එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකත්වය ගැන මත අරගල තිබුණද අගමැතිවරයා සිය දෛනික කටයුතු හා රටේ සංවර්ධනයට අදාළ සියලු තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡාවලට මෙන්ම උත්සවවලටද නියමිත පරිදි එක්විය.
කොළඹ වරාය හරහා පෑළියගොඩට කණු මතින් ඉදිවන ඩොලර් දස ලක්ෂ 300 ක් වැයවන අධිවේගී මාර්ගය පසුගියදා ආරම්භ කිරීම එහි පළමු අවස්ථාව විය.
මහනුවර අධිවේගයේ වැදගත්ම කොටස අප ඉක්මණින් ජනතාවට දෙනවා. ඒකේ අනිත් අදියර ලබන වසරේ විවෘත කරනවා. ඊට අමතරව ඔරුගොඩවත්තේ සිට රාජගිරිය දක්වාත් කණු මත තවත් අධිවේගය දැන් ඉදිවෙනවා.
“මාලබේ සිට කණු මතින් කොළඹට දුම්රිය මාර්ගයේ වැඩත් අප පටන් ගත්තා. ගෝල්ෆේස් හා කොල්ලුපිටිය මුහුදුබඩ මාර්ගයත් ඉක්මනින් හා කරනවා.’’
“රටට 1992 දී එක්සත් ජාතික පක්ෂය ගාල්ල අධිවේගය යෝජනා කළා. 2002 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒකට ඉඩම් පවරා ගෙන පාර හදන්න පටන්ගත්තා. 2005 දී අප පැරදුණාම මුල්ගල් ගලවා විසිකර අලුත් මුල්ගල තියා රාජපක්ෂලා දහ ගුණයක් වැඩිපුර මුදල් කාබාසිනියා කරළාත් ගාල්ල අධිවේගය හදන්න වසර නවයක් ගියා. ඒත් සමහරුන්ට ඒ අතීතය මතක නැහැ”. අගමැතිවරයා එහිදී කීවේය.
එක් දිනක් තුළ පාසල් ගොඩනැගිලි 500 සිසු අයිතියට පැවැරීමද ඉකුත් සතියේ සිදුවිය. මීට පෙර අවස්ථා දෙකකදී ද එක් දිනක් තුළ පාසල් ගොඩනැගිලි 500 බැගින් සිසුන්ගේ අයිතිය පැවැරීමට අධ්‍යාපන ඇමැති අකිල ක්‍රියා කළේ අගමැතිවරයාගේ සංකල්පය හා උපදෙස් මතය.
“මේ තරම් කකුල් මාට්ටු තිබූ ආණ්ඩුවක් ලංකාවේ තිබී නැහැ. ඒත් අධ්‍යාපනයට සෞඛ්‍යයට හා නිවාස මෙන්ම යටිතල පහසුකම්වලට මුදල් වැය කළ ජාත්‍යන්තරය දිනාගත් ආණ්ඩුවකුත් ලංකාවේ මෙතෙක් තිබී නැහැ. අගමැතිවරයා උත්සවය අමතා කීවේ එවැන්නකි.
බ්‍රහස්පතින්දා අධික වැසි සහිත දිනය වුවද මන්නාරමේ සංවර්ධන ව්‍යාපෘති රැසක් විවෘතකිරීම් හා ආරම්භ කිරීම්වලට යාමටද අගමැතිවරයා සූදානම්ව සිටි අතර එහි යාමට පෙර පැමිණ සිටි මැති-ඇමතිවරුන් සමඟ සුපුරුදු පිළිසඳරේ යෙදීමට ඔහු අමතක කළේ නැත.
‘‘අද නාමල්ගේ වෙඩින් එක. අගමැතිතුමා යන්නේ නැද්ද? නවීන් දිසානායක ඇසුවේය.
නැහැ. මට ගල්කිස්සෙදි තිබෙන උත්සවයටයි කියා තිබෙන්නේ. අද රවුෆ් හකීම්ගේ දුවගේ වෙඩින් එකයි. කොහොම හරි ඒකට යන්නත් ඕනෑ අගමැතිවරයා කීය.
අගමැතියි-සජිතුයි හමුව ගැන ඇත්ත කතාව මොකද්ද? ජනමාධ්‍යයයි, සමාජ මාධ්‍යවලයි එක එක කතා යනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල ඇසුවේ අගමැතිගෙනි.
