දෙවැනි මහවැලියෙන් හෙක්ටයාර 82000කට දියවර


රුපියල් කෝටි 4814500ක් වියදමින් මොරගහකන්ද කළු ගඟ ජලාශයයක් ඉදි කිරීමට තවත් සංවර්ණමය පියවරක් අද ඇරැඹිණි. මහවැලියෙන් පසුව ඉදි කළ මෙම ව්‍යාපෘතියට 2007 ජනවාරි 25 වැනි දා මුල් ගල තැබූ මෛත්‍රීපාල සිරිසේන මහතා සමග රනිල් වික්‍රමසිංහ අගමැති ද කළු වේල්ලේ නිදන් වස්තු තැන්පත් කිරීමේ උත්සවයට සහභාගී වූහ.

ඇලහැරදී අඹන්ගඟ හරස් කර මොරගහ කන්ද ජලාශය ඉදි කරයි. මොරගහකන්ද පිහිටියේ මාතලේ දිස්ත්‍රික්කයේ ය. මොරගහකන්ද ජලාශය සහ කළු ගඟ ජලාශය අතර දුර ප්‍රමාණය කිලෝමීටර 10කි. 

ගොවිතැනට හා විදුලිය නිපදවීම එහි අරමුණයි.

මොරගහකන්ද වේල්ලේ උස මීටර 213කි.

මෙම ජලාශ අතර කළු ගඟ ජලාශය උමඟකින් මොරගහකන්ද ජලාශයට සම්බන්ධ වන අතර මෙම ජලාශ දෙක අතර සෑදල වේල්ලක් ද ඉදි කැරෙයි. හෙක්ටයාර 82000කට ආසන්න කුඹුරු වගා කිරීමටත්, එමගින් වී නිශ්පාදනය සියයට 81 දක්වා ඉහළ නැංවීමටත් රජය බලාපොරොත්තු වේ.

මොරගහකන්ද ජලාශයෙන් මෙගාවොඩ් 25ක ජල විදුලිය නිපැදවෙන අතර කළු ගඟ ජලාශය මාතලේ, අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ පොළොන්නරුවට 2032 වන විට පානීය හා කර්මාන්ත සඳහා ජලය සැපයීමට ද යයි.

සෙත් පිරිත් සජ්ජායනා හා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ මෙම නිදන් වස්තු තැන්පත් කිරීම සිදු විය.

නූතන යුගයේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය මගින් උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නියමිතය.

මේ යටතේ ඉදිකෙරෙන මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් මේ වන විට බොහෝ දුරට අවසන් වී ඇති අතර එම ජලාශයට ජලය පිරවීම මෙම වසරේ ඔක්තෝබර් නොවැම්බර් මාසවල වැසි සමයේදී සිදුකෙරෙන අතර දෙසැම්බර් මාසයේ දී එය විවෘත කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස සිටියදී 2007 වසරේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය තුළින් මෙගා වොට් 25ක විදුලි ධාරිතාවයක් නිෂ්පාදනය කෙරෙන අතර ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මාතලේ, අනුරාධපුර ආදී දිස්ත්‍රික්ක රැසක කුඹුරු හෙක්ටයාර් 82,000කට ජලය ද සැපයේ.

මෙමගින් ජාතික නිෂ්පාදිතයට ඇමෙරිකා  ඩොලර් මිලියන 30ක ආදායමක් අපේක්ෂා කෙරෙන අතර ප්‍රතිලාභ හිමිවන පවුල් සංඛ්‍යාව ලක්ෂ දෙකකි.

  චීන ණය ආධාර යටතේ ඇමෙරිකා  ඩොලර් මිලියන 1300ක වියදමින් ඉදිකරන මෙම ව්‍යාපෘතිය යටතේ ඉදිවන මොරගහකන්ද ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් සිව් ගුණයක් හා කළුගග ජලාශය පරාක්‍රම සමුද්‍රය මෙන් දෙගුණයක් පමණ විශාල වේ.

කළුගග ජලාශයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා කිලෝ මීටර් 9ක උමං මාර්ගයක් ඔස්සේ  ගෙන ගොස් එතැන් සිට කිලෝ මීටර් 67ක් දුරින් පිහිටි හුරුළු වැව දක්වා ගෙනයනු ලබන අතර එහිදීද කිලෝමිටර් 26ක උමං මාර්ගයක් ඉදිකෙරේ.

මීට අමතරව මෙම ව්‍යාපෘතිය යටතේ බෝවතැන්න හරහා වයඹ පළාතට ද ජලය ගෙනයාම සිදුවේ.

මෙම ව්‍යාපෘතියේ කළුගග ජලාශය ඉදිකිරීම 2018 වසරේදී අවසන් කෙරෙන අතර සම්පූර්ණ ව්‍යාපෘතිය 2020 වසරේ දී නිම කිරීමට නියමිතය.

මෙහි නිදන් වස්තු තැන්පත් කිරීමේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, පාර්ලිමේන්තු කටයුතු හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක්   සහභාගී වී සිටියහ.

චීන රජය සතු සයිනෝ යහිඩ්‍රෝ සමාගම ඉදි කිරීම බාරව සිටියි.

DSC06757 DSC06769 DSC06793 DSC06795 DSC06798 DSC06800

ඡායාරූප - කාංචන කුමාර ආරියදාස

DSC_2885 DSC_2888 DSC_2895 DSC_2921 DSC_3234

DSC_3844 DSC_4000 DSC_4065

ඡායාරූප - ශාන්ත රත්නායක

(වීඩියෝ ශාන්ත රත්නායක)