සයිටම් කතා පරිස්සමින්: ජනපතිගෙන් ඇමැතිවරුන්ට අවවාද


 

ආණ්ඩුව


රටේ ආර්ථිකය නැංවීම, සංවර්ධනය වේගවත් කිරීම, තරුණ පරපුරට රැකියා ලබාදීම හා ජනතාවට සහන සැලසීම මූලික ඉලක්කය කරගත් අගමැතිවරයා ශ්‍රී ලංකාවේදී මෙන්ම ලෝක සංචාර වලදීද ඒ සඳහා කරන කැපකිරීම ඉමහත්ය. අගමැතිවරයාගේ දෛනික කටයුතු වලින් උපරිම කාලය වැය කරන්නේද ඒ සඳහාය.


එහෙත් බ්‍රහස්පතින්දා ඔහු උදයේම අරලියගහ මැදුරට පැමිණියේ තමා හමුවීමට වෙලාව ඉල්ලා සිටි සිය දහස් ගණනක පුද්ගලයන් හා සංවිධාන අතරින් අත්‍යවශ්‍යම පිරිසක් හමුවීමටය. ඊට පෙර තමා හමුවීමට පැමිණි මැති ඇමැතිවරුන් සමඟද අගමැතිවරයා පිළිසඳරක යෙදී සිටියේය. එහිදී පළමු අවධානය යොමුවූයේ බැඳුම්කර සිදුවීමට අදාළ ජනපති කොමිසම ගැනය.


“ජනාධිපති කොමිසමෙන් හොඳ හොඳ සෙල්ලම් එළියට එනවා. මහින්දගෙ කාලෙ 2005 ඉඳලා අමුතුම ක්‍රමවලටයි බැඳුම්කර නිකුත් කරල තියෙන්නේ.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කතාවට මුල පිරුවේය.


“හැම අවුරුද්දේම මුලින් කළ යුතු දේ එයාලා අවුරුද්ද අන්තිමටයි කරල තියෙන්නේ. වසරක් ඇරඹෙන කොට මේ වසරේ මෙච්චර බැඳුම්කර නිකුත් කරනව කියල කියන්න ඕනෑ. ඒත් ඒ කාලෙ ඉඳලම වසර අගයි ගැසට් නිකුත් කරල තියෙන්නේ. ඒ ක්‍රමවේදය වැරැදි බව ආර්ථික විශේෂඥ  මතයයි.” දයා ගමගේ පැහැදිලි කළේය.


“බැඳුම්කර ගැන මේ ආණ්ඩුවට වැරැදි පටවන්න මහින්දයි එයාගෙ නඩයයි නොකළ දෙයක් නෑ. දැන් තමයි බැඳුම්කර වලින් එයාලගෙ කාලෙ කරපු මගඩි හා අනුගමනය කරපු වැරැදි ක්‍රම එළියට එන්නේ.” රවි කරුණානායක කීවේය.


 “මහින්දල බැඳුම්කර වලින් වැරැදි කරල නැතිනම් උසාවි යන්න කියල රවි කරපු අභියෝගයෙන් එයාල හිරවෙලා ඇත්තේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“අපේ කාලේ බැඳුම්කරවල වගකීම අපි බාරගන්නවා. එයාලගෙ කාලේ ඒවට මහින්ද සම්බන්ධ නැති නම් දැන් උසාවි ගිහින් ඔප්පු කළ හැකියි. එයා අත්සන් කළාද නැත්නම් ගෝලයෝ හොරට අත්සන ගැහුවද කියලත් උසාවියේදි ඔප්පු වේවි. මේ සෙල්ලම් කෝප් එකට ආවේ නැත්තේ ඇයි? මහින්ද උසාවි ගියොත් තවත් හොඳ දේවල් එළිවේවි. ඒ නිසයි මම අභියෝග කළේ පන්සල් ගානෙයි, ටීවී කැමරා ළඟයි කතා නොකර උසාවි යන්න කියලා අපි කියන්නේ ඒකයි.” රවි කරුණානායක සඳහන් කළේය.


“බැඳුම්කර නිකුත් කිරීම් වලදී ඒ කාලේ අදහාගත නොහැකි සෙල්ලම් සිදුවූ නිසා මෙයාල උසාවි යන්නේ නැද්ද දන්නේ නෑ. දැන් ජනතාවත් කියන්නේ මෙයාලගෙ හිත්වලත් කොස්සක් තියෙන නිසා උසාවි යන්නේ නැද්ද කියලයි.” දයා ගමගේ කීවේ එවැන්නකි.
“නව අග විනිසුරු හැටියට මහින්ද යුගයේ වගේ උඩින් ගෙනත් දාපුවම ඕනෑම දෙයක් කරන්න ලෑස්ති දේශපාලන හෙංචයියෙක් පත් නොකර වඩාත්ම සුදුසු හා ජ්‍යෙෂ්ඨ කෙනා පත්කිරීම ගැන ජනතාව හොඳ කියනවා.” වජිර අබේවර්ධන සඳහන් කළේය.


“නව ව්‍යවස්ථාව ගැන විෂය රටට ගල් පැලෙන බොරු කියලා ඒකෙන් රට කඩනවා. බුදු දහමේ තැන නැති කරනව කියන පටු කතාවලට අගමැතිතුමා කොලොන්නාවේදී කරපු කතාවෙන් හොඳ උත්තරයක් ලැබුණා.” පී. හැරිසන් කතාව වෙනතකට යොමු කළේය.


 “නව ව්‍යවස්ථාවෙන් කිසිම පළාත් සභාවකට බෙදුම්වාදය ගැන කතා කිරීමට පවා තහනම් කරනවා. ඕන නම් අර දිවුලපිටිය සම්බන්ධිකරණ රැස්වීමේදී වගේ කුණු හරුප වුණත් පළාත් සභාවේ කතා කළ හැකියි. ඒත් රට බෙදීම ගැන කතා කරන්න බෑ.” අගමැතිවරයා කීවේ රන්ජන් රාමනායක දෙස බලමිනි.


