"ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව" කාව්‍ය කෘතිය සම්බන්ධයෙන් නදී වාසලමුදලිආරච්චි කතාකරයි.
නදී වාසලමුදලිආරච්චි ඇයටම අනන්‍ය වූ භාෂා විලාසයකින් ගද්‍ය සේම පද්‍යද රචනා කරයි. සිය පාඨක වපසරිය කුමක්ද යන්න හඳුනාගෙන ලිවීමෙහි නිරත වන ඇය පාඨකයාගේ රුචියට පොත් ලිවීමේ සුපුරුදු ක්‍රමවේදයෙන් බැහැරව සිටීම අගය කළ යුතු කරුණකි. ඇයත් සමග මේ කතාබහ සිදුවන්නේ පසුගිය වසරේ නිකුත් වුණු "ඇයගේ ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව" කාව්‍ය සංග්‍රහය නැවත කරළියට පැමිණෙන නිසාවෙනි.
"ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව"
2008දි තමයි "ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව" කවි පොත නිකුත් කළේ. එය නිකුත් වන්නේ "ආකාස පර්වත" නවකතාව සමග. කවි පොතේ සම කතෘ විදියට දීප්ති කුමාර ගුණරත්න මා සමග සිටියා. මේකෙ දිගුවක් විදියට තමයි "ප්‍රේමය සමග ප්‍රින්සිපැලිටියට එරෙහිව" පසුගිය වසරේ නිකුත් වුණේ. එය නිකුත් වුණේ "වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්" නවකතාවත් සමගයි. මේ වගේ පොත් පහකට යන්නට තමයි මගේ අදහස. මේ එකකට එකක් අන්තර්ගතයෙන් සම්බන්ධයි හෝ සම්බන්ධ නැහැයි කියන්න බැහැ. ඔය පොත් දෙකේම තියෙන්නෙ අපි මේ ඉන්න සිස්ටම් එක විවේචනය කිරීමක්. "ප්‍රේමය සමග ඩොක්සාවට එරෙහිව" කියන පොතේදි මේ සමාජ ක්‍රමයට එරෙහි වීම කියන එකට ප්‍රේමය ගෑවෙන්නෙ ප්‍රේමය නැතුව මේක හදන්න බැහැ කියන තැන නිසයි. මොකද මනුෂ්‍යත්වයට ප්‍රේම නොකර කෝකට එරෙහි වුණත් වැඩක් නැහැ.
"ප්‍රේමය සම ප්‍රින්සිපැලිටියට එරෙහිව" කියන එක එන්නෙම රාජපක්ෂ රෙජීමය නිසයි. ප්‍රින්සිපැලිටිය කියන්නෙ මකියාවේලිගෙ කුමාරයා පොතෙන් එන වචනයක්. කුමාරයෙක්ව කොහොමද රාජ්‍යත්වය සඳහා ප්‍රගුණ කරන්නේ කියන දේ තමයි මකියාවේලි ඒ පුංචි පොතේ ලියලා තියෙන්නෙ. ඒ අවස්ථාවෙදි නාමල් රාජපක්ෂ හැසිරුණු විදිය, මහින්ද රාජපක්ෂ හැසිරුණු විදිය, පවුල් බලය කොහොමද රටක් විදියට දැනුණෙ කියන කාරණා එක්ක තමයි මේක ලියැවෙන්නෙ. මගේ පොත් දෙකේම තියෙන්නෙ දේශපාලනික කවි.
වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් වෙත සම්මාන නිර්දේශයක්
"ප්‍රේමය සම ප්‍රින්සිපැලිටියට එරෙහිව" කියන පොතට සමගාමීව පසුගිය 2015 වසරේදී "වුල්ෆන්ඩාල් ස්ට්‍රීට්" පොත එළියට ආවා. වුල්ෆන්ඩාල් ස්ට්‍රීට් ස්වර්ණ පුස්තක සම්මානයේ පළමු පොත් දහය ඇතුළට තේරී නිර්දේශිත කෘතියක් වුණා. එයත් දේශපාලනික කතාවක්. එහි තියෙන්නෙ 48දි ලත් නිදහසේ සිට මේ වන තෙක් රට දේශපාලනිකව සහ සමාජයීයව වෙනස් වුණේ කොහොමද කියන එකයි. එය විදර්ශන ප්‍රකාශනයක්.
