උසට වැඩුණු ගස් අතරින් හැල්මේ දිව යන පුංචි කොල්ලෙකි. වයස අවුරැදු නමයක් තරම් යැයි කිව හැකි ඔහු හැඳ සිටින්නේ පුංචි කලිසම් කොටයක් පමණි. වේගයෙන් වේගයෙන් දුව යන ඔහු අන්තිමේදී නතර වෙන්නේ තමන්ගේ කුඩා නිවෙසට වැදීමෙනි. දොරවල් ජනෙල් වසා ගෙන ඇඳ විට්ටමට නිකට තබා හුදෙකලාව ඉන්නා ඔහුගේ තනිකමට බාධාවක් වන්නේ පුංචි ඩිංගිරිය. අණ්ඩ දැමූ කුඩා ගවොම් පොඩියක් ඇඳගෙන උන් ඕ, පුංචි එකාගේ ගෙපැල අසලට ඇවිත් ‘සිරිමල් සිරිමල්' යනුවෙන් හඬගාන්නට පටන් ගත්තාය.
ඒ පුංචි එකාත් පුංචි එකීත් අවුරැදු පහළොවකට පසු මට මුණගැසිණ. කොළඹ කිංග්ස්බරි හෝටලයේ සුවපහසු අසුන් කිහිපයකට බරවී අපි කතාකරන්නට පටන් ගතිමු. ඒ පුංචි එකාත් පුංචි එකීත් වෙන කවුරැත් නොව උඩුගංයාමය චිත්‍රපටයෙන් රටේම ආදරය දිනූ තිසුරි යුවනිකා සහ මෞලි ෆර්ඩිනැන්ඩු ය.
උඩුගංයාමය චිත්‍රපටය රෑගත කරලා දැන් අවුරැදු පහළොවකටත් වැඩියි. දැන් ඒ ගැන මොනවගේ මතයක්ද තියෙන්නෙ?
තිසුරි - උඩුගංයාමය චිත්‍රපටය සුදත් දේවප්‍රිය අංකල්ගේ නිර්මාණයක්. ඒකෙ රෑගත කිරීම් කරද්දි මම පහ වසරේ. මෞලි හය වසරේ. හරිම සුන්දර කාලයක්. රඟපානවා කියල නෙමේ සුදත් අංකල් කියපු දේවල් කරපු එක තමයි කළේ. රණ්ඩු වෙන්න කිව්වම රණ්ඩු වුණා. නිකනුත් රණ්ඩු වුණා. හරිම විනෝදයෙන් ගෙවුණු කාලයක්. එදා ඒ ඇතිවුණු යාළුකම කොච්චරද කියනවනම් අපි දෙන්නා නිතර මුණගැහුණෙ නැතත් ඒ යාළුකම තාමත් ඒ විදිහටම තියෙනවා.
මෞලි - ඒක මගේත් පළවෙනි චිත්‍රපටය. මට ලැබුණෙත් ප්‍රධාන චරිතයක්. හැබැයි තිසුරි කිව්වා වගේ අපිට එච්චර ඒක දැනුණෙ නෑ. එච්චර දෙයක් අපි කළාද කියලා දැන් තමයි හිතෙන්නෙ. හැබැයි දැන් අවුරැදු පහළොවකට පස්සෙ ආපහු චිත්‍රපටිය බලද්දි නොදැනුවත්ම හරි අපි දෙන්නා යමක් කරලා තියෙනවා කියලා හිතෙනවා.
තිසුරි - ඔව්. අපි සාමාන්‍යයෙන් මොකක්හරි කරලා ආපහු බලද්දි අයියෝ මෙතැන තව ටිකක් හොඳට කරන්න තිබ්බනෙ කියලා හිතෙනවනෙ. මට මේ චිත්‍රපටය බලද්දි කවදාවත් එහෙම හිතිලා නෑ.
උඩුගං යාමය කියන්නෙ ගැඹුරැ කතාවක් තිබුණු චිත්‍රපටයක්නෙ. චිත්‍රපටයේ තිබ්බ ගැඹුරැ බව ඔයාලා දෙන්නට දැනුණෙ කොහොමද?