“නව ව්‍යවස්ථාව කොයි කාලෙ වගේ ඒවිද? ඒක ඇත්තටම එනවද කියලත් මිනිස්සු අහනවා.” වජිර අබේවර්ධන ප්‍රශ්න කළේ අගමැතිගෙනි.


 “ඒක ගේන්නයි අපි හදන්නේ. රටට හානි වෙන කිසි දෙයක් ඒකෙ නෑ. අනු කමිටුවල කාර්ය දැන් ඉවරයි. අනුකමිටු වලදි පක්ෂ හා සංවිධාන විවිධ ස්ථාවර කියල තියෙනවා. ඒ පරස්පරතා සමබර කරල නිශ්චිත තැනකට එන්න ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ලබන සතියේ ඉඳල රැස්වෙනවා. අගමැති කීවේය.


 “ජනමත විමසුමකට එහා යන දේවල් නව ව්‍යවස්ථාවේ ඇතුළත් කරන්නෙ නෑ කියල ශ්‍රිලනිපයේ සමහරු කියාගෙන යනවා.

ජනපතිවරණයෙන් පස්සේ ජනාධිපතිට හේත්තු වෙච්ච අය විකාර කියාගෙන යනව කියනවා කියල රාජිත ඒකට හොඳ උත්තරයකුත් දුන්නා.” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“ජනාධිපතිධුරය නැති කරනවද, ජනමත විමසුමකට යනවද, සෙනෙට් එකක් පිහිටුවනවද, ඡන්ද ක්‍රමයේ වෙනස් වීම ආදිය ගැන තාම කියන්න කල්මදියි. ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවෙන් දෙන්නේ වාර්තාවක් මිසක් අවසන් පනත නෙමෙයි. එතෙක් එක එක්කෙනා එක එක දේවල් කියාවි. ඒවාට වලංගු බවක් නෑ. අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට දාලා විවාද කරල තීන්දුව ගන්න පුළුවන්.” අගමැතිවරයා පැහැදිලි කළේය.


“රටේ ආර්ථිකය අස්ථාවර කරන්න මහින්දල දැන් එයාල ගෙනාපු ටෙම්පල්ටන් අරමුදල් දිගටම පිටරටට අදිනවා. ඩොලරය රු. 170 ට විතර නග්ගල ආණ්ඩුව අසීරුතාවට ගේන්නයි බැලුවේ. ඒත් ඩොලරය 150 රඳවා ගන්න අපි සමත් වුණා.” රවි කරුණානායක කීය.
 “මේ රටේ විදේශ සංචිත හැමදාම රඳා පැවතුනේ අනුන්ගේ සල්ලි වලිනුයි. දැන් අපට ඩොලර් මිලට ගන්න වෙනවා. අපේ ආර්ථික තත්ත්වය දැන් කෘත්‍රිම නැහැ. ඒ නිසා ආර්ථිකය ගැන පැහැදිලි තීන්දු දැන් ගන්න පුළුවන්.” අගමැතිවරයා කීය.


“ඔව් ඉස්සර දිගු කාලීන ණය හා ටෙම්පල්ටන් වගේ සල්ලි වලිනුයි මහින්දලගේ කාලේ සංචිත දිව්වේ. දැන් අපේම සල්ලි හා ඍජු විf්දශ ආයෝජන හරහා රටේ සංචිත ශක්තිමත් කළ හැකි වේවි.” රවි කරුණානායක කීය.


“මේ පාර ජිනීවා වලිනුත් අපට ප්‍රශ්න නෑ. කොන්දේසි හෝ ඉල්ලීම් නෑ. මේ රජය යන පාර හරි බව ලෝකයම පිළිගන්නවා. ඒක දැන් ආර්ථික ජයග්‍රහණයටත් විශාල ශක්තියක් වේවි.” පී. හැරිසන් කීවේය.


“විශ්වවිද්‍යාල වල වධකාගාර පවත්වල තම පටු දේශපාලනයට සිසුන් යට කර ගැනීමේ වධකාගාර 05 ක් නුවර තියෙනවා. රට පුරා තව තියෙනවා. ඒ සෙල්ලම් වලට ඉඩ නොතැබීම පොලිසියේ වගකීමයි.” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැති ඇතුළු සියල්ල එය අනුමත කළහ.


“මෛත්‍රී පිල එක්ක එකතු වෙලා වැඩ කරන්න සූදානම්ද කියල ජනමාධ්‍යවේදියෙක් මහින්දගෙන් ඇහුවාම මාර උත්තරයක් දුන්නා. “කවදාවත් නෑ. ඒක විහිළුවක් කියලයි මහින්ද කිව්වේ. ශ්‍රිලනිප කල්ලි දෙකේම අය මුහුණ ඇඹුල් කරගෙන දැන් ඉන්නේ.” පී. හැරිසන් සඳහන් කළේය.

 

කතානායක පිරිසිදු දෑත් ගැන කතා කරයි

පිරිසිදු දෑතින් දේශපාලනයට පැමිණ ඒ පිරිසිදු දෑතින්ම සමුගන්නට පුළුවන් නම්  පමණක් ඔබ දේශපාලනයට පිවිසෙන්න. ඒ වාගේම රටත්, ජනතාවත් වෙනුවෙන් සේවය කරන්න. හද පතුලෙන්ම උපන් අවංක අදහස් තිබිය යුතුයි. රටෙන් ඔබට ලබාගන්න දේට වඩා ඔබෙන් රටට ලැබිය යුතු දේ ගැන සිතන්න.”


