මේ අපිට අහං ඉන්න තියෙන කතාවක්. මේ කතාව කියන්නෙ පොඩි එකෙක්. මේකෙන් තේරුම් යයි මේ අධ්‍යාපන ක්‍රමය කොයිතරම් නරක බළපෑමක් ළමයින්ට කරනවද කියල. ඒ මේක ළමයෙකුගෙම මුවින් කියැවෙන නිසයි.
අමිල සඳරුවන්ගේ ජෝන් සීනා සින්දුව පාවිච්චි කරල තියෙන මේ වීඩියෝවට කැමරාකරණයෙන් සහ සංස්කරණයෙන් දායක වන මෙහි අධ්‍යක්ෂක ප්‍රෞඩ ඇරෙන්නට වෙනත් කිසිවකු දායක වන්නේ නැහැ. ඒ නිසා මේ නිර්මාණය කෙටි චිත්‍රපටයක් වෙනවද කියලත් සැකයක් තියෙනවා.
මේ ඒ ගැන ප්‍රෞඩගේ අදහස... මම මේකෙ අධ්‍යක්ෂකවරයා නෙමෙයි. මේ අදහස් ඒ පොඩි එකාගෙ. මං කළේ කැමරාව අල්ලගෙන හිටපු එකයි පස්සෙ එඩිට් කරපු එකයි විතරයි. අපේ ගෙවල් ගාව පාසල් ගුරුවරයෙකුගේ දරුවෙක් වෙච්ච මේ පොඩි එකාගෙ මුවින් පිටවෙච්ච මේ වචන එළියට ගියොත් ඔහුට අකරතැබ්බයක් වෙයි කියල මම මේ වීඩියෝව අවුරුදු දහයකටත් වඩා මගේ ලඟ තියාගෙන හිටියා. දැන් මේක නිකුත් වුනාට කමක් නැහැ. මේ වචන සම්පූර්ණයෙන්ම ඒ පොඩි එකාගෙ. මෙහි හිමිකරු ඔහු බව නැවතත් මතක් කරන්න ඕන.
අච්චු පොත් වනපොත් කරලා, ස්වශක්තියෙන් නොසිතා ඉදිරියට යන පරම්පරාවක ඉරණම කොයිවගේද?
අන්තිමට ප්‍රෞඩ අහන ප්‍රශ්නයක් තියෙනව..
අපෙ පොඩි එකාට ගහපු ජෝන් සීනල කවුද?
රචින්ත ජයවර්ධන