ෆේස්බුක් කවිය
මම ඔන්ලයින් කවි ලියන්නෙම නැහැ. මගේ පොතට ප්‍රචාරණ ක්‍රමවේදයක් විදියට පොතේ කවි දෙක තුනක් දැම්මා හැරෙන්න මම ෆේස්බුක් එකට කවි ලියලා නැහැ. මම විශ්වාස කරන්නෙ නැහැ ෆේස්බුක් එකට කවි ලියන එකෙන් විසංවාදයක් ඇති කළ හැකියි කියලා. ඒක තමන්ගෙ භාව ප්‍රකාශනය සඳහා එවෙලේ ලියලා දාන්න නම් හොඳයි. කවුරුත් ළඟක නැතිනම් තමුන්ට දැනෙන දුකක් හෝ සතුටක් ලියලා දාන්න පිටකරගන්න ඉඩක් තියෙන එක හොඳයි. ඒකට මම මගේ පැත්තෙන් එච්චර එකඟ නැහැ. සමහරුන්ට ඒක හොඳ විදියට බලපාලා කියෙනවා. සමහරුන්ට එහෙම නැහැ.
මම වර්චුවල් වර්ල්ඩ් එක විශ්වාස කරන්නෙම නැහැ.
ඔබේ රචනා ශෛලිය සහ එය ජනගත වීම මම දැනන් හිටියා ඕක එළියට දාද්දිම මම ඒක දාන්නෙ මොන පිරිසටද කියන එක. මගේ නවකතා ඇතුළු සියළු ලිවීම් කියවන්නෙ පොඩි පාඨක පිරිසක්. ඒක මට ප්‍රශ්නයකුත් නැහැ. පොත් විකිණෙනවා නම් හොඳයි. ස්වර්ණ පුස්තක අවසන් පොත් දහය අතරට ආවම මම සතුටු වුණෙත් මිනිස්සු පොත ගැන දැනගන්න නිසා. එය ජනතාව අතරට යයි කියන හැඟීම තිබුණා. මම ආසයි මම ලියන පොතක් ජනතාව කියවලා එය විඳිනවා නම්. එවුණත් මම සරල කරලා ලියන්නෙ නැහැ. මම මගේ ශෛලියේ ලියනවා. පාඨකයා ඔවුන්ගේ රුචි අරුචිය අනුව එය කියවාවි. ඕන කෙනා හොයාගෙන කියවාවි.
ජීවත්වෙන්නට පොත් ලිවීම
මම බලාපොරොත්තු වන්නේ පරිනත පාඨකයෙක්. මම ලියන්නෙ ඔවුන්ට තමයි. ඒ වුණත් පාඨකයාට අනුව ලිවීම වෙනස් කරන්නට මම සූදනම් නැහැ. මොකද මම මේක මගේ විනෝදාංශය විදියටයි කිරන්නෙ. මම රැකියාවක් කරනවා. එනිසා මගේ ලිවීම් කාර්යය තුළ මට අවැසි දේ කරන්නට නිදහස තියෙනවා. අනිත් එක මගේ පොත් විකුණලා ලැබෙන කතෘ භාගයෙන් ජීවත්වෙන්නට තරම් ලොකු මුදලක් උපයන්නටත් බැහැ. එහෙම කියලා මගේ පොත් මම මාකට් නොකර ඉන්නෙ නැහැ. මම රස්සාවටත් කරන්නෙ මාකටින්. හැබැයි පොත් මාකට් කරනකොට උඩ පැනගෙන කෑ ගහන්නෙ ලේඛකයොමයි. මට අහන්න තියෙන්නෙ ඇයි තමුන්ගෙ කේෂේත්‍රය දියුණු වෙනකොට වළ කපන්නෙ කියලයි.
රචින්ත ජයවර්ධන