දේශපාලනයට පිවිසෙන්නේ නම් මෙම පිළිවෙත් පුරන්නට යැයි කතානායකවරයා දිගු දෙසුමක් කළේ පසුගිය සතියේ ඔහුගේ ඇරයුමින් පාර්ලිමේන්තුව වෙත පැමිණි යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 දෙනා අමතමිනි. යොවුන් පාර්ලිමේන්තු නියෝජිතයන් පාර්ලිමේන්තුව වෙත කැඳවා දිනක වැඩමුළුවක් පවත්වා භෝජන සංග්‍රහයක්ද පිරිනැමීමෙන් අනතුරුව පාර්ලිමේන්තු පරිශ්‍රය නැරඹීමේ අවස්ථාව සලසන ලද්දේ කතානායකවරයාගේ අදහසක් පරිදිය. යොවුන් පාර්ලිමේන්තු සංකල්පය ආරම්භ කළ පසු පළමු වරට තමන්ට එවන් අවස්ථාවක් සැලැස්වීම ගැන තරුණ තරුණියෝ කතානායකවරයාට බෙහෙවින් ස්තූති කළහ.


කොළඹ ආනන්දයෙන් බිහිවී දෙස් විදෙස් හි සේවය කරන ඉංජිනේරු වෘත්තිකයෝ විශාල පිරිසක් සිය වාර්ෂික සමුළුව සඳහා ගෙවුණු සතියේ කොළඹට රැස්වූහ. දශක ගණනාවක් පුරාම ඉංජිනේරු පීඨයට සිසුන් ඇතුළත් වීමේදී පෙරමුණ ගැනීමට ආනන්දයට පදනමක් සකසා දුන් ගණිතය විෂයෙහි කෙළ පැමිණි කුලරත්න විදුහල්පතිතුමා මෙන්ම මෙත්තානන්ද, කරුණාන්ද ගුරු පියවරුන්ගේ ශ්‍රේෂ්ඨ මතකය වසර දහස් ගණනාවක් ආනන්ද නාමය සමග ලියවෙනු ඇති බව සිහිපත් කළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ එම ගුරවරුනගේ ඇසුර ලද විශිෂ්ට ආදී ආනන්දියකු වූ කතානායක කරු ජයසූරිය මහතාය.

 

විදෙස් ලේකම්ගෙන් කොළ එළියක්

තරංජිත් සිං සන්ධු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයාගෙන් ලැබුණු ඇරයුමක් මත ඉන්දීය විදේශ ලේකම් සුබ්‍රමනියම් ජයශංකර් හමුවී සාකච්ඡා කිරීමේ අවස්ථාවක් ඉකුත් සතියේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට හිමිවිය. මෙරට සම්පත් පමණක් උපයෝගී කරගනිමින් තිස්සමහාරාමයේ ඉදිකරන “ශ්‍රී නරේන්ද්‍ර මෝඩි ගම්මානය” ගැන ද සජිත් එහිදී සිහිපත් කළේය. “අපේ රටේ පවුල් ලක්ෂ 25ක් විතර කුමන හෝ ආකාරයේ නිවාස ප්‍රශ්නවලින් පීඩා විඳිනවා. ඒ අය වෙනුවෙන් අප ක්‍රියාත්මක කරන ඉදිරි වැඩසටහන්වලදී දැනට වඩා වැඩි දායකත්වයක් ඉන්දීය රජයෙන් ලබා දිය හැකි නම් අගය කරනවා.” යි සජිත් කියද්දී ඉන්දීය විදෙස් ලේකම්වරයා කීවේ. “ඊට අනුග්‍රහය, ශක්තිය ලබාදෙන්න අපි කැමැතියි.” කියාය.

 

 

සිරිජයගමට ආ කොංග්‍රස් සභිකයෝ

ජනතා අයිතියට පත්කළ 20වැනි උදා ගම්මානය වූයේ තිස්සමහාරාම, තිස්සපුර “සිරිජයගම” යි. ඊට විශේෂ අමුත්තන් කීප දෙනෙකුම එක්ව සිටීම හේතුවෙන් උත්සවශ්‍රීය වඩාත් ඉස්මතු වී තිබිණ. සජිත්ගේ උදා ගම්මාන වැඩපිළිවෙළ නිරීක්ෂණය කිරීමට පීටර් රොස්කම්, ඬේවිඞ් ප්‍රයිස් සහ ඒඩි්‍රයන් ස්මිත් යන ඇමෙරිකානු එක්සත් ජනපද කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් පැමිණ සිටියේ තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සමගිනි. සජිත් ද සිය බස් රථයේ නංවාගෙන “ගජසමරගම” ආදර්ශ ගම්මානය නිරීක්ෂණය කිරීමටද ගිය කොංග්‍රස් මණ්ඩල සාමාජිකයන් විමසුවේ ප්‍රජා සහභාගිත්ව නිවාස සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳවය. වංචාව, නාස්තිය, සොරකම මුළුමනින්ම තුරන් කළ මේ නිවාස වැඩපිළිවෙළ පිළිබඳව ඔවුන් තුළ ප්‍රසාදයක් හටගත් බව පෙනිණි. “රටේ පළාත් 9 ට අයත් දිස්ත්‍රික් 25 ම ආවරණය වන විදියටත් ඔබේ හම්බන්තොට සහ ශ්‍රී ලංකා සංචාරය සදා මතකයේ රැඳෙන පරිදිත් ලොකු උදව්වක් අප වෙනුවෙන් කරන්න.” යයි සජිත් කියද්දී ඇමෙරිකානු බලවතුන් කීවේ “ඔබේ වැඩකටයුතු දිගටම මේ විදියට කරගෙන යන්න. අපි ඔබට සුබ  පතනවා. නැවත ඇමෙරිකාවට ගිය පසුව අවශ්‍ය උපකාර සියල්ල ලබාදීමට කටයුතු කරන්නම්.” කියාය. ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සමග කොංග්‍රස් සාමාජිකයන් වෙනුවෙන් සංවිධානය කළ යාල වනෝද්‍යාන සංචාරයකටද සජිත් එක්විය. පටනංගල මුහුදු වෙරළ ප්‍රදේශය වෙත ගිය පිරිස 2004 දෙසැම්බරයේදී එම ස්ථානයේදී සුනාමියෙන් ජීවිතක්ෂයට පත් ඇමෙරිකානුවන් ඇතුළු පිරිස පිළිබඳ සිහිපත් කළේ ඉතා හැඟුම්බරවය.

