මම තාත්තගේ සින්දු කියන පුතෙක් නෙමෙයි


2016-08-16-ent-92

සෝමසිරි මැදගෙදර යනු ලාංකීය ප්‍රසිංග වේදිකාවේ තවමත් රැඳී සිටින ඉහළ ඉල්ලුමක් ඇති ගායකයෙකි. ඔහුගේ පුත් යසස් මැදගෙදර අප සමග කතා බහකට එක් වන්නේ සිය සංගීත දිවිය පිළිබඳවය. සංගීත කලාවේ නියුතු බොහෝ දෙමවුපියන්ගේ ගීතම ගායනා කරමින් ඉදිරියට යන පසු පරම්පරාවක් සිටින සමයක යසස් සිය පියාගේ ගීත මතින් නොව තමන්ගේම නිර්මාණ එළි දකවමින් සිටියි. මේ ඔහු හා අපගේ සංවාදයයි.

 

ඔබේ ඇරඹුම?

2016-08-16-ent-90තාත්තා වගේම මමත් වෘත්තියක් වශයෙන් සංගීතයේ තමයි නියැලී ඉන්නේ. මගේ පාසල මහරගම ජනාධිපති විද්‍යාලය. මට වයස විසි හයයි. පාසලේදි තමයි මම මුලින්ම සංගීතය විෂයයක් විදියට හදාරන්නට පටන් ගත්තේ. දහම් පාසල් සහ පාසල් අවධියේදි මම තරග වලටත් ඉදිරිපත් වුනා. ස්ථානත් දිනාගෙන තියෙනවා. මම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ පාඨමාලාවක් කරලා තියෙනවා. මට දැන් වයස විසි හයයි. තාත්තා මාව කිසිම දේකට මාව පොළඹවලා නැහැ. මම 2006දී අත්හදා බලන්න සින්දුවක් කළා. ඒ මගේ යාළුවො කීප දෙනෙකුටයි. එයින් මට තේරුනා මට මේක කරගෙන යන්න පුළුවන් කියලා. මම ගායනය තාම පටන් අරගෙන නැහැ. මම දැනට සංගීත අධ්‍යක්ෂණය තමයි සිදු කරන්නේ. ඊට අමතරව සවුන්ඩ් ඉංජිනියරින්, රෙකෝඩිං, මික්ස් ඇන්ඩ් මාස්ටරිං කටයුතු සිදු කරනවා.

 

තාත්තාගෙන්

තාත්තාගෙන් විශාල පන්නරයක් ලැබෙනවා. තාත්තා මාව එයාගෙ රෙකෝඩිංස්වලට එක්කගෙන ගියා. මම පොඩි කාලෙ දම්ම දැක්කෙ ඒ ලෝකයයි. අනිත් එක කුඩා කාලයේ ඉඳන්ම නිවසේ සෑහෙන්න සංගීත පන්ති පැවැත්වුවා. එතනිනුත් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ නිසා මම සාමාන්‍ය පෙළ වෙනුවෙන් ඇති රාග ගැන එක වසර දෙක වසර වෙද්දි ඉගෙන ගත්තා.

 

නිර්මාණ

මුලිම්ම 2013දි ශිහාන් මිහිරංගට හතර කේනදරේ කියන ගීතය මම නිර්මාණය කළා. ඊටපස්සේ ටෙහාන් පෙරේරාගේ ලොකු සීන් එපා කියලා රොක් ආරෙට කරපු ගීතයකුත් නිර්මාණය කරා. ඉදිරියටත් තවත් රොක් ආරෙට කරපු ගීත කිහිපයක්ම නිකුත් වීමට නියමිතයි. පොප් ආරෙට යන සින්දු කීපයකුත් කළා. ඒ අතර රොමේෂ් සුගතපාලගේ රවටන්න එපා, දිමංක වෙල්ලාලගේ ගෙ පාර කියන තාරුකාවි, ගයාන් අරෝෂගේ මගේ ඇස් පියෙන තුරා තියෙනවා. ලතින් ආරයට ෂෙහාන් කෞෂල්‍යෙග් මායා නමින් ගීතයක් කළා. තව ධනුෂ්ක පූර්ණජිත් සහ තුෂාරා නිල්මිනී කියන දෙන්නට මම තවත ලතින් ආරෙට බර ගීතයක් කළා.

 

ක්ෂේත්‍රෙය් රැඳීම

මං හිතන්නෙ ගීතයේ තියෙන ගුණාත්ම භාවය සහ රැල්ල හඳුනා ගත්තොත් අපිට ක්ෂේත්‍රෙය් රැඳිලා ඉදිරියට යන්න පුළුවන්. මේ දවස්වල මාකට් එක ගැන දැනගෙන ගමන යන්න ඕන. ඒවමෙ තාක්ෂණයත් හරි විදියට පාවිච්චි කරන්න ඕන. අලුතෙන් සද්ද එකතු වෙන්න ඕන. සම්පූර්ණයෙන්ම පර්යේෂනාත්මක වෙන්න ඕන නැහැ. නමුත් වෙනස්කම් හිතලා බලලා කරන්න ඕන. මම අනාගතේදි තාත්තගේ සින්දුවකුත් කියන්න ආසයි. හැබැයි මම තමුන්ගේ අනන්‍යතාවයක් තියාගෙන ඉස්සරහට යනවා.

 

ඉදිරියේදී

ඉදිරියේදී සින්දු තුනක් විතර කරන්න තියෙනවා. ඒ අතර ගයාන් අරෝෂට ගීතයක් සහ මගේම ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. තාත්තාටත් මං ගීතයක් නිර්මාණය කළා. මගේම ස්ටූඩියෝ එක ටිකක් ලොකුවට කරන්න හිතාගෙන ඉන්නවා.

 

ස්තුතිය

මම මේ ගැන ඉගෙනගත්තේ නිසල් ගංගොඩගේ මහත්තයාගෙන්. ඊටපස්සෙ ලහිරු පෙරේරා. විරේෂ් කුරේ, ගයාන් පෙරේරා, චරිත අතලගේ සහ මගේ පියාටත් ස්තුතිවන්ත වෙනවා.

 

රචින්ත ජයවර්ධන

 

2016-08-16-ent-91
2016-08-16-ent-89