මෞලි - ඒකට මට කියන්න තියෙන්නෙ මෙහෙම දෙයක්. අපි කරන චරිතය අපේ ඔළුවට රිංගවන්නෙ කොහොමද කියලා සුදත් අංකල් හොඳට දැනගෙන හිටියා. අපිව හරියට හසුරැවලා කියලා දැන් බලද්දි හිතෙනවා. චිත්‍රපටයෙ මුල් කොටස බොහොම විනෝදයෙන් ගෙවෙන කාලයක් තියෙන්නෙ. හැබැයි චිත්‍රපටයේ මගේ තාත්තාගේ නැතිවීම කියන තැනින් පස්සේ ජීවිතයේ ප්‍රශ්න දුක කියන දේවල් අපෙන් නිරෑපණය වෙන්න ගන්නවා.
තිසුරි - සිරිමල් කියන්නෙ ඩිංගිරිගෙ හොඳම යාළුවා. ඉතින් එයාගෙ තාත්තා නැතිවුණාම එයා මානසිකව වැටෙන විදිහ, කතාකරන්නෙවත් නැතිව ඉන්න හැටි, මාව මඟ හරින හැටි අන්න ඒ වගේ දේවල් නිරෑපණය කරන්න අපිට සිද්ධ වුණා. ඒ දර්ශනවලදි සුදත් අංකල් අපිව කොහොම හැසිරෙව්වද කියලා මට අදටත් හිතාගන්න බෑ. හැබැයි එතැන ඉන්නෙ සුදත් අංකල්.
මෞලි - හරියටම හරි. මට මතකයි එක දර්ශනයක්. තාත්තා අල්ලපු මාළු බෝතලෙත් තියාගෙන මම ඉන්නකොට මෙයා එනවා. ඇවිත් අහනවා ඕක කොහෙන්ද කියලා. මම කියනවා මුං ගඟේ නෑ. මම දැක්කෙත් අදමයි කියලා. මෙයා කියනවා බොරැ කියන්න එපා කියලා. ඉන්පස්සෙ නපුරා කියල යන්න යනවා. ඒ වගේ පුංචි කාලෙ සුන්දර නපුරැකම් වගේ දේවල් හරි අපූරැවට චිත්‍රපටයට ගළපලා අරන් තියෙනවා.
උඩුගං යාමෙන් පස්සෙ දෙන්නා එකට රඟපෑවෙම නැද්ද?
තිසුරි - ම්හ් ම්හ්... ආ ඇයි අපි ලලිත් අංකල්ගේ කෙටි නාට්‍යයක රඟපෑවා. මායි මෞලියි දසුනුයි.
තිසුරි රඟපෑම දිගටම කරගෙන ගියා නේද?
තිසුරි - මම ඉස්කෝලෙ වැඩත් එක්ක බැලන්ස් කරගෙන තමා රඟපෑම් කළේ. හැබැයි ඕලෙවල් ඒලෙවල් කාලෙ නම් රඟපෑම් කළේම නෑ. ඒලෙවල් ඉවරවුණාට පස්සෙත් දිගටම ඇරයුම් ආවා. හැබැයි දිගටම රඟපානවා කියලා අදහසක් තිබ්බෙ නෑ. එකක් දෙකක් කරලා නවත්තනවා කියලයි හිතුවෙ. හැබැයි තාමත් රඟපානවා.
තිසුරි - හා හාහා නෑ නෑ.
මෞලි උඩුගං යාමෙන් පස්සෙ මොකද කළේ?
මෞලි - මම ඉතාමත් සීමිත නිර්මාණ සංඛ්‍යාවක් එක්ක තමයි වැඩ කරලා තියෙන්නෙ. මම දිගටම තාත්තාගේ මඟපෙන්වීම එක්කයි වැඩ කළේ. තාත්තත් මේ ක්ෂේත්‍රෙය්ම කෙනෙක්. චිත්‍රපටයෙන් අවුරැදු තුනකට පස්සෙ තමා ‘තෙත් සහ වියළි’ නාට්‍යයේ රඟපෑවෙ. ඊටත් අවුරැදු හතරකට පහකට පස්සෙ තමා ‘අරැංගල්’ නාට්‍යයේ රඟපෑවෙ. ඊටත් අවුරැදු හයකට හතකට පස්සෙ තමා දැන් ආපහු ලලිත් අංකල්ගෙ ටෙලි නාට්‍යයකට එකතු වෙලා ඉන්නෙ.