ඒක සුහදව ගියා. ඒත් කට්ටියක් අනවසරයෙන් සාකච්ඡාවට ආවා. ඒක මට ගැටලුවක් නොවෙයි. මංගල හමුවෙලයි, සජිත් ආවේ කියලත් ආරංචියි. ඒකෙත් ගැටලුවක් නැහැ. අපේක්ෂකත්වය ලැබුණොත් දිනන ක්‍රමය ගැන මා ඇහුවා. එයාලා ඒකට හරි උත්තරය දුන්නේ නැහැ. කබීර්ගෙනුත් ඇහුවහම එයත් උත්තරය දුන්නේ නැහැ. ටී.එන්.ඒ. හා අනිත් සුළු පක්ෂ ඇතුළු පුළුල් සංධානය නැතුව දිනන්න අමාරුයි කියා මා පැහැදිළි කළා. ඒවා පිළිගත්තා. දිනන උපක්‍රමය පෙන්නා ඊට අදාළ ලියවිල්ල මේ සති අන්තයේ භාර දෙන්න කියා මා ඉල්ලුවා.
“ඊට පසු අනිත් පක්ෂ එක්ක කතා කර තීන්දුව ගන්නැයි මා කිව්වා. එදා සාකච්ඡාව ඉතා වැදගත් එකක් වුණා. ඒත් රංචු පිටින් ආවාම තීන්දු ගන්න අමාරුයි, අගමැතිවරයා පැහැදිළි කළේය.
අගමැතිතුමයි, ඇමැති මලිකුයි ඇර ගත්තා කියන්නේ ඇත්තද? මලික් ඔබතුමාගේ හොඳම යාළුවනේ? කුරුණෑගල වැවිලි සංස්ථාවේ සභාපති හා හිටපු ඇමැති උපාලි පියසෝම කීවේ කාගේත් සිනහ මැදය.
‘‘මා මලික් තියා කා එක්කවත් රණ්ඩුවුණේ නැහැ. රණ්ඩු වෙලා ප්‍රශ්න විසඳීම මගේ ක්‍රමය නොවෙයි”, එසේ කී අගමැතිවරයා ඉවත බලා ගත්තේය.
සජිත් ඇමැතිතුමා ජනාධිපති වුණොත් එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂ නායකත්වය එතුමාට යනවා. පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කර අගමැතිකමයි, නායකත්වයයි ඔබතුමාට තියාගන්න කියා සජිත් පාර්ශ්වයෙන් යෝජනා කළා කියා ආරංචියි. ඒක ඔබතුමාගේ පැත්තෙන් ගත්තම වටිනා යෝජනාව නේද? චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානගේ ඇසුවේ එකම ආකාරයේ ප්‍රශ්නයකි.
“කිරිඇල්ල ඇමැතිතුමා ඒකට උත්තරේ දන්නව ඇති’’ යයි අගමැතිවරයා කීය.
ජනාධිපති වුණත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලැබෙන්නෙ නැහැ කියා පක්ෂ ව්‍යවස්ථාවට ඇතුල් කර තියෙන්නේ 1994 දී කියලයි මා දන්නේ.
“එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මැතිනියයි. චන්ද්‍රිකා ජනාධිපති වෙලා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අරන් ගේමක් දෙන්න ලෑස්ති වෙන කොටයි, අගමැතිතුමා විපක්ෂනායක විදියට ඒක වෙනස් කර එක්සත් ජාතික පක්ෂය බේරාගෙන තිබෙන්නේ’’ ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැතිවරයා එය අසා සිටියා මිස වචනයක් හෝ කීවේ නැත.
එජාප නායක ලෙස අමාරු කාලේ මා පක්ෂය රැක්කා. මා කිහිපවරක් අගමැතිවුණා. මට පක්ෂය දිනවන්න හැකියි කියන විශ්වාසය තිබෙනවා නම් මා ඉදිරියට එන්න ඕනෑ. දිනවන්න බැරිනම් වයස 70ක් වෙච්ච මා ගෙදර යන්න ඕනෑ. මහාචාර්ය ආශු මාරසිංහ හා 1977 දී අගමැති රනිල් පාර්ලිමේන්තු එවූ බියගම එජාප ආධාරකරුවන් පිරිස ඇසූ පැනයට අගමැතිවරයා මදක් සංවේදී පිළිතුර දුන්නේ එසේය.
අවංකවම විධායක ජනාධිපතිකම අහෝසි කරන කෙනෙකු රටේ මීළඟ ජනාධිපතිවීම රටට ඉතා හිතකරයි. ජවිපෙ ගෙනයන ඒ මතවාදය ජනතාවට කා වැදුණු ප්‍රබල එකයි. එජාපය ඒ ගැන දැඩි අවධානය දක්වමින් මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ඉතා වැදගත්. අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළ විය.
