‘‘ඇත්තටම මම මේ ජනප්‍රිය කලාවට ආවේ අහම්බෙන්. පාසලේදී පවා මම තරමක් හෝ දක්ෂ වුණේ සංගීත අංශයටයි. ඉතින් නිරූපනය, රඟපෑමට කවදාවත් ඒවි කියලා නම් හිතුවෙ නැහැ. මියුසික් වීඩියෝවකට පෙනී සිටින්න කියලා මට අවස්ථාවක් ලැබුණා. ඒක ඇත්තටම අහම්බයක්. මගේ ඡායාරූප කීපයක් ෆේස්බුක් එකේ දැකලා ‘‘චමු ශ්‍රී’’ අයියා තමයි කතා කළේ. පෝල් අල්විස්ගෙ ‘‘ඔබ නැති දුක’’ ගීතයට තමයි පෙනී සිටියෙ. ඒකට මට හොඳ ප්‍රතිචාර ලැබුණෙ. එදා ඉඳලා දිගටම මියුසික් වීඩියෝවල රඟපෑමට ආරාධනා ලැබුණා.
මේ විදියට කලා ක්ෂේත්රයට පැමිණි ‘‘මියැසි සංදීපනී’’ අද රූපවාහිනී දැන්වීම් ක්ෂේත්රයට නැවතුව බැරි ශිල්පිණියකි. නමුත් වැඩි දෙනෙක් ඇය ගැන සොයන්නට බලන්නට විමසිලිමත් වූවේ හිරු නාලිකාව ඔස්සේ විකාශය වූ ‘‘වස්සානේ පේ‍්‍රමය’’ ටෙලි මාලාව නිසාය. එහි ‘‘ශාලින්යා’’ නමින් නපුරුම නපුරු චරිතයකට ඇය දායක වූවා. මේ විදියට මියුසික් වීඩියෝ, ටෙලි නාට්‍ය සහ දැන්වීම් නිරූපිකාවක ලෙස නිතර දකින්න ලැබෙන රුවක් වුවද, මේ මියැසි සංදීපනීගේ ජීවිතයේ ප්‍රධාන අරමුණ නම් මේ කිසි දෙයක් නෙවෙයි.
මගේ ප්‍රධාන අරමුණ වන්නෙ මෘදුකාංග අංශයේ ඉංජිනේරුවරියක වීමයි. උසස් පෙළට පවා තොරතුරු තාක්ෂණ විෂයයට පෙනී සිටිය. සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවරියක වීමේ අරමුණ තිබියදී තමයි. අහම්බයකින් මගේ ජීවිතය වෙනත් පැත්තකට පෙරළුණේ.
ඒ කියන්නෙ දැන් ඒ අරමුණ නැද්ද?
දැනටත් තියෙන්නෙ ඒ අරමුණයි. නමුත් මියුසික් වීඩියෝ කලාවට ආ නිසා මගේ ජීවිතයට වැඩි වටිනාකමක් ලැබුණා. ඒ නිසා දිගින් දිගටම ලැබුණු ආරාධනා නිසා මේ ක්ෂේත්රයට මම අවංක වුණා. හැබැයි සොෆ්ට්වෙයාර් ඉංජිනියර් වීමේ අදහස තවම අත්හැරලා නැහැ.
මියුසික් වීඩියෝවලට අමතරව ඔබ පෙනී සිටි දැන්වීම් ගැන කිව්වොත්?
ඩයලොග්, HNB, CDB, කෝස්වේ පේන්ට්, මේ වගෙ ගණනාවකටම පෙනී සිටියා.
දැන් එතකොට ඔබගෙ වෘත්තිය රඟපෑමද?
තවම ඒක ප්‍රධාන රැුකියාව කරගත්තෙ නැහැ. අද මම අතිශය කාර්ය බහුල වෙලා නැහැ. ඒත් පසුගිය දිනවල ගෙදරවත් යන්න බැරි තරමට කාර්ය බහුල වුණා. ඒ නිසා කලාවේ ඒ නිර්මාණ ගැන හැර වෙන දෙයක් ගැන හිතන්න බැරි වුණා. දැන් මම මගේ ප්‍රධාන අරමුණ කරා යන්න ඕනෑ. මුලින් ඉගෙනීම සාර්ථක කරගෙන පසුව ජීවිතයෙ එන විදියට මම තීරණය කරාවි.
