මහින්ද ගෙනැත් යළිත් වහල්ලු වෙන්න ද දන්නෙ නෑ ඕන වෙලා තියෙන්නේ’ අගමැති කී විට සියලු දෙනා සිනාසුණහ.
’අතුරුදන් වූවන්ෙග් පනත මහ භයානකයි කියල මහින්ද නඩය රටට කියාගෙන යනවා. ඒ පනත බදාදා නොගෙනාවේ ඇයි’ දයා ගමෙග් ඇසුවේ අගමැතිගෙනි.
’බදාදා අල්ලස් පනතයි ඒකයි දෙකක් පාර්ලිමේන්තුවට තිබුණා. දෙකක් බැරි නිසයි එක පනතක් පස්සට දැම්මේ. අපි ගේන පනතට ඕන කෙනකුට සංශෝධන ඉදිරිපත් කළ හැකියි. උසාවි යන්නත් පුළුවන්. රට ගිනි තියනවා විනා තාම කවුරුවත් උසාවි ගිහින් නැහැ.’ අගමැති පිළිතුරු දුන්නේය.
රණවිරුවන් කියලා දේශපාලකයන්ෙග් කොන්තරත් අනුව වැරදි කරන්න බැහැ. වැරදි කරපු අයයි නියෝග දීපු අයයි කොටුවීම නිසයි මේ අය පනතට බය.’ විජයදාස රාජපක්ෂ කීය.
‘ ආ... එහෙනම් රණවිරු ඇඳුම් ඇඳගෙන වැරදි කරපු අය අත හැරලා රහසේ නියෝග දීපු අය විතරක් ඕන නම් කොටු කරන්න්ත පුළුවනි.’ අගමැති කීවේය.
‘ මේ පනත ගැන ඕන නම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ හැකියි. මිග් යානා 08 හා උමා ඔයටත් දැන් එවැනි කාරක සභා එනවනේ.’ දයා ගමගේ කීය.
‘ශ්‍රීලනිප අය 18 ක් ළඟදී ස්වාධීන වෙනවා කියලා ටී.බී. ඒකනායක කියල තිබුණා. එයාල ආපු දවසෙ ඉඳල ස්වාධීන වෙනව කියනවා මිසක් වරප්‍රසාද භුක්ති විඳීම අත්හැරලා නෑ’ විජයදාස රාජපක්ෂ කීය.
‘නුගේගොඩ ඊයේ සයිටම්වලට අමතරව එට්කා හා පෞද්ගලිකරණය ගැනත් උද්ඝෝෂණ ආවා. ජනතාවට බලපාන කරුණු හා ෙඩංගු ප්‍රශ්න කතා නොකරන නිසා මේ අය වැටේවි.’ වජිර අබේවර්ධනගේ අදහස එය විය.
‘කුණු ජාතික ප්‍රශ්නයක්. උසාවි වගකීමෙන් ක්‍රියා කළ යුතු බව මම පාර්ලිමේන්තුවේදීත් කිව්වා. පුත්තලෙම් කුණු වළවල් 03 න් දෙකකට තහනම් නියෝග දීල. පුදුමයි රටේ ප්‍රශ්න ගැන උසාවිත් ප්‍රයෝගිකව වැඩ කළ යුතුයි.’ අගමැතිවරයා කීෙව් දැඩි කනස්සල්ලෙනි.