දිනේෂ් වීරක්කොඩි එදා අගමැති හා සජිත් අතර තීරණාත්මක සාකච්ඡාවට එකතුකර ගැනීම ගැන සියලු දෙනා එකඟයි, නවීන් දිසානායක කීවේ දිනේෂ්ගේ පිටට තට්ටු කරමිනි.
දිනේෂ්ට ආර්ථිකය ගැන ඉහළ දැක්මක් තිබෙනවා. ඒ වගේම හොඳ දේශපාලන දැක්මකුත් තිබෙන බව මා ළඟදී අවබෝධ කර ගත්තා. අනික ඔහු මධ්‍යස්ථයි. ඔහු මගේ වගේම සජිත්ගෙත් විශ්වාසවන්තයකු වනවා. ඒ පදනමෙනුයි, දිනේෂ් එදා සාකච්ඡාවට ආවේ අගමැතිවරයා කීය.
‘‘හොඳම පොලිටිකල් කැම්පේනර් සජිත්. එයා ගෝඨාට නොවෙයි දැන් මහින්ද රාජපක්ෂටත් උඩින් ඉන්නේ. එජාප මත ගැටුම් පටන් ගන්න කළින් හිටපු තැනට අගමැතිතුමා හා සජිත් ඉක්මනින් ආවේ නැත්නම් අපට අමාරුයි,’’ දිනේෂ් වීරක්කොඩිගේ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළ විය.
ජාතික රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යංශයට පවරාගැනීම ගැන මිනිස්සු පුදුම වෙනවා. උපාලි පියසෝම කීවේ අගමැතිටය.
ඒ පවරාගැනීම ඔක්තෝබර් 26 කළ පහත් ක්‍රියාව වගේම එකක්. හෙළා දැක මදියි. ඒ පියවර ආපස්සට ගන්න කියා බලකරන්න ඕනෑ.
‘‘ඇමැති රුවන් විජයවර්ධන මේ හේතුවෙන් ඉල්ලා අස්වුණා නම් ප්‍රශ්නය ජාත්‍යන්තරයට යනවා. ඒත් නිතිමය ප්‍රශ්නත් එතන තිබෙනවා කියා නීති විශාරදයන් කියනවා.’’ මහාචාර්ය ආශු මාරසිංහ කීවේය.
‘‘දැන් ඇල්පිටිය ඡන්දයට අප ලෑස්තිද,’’ උපාලි පියසෝම ඇසුවේ අගමැතිගෙනි.
‘‘ඔව් වැඩ පිළිවෙළ සූදානම්. ගයන්තගේ මූළිකත්වයෙන් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ඒක කරන්න ඕනෑ අගමැති කීය.
කබීර් ඇමැතිතුමයි ඔබතුමයි පෙට්ෙට්රා්ලියම් එකට කඹ අඳින කතාව මොකක්ද? උපාලි පියසෝම ඇසුවේ කිරිඇල්ලගෙනි.
කඹ ඇදිල්ලක් නැහැ. කබීර්ට පෙට්‍රෝලියම් දුන්නේ කෙටි කලකින් ගලවනවා කියලයි. අගමැතිතුමා ළඟදී ඒක මට දෙන්න කියා ජනාධිපතිට ලියුම යැව්වා. ඒත් පස් දෙනෙකු ගිහින් ඒක මට දෙන්න එපා යයි ජනාධිපතිට කියලා. තමා එහෙම කළ බව කබීර් පිළිගත්තා. ප්‍රශ්නය විසඳන්න ජනාධිපතිතුමා මටයි, කබීර්ටයි එන්න කීවාම කබීර් මග ඇරියා කියලයි මට හිතෙන්නේ.
“ජනාධිපතිවරණයේදියි මහ ඡන්දයේදියි දිස්ත්‍රික්කය ඉහළින් දිනවපු කෙනා මමයි. ඒත් දිස්ත්‍රික්කය දිනාගන්න බැරි අයට ලොකු තනතුරු කප්පර දීලා. මේවා අගමැතිතුමා අතිනුත් වෙච්ච අතපසුවීම්. මා කබීර්ට මේ ගැන මූණටම ඇත්ත තත්ත්වය ප්‍රසිද්ධියේ කිව්වා. මේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා බේරන එක අගමැතිතුමා වගේම සජිත්ගෙත් නායකත්ව වගකීමයි. ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ මඳක් ආවේගයෙනි.
