යාන් ඔය නිම්නයේ කොක්ඇබේ පෞරාණික මෙගලිතික පාෂාණ සුසානයේ සිදුකළ කැනීම්වලින් ශ්‍රී ලාංකික මානව ශිෂ්ඨාචාරයේ විකාශය පිළිබදව වටිනා සාධක රැසක් අනාවරණය කරගැනීමට හැකි වූ බව ශ්‍රි ලංකා රජරට විශ්ව විද්‍යාලයයේ පුරා විද්‍යා හා උරුම අධ්‍යන කළමනාකරන අංශය කියයි. වෙනස් සුසාන සංස්කෘතියක් දක්නට ඇති කහටගස්දිගිලිය පඩරැල්ලාව ගම්මානයට නුදුරු මහවනමැද පිහිටි කොක්ඇබේ පුරාණ සුසානයේ මෙම කැනිම් මීට දින දහයකට පෙර ආරම්භ විය. විශාල ගල් පතුරකින් ආවරණය කර ශිලා මංජුසා ආකෘතියට ඉදිකර තිබු සුසානයක් අඩි හතර හමාරක් පමණ ගැඹුරට සිදුකළ කැනීම් වලදී බලාපොරොත්තු නොවු පොකුරු සුසානයක සාධක මතුකර ගැනීමට හැකිවිය. කාල වර්ණ හා රක්තවර්න මැටිබදුන් රැසක් එකම ස්ථානයක තිබී හමුවූ අතර අවට සුදුපැහැයෙන් දිරාගිය මිනිස් අස්ථී කොටස් කිහිපයක්ද හමුවිය.ශිලා මංජුසා සුසානයට පිටින්ද පොකුරු සුසානයක කොටස් මෙහිදී දක්නට ලැබුණු අතර කැනීම් කටයුතු සිදුකරන රජරට විශ්විද්‍යාල සිසුහු එම මැටිබදුන් එකින්එක ඉතා සියුම්ව මතුකර ගැනීමට සමත් වූහ.
විජයාගමනයටත් පෙර යාන්ඔය නිම්නයේ ජනාවාස තිබූ බවට මෙමගින් අනාවරනය වන බවත් අනුරාධපු රාජධානිය ඇතුළු මෙතෙක් සැඟවී තිබූ විශාල ඉතිහාසයක් මෙම කැනීම වලින් අනාවරණය කරගැනිමට හැකිවනු ඇතැයි ව්‍යාපෘතිය භාර ආචාර්ය තුසිත මෙන්ඩිස් කියයි. මෙම පුරාවිද්‍යා මැටිබඳුන්හි ඇතැයි විශ්වාස කෙරෙන ද්‍රව්‍ය කාල නිර්ණය කිරීම සදහා ඇමරිකාවේ බීටා ආයතනය වෙත යොමුකරන බවත් යාන්ඔය නිම්නයේ ජීවත්වූ පැරැන්නන් අනුරාධපුර රාජධානිය ගොඩනැගීමට දැක්වූ දායකත්වය පිළිබදව වැදගත් තොරතුරු රැසක් හමගින් සොයා ගත හැකි බවත් ඔහු පවසයි.
කොක්ඇඹේ පාෂාණ සුසානයේ ඉතිහාසය සොයා හැත්තෑව දශකයේදී එවකට හිටපු පුරාවිද්‍ය කොමසාරිස් වූ ආචාර්ය රාජාද සිල්වා මෙහි ප්‍රථමයෙන්ම කැනීමක් සිදුකර ඇති අතර ඉන් පසුව ආචාර්ය සුදර්ශන ද සිල්වා මෙම ස්ථානය පිළිබදව වාර්ථාවක් සකසා ඇත.පෙර වාර්ථාවලට අනුව යාන්ඔය නිමිනයෙන් හමුවූ තඹ මිශ්‍ර ලෝහමය ද්‍රව්‍ය සමග සේරුවිල තඹ නිධිය හා සම්බන්ධතාවයක් ඇතැයි පෙන්වාදෙන ආචාර්ය මෙන්ඩිස් යාන්ඔය නිමිනයේ ක්‍රි.පූ.හාරසීය පමණ යුගයේදී යාන්ඔය නිම්නයේ ජීවත්වූ පිරිස නිසැකයෙන්ම කාර්මික හා දියුණු තාක්ෂණයක් සහිත පිරිසක් වියහැකි ලක්ෂණ මෙම මෙගතිලික සුසාන වලින් පෙනීයනබව සදහන් කර සිටියේය.