කොහෙද මියැසිගෙ ගම?
මම උපන්නෙ මාතරදී. ඒත් හැදී වැඩුණේ සහ පාසල් ගියේ නුවරදී.
පාසල?
නුවර හිල්වුඞ් එකට ගියේ. පසුව A/L කරන්න ජාත්‍යන්තර පාසලකට ගියා.
පාසලේ අධ්‍යාපන කටයුතු වලට වගේම බාහිර කටයුතු වලට වැඩිපුර දායකත්වය ලබා දුන්නා. ක්‍රීඩාවලට සෑහෙන දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම විෂයයක් ලෙස සංගීතය කළා. එක්තරා අස්ථාවක සංගීතය නිසා ශිෂ්‍යත්වයක් පවා ලැබුණා. ඉන්දියාවේ රවීන්දනාථ ථාගෝරයන්ගේ සංගීත සරසවියට ගොස් ඉගෙන ගැනීමේ අවස්ථාවක් අපේ පාසලේ ශිෂ්‍යාවන් කීප දෙනෙකුට හිමිවුණා. ඒ අතරට මාත් ඇතුළත් වුණා. එය ජීවිතයේ ලොකු අවස්ථාවක් කිව්වොත් හරි.
දැන් මේ දවස්වල ‘‘මියැසි’’ මොනවද කරන්නෙ?
මේ දිනවල ටෙලි නාට්‍ය හතරක විතර වැඩ බාර ගෙන තියෙන්නෙ. එයින් දෙකකට රූගත කිරීම් සඳහා යනවා. රඟපෑ ටෙලි නාට්‍ය 4ක් විතර විකාශයට නියමිතයි.
මියැසිගෙ පවුලේ විස්තර කිව්වොත්?
අපෙ අම්මා විදෙස් ගතව සිටින්නෙ. තාත්තා සිටියෙත් විදෙස්ගතව. ඒත් දැන් මේ දිනවල ලංකාවේ. අපේ අයියත් විදෙස්ගතව සිටින්නෙ. අක්කා ලංකාවේ. අයියයි අක්කයි දෙන්නම විවාහකයි.
දැන් ඊළඟට මියැසිගෙ විවාහය?
අපෝ තවම අවුරුදු 22යි. මගේ ඉගෙනීම තමයි ප්‍රධාන අරමුණ. හැබැයි ඉතින් යෝජනා නම් බොහෝමයි. ඒත් තවම ඒ ගැන හිතන්න බැහැ. නිදහසේ සිටින තරමට අධ්‍යාපනය ගැන සැහැල්ලූවෙන් මනස යොදන්න පුළුවනි.
මියැසිට හොඳට ගීත ගයන්න පුළුවනි නේද?
මම ඊටත් වඩා සිංදු අහන්න ආසයි. හොඳ ගීත රසිකාවියක්. මේ දිනවල නිතර අහන්න ලැබෙන ‘‘වෙන් වී ගියත් පෙරදා’’ ගීතයට හරිම ආසයි.
කවුද වෙන් වී ගියේ?
කවුරුවත් නැහැ. මම ඒ ගීතයට හරිම ආසයි?
මියැසි ඔබ ගීතයක් වගේ සෞම්යයිද? නැත්නම් කුණාටුවක් වගේ රළුද?
මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මගේ යාළුවෝ කවුරුහරි අමාරුවේ වැටෙන්න යනවා නම් මම ඊට වහාම මැදිහත් වෙලා එයින් එයාව බේර ගන්න හදන කෙනෙක්. අසාධාරණයේදී එය දැක දැක නිකම් ඉන්නේ නම් නැහැ. ආසාධාරණයට තදින්ම විරුද්ධයි. එතකොට නම් සුළි සුළඟක් වගේ ක්‍රියාත්මක වේවි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