විජය නන්දසිරිගේ අවසන් කටයුතු 11දා


2016-08-09-ent-52

අභවප්‍රාප්තවූ ප්‍රවීණ රංගධරයෙක්සහ වේදිකා නාට්‍ය නිෂ්පාදයෙක්ද වූ විජය නන්දසිරි මහතාගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා 11දා සිදු කිරීමට නියමිතය. විජය නන්දසිරි මහතාඊයේ (08දාඅභවප්‍රාප්ත විය. මියයනවිට 69 වැනි වියේ පසුවූ ඒ මහතා හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට කළුබෝවිල මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

සිය රංගන හැකියාව හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය මැනවින් දිනාගත් විජය නන්දසිරි මහතාගේදේහය මේවනවිට 156/1, ටෙම්ප්ලර්ස් පාර, කලාපුර, ගල්කිස්ස ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර,අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (11දා) සිදු කිරීමට නියමිතව තිබේ.

 

නිරෝෂාන් ප්‍රේමරත්න/මාලන් විදානපතිරණ

 

2016-08-09-ent-44

2016-08-09-ent-48ශ්‍රී ලාංකේය වේදිකාවේ සිටි පතාක යෝධයකු ලෙස සැලකෙන ප්‍රවීණ රංගධර විජය නන්දසිරි ඊයේ (08) හදිසි හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට හැත්තෑ දෙවැනි වියේ පසුවූ ඔහු, ලාකීය සිනමාව, පුංචි තිරය සහ වේදිකා යන ක්ෂේත්‍ර තුනෙහිම නමක් සනිටුහන් කළ සුවිශේෂී කලාකරුවෙක් විය.

මෑත දශක කිහිපයේදී හාස්‍ය නළුවකු ලෙස ප්‍රේක්ෂක ජනාදරයට පත් වූ ඔහු රඟපෑ ටෙලිනාට්‍ය අතර නෝනාවරුනි මහත්වරුනි, එතුමයි මෙතුමයි, යර්ස් බොස්, කතුර, ගමන, ප්‍රමාද වැඩියි යන ටෙලිනාට්‍ය තුළින් අතිශය ජනාදරයට පාත්‍ර විය. එමෙන්ම සිකුරු හතේ, කිං හන්තර්, බහුබූතයෝ, සුහද කොකා වැනි මෑතකදී ජනප්‍රිය වූ සිනමා නිර්මාණ අතරින්ද ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.

ප්‍රේක්ෂකයන් අතර හාස්‍ය නළුවකු ලෙස ජනප්‍රිය වී සිටි ඉලුක්පිටිය මුදියන්සේලාගේ විජය නන්දසිරි, මහරගම විද්‍යාකර විද්‍යාලයේ ආදි සිසුවෙකි. පාසල් සමයේ පටන්ම රංගනය කෙරේ උනන්දුවක් දැක්වූ මේ අතිවිශිෂ්ට රංගන ශිල්පියා 1966 වසරේ පැවති රාජ්‍ය නාට්‍ය උලෙළ වෙනුවෙන් අමරදාස ගුණවර්ධන නිෂ්පාදනය කළ 'විදුර- දේව‘ නාට්‍යයෙන් ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙමින් සිය රංගන දිවිය ඇරඹීය.

ඔහුගේ රංගන දිවියේ තීරණාත්මක සන්ධිස්ථානය වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ හමුවීම බව වරක් පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පවසා තිබිණ. එහිදී ඔහු පවසා සිටියේ තමාට මහාචාර්ය සරච්චන්ද්‍රයන් මුණගැස්වීමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ ධම්ම ජාගොඩ ශූරීන්ට බවයි.

