රිදීකාසි ගැටෙන හඬට පණ දුන් යොවුන් පරපුරේ ගායිකාව


2016-05-27-ent-138

ගීත ගායනය ලෙහෙසි යැයි යමෙකුට සිතුනද එය සෑම අයකුටම පිහිටන්නේද නැත. එහි ස්වරයෙහි පිහිටීම, ගීත ලාලිත්‍ය සහ අලංකාර තුළින් රසිකයකු ඇද බැඳ ගැනීම ගායන ශිල්පියකුගේ දක්‍ෂතාවයෙහි ලක්‍ෂණවේ. එවැනි යොවුන් පරපුරේ ගායන ශිල්පිනියක් අපත් සමඟ දොඩමළු වූවාය. ක්ෂ්ත‍්‍රයේ ප‍්‍රවීණයන් සමඟ යුග ගීත ගායනා කළ ඇය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ‘ඒ’ ශ්‍රේණියේ ගායන ශිල්පිනියකි. ‘විල්තෙර අද්දර’,‘මගේ සිත ඇතුළේ’, ‘නුඹ ගැන සිතූ තරම්‘, ‘ඇළ ඉවුරේ’,‘කෝකිලයාණෙනි, ‘මා හදේ ප‍්‍රාර්ථනා’ සහ ‘හිම මිහිඳුම් පිනි’ ඇතුළු ගීත 20 කට පමණ ඇය හිමිකම් කියන්නීය. එමෙන්ම ස්වතන්ත‍්‍ර හින්දි ගීත ගායනයෙන්ද ඇය දස්කම් දක්වන්නීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් වන ඇය යොවුන් පරපුරේ ගායිකා දේශානි සමාධිනී විතානගේ ය. මේ ඇය සමඟ කළ කතාබහකි.

 

2016-05-27-ent-137ඔබගේ නවතම නිර්මාණ ගැන කතා කරමුද?

මගේ නවතම ගීත දෙකක් ”මා හදේ ප‍්‍රාර්ථනා” හා ”හිම මිහිඳුම් පිණි” නමින් මාස කීපයකට පෙර නිකුත් කළා. ඊට පසු මට චන්ද්‍රරත්න මාපිටිගම මහතාගේ ”ප‍්‍රීති ඇන්ඞ් ජෝයි” චිත‍්‍රපටයේ පසුබිම් ගායනයට අවස්ථාව ලැබුණා. මැතකදී බර්මින් ලයිලි ප‍්‍රනාන්දු මහතාගේ ටෙලිනාට්‍යයටත්, ගුණපාල කරුණාපතිරණ මහතාගේ වේදිකා නාට්‍යයටත්, එරංග සේනාරත්න මහතාගේ ”නෝනා හරිම වසයි” චිත‍්‍රපටයටත් පසුබිම් ගායනයෙන් සම්බන්ධ වුණා. දැනට තවත් යුග ගීතයක වැඩ කටයුතු කරගෙන යනවා. එය ඉතා ඉක්මණින් රසිකයන්ට තිළිණ කරන්නට බලාපොරොත්තු වෙනවා.

 

ඔබේ සුභාවිත සංගීත අධ්‍යයනයේ පටන් ගැන්ම කෙබඳුද?

ඇත්තටම මගේ දෙමව්පියෝ සංගීතයට ඉතාමත් ප‍්‍රියකරන උසස් රසවින්දනයක් තිබෙන අය. ඔවුන්ගේ ආභාෂයෙන් තමයි මම සුභාවිත සංගීතය

ඇසුරු කරන්න පෙළඹුනේ. මම සංගීත අධ්‍යයනය පටන් ගත්තේ නන්දා මාලනී ගුරුතුමිය යටතේ. අවු. 4 දී පමණ මගේ ගායන හැකියාව දැකලා මගේ දෙමව්පියෝ මා ඇය වෙතට යොමු කළා. ඊට පසු මම මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේදී සංගීතය විෂයයක් ලෙස හැදෑරුවා. ඊට අමතරව මම දැනට භාත්ඛණ්ඬේ සංගීත විශාරද අදියර ,, සඳහා අධ්‍යාපනය ලබනවා. දැනට මගේ ගීත විස්සක් පමණ නිර්මාණය කරලා තිබෙනවා. ඒ සියල්ලටම පද රචනයෙන්, සංගීතයෙන් සහ සහය ගායනයෙන් සම්බන්ධ වුණේ ප‍්‍රවීණ ශිල්පීන්. ඔවුන්ගෙන් මට විශාල ගුරුහරුකම් ලැබුණා.

 

හින්දි ගීත ගායනයට ඔබ එළඹෙන්නේ කෙසේද?

