මෙතෙක් සාරවිට තුළින් ඔබ අත්විඳි කෙටි චිත්‍රපටවලට වඩා වෙනස් විදියක නිර්මාණයක් ලෙස ධනුෂ්ක අබේරත්නගේ Miracle දැක්විය හැක. විද්‍යාෙවන් සහ තාක්ෂණයෙන් මේතාක් ඉදිරියට ගොස් සිටියදීත් මිනිසුන් මිත්‍යාව පසුපස දිව යෑම තවදුරටත් අනුමත කළ නොහැක. එය තාක්ෂණයෙන් ඉදිරියට යන රටක් ආපස්සට ඇදීමක් වැන්න. ධනුෂ්ක අබේරත්න සිය නිර්මාණයට කැටි කරන්නේ එයයි.
මගේ ඔළුවට මේ අදහස ආවෙ මිනිස්සු හැම දේකටම මේ වගේ අදිසි දේ පස්සෙ දුවන එකයි. ක්ෂණික කලබලයත් එයට හේතුවක් වෙනව ඇති කියල මට හිතෙනව. මේ විදියට මිත්‍යාව පසුපස යාම නම් හොද තත්ත්වයක් නෙමෙයි. විමසීමක් කළොත් ඊට වඩා සරළ හේතු සොයා ගත හැකියි. ඒ ධනුෂ්ක අබේරත්න සිය නිර්මාණය පිළිබඳ කියන අදහසයි.
රංගනය
- කාංචනා මධුවන්ති
- උදිත ඉන්දීවර
- ලහිරු සූරියාරච්චි
ආලෝකකරණය
- ජනක සමින්ද
කලා අධ්‍යක්ෂණය
- සම්පත් කුමාර
කැමරාකැරණය
- ලහිරු සූරියාරච්චි
- ඉරෝෂාන් ධනංජය
සහය අධ්‍යක්ෂණය
- කුෂ්ලාන් උදාර
පිටපත/සංස්කරණය සහ අධ්‍යක්ෂනය
- ධනුෂ්ක අබේරත්න
Spade Media Academy හරහා එක්වන මෙවන් පිරිසකගෙන් නිර්මාණ සිදුවීම අගය කළ යුතුය. ප්‍රධාන වශයෙන්ම මෙම නිර්මාණයට පාදක කරගත් සමාජයේම ඇස් යොමු විය යුතු කාරණාව ඉස්මතු විය යුතුය.