යොවුන් පරපුරට ‘‘රන්තුරුණුගම”
ඉකුත් වසරේ දඹුල්ල ප‍්‍රදේශයේ පැවැති ‘යොවුන් පුර’ වැඩ සටහනට සමගාමීව මුල්ගල් තැබුණු ‘රන්තුරුණුගම’ යොවුන් ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය පැවැත්වුණේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙනි. එහි නිවාස 27 හිම පදිංචිවී සිටින්නේ තරුණ වියේ පවුල්වීම විශේෂත්වයක් විය. එහි ගෙවතුවල විවිධ බෝග වගාකර සශ්‍රීකව පැවැතීම සජිත්ට මහත් ආශ්වාදයක් ගෙන දුන්නේය. මේ අපූරු වැඩ පිළිවෙළ ගැන ශාන්ත සේනාරත්න දිස්ත්‍රික් කළමනාකාරවරයාගෙන් විමසූ සජිත්ට ඔහු කීවේ ”තාක්ෂණ නිලධාරියකු හැටියට පුහුණු වෙන නිශාන්ත කුලරත්න කියල තරුණ ළමයෙක් තමයි දවල් රෑ නොබලා මේ සේරම කළේ” කියාය. සජිත් ඒ මොහොතේම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දුන්නේ වහාම මේ තරුණයාට කොන්ත‍්‍රාත් පදනමින් උසස්වීමක් ලබාදෙන ලෙසය. නිශාන්ත කුලරත්න යෞවනයා තමන් අසළට ගෙන්වා ගත් සජිත් ඔහුට කීවේ ‘‘මං ඔයාට පිටරට පුහුණුවක් ලබාදෙන්නත් කටයුතු කරනවා” කියාය. ‘‘එහෙම තමයි අපි සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනෑම වෙලාවක ලෑස්තියි” සජිත් කීවේ මේ කතාබහ උනන්දුවෙන් අසා සිටි රංජිත් අලුවිහාරේ සහ රෝහිණි කවිරත්න මන්තී‍්‍ර සගයන් දෙදෙනාටය.
”නීරෝ” රණවිරු ගම්මානයට මුල්ගල්
යුද හමුදාවේ දක්ෂතම ස්නයිපර් ප‍්‍රහාරයෙකුව සිටි වසර 2009 අපේ‍්‍රල් මාසයේ කි‍්‍රයාන්විත මෙහෙයුමේ දී මිය ගිය ඩබ්ලියු. ඊ. රංජිත් පේමසිරි හෙවත් ”නීරෝ” නමින් ඔහු ජීවත් වූ ප‍්‍රදේශයේ නිවාස 34කින් යුතු උදා ගම්මානයක් තැනීම සඳහා සජිත් අතින් මුල්ගල් තැබුණේ 01 වැනිදාය. මෙම ගම්මානය ”වීරෝදාර රණවිරු නීරෝ ගම්මානය” ලෙස නම් තැබෙනු ඇත. නිවෙසක් නොමැතිව සිටි නීරෝගේ මව වන 67 හැවිරිදි රීටා ප‍්‍රනාන්දු මහත්මියට ආනමඩුව ”ගම් උදාව” භූමියේ පර්චස් 21ක බිම් කොටසක නව නිවසක් ඉදිකරදීමට තීරණය කරනු ලැබුවේ ඉකුත් මාර්තු මාසයේදීය. සජිත් මුල්ගල් තැබීමේ උත්සවයෙන් පසුව සිය නිලධාරීන්ද කැටුව ගියේ රීටා ප‍්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් නිවස ඉදිකරන ස්ථානයටය. එහිදී එම මාතාව සමඟ පිළිසඳරේ යෙදෙමින් සිටි සජිත් ඇසුවේ ”වෙන මොනවද අම්මට අපෙන් වෙන්න ඕනෑ” කියාය. ”අනේ පුතේ, මගේ මැරිච්ච පුතාගේ පිළිරුවක් හදාගන්න ඇත්නම් හොඳයි” කියා ඇය කියද්දී සජිත් කීවේ ”හරි! ගම්මානය විවෘත කරනදාට ඒ පිළිරුවත් විවෘත කරමු” කියාය.
රට ඇතුළේ බැණ ගත්තට එතෙරදි එකට
ජර්මානු පාර්ලිමේන්තුව හෙවත් ‘බුන්ඩෙස්ටැග්’ හි සභාපති ආචාර්ය නෝර්බට් ලැමරට් මහතාගේ අැරයුම පරිදි එරට දූත මෙහෙවරට එක්වූ කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකවරු ශ්‍රී ලංකාව පැත්තෙන් වැදගත් ප්‍රතිඵල රැසක් අත්පත් කර ගැනීමට සමත් වූහ. කවර දේශපාලන මත දැරුව ද රට වෙනුවෙන් එක්ව පෙනී සිටින ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ජර්මානු ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයන්ගේ ඇගයීමට ලක්වූහ.