තිසුරිත් නිර්මාණ භාරගනිද්දි තෝරාගැනීම් කරනවද?
තිසුරි - මෙහෙමයි. දැන් යන රුල්ලක් තියෙනවා. ඉතින් අපිටත් අකමැත්තෙන් වුණත් ඒවාට යන්න වෙලා තියෙනවා. හොඳ නාට්‍ය කියලා හැදෙන්නෙ සීයට එකක් දෙකක් විතරයි. නාට්‍ය පහක් අතර එක හොඳ නාට්‍යයක් තිබුණොත් අනික් හතරම අයින් කරලා අර එක නාට්‍යය වෙනුවෙන් කැපවෙනවා.
මෞලි - මම තිසුරිගේ දැකපු හොඳම රංගනයක් තමයි ‘සුළඟ මත මොහොතක්’. ඒ නාට්‍යය බලපු වෙලාවෙම මම තිසුරිට කතාකරලා කිව්වා නංගී මේකට ඔයාට හොඳම නිළිය Award එක එන්නම ඕනෙ කියලා.
තිසුරි - ඔව් රැක්මාල් නිරෝෂන් අයියගෙ සුළඟ මත මොහොතක් නාට්‍යය කියන්නෙ මගේ ජීවිතේ හැරවුම් ලක්ෂයක්. 2014/2015 අවුරැදු දෙකේදීම නාට්‍ය දෙකකට හොඳම නිළිය සම්මානය ගන්න මේ කෙටි කාලයේදී අවස්ථාව ලැබුණා. ඉතින් මේ සියලු දේවල්වලදි මගේ පස්සෙන් හිටිය අම්මයි තාත්තයි මේ වෙලාවෙ ආදරෙන් මතක් කරනවා.
රුළි ගැන කතාකළානෙ. රුළි කියන්නෙ මිනිස්සු ඉල්ලන දේ නෙමේද?
තිසුරි - ඇත්තටම මිනිස්සු ඉල්ලන දේ තමයි. අපි සුළඟ මත මොහොතක් වගේ නාට්‍යයක් ගත්තොත් සමහරැන්ට තේරෙන්නෙ නෑ. ඒක හරිම කම්මැලියි කියලා මටම සමහරැ කියල තියෙනවා. අපිට ඒකට මිනිස්සුන්ට බණින්න බැහැ. ගොඩක් අයට නාට්‍යයක් බලද්දි අවශ්‍ය ඔහේ ගලාගෙන යන නාට්‍ය. හිතන්න අවශ්‍ය තැන් තියෙන නාට්‍ය එයාලට කරදරයක්. ගොඩක් රෑපවාහිනී නාලිකා ඉල්ලන්නෙත් ඒ වගේ ගලාගෙන යන නාට්‍ය. ඒකට කාටවත් බණින්න බෑ.
මෞලි - කාටවත් බණින්න බෑ. හැබැයි ටෙලිනාට්‍යවලටයි සින්දුවලටයි ඒකෙ ලොකු බලපෑමක් තියෙනවා. අද බලද්දි දවසකට නළුවො නිළියො දෙතුන්දෙනෙක් එළියට එනවා. අලුත් සින්දුවක් ආවම අපි කික් එකේ එකදිගට අහගෙන යනවා. දවස් තුනක් එහෙම අහද්දි එපා වෙනවා. ඉතින් මේ නාට්‍ය රුල්ලත් ඔහොම ගිහින් මිනිස්සුන්ට වෙහෙසක් දැනෙයි. උඩුගංගායමෙදි අපි සම්මාන ලැබෙයි කියල කිසිම හැඟීමක් නැතිව රඟපෑවෙ. හැබැයි හැම සම්මාන උළෙලෙදිම වගේ අපි දෙන්නට සම්මාන ලැබුණා. මට පෞද්ගලිකව අරැංගල් නාට්‍යයටත් ඒ විදිහට සම්මාන ලැබුණා. හොඳ නිර්මාණ එක්ක අන්න ඒ සතුට අපිට තියෙනවා.
