Every creatures love their lives. Because they don’t have a big brain. එම වදන් පෙලින් චිත්‍රපටය අවසන් වෙනවා. මෙම චිත්‍රපටය මිනිසාට කියන කතාවක් තියෙනවා. අපට ඇති ප්‍රශ්නය අප මිනිසුන් වීමද? යන්න එය විය හැකියි. මිනිසා තරම් මොළයක් නැති තිරිසන් සතුන් තම ජීවිතයට ඇති ආදරය මිනිසා තුළ තම ජීවිතයට තිබෙනවාද? ඔවුන්ට ජීවිතයට වඩා ලොකු වෙනත් ප්‍රශ්න මොනවාද? ජීවිතය තොර කරගැනීම මේ සියල්ලට පිළිතුරද? එයට පිළිතුර අවසානයේ දිවිය බේරාගෙන ගසට නගින දිමියාත් නොදන්නවා විය හැකියි. මේ ඒ පිළිබඳ චිත්‍රපටයේ අධ්‍යක්ෂක චමිත් සුජීවගේ අදහස.
“මගේ අදහස මොලයද මේ සියල්ලට හේතුව. මොලයක් තියෙන නිසායි මෙච්චර හිතන්නෙ. ඒ නිසායි ආතතිය ඇති වෙන්නේ. ප්‍රාථමික සත්තුන්ට එම තත්ත්වය නැහැ. එදිනෙදා තත්ත්වයට අනුගත වෙලා ඔවුන් ආහාර සහ ලිංගිකත්වය මූලික කරගෙන ජීවත් වෙනවා මිසක් එතනින් එහා දෙයක් සිතන්නේ නැහැ. එයයි එහි විද්‍යාත්මක සත්‍යය. නමුත් ඇතැමුන් එලෙස සියදිවි හානි කරගන්නන් මෝඩයින් ලෙසත් දකිනවා. නමුත් එය සිතීම නිසා සිදුවූ අතුරු ප්‍රතිඵලයක් ලෙස දකින්නේ නැහැ. අපි එලෙස සිතන්නේ අපේ මොලය ලොකු නිසායි.මම මෙහි කියන්නට හැදුවේ එයයි.”
රංගනය - චමිත් සුජීව
කැමරා අධ්‍යක්ෂණය - අරෝෂ් උදයංග
සංස්කරණය - තුසිත රත්නායක
සංගීතය - සංඛ දිනෙත්
අදහස සහ අධ්‍යක්ෂනය - චමිත් සුජීව
රචින්ත ජයවර්ධන