 

 

උදිත් නාරායන්ගේ ප්‍රසංගයට හමුදාවට නොමිලේ ටිකට්

සුප්‍රකට බොලිවුඞ් ගායන ශිල්පී උදිත් නාරයන්ගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයක් මේ මස 11 වැනි දින කොළඹ ගාලු මුවදොර (ගෝල් ෆේස්) පිටියේදී පැවැත්වීමට නියමිත අතර එම ප්‍රසංගය සංවිධානය කරන සංවිධායක මඩුල්ල පසුගිය දිනෙක ආරක්ෂක අමාත්‍යංශයේදී ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා මුණගැසුණේ එහි සංවිධාන කටයුතුවලට අදාළ කරුණු කාරණා රැසක් ගැන සාකච්ඡා කරන්නටය. එහිදී රුවන් ඔවුන්ගෙන් විමසා සිටියේ මේ ප්‍රසංගය සජීවීව නැරැඹීම සඳහා ආබාධිත රණවිරුවන්ට අවස්ථාව ලබාදිය හැකි ද කියාය. ඔවුන් ඊට කැමැත්ත පළ කළ අතර ඒ අනුව රුපියල් 15000ක් වටිනා ප්‍රවේශපත්‍ර ආබාධිත සෙබළුන් 200 දෙනකුට නොමිලේ ලබාදීමටත් යුද හමුදා සෙබළුන් දස දහසකට නොමිලේ ප්‍රවේශපත් ලබාදීමටත් එහිදී එකඟතාව පළ විය.

ඊට තුති පුදමින් ඇමැති රුවන් කීවේ අපි රණවිරුවන්ගේ සුබසාධන කටයුතු පිළිබඳව හොයලා බලලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා වගේම රණවිරුවන්ගේ රසවින්දනය සඳහාත් කළ හැකි හැම දෙයක්ම කරනවා කියාය. ඒ අනුව එම ප්‍රසංගය නැරැඹීම සඳහා රුපියල් ලක්ෂ හැටකට අධික වටිනාකමින් යුත් ප්‍රවේශපත්‍ර රණවිරුවන්ට නොමිලේ ප්‍රදානය කිරීම රුවන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දිනෙක සිදු කෙරිණි.


මේ අතර ගිය සිකුරාදා රුවන් කොස්ගම සාලාව ප්‍රදේශයට ගියේ සාලාව අවි ගබඩාව පිපිරුමෙන් අවතැන් වූ ජනතාවගේ සැප සනීප සොයා බැලීම සඳහාය.


රාජ්‍ය ඇමැති රුවන්ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන සත්ජන ලංකා පදනම මගින් සංවිධානය කරන ‘නුවණින් හෙට ලොව දිනන්නට විජය උදාන අධ්‍යාපන සම්මන්ත්‍රණ වැඩසටහනේ’ තවත් අදියර දෙකක් පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේදී හා ගම්පහ බණ්ඩාරනායක විදුහලේදී පැවැත්වුණු අතර විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත් වූ මේ සම්මන්ත්‍රණ දෙකටම ප්‍රධාන දේශකයා ලෙස සහභාගි වූයේ උසස් පෙළ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රය සකස් කළ ප්‍රධාන ආචාර්යවරයා වූ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එස්.ආර්.ඩී. රෝසා මහතාය. මේ සම්මන්ත්‍රණවලට දිවයිනේ නන්දෙසින් උසස් පෙළ හදාරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතිවිශාල පිරිසක් සහභාගි වී සිටි අතර දේශනවලින් පසු එම දරු දැරියන් මෙන්ම ඔවුන්ගේ මවුපියන්ද රුවන්ට තුති පුදමින් ප්‍රකාශ කළේ මෙවැනි දේශන උසස් පෙළ හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් පැවැත්වීම ඉතාම හොඳ ක්‍රියාවක් බවය.

 

සීගිරියේ වැසිකිළි කෝ?

පාසල් ක්‍රීඩා ක්‍ෂේත්‍රය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය වෙත පසුගිය කාලයේදී දිගින් දිගටම පැමිණිලි රැසක් ලැබී තිබුණු අතර ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරින් ගෙන්වා උපදෙස් දෙමින් කියා සිටියේ මේ පිළිබඳ සොයා බලා විස්තර ඇතුළත් වාර්තාවක් කඩිනමින් තමන් අතට පත් කරන ලෙසය. විශේෂයෙන්ම පාසල් දරු දැරියන්ගේ මුදල් භාවිත කර ඇතැම් පාසල් ක්‍රීඩා නිලධාරින් පවුල් පිටින් විදේශ සංචාරවලට සහභාගිවී ඇති බවට වන පැමිණිලි විශාල ප්‍රමාණයක් අධ්‍යාපන අමාත්‍යංශයට ලැබී තිබිණි.


පසුගිය දින කීපයේදී සීගිරිය භූමියේ වැසිකිළි ඉදි නොකිරීමේ ගැටලුව මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර ඇමැති අකිල ඊට සම්බන්ධ නිලධාරින් ගෙන්වා ඔවුන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. අපි ආණ්ඩුවක් විදියට හැමදේම ප්ලෑන් කරලා කරද්දි ඔයගොල්ලන්ට ටොයිලට් එකක්වත් හරියට හදාගන්න බෑ. මේවා නිසා අපේ ආණ්ඩුවයි අපහසුතාවට පත්වෙන්නෙ. ඒ නිසා වහාම මේ ප්‍රශ්නය විසඳන්න. ඇමැති අකිල උපදෙස් දුන්නේය.