පසුගිය දිනක පස්වරුවේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ‘ගම් උදාව’ සතිපතා ප්‍රගති සමාලෝචන රැස්වීම මෙහෙයවමින් සිටි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට පාර්ලිමේන්තුවේ සිට හදිසි දුරකතන ඇමතුමක් ලැබුණේය. ඉන් කියැවුණේ මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිබඳව සභාව කල්තැබීමේ විවාදයක් පසුදා සවස 5.30ට යොදා ඇති බවයි.
එවැනි විවාදයක් යොදනු ලබන්නේ නම් සාමාන්‍යයෙන් විෂය භාර නිලධාරින් කැඳවා සූදානම් වීමට හැකි වන ලෙස කලින් දිනයේ දහවල් 12.00 වන විට ඒ බව අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දීම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. සජිත් ඒ මොහොතේම පාර්ලිමේන්තුවෙන් විමසා සිටියේ ‘ඇයි මෙහෙම කළේ.’ කියාය. පිළිතුර වූයේ ‘අපට ඉතිං කරන්න දෙයක් නෑ. සභානායක කාර්යාලයෙන් විවාදය ලබා දෙන්න එකඟ වුණා.’ කියාය. සජිත්ට එකෙනෙහිම සිහිපත් වුණේ පසුවදාට යොදා තිබුණු දහම් පාසල් ගොඩනැගිලි 10ක් සසුනට පූජා කිරීමේ වැඩසටහනයි. පුවත සැලවූ මොහොතේ සජිත් සමග සිටි එජාප මන්ත්‍රීවරුන් 5 - 6 දෙනා අතරින් තුෂාර අමරසේන කීවේ. ‘මේක හරිම කුහක උප්පරවැට්ටි දේශපාලනයක් නේද’ කියාය. කලබල වෙන්න එපා.
මගේ තාත්තත් අන්තිමට කීවේ ‘සත්‍යය කවදා හෝ ජය ගනී’ කියලනේ. සජිත් පිළිතුරු දුන්නේ ඉතා සන්සුන්වය. පසුවදා සභාව කල් තැබීමේ විවාදයට ප්‍රතිපක්ෂයෙන් පැමිණ සිටියේ මන්ත්‍රීවරුන් තුන් හතර දෙනෙකු පමණය. ‘කුහකකමින් දාපු මේ විවාදය අන්තිමේ දී අපට දේවාශිර්වාදයක් වුණා.’ සජිත් සිය මැති ඇමැති සගයන්ට කීවේය. සජිත් ඊට පසු දෙදින පිළිවෙළින් කුරුණෑගල, උඩුබද්දාව ශ්‍රී පුෂ්පාරම විහාරස්ථානයේ සහ පුත්තලම, වනාතවිල්ලුව සිරි ගුණරතනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිලි සිසු අයිතියට පත්කිරීමේ උත්සවවලට සහභාගි විය. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු හටගත් ත්‍රස්තවාදී ක්‍රියාවලින් අලාභහානියට පත් පුත්තලම දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලිවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලබා දුන් රුපියල් 865,000 ක චෙක්පත් මුස්ලිම් පල්ලි 7 ක් වෙත භාර දීම පුත්තලම ජුම්මා පල්ලියේ දී සජිත් අතින් සිදුවිය. ඊට තැපැල් සහ මුස්ලිම් කටයුතු භාර ඇමැති එම්.එච්.ඒ. හලීම්, දිලීප් වෙදආරච්චි, මන්ත්‍රීවරුන් වන පාලිත රංගෙබණ්ඩාර, හෙක්ටර් අප්පුහාමි, හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. කුරුණෑගල ‘සජිත් එනවා.’ මහ රැළිය දාම පෙරවරුවේ උඩුබද්දාවේ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සහ පඬුවස්නුවර සිරි පියරතන බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිලි සජිත් අතින් විවෘත කෙරිණි. මෑත ඉතිහාසයේ කුරුණෑගලට වැඩිම ජන ගඟක් ගැලූ ජන රැළිය සංවිධානය කළේ අශෝක් අබේසිංහ, නලින්, තුෂාර ඉඳුනිල්, ඉන්දික බණ්ඩාරනායක සහ ජේ.සී. අලවතුවල යන හිතවත් පාර්ලිමේන්තු සගයන්ගේ ශක්තියෙනි. සජිත් ඔවුන් සියලු දෙනාට මුව පුරා ස්තූති කළේය. කොතරම් විශාල ජන ගඟක් ගලා තිබුණේ ද යත් සජිත්ගේ ජීප් රථය සැලසුම් කළ ස්ථානයට පැමිණ නතර කිරීමට පැය භාගයක් ගත විය. අශෝක් අබේසිංහ කීවේ ‘හැමෝම එකතුවෙලා ලොකු ශක්තියක් ගොඩනැගුවා. දිස්ත්‍රික්කයේ ඇල්මැරුණු එජාප කණ්ඩායම පණ ගහලා ආවා. මධ්‍යස්ථ මතධාරින් වගේම වෙනත් දේශපාලන මත ඇති අයත් රැළියට ආවා.’ කියාය. සජිත් කීවේ ‘ඔය පස් දෙනා ජනාධිපතිවරණයේ දී මීටත් වඩා සාර්ථක ජනරැළියක් කරනවා මට විශ්වාසයි.’ කියාය. සජිත් යාපනයේ දී මංගල සමරවීර ඇමැතිවරයාට ශක්තියක් දෙමින් ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව උදාගම්මාන 5ක් ජනතා අයිතියට පත් කළේය.