විශේෂයෙන්ම ශ්‍රී ලාංකික තරුණයන්ෙග් වෘත්තීය පුහුණුව හා දැනුම පුළුල් කිරීමට කවදත් ජර්මානු රජය ලබාදුන් සහාය අගය කළ කරු ජයසූරිය මහතා එම වෘත්තීය පුහුණු ආයතන ග්‍රාමීය ප්‍රදේශවලට ද ව්‍යාප්ත කිරීමට ජර්මානු රජයේ සහාය ඉල්ලා සිටි අතර එයට යහපත් ප්‍රතිචාර පළ විය.
රට තුළ කාලීන වශයෙන් උද්ගතව පවතින වැදගත් තීරණාත්මක කරුණු රැසක් පිළිබඳව ඉතා විදග්ධ සාකච්ඡාවක් ගෙවී ගිය සතියේ පාර්ලිමේන්තුවේ දී දිග හැරුණේ සර්වාගමික සමුළුවෙහි නියෝජිතයන් කතානායකවරයා ප්‍රමුඛ සියලු පක්‍ෂ නායකයන් සමග පැවැති හමුවේදීය.
හෝරා ගණනාවක් පුරා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු ශාලාවේ දී පැවැති මෙම වැදගත් සාකච්ඡා සභාවට විපක්ෂ නායක ආර්. සම්පන්දන්, මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකිම්, ඊළාම් ජනත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද යන අය පක්ෂ නායකවරුන් ලෙස එක් වූ අතර, රජයේ ප්‍රධාන පක්ෂ දෙක නියෝජනය කරමින් විජයදාස රාජපක්ෂ, රවී කරුණානායක, නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල ද එක්ව සිටියහ.
සර්වාගමික සමුළුව නියෝජනය කරමින් මේ සඳහා ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමි, ආචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි ප්‍රමුඛ භික්ෂු නියෝජිත පිරිසක් ද, ඔස්වල්ඩ් ගෝමිස් අගදරගුරුතුමන් ප්‍රධාන කතෝලික නියෝජිතවරුද, ඩබ්.පී. ඉබෙනිසර් ජෝෂප් පියතුමන් ප්‍රධාන ක්‍රිස්තියානු නියෝජිතයෝද, එක් වූ අතර ඉස්ලාම් දූත පිරිසේ මූලිකත්වය ගත්තේ එස්.එච්. අතාම් බාවා මලවිතුමාය. වෛතීස්වර කේ.වී.කේ. කුරුක්කල් සිවරාසිතුමන් හින්දු නියෝජනයේ ප්‍රධානත්වය ඉසිලීය.
ඒ ඒ දේශපාලන පක්ෂවල හා ආගමික වාර්ගික කොටස්වලට ආවේණික න්‍යාය පත්‍ර මොහොතකට පසෙකින් තබා සියල්ලන්ම රටේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන් පොදු න්‍යාය පත්‍රයක් ඔස්සේ සාකච්ඡාවට එක්වීම එහි ලා විශේෂත්වයක් ගෙන දුන්නේය. සමාජයේ තියුණු අවධානයට ලක්ව ඇති කාරණා ඉතා විවෘත සහ පුළුල් ලෙස සාකච්ඡාවට ගැනුණු එය ඉහළ මට්ටමේ බුද්ධිමය සංවාදයක් බවට පත්විය.
ජාතීන් අතර, සංහිඳියාව රැකගැනීමේ වැදගත්කම සාකච්ඡාවට එක් වූ සියලුම පාර්ශ්වයන් පොදුවේ අවධාරණය කිරීම ඉතා සුභවාදී එළඹුමක් විය. ඒ ඒ ජාතීන් සතු අනන්‍යාතාවන් හා ඔවුන්ගේ ස්වාභිමානය ආරක්ෂා කිරීමේ උත්සාහයන් සහ වාර්ගික ජාතික අසමගිය වපුරවන පටු උවමනාවන් වෙන වෙනම හඳුනා ගැනීමේ වැදගත්කම මෙහිදී අවධානයට ලක්විය.