මිනිස්සු අතර තියෙන්නෙ ගේම් එකක්. මගේ දරුවෙක් ශිෂ්‍යත්වය සමත් වුනොත් එහාගෙදර කෙනාට ඒක ගේම් එකක්. මම ටීවී එකක් අලුතෙන් ත්තොත් ඒක අනෙකකුට ගේම් එකක්. එහෙම නැතුව ජාති අතර නෙමෙයි මේ මේ එක තියෙන්නෙ. අපි උපතින් අරගෙන එන්නෙ ගෑනුද පිරිමිද කියලා විතරයි. නම, ගම, ජාතිය, ආගම අපිට පස්සෙ හම්බෙන දේවල්. අපේ අම්ම තාත්තා සිංහල බෞද්ධ හින්දා අපිත් සිංහල බෞද්ධ වෙලා වැඩක් නැහැ. ඒක අපේ තෝරාගැනීමක් නෙමෙයි. මේ චිත්‍රපටය හදන්න අපි කතාකරද්දි දර්ගා නගරයේ කලබලකාරී සිදුවීම් වෙලයි තිබුනේ. ඒ වෙනකොට අපේ විශ්වවිද්‍යාලයේ ඒ ඒ පැති වල සිසුන් කිවුවෙ අපි අපේ ගමේ හොඳින් ඉන්නවා, ඕගොලොන්ටයි ඒක අර්බුදයක් වගේ පේන්නෙ කියලා. මේ චිත්‍රපටයට අපි ගත්තෙත් ඒ කාරණාව. ඈතින් බලනකොට මේ චිත්‍රපටයේ ඉන්න චරිත දෙක ජාති දෙකක් විදියට අපිට පේනවා. ඒත් මුහුණට ලංවෙලා බැලුවාම මේ ඉන්නෙ එකම පුද්ලයො. ඔවුන් ඉන්නෙ ගේමකින්. ඒ කැරම් ගැන ගේමකින් මිසක්, ජාතිය ගැන නෙමෙයි.
අපිට මෙහෙම කියන්නෙ මේ කෙටි චිත්‍රපටයෙ අධ්‍යක්ෂිකාව වෙච්චි විශාකා ඔයාරාව. ශ්‍රීපාලි මණ්ඩපයේ අධ්‍යයන කටයුතු කරන ඇය මේ කියන්න හදන කතාව වෙන කවරදාටත් වඩා මේ කාලයට වැදත් වෙන්නේ ඇයත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් නිසායි. ඇයගේ අදහස සරළ නමුත් මේ කතිකාව හෝ මෙයට අදාල වචසරිය සරළ වන්නේ නැහැ. ඒ නිසා මේ කතාව ඔබටත් මටත් බලන්නට වැදගත්.
රංගනය
- රොෂාන් මධුෂංක
- තරිඳු වික්‍රමාරච්චි
අධ්‍යක්ෂණය
- විශාකා ඔයාරාව
සහය අධ්‍යක්ෂණය
- R.M.S. උෂානි
පිටපත
- ලක්මාල් සී. දිසානායක
රචින්ත ජයවර්ධන