"භව චක්‍ර", "කොළඹ අපි ආවා" වැනි ටෙලි නාට්‍යය සේම, "ලෝරන්සේගේ මනමාලි" වේදිකා නාට්‍යයටද දායක වී සිටින ඔහු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙකි. ඔහුගේ නවතම රංගන දායකත්වය %මෙඩි සිනා^ය. ටෙලි නාට්‍යය හා සිනමාව ගැන කෙටි සාංවාදයකට එක්වූ ඔහු සම්පත් ජයවීරය.
මුලින්ම කතා කරමු "මෙඩි සිනා" ගැන?
මේ දිනවල ඒ නිර්මාණයට දායක වෙනවා. එය හාස්‍ය‘ය පාදක නාට්‍යයක්. එය විකාශය වන්නේ සිරස නාළිකාව මගින්. මෙම ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණය කළේ සිවගුරුනාදන් මහතා.
වර්තමානයේ විකාශය වන දේශීය ටෙලි නාට්‍යයවලට ලැබෙන ඉඩ සහ ඔබ ලබාදුන් දායකත්වය ගැන ඔබේ අදහස?
විදේශ ටෙලි නාට්‍යය සීමා කරන්න යනවා කියලා ආරංචී. එයට සීමාවක් පැන වෙනවා නම්, දේශීය ටෙලි නාට්‍යය කර්මාන්තයට හොඳයි. දේශීය ටෙලි කර්මාන්තයට එය විදේශීය ටෙලි නාට්‍යය විකාශය බලපානවා නම්, එය ගැටලුවක්. නමුත් විදේශීය ටෙලි නාට්‍යය හොඳ මගකට යොමුවෙයි කියලා විශ්වාස කළ නොහැකියි. මෙය කර්මාන්තයක් ලෙස මේ තුළ ගැටලු බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. මේ වනවිට ශිල්පීන්ට වැඩ කරන්න වෙලා තියෙන්නෙ මේ ක්රමවේදයත් එක්ක. මේ වනවිට ටෙලි විෂන් ආයතන ලාභ ලබන ක්‍රමවේදය පදනම් වෙලා.
ටෙලි නාට්‍යය මිලදී ගන්නේ ඉතාම අඩු මුදලට. ඒ නිසා මේ මුදලින් ගුණාත්මක ටෙලි නාට්‍යයක් කිරීමටත් නොහැකි වෙලා තියෙනවා. මීට වඩා හොඳ ටෙලි නාට්‍යය නිර්මාණ විය යුතුයි. විදේශීය ටෙලි නාට්‍යය විවිධ ෂානරවල කටයුතු කරනවා. ඒ මට්ටමට දේශීය ටෙලි නාට්‍යය ගෙන ආවොත්, අපට ඊට මිලක් ලැබෙනවා. තෘප්තියෙන් තොරව වැඩකරන විට පිරිහීමක් පමණයි මෙහි ඉතුරු වෙන්නෙ. එයට ශිල්පීන්ගේ මැදිහත් වීම වගේම මෙය කර්මාන්තයක් ලෙස පවතින්න රාජ්‍ය සහයෝගයත් ලැබිය යුතුයි. ඒ නිසා තමයි ටෙලි නිර්මාණවේදීන්ගේ සංසඳය නමින් පත්ව යම් යම් කාරණා සකස් කරමින් එය නගාසිටු වීමට කටයුතු කළා.
මෙවැනි ගැටලු කාරී තත්ත්වයක් සිනමා ක්ෂේත්රය තුළත් තිබෙනවා නේද? ඔබ දායක වූ චරිත ගැන තෘප්තිමත්ද?
මම දායක වූ චරිත විශේෂයක් නැහැ. චිත්‍රපට දහයකට පමණ දායක වෙලා තියෙනවා. මට සිනමාව තුළ රංගන දායකත්වය ලබාදෙන්න ලැබුණ අවස්ථා ගැන මම පුද්ගලිකව සතුටු වෙන්නෙ නෑ. මීට වඩා දෙයක් කළ හැකි කියලා හිතෙනවා. මම තමිල්නාඩුවේ වගේ හිටියනම්, මීට වඩා අවස්ථා ලැබෙන්න තිබ්බා. මොකද එහෙ ඉදුනු තක්කාලි ගෙඩි වැනි නළුවන් නෙමෙයි සිනමාවට තෝරාගන්නෙ.