 

දේශද්‍රෝහීන් කළ ගැසට්ටුව ඉවතට

උඩරට කැරැල්ලේදී ඉංග්‍රීසි පාලකයන් විසින් රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කර තිබූ හෙළ විරුවන් කීප දෙනකු දේශප්‍රේමීන් ලෙස නම් කිරීමට අදාළ ගැසට් පත්‍රයට අස්සන් තැබීමේ උත්සවය පසුගිය බදාදා මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදි ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මේ උත්සවය සංවිධානය කිරීමේ වගකීම පැවැරී තිබුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හා ජනමාධ්‍ය අමාත්‍යංශය වෙතටය. ඒ අනුව ජනමාධ්‍ය ඇමැති ගයන්තත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් රංගත් කල්තියාම මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක උත්සවය සංවිධානය කළ යුතු අන්දම ගැන උපදෙස් ගැනීම සිදු කළහ. උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ජනපති මෛත්‍රී ගයන්තටත් රංගටත් දුරකථන ඇමතුම් ලබා දෙමින් මෙම උත්සවය මනාව සංවිධානය කර තිබීම ගැන ස්තුතිය පළ කර සිටියේය. මේ උත්සවයට අමාත්‍යවරුන් වන කිරිඇල්ල, එස්.බී., ගයන්ත, කරු, පරණවිතාන යන අය සහ පළාත් ආණ්ඩුකාරවරු කීප දෙනෙක්ද සහභාගිවී සිටියහ.


ඉංග්‍රීසි ආණ්ඩුව කළ වැරැද්ද මඟුල් මඩුවේදී නිවැරැදි කරමින් මෙවැනි විශේෂ ගැසට් නිවේදනයකට අත්සන් කළ පළමු රාජ්‍ය නායකයා ද මෛත්‍රී වීම විශේෂත්වයකි.


ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට අදාළව 2015.01.01 වන දින හිටපු ජනාධිපතිවරයාගේ අස්සනින් යුතුව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබීම ගැන පසුගිය දින කීපයේදී මහත් ආන්දෝලනයක් ඇතිවූ අතර මහින්දගේ පාර්ශ්වයෙන් දිගින් දිගටම කියැවුණේ එය අසත්‍යයක් බවත් ඊට එරෙහිව නීති පියවර ගන්නා බවත්ය. මේ අතර මුදල් ඇමැති රවි කරුණානායක මහතා මහින්දට අභියෝග කළේ එම ගැසට් පත්‍රය බොරුවක් නම් අධිකරණය ඉදිරියේ නඩු පවරා එය ඔප්පු කරන ලෙසය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කීප දෙනෙකු සමග පැවැති සාකච්ඡාවේදී රවී කියා සිටියේ රටේ ජනතාවට හානිවන කොන්දේසි මත ශ්‍රී ලංකා රජය කිසිසේත්ම ජාත්‍යන්තර සහාය ලබා නොගන්නා බවය. මාලදිවයින් ජනපති හා රවි පසුගිය ඉරිදා හමුවී ද්වී පාර්ශ්වික සබඳතා ගැන සාකච්ඡා කළ අතර ලබන මැයි මාසයේ තමන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන බවද එහිදී මාලදිවයින් ජනපති කියා සිටියේය. 

 

දේශපාලන පුතකුගේ විවාහය

රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පසුගිය 23 වෙනිදා උදෑසනින් මහනුවර බලා පිටත්වුණේ කලක් තමන්ගේ දේශපාලන පසමිතුරෙකු වූ වර්තමාන රජයේ වාරිමාර්ග අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා අමාත්‍යවරයාගේ පුතුගේ විවාහ උත්සවයට සහභාගි වීම සඳහායි. එදින පෙරවරුවේ පැවති මෙම විවාහ උත්සවයට ජනාධිපති, අගමැති ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් පැමිණ සිටි අතර බොහෝ වෙලාවක් මංගල උත්සවයේ රැඳී සිටි අමාත්‍යවරයා නව යුවළට සුභ පතා විජිතමුණි අමාත්‍යවරයාට අතට අතදී එතැනින් සමුගත්තේ යළිත් මොනරාගල බලා පිටත් වීමටයි. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බඩල්කුඹුර මාලිගාතැන්න මහා විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී විමටයි.


අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ පළමු දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම මෙදින දහවල් සිදුවුණ අතර මෙහි ප්‍රධාන ආරාධිතයා වූයේ අකිල විරාජ් අමාත්‍යවරයායි. උදෑසන සොයිසා අමාත්‍යවරයාගේ පුත්‍රයාගේ විවාහෝත්සවයට මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා සහභාගී වීම නිසාම පාසලේ උත්සවයට අමාත්‍යවරයා යනවිටත් එය ආරම්භවී තිබිණි. හනික සභාවට ඇතුළු වනු දුටු අකිල “අපි මඟුල් ගෙදර එනකොට අපේ මනමාල මහත්තය වෙන අයගේ මඟුල් ගෙවල්වල ගිහිල්ලනේ” යැයි පවසන විට සිනහමුසු මුහුණින් ඊට ප්‍රතිචාර දක්වමින් රංජිත් කීවේ ඉලව්වට මඟුලට නැති හිතවත්කම මොකටද මල්ලි. සොයිසා ඇමැතිතුමාගේ ඉල්ලීම කොහොමවත් අහක දාන්න බෑනේ යැයි කියාය.

 

කැබිනට් රැස්වීම

මෙවර කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පැවැත්වුණේ අඟහරුවාදා උදේ වරුවේය. ජනාධිපති කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේ මුලසුන ගත්තේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. මෙවර ද ආන්දෝලනාත්මක කැබිනට් පත්‍රිකා කිහිපයක්ම ඉදිරිපත් වී තිබිණි. විදේශ රැකියාවලට යාමේදී ඩොලර් 350ක අවම වැටුපක් මෙවර අයවැයෙන් පනවා ඇති අතර, එය ඩොලර් 300 දක්වා අඩු කරන්නැයි ඉල්ලා තලතා අතුකෝරාල ඇමැතිවරිය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ඩොලර් 350 එම වැටුප් යෝජනාව මෙවර අයවැයට දමා තිබුණේ මුදල් ඇමැති රවි කරුණානායකය. තලතා කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ රවීගේ යෝජනාවට විරුද්ධවය. තලතා කීවේ ඩොලර් 350 අවම වැටුප් යෝජනාව නිසා පිටරට රැකියාවලට මිනිසුන් ගන්න එක අඩු වී ඇති බවය. එය මෙරට ආර්ථිකයට ද බරපතළ ගැටලුවක් බව තලතා කීවාය. “මම නම් මේ 350 යෝජනාවට විරුද්ධයි. හොඳට මතක තියාගන්න දුප්පත්කම තුරන් කරන්න අපිට දෙගොල්ලක් උදව් කරනවා. ත්‍රීවීල් රැකියා කරන අය සහ එතෙර රස්සා කරන අය” සරත් අමුණුගම ඇමැතිවරයා කීවේය. කබීර් හෂීම්, දයාසිරි ජයසේකර යන ඇමැතිවරු ද තලතාගේ අදහස අනුමත කරමින් කතා කළහ. දයාසිරි ජයසේකර කීවේ, කුවේට්වල මේ ප්‍රශ්නය බරපතළ විදියට බලපා තිබෙන බවය. ඩොලර් 350 අවම වැටුපක් රක්ෂණය වැඩි කිරීමත් නිසා කුවේට්වල රැකියාවලට මිනිසුන් ගැනීම විශාල ලෙස අඩුවී ඇති බව දයාසිරි කීවේය. අමුණුගම ද සංඛ්‍යා ලේඛන ආදිය ඉදිරිපත් කරමින් ඒ ගැන පැහැදිලි කළේය. තලතා කීවේ මුදල් ඇමැතිවරයා කිසිවකුගෙන් අහන්නේ නැතිව මෙවැනි තීරණයක් ගැනීම වැරදි බවය.

සයිටම් ප්‍රශ්නය ද කැබිනට් රැස්වීම උණුසුම් කළේය. ජනාධිපතිවරයා කීවේ ආණ්ඩුවේ ඇමැතිවරුන් සයිටම් එක පැත්තටම කතා කිරීම නිසා ආණ්ඩුවේ මතය සයිටම්වාදී කියල ජනතාව අතර මතයක් ගොස් ඇති බවය.


“පත්තරයක් ගත්තොත්, රූපවාහිනියක් බැලුවොත් පේනවා ඇමැතිවරු කතා කරන්නෙම සයිටම් එකට පක්‍ෂව බව. ඒක හරි වැරැදියි. නිදහස් අධ්‍යාපනයට පක්‍ෂව කතා කරන්න.”


“සයිටම් එක ගැන පක්ෂව ඇමැතිවරු කතා කරනවා. හැබැයි මතක තියාගන්න සයිටම් එක ගැන විශාල ජනමතයක් තියෙනවා. එය ආණ්ඩුවට එරෙහි රැල්ලක් බවට පත්වෙලා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන සමහර දේවලත් ඇත්තක් තියෙනවා. මම නම් ඔය ලයින් එකේ නෑ. මං ඉන්නෙ නිදහස් අධ්‍යාපනය පැත්තේ. ඇමැතිවරුන් ඉන්න ඕන ජනතාවගෙ නාඩි වැටෙන එකත් එක්කයි” යැයි ජනපති මෛත්‍රී කීවේය. දයාසිරිත්, චම්පිකත් කීවේ, තමන් සයිටම් එකට විරුද්ධව කතා කරන බවය. “සර් අපි නම් සයිටම් එකට විරුද්ධව කතා කරනවා” යැයි දයාසිරි කීවේය. චම්පික කීවේ “සයිටම් එකට ළමයින් බඳවා ගන්න එක නතර කරන්න. දැනට බඳවාගෙන ඉන්න අයගේ සුදුසුකම් බලන්න. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලවල පාඨමාලා ගාස්තු විතරක් ගෙවලා වෛද්‍ය උපාධිය හදාරන්න පුළුවන් වැඩපිළිවෙළක් හදන්න” කියාය. ජනාධිපතිවරයා විජයදාස රාජපක්ෂ, ලක්ෂ්මන් කිරිඇල්ල හා රාජිත සේනාරත්නට කීවේ, සයිටම් එකට මහජන මතයත්, එහි දරුවන්ගේ අදහස හා උසාවි තීන්දුවත් බලා වාර්තාවක් තමාට ලබාදෙන්න කියාය.