හොඳම නිළිය වීම නිසා කැපිලි කෙටිලිවලට මුහුණ දීලා නැද්ද?
තිසුරි - ක්ෂේත්‍රයේ විවිධ අය ඉන්නවා. හැබැයි අපේ අම්මා නිසා මට කවුරැවත් කෙළින්ම ඇඟිල්ල දික්කරලා නැහැ. අනික මම වැඩකට නැති දෙයක් කරලා සම්මාන අරගෙනත් නෑ. හැබැයි සමහර සම්මාන ලැබිය යුතු තැන් අපේ රටේ ස්වභාවය නිසා අහිමිවුණු තැන් තිබුණා. සමහර සම්මාන උළෙලවලදී ජ්‍යෙෂ්ඨත්වය නිසා වෙන අයට සම්මාන ලැබිලා තිබුණා. ඉතින් එවේලෙට කට්ටිය මට කියනවා ඔයාට තමා සම්මානය ලැබෙන්න තිබුණෙ. ඒත් ඉතිං ඔයාට තව කල් තියෙනවනෙ කියලා. කල් තියෙනවා තමා. හැබැයි අර වගේ නිර්මාණයක් ආපහු ලැබේවිද දන්නෙ නෑනෙ.
මෞලි දිගටම තෝරාගනිමින් ඉඳලා හිටලා පෙනී ඉන්නද වුවමනාව තියෙන්නෙ?
මෞලි - මට කොහොමත් හැමදාම දකින චරිතයක් වෙලා ඉන්පස්සෙ එපා වෙන චරිතයක් වෙන්න වුවමනා නැහැ. හැබැයි මට වෙනස් වෙනස් චරිත වුවමනා වෙලා තියෙනවා. මම කාලෙකින් රඟපෑවෙ නෑ. ඒ වගේම මට ලැබුණෙම එකම ස්වරෑපයේ චරිත. කොටින්ම තාම ආදරවන්තයෙක්ගෙ චරිතයක්වත් මම රඟපාලා නෑ. ඉතින් ඒ වගේ වෙනස් චරිත ටිකක් කරන්න ආසයි.
දැන් දෙන්නම ඉන්නෙ විවාහ වෙන වයසෙ. එහෙම නේද ?
තිසුරි - ආපෝ තාම හිතලවත් නෑ. සුදුසු කාලෙ ආවම ඒවා ගැන බලමු.
මෞලි - තනියෙන් විවාහ වෙන්න බෑනෙ. (සිනාසෙයි) අනික මම තාම ඉගෙන ගන්නවා. නීතිය හදාරනවා. ඉතින් අධ්‍යාපන වැඩත් ඉවර කරගන්න ඕනෙ.
මෞලිටත් තිසුරිටත් තිරයේදී පෙම්වතුන් වෙන්න අවස්ථාවත් ලැබුණොත්?
තිසුරි - ඇත්තටම මම ආසාවෙන් ඉන්නෙ මෙයත් එක්ක ඉස්සරහට රඟපාන්න.
මෞලි - ඔව්. මටත් ඒ ආසාව තියෙනවා. අවුරැදු ගාණකට පස්සෙ එකට වැඩ කරන්න ආසයි.
ඔහොම ගිහින් දෙන්නට හැබෑ ජීවිතේ පෙම්වතුන් වෙන්න අදහසක් එහෙම නැද්ද?
තිසුරි - අපි බලමු නේද? (සිනාසෙයි) නෑ. ඉතින් කාලයත් එක්ක හැමදෙයක්ම සිද්ධ වෙයි. තව කල් තියෙනවනෙ. දැනට නම් එහෙම දෙයක් අපි අතර නෑ.
මෞලි - ඔව්. හැබැයි හෙට දවසේ මොකක් වෙයිද කියලා අපි දන්නෙ නෑනෙ. කාලයත් එක්ක මුහුණ දෙන එක තමා කරන්න තියෙන්නෙ.
රජිත / සේයා රූ - සුමුදු හේවාපතිරණ