කුඩා කල ඉඳලම හින්දි භාෂාවට මගේ විශේෂ ඇල්මක් තිබුණා. හින්දි භාෂාවේ ඇති මියුරු බවටත්, පැරණි හින්දි ගීතවල තිබුණු ගීතවත් බවටත් මම ප‍්‍රිය කළා. පසුව මම කොළඹ ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයෙන් හින්දි භාෂාව හැදෑරුවා. දැනට මම එහි හතරවන අදියරේ ඉගෙනුම් කටයුතු කරන්නේ. ඇත්තෙන්ම මම හින්දි භාෂාව ඉගෙන ගත්තේ හින්දි වචන නිවැරදිව උච්චාරණය කරමින් හින්දි ගීත මිහිරිව ගායනා කිරීමට ඇති කැමැත්ත නිසා. ඒ අනුව මම 2013 වර්ෂයේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ තරඟාවලියකදී දිවයිනේ හොඳම හින්දි ගී ගායිකාව බවට පත්වුණා. එසේම ”මන් කී ගලී” නමින් මගේම හින්දි ගීතයක්ද නිර්මාණය කලා. එය සුනිල් චන්ද්‍රකුමාර මහතාගේ රචනයක්. විශාරද නීලා වික‍්‍රමසිංහ මහත්මිය එහි තනුව නිර්මාණය කළා.

 

ඔබ ලබා ගත් සම්මාන/ජයග‍්‍රහණ මොනවාද?

2013 වර්ෂයේම රාජ්‍ය සංගීත සම්මාන උළෙලේදී ”මගේ සිත ඇතුළේ” ගීතය වෙනුවෙන් හොඳම නවක ගායනා ශිල්පිනිය සම්මානය සඳහා මා නිර්දේශ වුණා. 2014 හා 2015 වර්ෂ දෙකේදීම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික යන අංශවල සේවකයන් සඳහා පවත්වන දහදිය සිත්තම සම්මාන උළලේදී හොඳම ගායිකාව බවට පත්වීමට මට හැකිවුණා. 2015 වර්ෂයේදී ගුවන් විදුලි සංස්ථාවේ ,්, ශ්‍රේණියේ ගායිකාවක් ලෙස සමත්වීමටත් මට හැකිවුණා. එසේම 2014 වර්ෂයේ ජාතික තරුණ සේවා සභාව විසින් පවත්වන ලද යෞවන සම්මාන උළලේදි මම දිවයිනේ තෙවන ස්ථානයට පත්වුණා. ඉන්පසු 2015 දී දිවයිනේම හොඳම බෞද්ධ ගීත ගායිකාව වීමට මට අවස්ථාව ලැබුණා.

 

වර්තමාන ගීත කලාව පිළිබඳව ඔබ දකින්නේ කෙසේද?

වත්මන් සංගීත ක්‍ෂේත‍්‍රය දැඩි ලෙස වාණිජකරණයට ලක්වීම නිසා එහි විශාල පරිහානියක් දක්නට ලැබෙනවා. සුභාවිත ගීතය කෙරෙහි රසික අවධානයත් ඒ අනුව අඩුවෙලා තිබෙනවා. ඒ වගේම නිර්මාණවල ගුණාත්මක බවත් විශාල වෙනසකට ලක්වෙලා තිබෙනවා. එහෙත් උසස් නිර්මාණ රසිකයාගේ හදවතේ හැමදාමත් රැුඳෙනවා.

 

දක්‍ෂතාව මත අද ගායන ක්‍ෂේත‍්‍රයේ ගායන ශිල්පියෙකුට නිසි තැන ලැබී තිබේද?

අද වන විට දක්‍ෂතාවලින් පිරිපුන් නව ගායන ශිල්පී පරපුරක් බිහි වෙලා තිබෙනවා. බොහෝ දුරට දක්‍ෂ ගායන ශිල්පීන්ට තම දක්‍ෂතා පෙන්වීමට අද විශාල වශයෙන් අවස්ථාව තිබෙනවා. එහෙත් ඔවුන්ට ක්‍ෂේත‍්‍රයේ රැුඳී සිටිමින් දක්‍ෂතා වර්ධනය කරගෙන ඉදිරියට යාමට ඇති ඉඩකඩ සීමිතයි. ඒ වගේම හරවත් ගීත නිර්මාණකරණයේ යෙදෙන ගායන ශිල්පීන්ට තම නිර්මාණ රසිකයා අතරට ගෙන යාමට ඇති අවස්ථා සීමිත වෙලා. ඒ අනුව බලන විට නව පරපුරේ දක්‍ෂයන්ට තම දක්‍ෂතාවලට සුදුසු තැන ලැබෙනවාද කියන කරුණ ගැටලූ සහගතයි.

 

ගයාන් සූරියආරච්චි