හදවතට නැෙඟන බොහෝ දේ කලා නිර්මාණයක් වශයෙන් එළි දැක්වීමට ලැබීම කලාකරුවෙකු අත්විඳින සුවිශාල ආත්ම තෘප්තියක්.
ආරාධනා ඒකනායක කියන ගී පද රචනා ශිල්පිනියත් එවැනි වූ ආත්ම තෘප්තියක් ලැබීමට සමත් වූ කලාකරුවන් අතලොස්ස අතුරින් එක්කෙනෙක්. ඇය විසින් නිර්මාණය කළ ගීත පසුගිය කාලයේ ඉතා ජනප‍්‍රිය වූවා සේම ඉහළ ප‍්‍රතිචාර ලැබීමට ද සමත් වුණා.
ඒ ආ ගමන් මග පිළිබඳව සහ ඇගේ කලා ජීවිතයේ නැවුම් තොරතුරුත් සමගින් ඇය සඳැල්ල අප හා සංවාදයක යෙදුනා. මේ ඒ පිළිබඳ සටහනක්.
ඔබ නිර්මාණකරණයට පිවිසුණේ කොහොමද?
මම පාසල් කාලය අවසන් වෙලා ගෙදරට වෙලා ඉන්න කාලෙ තමයි ගීත ලියන්න පටන් ගත්තේ. මේ නිර්මාණයන් දිගටම කරනවා කියලා ආරම්භ කරපු දෙයක් නෙමෙයි. මටම හිතිලා මම ලිව්වා. අහම්බෙන් ඒවා ගීත බවට පත්වුණේ. පසුව ඒ ගීත රන්සිළු ආයතනයට දුන්නා. එමගින් තමයි පළමුවෙන්ම මගේ ගීතයක් එළිදැක්වූවෙ.
මේ වෙද්දි ගීත කොයිතරම් සංඛ්‍යාවක් නිර්මාණය කරලා තියෙනවාද?
ගීත 200 පමණ තියෙනවා.
ඒ අතරින් ජනප‍්‍රිය වුණ ගීත මොනවාද?
සිතින් විතරක් පෙම්කරන්නම්, පෙම් සිත රිදුනා රත්තරනේ, මතකයන් ඔබේ, සමාවෙලා හදාගන්න මට මගේ හිත, කුමුදුලියේ, හිත අස්සට හීන ගොඩක්, මගේ කියා, ආදරෙයි මං ඔය හිතට තාමත්, ලෙංගතුකම නෙතඟ තියා, ඔයා ළඟින් ඈත්වෙලා, ඔබව මට හිමි නෑ කියලා. ඒ ගීත තමයි.
ගී පද රචනය කරන්න ඒ අදහස් පහළ වෙන්නෙ කොහොමද?
ලියන පද රචනයන් මගේ අත්දැකීමක් කියන්නත් බෑ. එහෙම නොවෙනවා කියන්නත් බෑ. මොකද ඒ එක් පේළියක හරි මට සම්බන්ධ දෙයක් තියෙනවා. ගීතයක් කියන්නෙ අපි අහපු, දැකපු දේකින් එන දෙයක්. ඉස්සර ගීත ලියද්දි වෙනස් අත්දැකීම් හොයලා ලිව්වෙ. සමාවෙලා, දකුණේ පිං නැති පින් බිම වැනි ගීත වෙනස්ම අත්දැකීමේ ගීත. ඒ දවස්වල එහෙම රැුල්ලක් ආවෙ. දැන් එවැනි ගීත ලියන්නෙ නෑ. මොකද ඒ ගීතවලට අද තැනක් නෑ. අපි ඒ වගේ ගීතයක් කළාම ඒ ගීතය ගායනා කරන්න. කෙනෙක් කැමතිවෙන්න ඕන. ඒ වගේම ඒ ගීත ප‍්‍රචාරය වෙන්න ඕනෙ. ඒ දෙකම නැති නිසා මම ලියන වෙනස් අත්දැකීමේ ගීත ළඟ තියාගෙන ඉන්නෙ. දැන් ගොඩක් ආදරය සහ විරහව ගැන විතරයි ගීත ලියවෙන්නෙ.
ඔබ ලියපු ගීත ගොඩක් ජනප‍්‍රිය වුණා. නමුත් ඔබ මාධ්‍යය තුළ දකින්න හිටියෙ නෑ. ඒකට හේතුවක් තියෙනවාද?
