දුලීකා මාරපන කියන්නේ කොහොමත් කාර්යය බහුල චරිතයක්. එයා අවුරුද්දට ගෙදරට වෙලා ඉන්නවාලු. ඒ ගැන අපත් සමග ඇය මෙසේ පැවසුවා.
අවුරුද්දට කියලා මම විශේෂ දෙයක් නම් කරන්නෙ නෑ. කොහොමත් මම අවුරුදු දවස්වලට වැඩ බාරගන්නෙත් නෑ. වෙන අවුරුදු වගේම මේ අවුරුද්දෙත් මගෙ අම්මත් එක්ක ඉන්න ඕනෙ නිසා පරණ අවුරුද්දෙයි අලුත් අවුරුද්දෙයි දෙකේම කෑගල්ලෙ මගේ මහගෙදර තමයි මම ඉන්නේ.
අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගත්තම ඔය මොනයම් හෝ චාරිත්‍රයක් මගෙ ඔළුවට බරක් නම් මම ඒක කරන්න යන්නෙ නෑ. ඒ කියන්නෙ හවස නම් තියෙන්නෙ ආහාර අනුභවය උදේ ඉඳන් බඩගින්නෙ ඉන්න මට බෑ. ඒ කියන්නෙ චාරිත්‍ර වාරිත්‍ර වුණත් කරදරයක් නම් කරන්නෙ නෑ. පහසුවෙන් කරන්න පුළුවන් හැම චාරිත්‍රයක්ම කරනවා. සම්ප්‍රදාය මහ හිසරදයක් නම් සම්ප්‍රදාය කරපින්නාගෙන ඉඳලා හරියන්නෙ නැහැනේ. අපේ ගෙදර කොහොමත් වෙලාවට කනවා බොනවා. අම්මට සනීප නැති හින්දා අම්මට බඩගින්නේ ඉන්නත් බෑ. එයාව බඩගින්නෙ තියන්නත් හොඳ නෑ. ඉතින් ඒකනිසා තමයි මම කිව්වේ කරන්න පුළුවන් සිරිත් විරිත් ටික අපි කරනවා. අවුරුද්දට කැවුම් කොකිස් හදන ඒවා උඳුවැල් හදන ඒවා ඒ හැම දෙයක්ම කෙරෙනවා. අවුරුද්දට අහල පහල ගෙවල්වලට කැවිලි බෙදනවා. චූටි කාලෙ නම් මම රතිඤ්ඤා පත්තු කළා. ලොකු වුණාට පස්සෙ නම් ඒවා නැවැත්තුවා.
මම හිතන්නෙ ඒක බොරු වැඩක් කියලා. අවුරුද්දට ෂොපින් කරන වැඩෙත් මම කරන්නෙ නෑ. මොකද මම අවුරුද්දට කියලා පොරකකා ගිහින් ඇඳුම් ගන්න කැමති නෑ. අවුරුද්දටම කියලා ඇඳුම් අරන් දෙන්න ඉන්නෙත් නෑ. මට පුළුවන් හැමවෙලාවකම මම ඇඳුම් පැලඳුම් ඒ අවශ්‍ය දේවල් අරන් දෙනවා.
අපේ කට්ටිය කරන දෙයක් තමයි අලුත් අවුරුද්ද ලබන කොට අතේ තියෙන සල්ලි ඔක්කොම හින්දා ගන්නවා. ඒ කියන්නෙ තමන් හම්බකරගෙන ඉන්න සල්ලි ඔක්කොම වියදම් කරලා, ණයත් වෙලා අවුරුදු කාලා ඊට පස්සෙ තව මාස 4ක් 5ක් යනකම් ණය ගෙවනවා. ඉතින් මම හැමෝටම ආදරෙන් කියන්නෙ තමන්ගෙ අතේ තියන මුදලට ජීවත් වෙන්න පුළුවන් පහසු පරිසරයක් හදාගන්න කියලයි. ඒවගේම අවුරුද්ද කියලා අනවශ්‍ය විදිහට වියදම් කරන්න යන්න එපා. හිතේ සතුට හැමදාම තියාගන්න. දෙමාපියන්ට සලකන එක, නෑ හිතවතුන්ට සලකන එක අවුරුදු චාරිත්‍රයක් විදිහට නෙමෙයි මුළු අවුරුද්ද පුරාම තියාගන්න. එහෙම වුණාම තමයි අපේ රටේ තියන හිත් නොහොඳකම් ඉතාම අවම වේවි කියලා මම හිතන්නේ. ආදරය, කරුණාව, දයාව හැමදාම හිතේ තියාගන්න චාරිත්‍රයකට විතරක් එක දවසකට කරනවාට වඩා ඒක තමයි වැදගත් වෙන්නේ."
කුෂි