මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සෙනසුරාදා හා ඉරිදා දිනවල රාත්‍රී 8ට විකාශය වන ‘දේවිය සුගලා’ ටෙලි වෘතාන්තයේ නිෂ්පාදක - අධ්‍යක්‍ෂක කැළුම් පාලිත මහීරත්න, ස්වාධීන රූපවාහිනී ක්‍ෂේත්‍රයට ආගන්තුකයකු නෙවේ. දශක තුනකට අධික කාලයක් රූපවාහිනී නාලිකා කිහිපයක නිර්මාණ අධ්‍යක්‍ෂකවරයකු ලෙස පෙළහර පෑ කැලුම් ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයකු ලෙසද ප්‍රේක්ෂක ප්‍රසාදයට ලක්ව සිටින්නෙකි. වර්තමානයේ සියත රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කරන කැලුම්, දැනට ටෙලිනාට්‍ය ක්‍ෂේත්‍රයේ පවත්නා අර්බුදකාරී තත්ත්වයන් හා එයට පාදක වූ කරුණු කාරණා රැසක් පිළිබඳව දොඩමලු වන්නට අප හා සම්බන්ධ විය.
‘දේවිය සුගලා’ නිර්මාණය කරලා විකාශය කරන්නට ඔබට වසර 2 ක් පමණ බලා හිඳින්නට සිද්ධ වුණා නේද?
ඔව්, වසර දෙකකට ආසන්න කාලයක් බලන් ඉන්න වුණා. ඒ කාලය තුළ මෙම නිර්මාණය විවිධ හැල හැප්පීම්වලටත් ලක් වුණා. ලොකු සටනක් දීලයි මේක විකාශය කරගන්නෙ. පගාව දුන්නා නම් මීට කලින් විකාශය කරගන්න තිබුණා.
ඉන්දියානු ටෙලිනාට්‍ය නිසා අපේ නිර්මාණ වේදින්ට විශාල අර්බුදයකට මුහුණ දෙන්නවෙලා තියෙනවා නේද?
ඒක මේ රටේ බරපතළ අරගලයක්. හුඟක් අය කියන්නෙ අපට මේ ඉන්දියානු ටෙලිනාට්‍යවලට සමාන නිර්මාණ කරන්න බැහැයි කියලනෙ. ඒ අරගලයත් එක්ක තමයි මම ‘දේවිය සුගලා’ හදන්නෙ විශාල මුදලක් වැය කරලා. මට එක කොටසකට රැ. 275,000 විතර වැය වුණාට අපි ඒක නාලිකාවට දුන්නෙ ඊට වඩා ගොඩාක් අඩු මුදලකට. පාඩුව කෙසේ වෙතත් අපට මේක පෙන්නන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා.
දේවිය සුගලා තවත් ඉතිහාස කතාවක්ද?
නැහැ, මම හිතන්නෙ දේවිය සුගලා ඉතිහාස කතා සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් සෞන්දර්යාත්මක ටෙලිනාට්‍යයක් බවට පත්වෙයි. සුගලා දේවිය කියන වීර චරිතය පදනම් කරගෙන ඒකට සෞන්දර්යයත් මුසුකරගෙන ඉතාම හොඳ නළු නිළියන් පිරිසක් එක්ක කරපු හරඹයක් කියලයි මට දැනෙන්නෙ.
ඉන්දියානු හා අපේ ටෙලිනාට්‍ය වෙනුවෙන් වියදම් කරන මුදල මේ අර්බුදයට බලපාන සාධකයක් කියලා ඔබ හිතනවද?