වැලිකඩ බන්ධනාගාරය තුළදී 2009 වසරේ නොවැම්බර් 11 වැනිදා ඇති වූ කැරැල්ලේදී වෙඩි වැදී මියගිය අය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වන්දි ගෙවීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ ස්වාමිනාදන් ඇමැතිවරයා විසිනි. රාජිතත් තවත් ඇමැතිවරුන් කිහිපදෙනෙකුත් කීවේ මෙය වෙඩි තබා ඝාතනය කිරීමක් බැවින්, ලක්ෂ 5ක වන්දිය ප්‍රමාණවත් නැති නිසා ලක්ෂ 20ක වන්දියක් මියගිය අයට දිය යුතු බවය. තුවාල  ලැබූවන්ට ලක්ෂ 5ක වන්දියක් ගෙවිය යුතු බව ඔවුහු කීහ. චම්පික රණවක හා ඇමැතිවරුන් කිහිපදෙනකු සිටියේ ඊට විරුද්ධ අදහසකය. අවසානයේ ලක්ෂ 20ක වන්දි මුදලක් මියගිය අයටත්, තුවාල ලැබූවන්ට ලක්ෂ 5ක වන්දියක් ගෙවීමටත් තීරණය විය. මේ කතාබහ අතරේ පාතාලය හිස එසවීම ගැන දයාසිරි තද කතාවක් කළේය. ඔහු කීවේ පාතාලය හිස එසවීම බරපතළ ප්‍රශ්නයක් බවය. අඟහරුවාදා උදේ කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා පිරිසක් ඝාතනය කිරීමේ සිද්ධිය ද විස්තර කරමින් ඔහු කීවේ, මේ ප්‍රවණතාව අනුව ඉදිරියේදී අධිකරණය තුළත්, රෝහල්වලදීත් මෙවැනි පාතාලයේ ඝාතන සිදුවන්නට ඉඩ ඇති බවය. මේ පාතාලය කොහොමහරි මර්දනය කරන්න ඕනෑ. නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා යැයි දයාසිරි කීවේය. චම්පික රණවක ද කීවේ, පාතාලයට හිස එසවීමට ඉඩදිය යුතු නැති බවය. එය වහා මර්දනය කළයුතු බව ඔහු කීවේය. ජනාධිපතිවරයා ද කීවේ පාතාලයට හිස ඔසවන්නට කිසිසේත් ඉඩ නොදෙන බවය. ඒ සඳහා තමා වැඩපිළිවෙළක් සකස් කරන බව ජනපති මෛත්‍රී කීවේය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බදාදා දවස පුරා සිටියේ කොළඹින් පිටය. උදේ වරුවේ කෑගල්ලේ උත්සවයකට ගිය ජනාධිපතිවරයා දහවල් මහනුවර බලා පිටත්ව ගියේය. මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ශිල්පීය අභිමානි සම්මාන උළෙලට සහභාගි වූ ජනපති මෛත්‍රී නුවර මන්දිරයට ගොස් දවල් කෑම ගත්තේය. අනතුරුව දිගන ක්‍රීඩාංගණය විවෘත කරන්නට ගියේය. ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහ ඇමැති සරත් ඒකනායක, නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් ක්‍රීඩා ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු ආරාධිත අමුත්තෝ රැසක් ඊට එක්ව සිටියහ. මේ ක්‍රීඩාංගණය ඉදිකර ඇත්තේ මධ්‍යම රජයේ සහ මධ්‍යම පළාත් සභාවේ අරමුදල් යොදවමිනි. මෙය මධ්‍යම පළාතේ විශාලතම හා අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයකි. උත්සවයේ සංවිධාන කටයුතු ක්‍රීඩා අමාත්‍යාංශයත්, මධ්‍යම පළාත් ක්‍රීඩා ඇමැති ප්‍රමිත බණ්ඩාරත් එක්ව සිදු කර තිබිණි. පිළිගැනීමේ කතාව පැවරී තිබුණේ ප්‍රමිතටය. මේ ක්‍රීඩාංගණය හදන්නට එවකට ක්‍රීඩා ඇමැතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ ද සෑහෙන දායකත්වයක් සපයා තිබිණි. ප්‍රමිත පිළිගැනීමේ කතාවේදී ක්‍රීඩාංගණය හදන්නට උදව් කළ අයගේ නම් කීව ද මහින්දානන්ද ගැන කියන්නට ඔහුට අමතක වී  තිබිණි. මේ ගැන ප්‍රමිත සිටියේ මහත් කලබලයට පත්වෙලාය.


ජනාධිපතිවරයා ඔහු පිළිගැනීමේ කතාව හමාර කර ඉඳගනිමින් යාබද අසුනේ සිටි අනුරාධ ජයරත්නට කීවේ, තමා අතින් ලොකු වරදක් වූ බවය. “මේ ක්‍රීඩාංගණය  හදන්න මහින්දානන්ද අංකල් ගොඩක් උදව් කළා. මට එතුමගේ නම කියන්න බැරිවුණු එක ගැන හරිම අප්සෙට්” යැයි ප්‍රමිත කීවේය. අනුරාධ කීවේ “ඕකට මහින්දානන්ද අයිය තරහ වෙන්නෙ නැහැ” කියාය.


මේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ජනාධිපති මෛත්‍රීට විශේෂ සමරු තිළිණයක් ද පිරිනැමිණි. උත්සවය පැවැත්වුණේ මහ වැසි මැදය. ජනාධිපතිවරයා වාහනයට නගින්න ගියේ ද තද වැස්සේය. වාහනයට නගින ගමන් ළඟ සිටි සරත් ඒකනායක මහ ඇමැතිවරයාට මෛත්‍රී කීවේ, “වැස්සෙන් වැඩියෙන්ම සතුටු වෙන කෙනා මම“ කියාය.

 

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවත් විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාවත් ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා කොළඹදී පැවැත්විණි. මධ්‍යම කාරක සභාව රැස්වුණේ බ්‍රහස්පතින්දා උදේ ජනපති නිල නිවසේය. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කිසිවකුත් ඊට සහභාගි නොවූ අතර ජාතික ආණ්ඩුවේ රාජ්‍ය ඇමැති ධුරයක් දරා ඉන් ඉල්ලා අස්වූ පියංකර ජයරත්න මන්ත්‍රීවරයා මධ්‍යම කාරක සභා රැස්වීමට පැමිණ සිටීම විශේෂත්වයක් විය. මුලින්ම සාකච්ඡාවට ලක්වූයේ එදින සවස පැවැත්වෙන පක්ෂයේ විධායක සභාවේ සහ සමස්ත ලංකා කාරක සභාවේ න්‍යාය පත්‍රයයි. එය අනුමත කර ගැනීමෙන් පසුව සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කිරීම සඳහා එවන ලද යෝජනා අදහස් ගැන සාකච්ඡා විය. ජනාධිපතිවරයා කීවේ එම යෝජනා අදහස් සියල්ලම පාහේ දේශපාලන කාරණා සම්බන්ධයෙන් ඒවා බවය. එම යෝජනා පක්ෂයේ මීළඟ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට තීරණය විය.


විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙස කතානායකවරයාගෙන් කර ඇති ඉල්ලීම ගැනද මධ්‍යම කාරක සභාවේදී සාකච්ඡා විය. මධ්‍යම කාරක සභිකයින් සියලු දෙනාම පාහේ කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණට පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස සිටීමට කිසිදු පදනමක් නැති බවය. ජාතික නිදහස් පෙරමුණු සන්ධානයේ හවුල්කාර පක්ෂයක් ලෙස හිමිකම් ගතවෙලා නැහැ. ඔවුන් කෙළින්ම ඡන්දය ඉල්ලා තියෙන්නෙ සන්ධානයේ බුලත් කොළය ලකුණින්. ඒ නිසා ඔවුන්ට පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගන්නට කිසිදු හේතුවක් නැහැ යැයි නිමල් සිරිපාල ද සිල්වා කීවේය. ඒ අනුව ජාතික නිදහස් පෙරමුණ පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස පිළිගැනීමට සන්ධානය එකඟ නැති බව කතා නායකවරයාට දන්වා යැවීමට තීරණය විය. එහි කෙටුම්පතක් ද නිමල් සිරිපාල ඇමැතිවරයා විසින් සකස් කරගෙන රැගෙනවිත් තිබිණි. එම කෙටුම්පත සකස් කර කතානායකවරයාට ලිඛිතව දැනුම්දීම සංධානයේ මහලේකම් මහින්ද අමරවීරට සහ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්තට බාර කෙරිණි. මධ්‍යම කාරක සභාවේදී ගත් තවත් තීන්දුවක් වූයේ පුරප්පාඩු වී ඇති ආසන සංවිධායකධුර කඩිනමින් පිරවීමටය.

 

කාරක සභාවට චමල් එයි

එදිනම සවස 5.10ට ශ්‍රීලනිප විධායක සභාව හා සමස්ත ලංකා කාරක සභාව ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී රැස්වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. සමස්ත ලංකා කාරක සභා රැස්වීමට සහභාගි නොවීමට ඒකාබද්ධ විපක්ෂය තීරණයක් ගෙන තිබුණ ද හිටපු ජනාධිපතිවරයාගේ වැඩිමහල් සහෝදරයා මෙන්ම හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා විධායක සභාවට හා සමස්ත ලංකා කාරක සභාවට පැමිණ සිටියේය. චමල් රාජපක්ෂ අසුන්ගෙන සිටියේ ජනපති මෛත්‍රීට දකුණු පසින් පිහිටි යාබද අසුණේය. රැස්වීම ආරම්භයේ සිට අවසානය තෙක්ම චමල් එහි රැඳී සිටීම ද විශේෂත්වයක් විය. පිළිගැනීම හා අරමුණ පැහැදිලි කළේ දුමින්ද දිසානායක මහලේකම්වරයාය. බල මණ්ඩල, ශාඛා සංවිධාන, වෘත්තීය සමිති පිහිටුවීම ගැන දුමින්ද සංඛ්‍යාලේඛන සහිතව පැහැදිලි කළේය. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් කොට්ඨාස 4850 ක අපේක්ෂකයින් හඳුන්වාදීමේ රැස්වීම් මාලාවක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත පැවැත්වීමට සැලසුම්කර ඇතැයි ද දුමින්ද කීවේය. මීට අමතරව ගම් මට්ටමින් රැස්වීම් 15,000 ක් පවත්වන්නට ද කටයුතු යොදා ඇතැයි ඔහු කියා සිටියේය.


අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිධුරයට යළි පත් නොකිරීමට සහ බැඳුම්කර වංචාව පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම ගැන ජනාධිපතිවරයාට ස්තුතිය පළ කිරීමේ යෝජනාවක් අතාවුද සෙනෙවිරත්න හිටපු ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරනු ලැබීය. එය ස්ථිර කළේ නිමල් සිරිපාල ඇමැතිවරයාය.


අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතා කළේය. පක්ෂයේ ඉතිහාසය, වර්තමානය හා අනාගත ඉලක්ක පිළිබඳ මෛත්‍රී ආකර්ෂණීය කතාවක් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුත්තේ වත්මන් පාලන ආණ්ඩුව හරිමඟට ගැනීමට සහ ඉදිරියේදී ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීම යන කරුණු දෙක මත බව ජනාධිපතිවරයා කීවේය. ඒ අතර ජනාධිපතිවරයා ශ්‍රීලනිපය පරාජයවීමට හේතු කීවේය. “පක්ෂය පරාජයට හේතුව තමුසෙ තමයි කියල සමහරු කියාවි. හැබැයි මම නොගිය නම් පක්ෂය දිනනවා කියන එකයි ඒ කියන්නෙ. ඒකෙන් කියන්නෙ මම ශක්තිමත් කියන එකයි” ජනාධිපතිවරයා කිවේ දීර්ඝ පැහැදිලි කිරීමක් කරමිනි.


ආණ්ඩුව තුළ සිදුවන සියලු දේවල් නිවැරැදියි කියා මම කියන්නෙ නැහැ. සියලු දේවල් ගැන මම තෘප්තිමත් නැහැ. හැබැයි තෘප්තිමත් වන දේවලුත් ආණ්ඩුව කරල තියෙනවා යැයි ජනාධිපතිවරයා කීවේය. 


ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ කොටස් පෞද්ගලික බැංකුවලට විකුණන්න කැබිනට් එකට යෝජනා ආවා. අපි ඒවට ආරම්භයේදීම විරුද්ධ වුණා. මම මේ කිව්වේ එක උදාහරණයක් විතරයි යැයි ද ජනාධිපතිවරයා කීවේය. ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආදිය හා ඉන් ඇතිවූ ප්‍රයෝජන ගැනද ජනාධිපතිවරයා කීවේය. හවස 5.10 ට ආරම්භ වූ සමස්ත ලංකා කාරක සභාව අවසන් වනවිට සවස 6.20 පමණ වී තිබිණි. 


මේ රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති විව