මම අවුරුදු 9 ක් පමණ රේඩියෝ නාලිකාවක සේවය කළා. මගේ ගීත ජනප‍්‍රිය වුණ කාලෙ තමයි නාලිකාවකට සම්බන්ධ වුණේත්. එතනින් පසුව කිසිම මාධ්‍යයක පෙනී සිටින්න බැහැ මාධ්‍ය ආයතනයක සේවය කළ නිසා. ඒ නිසා වෙනත් ගුවන්විදුලි ආයතනවලින් සහ රූපවාහිනී නාලිකාවලින් කතා කරපුවා ප‍්‍රතික්ෂේප කරන්න වුණා. පත්තරවලට ආර්ටිකල් දෙන්න පුලූවන්කමක් තිබුණෙත් නෑ. ඒ නිසා අවුරුදු 9 ක් ඒ විදියට ඉන්න වුණා.
දැන් ඔබට ගීත නිර්මාණ කිරීමට ගායන ශිල්පින් ශිල්පිනියන්ගෙන් ආරාධනා ලැබෙනවාද?
එවැනි වටපිටාවක් තුළ නෙමෙයි දැන් සංගීත ක්ෂේත‍්‍රය තියෙන්නෙ. ඉස්සර ගායකයො කතා කරල නෙ ගීත රචනා කරන්නෙ. දැන් එය පද රචකයො, සංගීතඥයො භාරගෙන තියෙන්නෙ. ඔවුන් තමයි ගායකයාට කතා කරලා ගීත නිර්මාණය කරන්නෙ. දැන් අවුරුදු 10කට පමණ පෙර තිබුණු තත්ත්වය වෙනස්වෙලා තියෙන්නෙ. දැන් ගායකයො ප‍්‍රඩක්ෂන් කරන්නේ නෑ. පද රචකයා, සංගීතඥයා හෝ නිෂ්පාදකයා තමයි නිර්මාණයකට මුල්වෙන්නෙ.
ඒ දවස්වල ඔබේ ගීතවලට ලැබුණු ප‍්‍රතිචාර කොහොමද?
මුල් කාලෙදී වගේම මගේ ගීත අහපු පිරිස ඒවට තවමත් කැමැතියි. එදා වගේම අදටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මම වුණත් පෞද්ලිකව කැමැති මුල් කාලෙ ලියපු ගීතවලට. ඒ කාලෙ ලියපු ගීතවලට ඒ කාලෙ සංගීතයේ ඇඟට දැනෙන ගතියක් තිබුණා. දැන් සංගීතය තාක්ෂණයට බරවෙලත් වැඩියි. එමගින් කටහඬ පවා හදනවා. ඒ නිසා කලින් තිබුණු නැවුම් ගතිය දැන් නෑ.
වර්තමානයේ බිහිවෙලා තියෙන්නෙ ගොඩක් අඬන ගීත. ඒ පිළිබඳව පෞද්ගලිකව ඔබේ මතය මොකද්ද?
ඒකට මම කැමති නෑ. නමුත් එය වෙනස් කරන්න තරම් බලයක් මට නෑ. එහෙම කරනව නම් මට මුදල් බලයක් හෝ සමාජ බලයක් තියෙන්න ඕන. ඒ දෙකම නැතිව මට එය කළ නොහැකියි. මම පෞද්ගලිකව කැමැති නෑ අඬන සින්දු ලියනවට. වෙනස් අත්දැකීම්වලට ගීත ලියවෙනව නම් ගොඩක් වටිනවා. උදාහරණයක් විදියට කවිකීර්ති හාමුදුරුවො රචනා කරපු දකුණේ පිං නැති පිංබිම ගීතයෙන් කියවෙන්නෙ ගංවතුරට ගහගෙන ගියපු පවුලක් ගැන. ඒ ගීත මුලූ රටම දන්නවා. නමුත් එවැනි ගීත අද ලියවෙන්නෙ නෑ. දැන් මියුසික් කියන එක මුදල් ඉපයීමටම ගිහින් තියෙන්නෙ. ඒ නිසා ගොඩක් අයට පොදු අත්දැකීමක් වන ආදරේ සහ එහි ළඟම අත්දැකීම වන විරහව පාදක කරගෙන ගීත බිහි කරනවා එය මාර්කට් කරන්න පහසු නිසා. එය වෙනස්විය යුතුයි කියන දේ තමයි මම කියන්නෙ.
ධනු විජේරත්න