අනිවාර්යයෙන්ම. ඉන්දියාවෙන් ලංකාවට ගෙන්වන ටෙලිනාට්‍යවල එක විනාඩි 30ක කොටසක් වෙන්වෙන් ඉන්දියානු ලක්ෂ 25 ක් වියදම් කරනවා. ලංකාවෙ සල්ලිවලින් ලක්ෂ 50කට වැඩියි. මම දන්න විදිහට ඒකෙ නිළියකට එක කොටසක් වෙනුවෙන් ඉන්දියානු රැපියල් ලක්ෂයක් ගෙවනවා. අපේ මුදලින් ලක්ෂ දෙකක්. අපට ටෙලිනාට්‍යයක එක කොටසකටවත් ලක්ෂ 2 ක් ලැබෙන්නෙ නැහැ. ඒවගේ නිර්මාණ එක්ක තමයි කොටසක් රැපියල් ලක්ෂයකට, ලක්ෂ 1.20කට වගේ ටෙලිනාට්‍ය හදලා තරග කරන්නෙ.
එදා රෑපවාහිනී නාලිකා විසින් ටෙලිනාට්‍ය මිලදී ගත්තෙ මෙවැනි ගණන්වලටද?
පුදුමෙ කියන්නෙ අවුරැදු 25කට කලින් එක කොටසක් මිලදී ගත්තෙ රැපියල් ලක්ෂ 4කට. අවුරැදු 25කට පස්සෙ ඒ භාණ්ඩයම මිලදී ගන්නෙ රැපියල් ලක්ෂයකට. මෙහෙම මිල අඩුවෙච්ච භාණ්ඩයක් ලෝකෙ කොහෙවත් නැතුව ඇති. අද අඩුගානෙ ඒ මිලවත් නැහැනෙ. මුළු කර්මාන්තයම අද විනාශවෙලා තියෙන්නෙ. විශේෂයෙන් ජාතික රෑපවාහිනියයි ස්වාධීන රෑපවාහිනියයි මේකට මැදිහත්වෙලා මේකට නිශ්චිත මිලක් හදලා ඔවුන් හරි මේක ගොඩගන්න ඕනෙ. රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම මේකට අත්‍යවශ්‍ය වෙනවා. මේ ව්‍යසනය පටන් ගත්තෙ පහුගිය ආණ්ඩුව කාලය තුළ, පගාව දීලා ටෙලිනාට්‍ය පෙන්නන ප්‍රවණතාවයත් එක්ක. ඉහළ නිලතලවල ඉන්න අය පගාව අරගෙන ටෙලිනාට්‍ය දැම්මහම හැම කුණු ගොඩක්ම පෙන්නුවා.
දේවි සුගලාගෙන් ඔබ දැනටමත් පාඩු විඳලා ඉවරයි?
ඔව්, මෙතනින් එහාට මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පමණයි මට ශක්තියක් වෙන්නෙ. අඩුම ගානෙ ප්‍රේක්ෂකාගාරවත් මේක නිසි පරිදි තේරැම් ගත්තොත් මට හිතේ සතුටක් දැනෙයි.
පගාව නොදී ටෙලිනාට්‍ය පෙන්වන ප්‍රවණතාවය ගැන සතුටු වෙනවද?
ඒක සුබ පෙරනිමිත්තක්. ඒක වුණේ අලුතින් පත්වුණු රජයත් එක්ක. නමුත් තාමත් ඒකෙ යම් යම් හෙවණැලි ආයතන තුළ නැත්තෙම නැහැ. සුගලා නාට්‍යයටත් ඒවායේ බලපෑම් එල්ල වුණා.
මේ රටේ සම්මාන උළෙලවල් ගැන ඕබේ අදහස?
ප්‍රමිතියක් නැති නිසා මට මේ රටේ සම්මාන උළෙලවල් ගැන ගරැත්වයක්වත් පැහැදීමක්වත් නැහැ. ඉස්සර නම් අපට ඒවා කෙරෙහි ලොකු විශ්වාසයක් තිබුණා. සම්මාන උළෙලවල් ගැන මට විශ්වාසය කඩවෙලා අවුරැදු 15 ක් වෙනවා. මෑතකදී පවත්වපු එක්තරා ටෙලි සම්මාන උළෙලකදී ප්‍රවීණ මාධ්‍ය ෙව්දීන්, කර්තෘවරැ වගේම ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරැන්ට වෙන්කරලා තිබුණෙ බැල්කනියෙ මුල්ලෙ ආසන. මේ සම්මාන උළෙල කරනවයි කියන්නෙ කලාකරැවන් වෙනුවෙන්, ඒත් කලාකරැවො අඳුරන්නෙ නැති කෙනෙක් තමයි මේවායේ සම්බන්ධීකරණ කටයුතු කරන්නෙ. අනිත් කාරණය තමයි සම්මාන උළෙලවල්වල සම්මාන සඳහා නිර්මාණ තෝරන විනිශ්චය මණ්ඩලය ගැන තිබෙන ගැටලුව. නිර්මාණකරැවා විනිශ්චය කරන්න පුළුවන් විෂය දැනුමක් ඒ අයට තියෙනවද? ඔය ප්‍රශ්නෙට මට තියෙනවා නාලිකාවල ටෙලිනාට්‍ය තෝරන මණ්ඩල ගැනත්. ඒ මණ්ඩලවල ඉන්නෙ නිර්මාණ ෙව්දින් පරීක්ෂා කරන්න පුළුළුන් අයද? අදාළ විෂය ඒ අය හදාරලා තියෙනවද? මම හිතන්නෙ එවැනි මණ්ඩලයක ඉන්න ඕනෙ හොඳ අධ්‍යක්ෂකවරයෙක්, හොඳ කැමරා ශිල්පියෙක්, හොඳ සංස්කරණ ශිල්පියෙක්, හොඳ සංගීත අධ්‍යක්ෂකවරයෙක්, හොඳ පිටපත් රචකයෙක්. ඒගොල්ලනෙ මේකෙ ඇතුළාන්තය දන්නෙ. ඒ විෂයට කොහෙත්ම බද්ධ නොවන පිරිසක් කොහොමද ඒ නිර්මාණ ෙව්දියා පරීක්ෂණයට භාජනය කරන්නෙ.
අද රෑපවාහිනී නාලිකා අතර අංක එක වීමට පොරකන තරගය ගැන ඔබේ මතය කුමක්ද?
මේ රෑපවාහිනී ආයතන පවතින්නේ ව්‍යාපාර ප්‍රජාව මතනෙ. මේ ව්‍යාපාරිකයින්ටත් බරපතළ සමාජ වගකීමක් තියෙනවා. තරගෙට ඔවුන්ගෙ දැන්වීම් දෙන එක නෙවෙයි ඒගොල්ලො කළ යුත්තෙ. ඒ වෙනුවට කළ යුත්තෙ හොඳ දේවල්වලට දැන්වීම් දෙන එක. ඉස්සර විශාල සමාගම් කළේ එහෙම. ලෝක රෑපවාහිනී ක්‍ෂේත්‍රයේ සම්පතක් හැටියට තමයි වාර්තා චිත්‍රපට නැත්නම් DOCUMENTARY සැලකෙන්නේ. ලංකාවේ ඒවා ගණන් ගන්නෙවත් නැහැ. ඒත් ඒකේ ඇතුෙළ තියෙන වටිනාකම දන්න අය දන්නවා. ලෝකෙ වාර්තා චිත්‍රපට විතරක් විකාශය කරන වෙනම නාලිකා තියෙනවා. මට මතකයි මම රෑපවාහිනියෙ සිටිය කාලෙ BBC එකෙන් ලංකාවට ඇවිල්ලා විනාඩි 45ක වාර්තා චිත්‍රපටයක් අවුරැද්දක් රෑපගත කළා. ඒ වෙනුවෙන් රැපියල් ලක්‍ෂ 450ක් වියදම් කළා. ඒත් අපට අපේ දේවල් වටින්නේ නෑ. බී.බී.සි එකට කෝටියක් වටිනවා. නිර්මාණ ෙව්දින් හැටියට අපි කොච්චර බංකොලොත් තැනකද ඉන්නේ? ස්වාධීන රෑපවාහිනී සේවයේ සභාපති සමන් අතාවුද හෙට්ටි මහතාටවත් මේ විඥානය පහළ වෙයි කියලා මම විශ්වාස කරනවා.
රමේෂ් උවයිස්