‘නිදුකින් ඉනුමැන’ ගීතය හරහා ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වූ දිමන්ක වෙල්ලාලගේ මේ දිනවල ජනප්‍රිය තරුවක් වී තිබේ. පසුගිය දින එළිදැක්වූ ‘ඔබමද මේ’ සහ ‘වරදක් කියන්නේ නෑ’ කියන ගීත රසික පිරිස් ආදරයෙන් වැලඳ ගත්හ. මේ දිනවල තරුවක් වී සිටින ඔහු ‘සාරවිට’ එක්වූයේ මෙලෙසිනි.
මේ දවස්වල උණුසුම් තොරතුර මොකක්ද?
‘අවසන් පෙම මගේ’ ගීතය තමයි මේ දවස්වල උණුසුම් තොරතුර විදිහට තියෙන්නෙ. මේක මගේ අලුත්ම ගීතයක්. දමිළ තනුවකට කළ සිංහල ගීතයක්. මේක සංගීතවත් කළේ රදීශ් වැන්දබෝනා. මෙහි පදරචනය සජිත් වී. චතුරංග විසින් සිදුකළා. දැනට එහි ඕඩියෝව පමණක් එළිදක්වලා තියෙනවා. ඉතා ඉක්මනට එහි රූපරචනාව සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ එක්තරා රාමුවට කොටුවෙච්ච ගායකයෙක්ද?
ඇත්තටම මම රාමුවකට කොටුවෙලා නැහැ. තාම මම ක්ෂේත්රයට ආවා විතරයි. ඉතිං මම ජනප්‍රිය වුණේ මේ යන රැල්ලේ ගීතත් එක්ක. නමුත්, රැල්ලට කොටුවෙලා ඉන්න බලාපොරොත්තුවක් නැහැ. රැල්ලක් කියලා ඒක වැරැද්දක් විදිහට දකින්නෙ නැහැ. ඕනෑම ක්ෂේත්රයක ඕනෑම කාලයකදී රැල්ලක් කියන දේ තියෙනවනේ. ඒ රැල්ල තුළින් තමයි ඕනෑම වෙලාවක ගායකයෙක් බිහිවෙන්නේ. වෙනම ආකාරයකින් මෙම ක්ෂේත්රයට මම ආවානම්, මං හිතන්නෙ නැහැ මට මෙච්චර ඉක්මනට එන්න පුළුවන් වෙයි කියලා. ඉදිරියට මම දැනගන්න ඕනේ වෙනස් නිර්මාණ ඉදිරිපත් කරමින් ක්ෂේත්රයට යම්කිසි දායකත්වයක් ලබාදෙන්න.
ලංකාවේ මේ දිනවල විරහව කියන දේ මාර්කට් කරනවා නේද?
මේ පිළිබඳව බොහෝ දෙනා වෙනත් නම් වලින් හඳුන්වනවා. සාමාන්‍ය ජනතාව තමයි අපේ සිංදු අහන්නේ. ගොඩක් අද සමාජයේ ප්‍රශ්නවලින් මිරිකෙන, එදිනෙදා ජීවිත්වීමට වෙරදරන අය තමා මේ රැල්ලේ, ඒ කියන්නේ විරහව කියන ගීත සඳහා ඇල්මක් දක්වන්නෙ. ඒවා වැරදියි කියලා අපිට කියන්න බැහැ. ඒ දේවලුත් මිනිස්සුන්ට අවශ්‍යයි. ලෝකයේ ඕනෑම රටක මේ විදිහේ ගීත තියෙනවා. මේ ගීතවලට යම් වටිනාකමක් තියෙනවා. නමුත් අද එවැනි නිර්මාණ බොහෝ දෙනා කරන්නෙ තවත් බාලම විදිහටයි. ගීතයක් එළියට දෙන විදිහේ යම් දෙයක් තියෙන්නේ. ගොඩක් වෙනස් වෙනවා නම්, මේ ට්‍රෙන්ඩ් එකට වටිනාකමක් ගන්න තිබුණා.
රිගින් ටෝන් ගයකයාට වාසිද? අවාසිද?
රිගින්ටෝන් කියන දේ මම වැරැද්දක් දකින්නෙ නැහැ. මීට වසර ගණනාවකට කලින් කැසට් තිබුණා. ඊට පස්සේ සීඩී ආවා. ඒවත් අලෙවි කිරීම්. තාක්ෂණයේ දියුණුවත් එක්කම මිනිස්සු කැසට් එකක්, සීඩී එකක් අරගැනීමේ තත්ත්වෙට පත්වෙලා නැහැ. ඊට පස්සේ මේ රිගින්ටෝන් කියන සංකල්පය ආවා. මිනිස්සුන්ට ගීතය තමන්ගෙ කරගන්න අවශ්‍ය නිසා තමයි රිගින්ටෝන් එකක් විදිහට යොදා ගන්නේ. ගායකයන්ට, පදරචකයන්ට, සංගීතඥයන්ට ලොකු ලාභයක් ලැබෙන්නෙ නැහැ. මොකද, යම් යම් ආයතනවලින් තමයි ගීත හදලා අපිට දෙන්නේ. එතකොට වොයිස් කරන්න ගීත ආපුවහම, ඒ ගීතය හොඳනම්, ඒක හරියනවානම්, ඒක ජනප්‍රිය වෙයි කියලා හිතනවානම් ඒක අනිවාර්යයෙන්ම තෝරගන්නවා. නමුත් 100% වාසියක් ලැබෙනවාද කියන එක හරි ප්‍රශ්නයක්. සමහර දේවල්වල කිසිම විනිවිදභාවයක් නැහැ. ඒවගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා. කවුරු ගීතයක් දුන්නත් ඒ ගීතය තමන්ගේ කරගෙන ගායනා කිරීම මත තමයි ගීතය ජනප්‍රිය වෙන්නේ. කොච්චර හොඳට පද රචනාව ලිව්වත්, සංගීතය තිබ්බත්, ගායනාව සහ ගායකයා අසමත් නම්, ඒ දෙන්න හරි විදිහට සමාජයට ඒ ගීතය නුදුන්නොත් අනිවාර්යයෙන්ම ෆේල් සිංදුවක් ලෙස තමයි මම නම් එය දකින්නේ. ඉතිං රිගින්ටෝන් කියන එකේ වැරැද්දක් නැහැ. ඒක කරන විදිහේ ක්‍රමය තමයි වැරැද්දක් විදිහට දකින්නේ.
දිමන්ක කියන ගායකයා බිහිවෙන්න ඔහුගේ පිටුපසින් හිටපු අය ගැන මතක් කළොත්?
අද මම ක්ෂේත්රයේ ඉන්නෙ සහ ජනප්‍රිය වෙන්නෙ ‘නිදුකින් ඉනු මැන’ ගීතය හරහායි. ඒ ගීතය හරහා මට සියලුම දේවල් මගේ පස්සෙන් ආවා. මට ඒ ගීතය දුන්නේ රාජ් කියන සංගීතඥයා. මම ඒ වෙලාවේ ඔහුව මතක් කරනවා. ඒක සංගීතවත් කරපු කපිල්ව මතක් කරනවා. පද රචනා කරපු සජිත් වී. චතුරංග සහ ඩිලාන් ගමගේ, ළහිරු මුදලිගේ මතක් කර සිටිනවා. ඊට අමතරව මට ප්‍රසංගවලට ආරාධනා කරන සියලුම සංවිධායකවරුන්ට සහ සියලුම සංගීත කණ්ඩායම්වලට විශේෂ ස්තුතියක් පුදකරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත