වාදකයෙක් වෙන්න පෙර මිනිහෙක් වගේ ජීවත් වෙන්න ඕන


2016-06-16-ent-50

ෂෙහාන් ජයසූරිය යනු දක්ෂ Saxophone වාදකයෙකු කීවාට කිසිදු වරදක් නොමැත. මේ වනවිට මේරියන්ස් සංගීත කණ්ඩායමේ Saxophone වාදකයෙකු ලෙස කටයුතු කරන, ඔහුව බොහෝ දෙනා හඳුනා ගනු ලැබුවේ, මහේෂ් දෙනිපිටිය විසින් මෙහෙයවූ "ඩෙල් ස්ටූඩියෝ" වැඩසටහන මගිනි. ඔහුගේ සංගීත දිවිය පිළිබඳව කතාබහ කිරීමට "සාරවිට" සමග එක්වූ මොහොතකි මේ.

 

2016-06-16-ent-48ඔබ ගැන පෞද්ගලික තොරතුරු ටිකක් කිව්වොත්?

මට අවුරුදු 25 යි. මම පාසල් ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට. මගේ තාත්තගෙන් තමයි සංගීත ක්ෂේත්‍රයට එන්න මූලික අවස්ථාව ලැබුණේ.

 

සංගීතයට එකතු වුණේ කොයිකාලයේ වගේද?

සංගීත ක්ෂේත්‍රයට එකතු වුණේ 2008දී විතර වගේ. Saxophone එක හරියට Play කරන්න පටන් ගත්තේ 2010දී විතර වගේ. ඒකත් හරියටම නෙමෙයි. හරියටම Saxophone එක Play කරන්න සෙට් වුණේ 2012 දී අන්තිම කාලෙදී වගේ. අරුණ සිරිවර්ධන කියලා ලංකාවේ මම දැක්ක හොඳම ඩ්‍රම්ස් වාදකයා. එයා ඩ්‍රම්ස් වාදකයෙක් විතරක් නෙමෙයි හොඳ සංගීතඥයෙක්. මේරියන්ස් සංගීත කණ්ඩායමේ ඉන්න ඩ්‍රම්ස් වාදක සුභාෂ් අයියාගෙත් ගුරුතුමා එයා තමයි. එයා තමයි හරියටම Saxophone කියන දේට යොමුකළේ. Saxophone එකෙන් ලංකාවේ ගොඩක් කෙරෙන්නෙ ලංකාවේ සිංදු Play කරන එකයි. Saxophone භාෂාව ඇවිල්ල, Jazz වගේ මියුසික් තමයි. වෙස්ටර්න් මිනිස්සු Saxophone එක හදාගත්තෙ ඒ අයට ඕන නිසා. Saxophone එක හඳුන්වා දුන් අරුණ සිරිවර්ධන කියන ඩ්‍රම්ස් වාදකයා තමයි. තාත්තා දීපු මුල් දේවල් එක්ක හරියටම මාව ට්‍රැක් එකට දැම්මේ අරුණ සිරිවර්ධනයි.

 

මේරියස්න් සංගීත කණ්ඩායමට එකතුවීමට පෙර සංගීත කටයුතු කළේ මොන සංගීත කණ්ඩායමේද?

මම භාතිය අයියත් එක්ක වැඩ කරලා තියෙනවා. ස්වාධීන ප්‍රසංගවල Play කළා. ඊටපස්සෙ භාතිය අයියාගේ රෙකෝඩින්ස්වලටත් දායක වුණා. ඊට පස්සෙ රූකාන්ත අංකල්ගේ "රූ සඳ රෑ" ප්‍රසංග දෙකක් Play කළා. ඒ තැන්වලදීත් මම සෑහෙන්න දේවල් මම ඉගෙන ගත්තා. ඊට පස්සෙ මම මහේෂ් අයියත් එක්ක "ඩෙල් ස්ටූඩියෝ" එකේ Play කළා. ඊට අමතරව සෑහෙන්න වෙස්ටර්න් බෑන්ඩ් ගොඩක මම Play කළා. මගේ පළමුවැනි සංගීත කණ්ඩායම තමයි අරුණ සිරිවර්ධන සර්ගේ සංගීත කණ්ඩායම. ඒකේ අය තමයි, උමාරියා, නෙළු රත්නායක, දෙව්ශාන්, අශේන් යන අයත් එක්ක තමයි මුලින්ම වැඩකළේ.

 

Saxophone සංගීත පිළිබඳව ඔබ දකින්නේ කොහොමද?

ඔරියන්ටල් සිංදුවක් Play කරන්න හරි ලේසියි. අමාරුම වැඩේ තමයි වෙස්ටර්න් සිංදුවක් Play කරන එක. Jazz Music Style එක Follow කළොත් හරි ලේසියි. මම ඉස්සෙල්ලාම පටන් ගත්තේ එතැනින්. ඊට පස්සේ "ඩෙල් ස්ටූඩියෝ" එකට සම්බන්ධ වුණායින් පස්සෙ තව තව දේවල් පිළිබඳව ඉගෙන ගත්තා. මම සෑහෙන ගරු කරන පුද්ගලයෙක් තමයි ස්ටැන්ලි පීරිස් මහත්මයා. එයා තමයි Saxophone එක ලංකාවට හඳුන්වා දුන්නේ. එයා හින්දා තමයි ලංකාවේ ගොඩක් අය Saxophone එක ගැන දන්නවා නම් දන්නේ. ඊට අමතරව මම ගොඩක් Follow කරන වාදන ශිල්පියන් තමයි "ස්ටෑන් ගෙට්ස්", "මයිකල් බ්‍රෙකර්" යන අය. ඒ අය ලංකාවේ අය නෙමෙයි.

 

ලංකාවේ පැරණි සංගීත කණ්ඩායම් දිහා බැලුවොත් එකම මට්ටමක සංගීත භාණ්ඩත් සමගයි සංගීත කණ්ඩායම් තිබුණේ, නමුත් අද වනවිට Saxophone වැනි අමතර සංගීත භාණ්ඩ එකතු වෙලා නේද?

අද ඒක සෑහෙන්න වෙනස් වෙලා තියෙනවා. ඒ සඳහා ගොඩක්ම ස්තූති කරන්න ඕනේ නලින් අයියට. නලින් අයියා සෑහෙන්න උත්සාහයක් ගත්තා Unplugged එක්ක වෙනසක් කරන්න. එතකොට ඒක දැකලා ලංකාවේ අනෙක් සංගීත කණ්ඩායම් එකෝස්ටික් සංගීතය පැත්තට යොමුවුණා. තිබුණු ඝෝෂාකාරී සංගීතයෙන් මිදිලා, චාම් සංගීතයක් පැත්තට ගියා. ඒ පැත්ත හරහා එන සංගීත භාණ්ඩ තමයි, Saxophone වයිලින්, ෆ්ලූට් වැනි දේවල්. "ඩෙල් ස්ටූඩියෝ" වගේ වැඩසටහන් සෑහෙන වෙනසක් සිදුකළා. ඒ දේවල්වලින් මිනිස්සුන්ට අලුත් දෙයක් දුන්නා. සංගීත භාණ්ඩවලින් කරන්න පුළුවන් දේවල් ගැන ලංකාවේ ප්‍රේක්ෂකයන්ට අවබෝධයක් තිබුණේ නැහැ. පිටරට ගත්තාහම Saxophone වාදකයෙකුට තනියම සංගීත ප්‍රසංගයක් කරන්න පුළුවන්. ඒවගේම ගිටාර් වාදකයෙකුට තනියම ප්‍රසංගයක් කරන්න පුළුවන්. මේ අයටම වෙන්වූ රසික පිරිසකුත් ඉන්නවා. නමුත් ලංකාවේ ඒ තත්ත්වය තාම නැහැ. සංගීත භාණ්ඩවලින් කරන්න පුළුවන් දේවල් දැක්කේ "ඩෙල් ස්ටූඩියෝ" වැනි වැඩසටහන් සහ නලින් අයියලා කරපු දේවල් නිසා මිනිස්සුන්ට දැනුණා.

 

මේරියන්ස් සංගීත කණ්ඩායමෙන් ලැබෙන අත්දැකීම ගැන කිව්වොත්?

මම ඒ දවස්වල ඉඳලම මම ආසකරපු සංගීත කණ්ඩායමක් තමයි "මේරියන්ස්" සංගීත කණ්ඩායම කියන්නේ. නලින් අයියා, රෝසා අයියා, සුභාෂ් අයියා සහ ඒකේ ඉන්න හැමෝටම මම ආස කරපු කෙනෙක්. මොකද මනුස්සයෝ වශයෙන් සහ සංගීත කණ්ඩායම වශයෙනුත්, මියුසික් වශයෙනුත් හැම පැත්තෙන්ම Perfect සංගීත කණ්ඩායමක් කියලා කියන්න පුළුවන්. සංගීත ශිල්පියෙක් වෙන්න ඉස්සෙල්ලා මනුෂ්‍යයෙක් වෙලා ඉන්න ඕනනේ. ඉතිං එතැන ඉන්න අය ඒ දේ පෙන්නලා තියෙනවා. ඒ අය වැඩ කරන විදිහ බලපානවා සංගීත කණ්ඩායමක් ඉදිරියට යන එකට. දැනට අවුරුදු 28 ක් වන මේරියන්ස් සංගීත කණ්ඩායමට. මෙච්චර අවුරුදු ගාණක් සංගීත කණ්ඩායමක් අරන් එනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ස්ටේජ් එකට නැග්ගාම මට දැනෙන්නේ නැහැ මම වැඩකරනවා කියලා. මේක මගේ ජොබ් එක වුණාට මට කවදාවත් දැනිලා මම වැඩකරනවා කියලා. හැමදාම ස්ටේජ් එකට නගිනවා කියන්නෙ සුන්දර අත්දැකීමක්. ඒ අයත් එක්ක Play කරනවා කියන එක දැන් මගේ විනෝදාංශයක් වෙලා. හැමදාම අලුතෙන් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කරනවා. මම විතරක් නෙමෙයි සංගීත කණ්ඩායමේ ඉන්න හැමෝමත් එහෙමයි.

 

මෙච්චර දුරක් එන්න සහාය දැක්වූ පිරිසක් ඇතිනේ?

ගෙදරින් ලැබුණු සහයෝගය සෑහෙන්න ලොකු දෙයක් වුණා. තාත්තා තමයි මට Saxophone එක හඳුන්වා දුන්නේ. තාත්තා පොලිස් සංගීත කණ්ඩායමේ Saxophone Play කළා. මියුසික් කියන එක මම පටන් ගත්තේ තාත්තා හින්දා. ඊට පස්සෙ මට වැඩියෙන් උදව් කරපු කෙනෙක් තමයි අරුණ සිරිවර්ධන කියන්නේ. මම දැකපු ලංකාවේ ඉන්න හොඳම ඩ්‍රම්ස් වාදකයා. ඔහු, ලංකාවේ ඉන්න ඩ්‍රම්ස් වාදකයෝ ගොඩකගේ ගුරුතුමා තමයි. මට සංගීතඥයෙක් වෙන්න හරියටම ඉගැන්වූවේ අරුණ සිරිවර්ධන සර්. ඊට පස්සෙ නලින් අයියා සෑහෙන්න මට උදව් කරලා තියෙනවා. බෑන්ඩ් එකටම කතා කරපු එක ලොකු දෙයක්. ඊට අමතරව නවසීලන්තයේ Saxophone ශිල්පියෙක් වන ජෙම්ස් වයිලි කියලා කෙනෙක් මට ඉගැන්වූවා. එයාගෙනුත් මම සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා. අදටත් මම තාම ඉගෙන ගන්නවා. ඒනිසා මේ හැමදෙනාටම මම බෙහෙවින් ස්තූති කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-06-16-ent-49
2016-06-16-ent-47
2016-06-16-ent-46
2016-06-16-ent-45