සුදු වෑන් සිදුවීම් සම්බන්ධ අසා පුරුදු අප නැවතත් ඒ පිළීබඳ කතන්දර කනින් කොණින් අසමින් සිටියි. මෙම චිත්‍රපටයේ කතා තේමාවට එම විෂයය පාදකය. ලහිරු සමරසිංහ ගේ අධ්‍යක්ෂණයක් වන එය 2010 බොන්සුවාර් චිත්‍රපට උළෙලේ ජූරි සම්මානයෙන් පිදුම් ලැබීය. නමුත් එම විෂයය දෙස බලා ඇති කෝණය අනුව ඔබට මෙය නව අත්දැකීමක් වනු ඇත.
මේ ඒ සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂක ලහිරු සමරසිංහ අප සමග පැවසූ දේයි.
ඒ 2009 අවුරුද්ද. අතුරුදහන් වූවන්ගේ ලැයිස්තු බලා සිටිද්දී දිගු වුනා. කොළඹ දෙමළ සමාජයේ මිතුරන් තමන් කොයි මොහොතක හෝ අතුරුදන් වන බව දැන ජීවත් වන්නට විය. මේ චිත්‍රපටය නිර්මාණය වුනේ ඒ කාලයේදියි. ඒ යුගය මේ වෙනකොටත් අවසන්. ඒ වුනත් ඒ මිතුරන් තවමත් අතුරුදන්.
චිත්‍රපටය ආරම්භයේ සිට පෙන්වන්නේ හාවෙක්. අහිංසක සුදු හාවෙක්. ඒ හාවා තමන්ගේ ආහාර ගන්න අතරෙම ඉව කරමින් ඉන්න දසුනක් ඔබට පෙනෙයි. එයින් පසුව පෙන්වන්නේ පුවත්පතක් කියවන දෙමළ තරුණයෙක්. ඔහු දමිල යැයි අප කියන්නේ ඔහුගේ පෙණුමත් ඔහු කියවමින් සිටිනදමිල පුවත්පතත් නිසායි. තම නිවස තුළ පැමිණ සිටි හා අමුත්තාඔහුට පෙනෙන්නේ පුවත්පත අතරිනුයි. හාවා ඔහු දෙස නොසැලී බලා සිටිනවා. එයින් කැළඹීමට පත්වන ඔහුට සිදුවන්නේ කුමක්ද? හාවාගෙන් සංඛේතවත් කරන්නේ කුමක්ද? මේ සියල්ල දැනැනීම වෙනුවෙන් ඔබ White And Black නැරඹිය යුතුය.
රංගනය - දර්ශන විද්‍යා අරවින්ද
රචනය සහ අධ්‍යක්ෂණය - ලහිරු සමරසිංහ
කැමරාකරණය - මහින්ද අබේසිංහ
සංස්කරණය - සංඛ මල්වත්ත
සංගීතය - තරිඳු ප්‍රේමරත්න
රචින්ත ජයවර්ධන