(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ව්‍යාජ ලේඛන යොදාගෙන අත් ඇක්ටර් මුවාවෙන් සුපිරි මෝටර් රථ ගෙන්වීමේ වංචනික ක්‍රියාවක් පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
ආගමික ස්ථාන සඳහා බව පවසමින් ආනයනය කෙරුණු වාහන එකසිය පනස් අටක බලපත්‍ර කොන්දේසි එම නිලධාරීන් උල්ලංඝනය කර ඇති බවද එහිදී තොරතුරු අනාවරණය වී ඇත.
වාහන එකසිය විස්සක නිෂ්පාදන වර්ෂය වෙනස් කර ඇතැයිද එහිදී හෙළි විය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති අරවින්ද සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
මෙහිදී අදහස් දැක්වූ මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේ අදාළ නිලධාරියාට එරෙහිව චෝදනා පත්‍රයක් ලබාදී විනය පරීක්‍ෂණයෙන් පසු නැවතත් සේවයේ පිහිටුවා ඇති බවයි.
කරුණු තහවුරු කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් කර ඇතැයි ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියාරච්චි මහතා පැවසුවේ මුල් ලිපිගොනුව නැතැයි පවසමින් නිලධාරියා නිදහස් කිරීම වැරදි පූර්වාදර්ශයක් බවයි.
මෙහිදී අදහස් දැක්වූ මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ මේ පද්ධතිය ගැටලුකාරී යැයි කාලයක සිට තමා දැනුම් දී ඇති බවයි.
මේ අතර ඇසුරුම් ලේඛන සාවද්‍ය ලෙස වෙනස් කරමින් රේගු බදුනගේ වා ගෙවා මෙරටට ගෙන්වන ලද යතුරු පැදි සහ ට්‍රැක්ට තුන්සිය දෙකක් ව්‍යාපාදිංචි කර ඇතැයි මෙහිදී තොරතුරු හෙළි විය.
වාහන විසි තුනක් ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කර ඇතැයිද එම කමිටුව සඳහන් කරයි.
මීට අදාළ සියලු නිලධාරීන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝපා කමිටුවේ සභාපතිවරයා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.