සජිත් ගමේ තරුණයන් සමග ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩා කිරීමට ද අමතක කළේ නැත. අනතුරුව සජිත් ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ වැඩසටහනට සහභාගි වීම සඳහා යාපනයට ගිය විට මංගල ඇසුවේ ‘දවාලක් රැයක් නැතුව දුවනවා නේද’ කියාය. ‘ප්‍රේමදාස ජානනේ. මහන්සියක් දැනෙන්නේ නෑ.’ සජිත් කියද්දී මංගලට ද සිනා ගියේය. ‘ඔව්. අපට ආරංචියි. උදාගම් විවෘත කරලා තරුණයන් එක්ක ක්‍රිකට්, ෆුට්බෝල් එහෙමත් ගහනවා කියලා.’ මංගල කියද්දී සජිත්ට ද සිනා ගියේය. යාපනයේ දී දිවා භෝජනයට සජිත් සමග එකතු වුණේ දමිළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, සිද්ධාර්ථන්, සරවනබවන් ය. එරාන් වික්‍රමරත්න රාජ්‍ය ඇමැතිවරයා ද එම අවස්ථාවට එක්විය.
උණුසුම් දේශපාලන කරළියේ කථා බහට ලක් වන ප්‍රධාන නම් කිහිපය අතර සිටිය ද ගෙවුණු සතියේ ඒ සියල්ලටම වඩා කථානායකවරයාගේ අවධානය යොමුවූයේ හොරොව්පතානේ ශ්‍රී ස්වර්ණතිලකාරාම පිරිවෙන් විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය පිළිබඳවය.
මෙම සිද්ධියෙන් අතිශයින් කම්පනයට පත්වූ කථානායකවරයා පොලිස්පති ඇතුළු නිලධාරීන් අමතා පැවසූවේ.“මෙය හුදෙක් සාමනේර හිමිවරුන්ට කළ පහරදීමක් පමණක් නොව වසර දස දහස් ගණනාවක් පුරා මාතෘ භුමියේ ආගමික ශික්ෂණය පමණක් නොව සමස්ත සංස්කෘතිය සභ්‍යත්වය, ජාතික චින්තනය ගොඩනැගු පදනමටම කළ පහරදීමක් බවයි” සිද්ධියට අදාළව ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ඔවුන්ට දැනුම්දුන් හෙතෙම මේ පිළිබඳව ගනු ලබන පියවර ගැන තමා පුද්ගලිකවම නිරතුරු අවධානයෙන් සිටින බවද අදාළ පොලිස් නිලධාරීන් වෙත දැන්වීය.
ගෙවීගිය සතියේ කථානායකවරයා පිළිබඳව වඩාත් කතා බහට ලක්වූයේ සිවිල් සංවිධාන 40 කට ආසන්න ප්‍රමාණයක ප්‍රධානීන් කථානායක නිල නිවසට පැමිණ ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස කළ ඉල්ලීමත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය සිසිර පින්නවල මහතා ඇතුළු මහාචාර්යවරුන් පිරිසක් සිය සමීක්ෂණයක තතු පහදමින් කථානායකවරයා මධ්‍යස්ථ ජනතාව හා සුළු පක්ෂවල සහය වැඩියෙන්ම දිනාගත හැකි අපේක්ෂකයා ලෙස ජනපතිවරණය ජයග්‍රහණය කිරීමේ වැඩිම සම්භාවිතාවක් පවතින බව අනාවරණය කිරීමත් සමඟය.
දූෂිත දේශපාලන අරමුණු රහිතව රටට අත්‍යවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුකර මාතෘ භූමිය ශිෂ්ඨසම්පන්න මාවතකට ගෙන ආ හැකි විශ්වසනීය පුද්ගලයා කරු ජයසූරිය මහතා බව සිවිල් සංවිධාන නියෝජිතයෝ වැඩිදුරටත් පැවසූහ.