එයින් තම ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ කළ විජය නන්දසිරි කලාකරුවා "මනමේ" නාට්‍යයේ මනමේ කුමරුන් බවට පත්වීමට තරම් වාසනාවන්ත විය. එම වාසනාව කොතෙක්ද යත් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ කුමරු ලෙස දර්ශන වාර දහසකට අධික ප්‍රමාණයකට දායක වීමට තරම් උරුමකම් කියූ ඔහු, ඉන්පසුව මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේම මහාසාර, සිංහබාහු, දයානන්ද ගුණවර්ධනයන්ගේ 'නරිබෑනා', 'ජසයා හා ලෙංචිනා', 'ආනන්ද ජවනිකා', ලූෂන් බුලත්සිංහලයන්ගේ 'තාරාවෝ ඉගිලෙති', හෙන්රි ජයසේනයන්ගේ 'කුවේණි' සහ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ 'ඒකාධිපති', හේමසිරි ලියනගේගේ 'නරියා සහ කේජු' ආදී වේදිකා නාට්‍ය පනහකට ආසන්න ප්‍රමාණයකට දායක විය. මේ අතුරින් සයිමන් නවගත්තේගමයන්ගේ 'සුභ සහ යස' නාට්‍යය ඔහුගේ පෞද්ගලික ජීවිතයේ සුවිශේෂී මොහොතක් වන අතර, 1974 වසරේදී ඔහුට සිය සහකාරිය හමුවන්නේ එම පසුතලයේදීය. 1971 වසරේදී වේදිකාගත වූ 'රන් කඳ', 'රත්නාවලී', මෙන්ම විජය නන්දසිරි විසින්ම නාට්‍යකරුවකු ලෙස නිර්මාණය කළ 'වෘෂභ රාජ' සහ 'කුස පබාවතී' නාට්‍යයද කැපී පෙනේ.

මේ අතරතුර කාලයේදී එනම් 1976 වසරේදී වේදිකාගත වූ ටී.බී. ඉලංගරත්නයන්ගේ 'ශෛලියාසනය' වේදිකාගත වන අතරතුර මුණගැසුණු චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ 'නෑදෑයෝ' චිත්‍රපටයෙන් සිනමා කාචයට නාභිගත වීමට වරම් ලැබූ ඔහු, 'යස ඉසුරු', 'සඳකඩ පහණ', 'බංගලි වළලු', 'සසර සහ රේල් පාර" ආදී චිත්‍රපට තුළින් සිය සිනමා රංගන කෞශල්‍යය පෙන්වීමට වරම් ලැබීය.

මනමේ නාට්‍යය සමගින් ගොඩනැගුණු නාට්‍යධර්මී නාට්‍ය ශෛලියට අයත් නළුවකු / නිළියකට සුවිශේෂීම වූ කුසලතාවයක් ලෙස සැලකූ රංගනය මෙන්ම ගායනයටද එක සේ දස්කම් දැක්වූ නිර්මාණකරුවෙකු වූ විජය නන්දසිරි, හාස්‍ය චරිත මෙන්ම ගැඹුරු සංකීර්ණ චරිතද රඟපෑ ශිල්පියෙකි. මෙම වකවානුවේද වේදිකා නාට්‍ය නළුවකු ලෙස අතිශයින් කාර්යබහුල වූ ඔහු රඟපෑ නාට්‍ය වන 'බල්ලොත් එක්ක බෑ', 'අලුත් හොරෙක් ඕනෑ', 'මල්වඩම් අනවශ්‍යයි', 'දෙයියොත් දන්නේ නෑ' ප්‍රේක්ෂක හදවත් දිනා ගත් නාට්‍ය විය.

රංගන ශිල්පිනී දේවිකා මිහිරානිගේ දයාබර ස්වාමියා වන ඔහු නවංජනා මිහිරානි සහ රසාංජන සුචිත්‍ර දරුවන්ගේ දයාබර පියාණන්ය. මෑතකාලීනව අපව සිනහ සයුරේ ගිල්වූ සදාදාර කලාකරුවාණෙනි,

2016-08-09-ent-43

මාලන් විදානපතිරණ

 


2016-08-09-ent-532016-08-09-ent-45 

2016-08-09-ent-51
2016-08-09-ent-50
2016-08-09-ent-49
2016-08-09-ent-47
2016-08-09-ent-46