හර්ෂණ දිසානායක කිවූ පමණින් ඔබේ මතකය දිවයන්නේ අදින් වසර දහතුනක් තරම් ඈතකට. ඒ ”අත්තම්මා නිවන් ගිහින්” කියන ගීතයට. එදා ගැයූ පළමු ගීතයෙන්ම මේ පුංචි කොලූ ගැටයා කා අතරත් ජනප‍්‍රිය වුණා.
එතැනින් මීට වසර දහතුනකට පෙර ඇරඹි සංගීත ජීවිතේ අද වන විට හර්ෂණ බෙහෝ දුර ගමනක් ඇවිත්. ඒ වගේමයි තවත් මේ මාවතේ යන්න දුර පාරක් ඔහුට ඉතිරි වෙලා තියෙනවා. පසුගියදා පැවැති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගායකයාට හිමි සම්මානය හර්ෂණට හිමි වුණේ ඔහුගේ දක්ෂතාවය නිසාමයි. එදා ඒ සම්මානනීය රාත‍්‍රියේ වගතුග සමග කලා ජීවිතේ තොරතුරුත් සමගින් හර්ෂණ සඳැල්ල අපි සමග කතාබහට එක්වුණේ මෙලෙසින්.
හර්ෂණගේ මතකය අදින් වසර දහතුනකට එහාට ගෙනගියොත්?
මිනිස්සු මට ආදරේ කළේ දැන හඳුනා ගත්තේ සූරිය අරණ චිත‍්‍රපටයේ ”ඉරෙන් හඳෙන්” කියන ගීතයෙන් පස්සේ ”අත්තම්මා නිවන් ගිහින්” කියන ගීතයෙන් පසුව. ඒ හරහා තමයි සූරිය අරණ චිත‍්‍රපටයට මට ආරාධනා ලැබෙන්නේ. ගොඩක් අය හිතාගෙන ඉන්නේ සූරිය අරණ චිත‍්‍රපටය මගේ ලොකු තාත්තගේ (සෝමරත්න දිසානායක) නිසා පවුල් සබඳතාව මත මේ අවස්ථාව මට ලැබුණා කියලා. ඇත්තටම ඒක වුණේ එහෙම නෙමෙයි. අත්තම්මා ගීතයේ සංගීත අධ්‍යක්ෂණය කළේ රෝහණ වීරසිංහ සර්. ඔයකාලෙදි සූරිය අරණ චිත‍්‍රපටයේ ගීතය කියන්නත් චූටි කොලූ පැටියෙක් මගේ ලොකු තාත්තා සොය සොයා ඉඳලා තියෙනවා. රෝහණ සර් තමයි චිත‍්‍රපටයේ ගීතයට මාව යෝජනා කරලා තියෙන්නේ. අන්න එදා තමයි මගේ සංගීත ගමනට මූලික අඩිතාලම වැටුණේ.
කොහොම වුණත් හර්ෂණ ජනප‍්‍රිය වුණේ මහප්පා නිසා නේද?
සෝමරත්න දිසානායක, සෝමතිලක දිසානායක කියන්නේ මාව මෙතනට ගෙනාපු යෝධ චරිත දෙක. හැබැයි එදා අත්තම්මා ගීතයෙන් පස්සේ රෝහණ වීරසිංහයන් ඉරෙන් හඳෙන් ගීතයට මාව හොඳයි, සුදුසුයි කිව්වෙ නැත්නම් මහප්පා කවදාවත් මට කියලා ඒ ගීතය කියවගන්නේ නැහැ. මහප්පාගේ චිත‍්‍රපටි වල ගීත ගායනා කරන්න මට අවස්ථාව ලැබුණේ පවුල් සම්බන්ධතාව නිසා නෙමෙයි. ඔහු දකින මොකක් හෝ දක්ෂතාවක් මා සතුව තිබෙන නිසා. සෝමරත්න දිසානායකයන් (මගේ මහප්පා) කලා කටයුත්තකට චරිත තෝරා ගනිද්දි කවදාවත් පවුල් සම්බන්ධතාවලට මුල් තැන දීලා වැඩවලට සම්බන්ධ කරගන්නේ නැහැ.
පසුගියදා පැවැති රාජ්‍ය සංගීත සම්මාන උළෙලේ හොඳම ගායකයා ලෙස සම්මානය ඔබ අතට පත් වුණා. ඒ වෙලාවෙදි මොකද හිතුණේ?
බලාපොරොත්තු නොවුන දෙයක් නිසා ඒ වෙලාවේදී දරාගන්න බැරි සතුටක් දැනුණා. ඒක හරිම නිහතමානී සතුටක්.
ඒ රාත‍්‍රියේ අපේ රටේ ප‍්‍රවීණයෙක් එක්ක සම්මානයට යෝජනා වෙලා ඉද්දි සම්මානයේ හිමිකරුවා ඔබ වේවි කියලා හිතුවද?
කොහෙත්ම නැහැ. මගේ ගීත දෙකක් යෝජනා වෙලා තිබුණා. ඔව් මම නිර්දේශ වුණේ අපේ රටේ සංගීත ක්ෂේත‍්‍රයේ අති දක්ෂ ප‍්‍රවීණයෙක් සමග. ඒ අතුරින් මට සම්මානය ලැබුණා කියලා මේ ක්ෂේත‍්‍රයේ මම ලොකු මිනිහෙක් නෙමෙයි. මට මේ සම්මාන ලැබුණ එක ලොකු භාග්‍යයක්. ඒ වගේම ලොකු ගෞරවයක්, සහ ලොකු වගකීමක්. සම්මානයක් ලැබුණා කියලා මං දැන් ප‍්‍රවීණයෙක්, මම තමයි උගතා කියලා කවදාවත් ඔළුව උදුම්වා ගන්නේ නැහැ. මම කවදාවත් සම්මාන බලාගෙන නිර්මාණ කරපු කෙනෙක් නෙමෙයි.
මීට පෙරත් ඔබ සම්මාන කිහිපයකටම හිමිකම් කිව්ව නේද?
2004 දී සූරිය අරණ චිත‍්‍රපටයට හොඳම පසුබිම් ගායනයට ජනාධිපති සම්මානය ලැබුණා. ඒ ඉරෙන් හඳෙන් ගීතයට. ඒ ගීතයට ඒ වසරෙම ජන බල සම්මානයත් ලැබුණා. ඒ අතරම ඔයැ ඡුදඇර දෙ ඡුැදචකැ සම්මාන උළෙලෙත් ඉරෙන් හඳෙන් ගීතයට මට සම්මානයක් ලැබුණා. එතකොට මට අවුරුදු දහතුනයි.
ඊට පසුව 2009දී හොඳම නිර්මාණශීලිම ගායකයාට හිමි සම්මානයත් ලැබුණා. ඒ සිරිරජසිරි චිත‍්‍රපටයේ තේමා ගීතයට. එදා මට මේ සම්මානවල වටිනාකම දැනුණේ නැහැ. ආපසු හැරිලා බලද්දී මම ඇවිත් තියෙන දුර ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.
දැන් තියෙන ජනප‍්‍රිය සංගීත රැුල්ලේ තරුවක් වෙන්න ඕන කියලා හර්ෂණට හිතෙන්නේ නැද්ද?
අපෝ නැහැ. රැුලි කියන්නේ එකක් යනකොට තව එකක් එනවා. පැන පැන ඉන්න ගියාම වෙන්නේ අපට කියලා එක රැුල්ලක්වත් නැති වෙන එක. මම අද නිර්මාණය වෙන හැම ගීතයක්ම වගේ රස විඳිනවා. ඒ ශිල්පක‍්‍රම ගැන අධ්‍යයනය කරනවා. හැබැයි රැුල්ලේ තරුවක් වෙන්න නම් කිසිම උවමනාවක් නැහැ. අද බිහිවෙන ජනප‍්‍රිය සංගීත රැුල්ලේ වරදක් මම කියන්නේ නැහැ. අද ගීත නිර්මාණය වෙන්නේ මූල්‍යමය කියන දේ පදනම් කරගෙන. හැමෝම බලන්නේ මොනවා හරි වචන ටිකක් එකතු කරලා ඒක හිට් කරගන්න. අපේ රටේ මිනිසුන්ගේ රස වින්දනයට හානි වෙන නිර්මාණ බිහි කරන්න මම ඇත්තටම කැමති නැහැ.
ඒත් මිනිස්සු අතරට එන්න හොඳ ගීතයක් කරොත් නරකද?
හොඳ විචාරශීලි බුද්ධියකින් රස විඳින්න පුළුවන් ගීතයක් කරන්න නම් අදහසක් තියෙනවා. අඬන සින්දු නම් මං ජීවිතේට කියන්නේ නැහැ. කොල්ලෝ අහු මුළු අල්ලන් අඬනවා කියන්නේ අපිට ඉදිරියේදී ජාතියක් නැතිවෙනවා. ඒ නිර්මාණවල වරදක් මම කියන්නේ නැහැ. වගකීම තියෙන්නේ මාධ්‍ය ආයතනවලට. අසන්නාට ප‍්‍රචාරය කරන කොට දෙන හැම ජරාවක්ම ප‍්‍රචාරය කරන කොට දෙන හැම ජරාවක්ම ප‍්‍රචාරය කරොත් අපේ ගීත කලාව නිකම්ම පරිහානියට පත්වෙනවා.
සමහරු හිතනවා ඔය මොකක් හරි කරලා සින්දුවක් කියලා ඒක හිට් කරගෙන මිනිස්සු අතරට යන එක තමයි එකම අවස්ථාව කියලා. ඒක හරි. අද මිනිස්සු ජීවත් වෙන්නේ කටෝර සමාජයක. ඒ මනසට කාලගෝට්ටියක් වගේ හොටු පෙරාගෙන අඬන සින්දු කිව්වම මිනිසුන්ට සංගීත රසයත් එපා වෙනවා. ජීවිතෙත් එපා වෙනවා. මම කියන්නේ අපි එක තැන පල් වෙන්න ඕන කියලා නෙමෙයි. සංගීතය ඇතුළේ අද මිනිස්සු අතරමං වෙලා. නිර්මාණ කරන සමහර අයට විචාර බුද්ධිය අඩුයි. ඒකයි හොටු පෙරාගෙන අඬන, කිසිම තේරුමක් නැති ගීත නිර්මාණය වෙන්නෙ. හිතන්න ඔය අඬ අඬා කියන කථාවම මීට වඩා කොච්චර ලස්සනට කියන්න පුළුවන්ද කියලා?
මොනවද ඉදිරියේ අලූත් වැඩකටයුතු?
පුංචි කාලේ ඉඳලම තිබුණ ආසාවක් තමයි සිනමාකරණය ඉගෙන ගන්න. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ මේ දවස්වල ඒ පිළිබඳව වැඩිදුර ඉගෙනගන්නවා. තව මගේ ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් ලබන වසරේ මුල පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා.
සිනමාව පැත්තෙන් යනවා කියන්නේ ලොකු තාත්තගේ අඩිපාරෙම යන්නද බලාපොරොත්තුව?
ඇත්තටම මගේ එකම ආසාව සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්න. සමහර විට ඉදිරියේදී සිනමාවට එන්න ඉඩ තියෙනවා. ඒ පිළිබඳව තවම හැදෑරීම් කරනවා.
නදීශා අතුකෝරළ