මේ රටේ තරුණ සිනමාකරුවන්ට හා යමක් කළ හැකි, හැකියාව තියෙන අයට ලැබෙන අවස්ථාව හරි අඩුයි. හැමදේම වරප්රසාදසේ බෙදී යනවා මිසක්, තරුණ සිනමා කරුවන්ට මුදල් නොමැතිව බොහෝ කැප කිරීම් කරන්න වෙනවා. නළුවෙකු ලෙස ඒ සිනමා ගීතය දකිමින් ඉන්නවා. කැමති නිර්මාණ වගේම අකමැති නිර්මාණවලටත් ජීවත්වීම නිසා කරන්න වෙනවා.
ඔබ සිනමා නිර්මාණ දහයකට පමණ දායක වුවත්, වැඩිපුරම මාධ්‍යවල වගේම සමාජ ජාලවලත් ප්‍රචාරය වුණේ ඔබ දායක වුණ %ඉගිලෙන මාළු^ චිත්‍රපටය. මේ නිර්මාණය සමාජය කියවපු ආකාරය හරිද?
කිසිසේත්ම හරි නෑ. ලංකාවෙ සාක්ෂරතාවය ඉතා ඉහළ මට්ටමක තියෙනවා කියලා කියනවා. ලංකාවෙ මිනිසුන්ට අකුරු කියන්න පුළුවන් තමයි. හැබැයි කලා රසඥතාවය, කලා සාක්ෂරතාවය, සිනමා සාක්ෂරතාවය, ගීත නිර්මාණ සාහිත්‍ය සාක්ෂරතාවය නෑ. උදාහරණයක් කිව්වොත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ලක්ෂ ගණනක් මිනිස්සු පැමිණෙනවා. ඒ ලක්ෂ ගණනම මේ පොත් කියවනවානම්, සදාචාරයක්, සභ්‍යත්වයක්, බුද්ධියක් මීට වඩා ඉහළින් තියෙන රටක් විය යුතුයි. ඒ වගේම මේ රට මිනීමරන, සොරකම් කරන, ස්ත්‍රී දූෂණ සිදුකරන රටක් වෙන්නෙ නැහැනෙ. මිනිස්සු චිත්‍රපටය කියවන්නෙ නෑ. චිත්‍රපට බලනවා විතරයි. අපේ රටේ එහෙම සිනමාවක් කියවන්න පුළුවන් පිරිසක් නෑ.
සිනමාවෙන් මිනිස්සු ඈත් වෙනවා. හැත්තෑව අසූව දශකවල සිනමාව එක්ක හිටපු ජනතාව දැන් නැහැ. දැන් රුපියල් 30ට 50ට චිත්‍රපට බලන්න පුළුවන් DVD වලින්. චිත්‍රපට එකක් තමන්ට ඕන කොටස පමණක් අරගෙන මිනිස්සු බලනවා. "ඉගිලෙන මාළු" චිත්‍රපටයෙත් බැලුවෙ ඒ කොටසක තෘප්තිය පමණයි. මේ මොහොතේවත් සිනමාහල්වලට මේ චිත්‍රපටය බැලීමට පැමිණෙනවානම් මම සතුටු වෙනවා. ඒ චිත්‍රපටය කියවන්න කියනවා. චිත්‍රපට කියවීම සම්බන්ධ සතුටක් නම් මට නැහැ.
එහෙම රසඥතාවය ඇති කරන වැඩ පිළිවෙළක් සැකසිය යුතුයි නේද?
රස වින්දනය පාසල් විෂයට ඇතුළත් විය යුතු දෙයක්. ඉන්දියාවේ පූනේ ආයතනය තුළින් චිත්‍රපට ගැන ඉගෙන ගන්න ලෝකෙ බොහෝ රටවල්වලින් පිරිස් එනවා. ඒ අයට චිත්‍රපට ඉගැන්වීමට පෙර උගන්වන්නේ රසවින්දනය. එය දින 21ක පාඨමාලාවක් ලෙස පවත්වනවා. මෙය අධ්‍යාපනික මට්ටමින්, සංස්තෘතික මට්ටමින් සිදුවිය යුතුයි. මේ රටේ නොකරන්නෙත් ඒ දේම තමයි.