මිනිසුන් නොනවතින චක්‍රයක දුවනවා. තව දවසක් එහි තවත් පැතිකඩක් ඔබට පෙන්වනවා. මිනිසුන් තමන්ගේ තෝරාගත් අනෙකා හා කොතෙක් මානුෂීය වූ බැඳීමක නියැලෙනවාද? නොබැඳුනු පිරිස හා කොතෙක් ලෙංගතු වෙනවාද? එය නොබැඳීමේ ආශ්චර්යයද? ෂදීසා ධර්මප්‍රේමගේ අධ්‍යක්ෂණයෙන් එන මෙම කෙටි චිත්‍රපටය ඔබට ඒ පිළිබඳ කතාවක් කියාවි. අවසානයේ ඔවුනොවුන්ගේ මුහුණු ඔබට එහි ප්‍රබලතාවය නොකියා කියාවි. පසුබිමින් ඇසෙන ගීත වෙතද කන යොමා සිටීම ඔබේ මනසේ චිත්‍රය සම්පූර්ණ කරගැනීමට උදවුවක් වනු ඇති.
මේ ඒ පිළිබඳ අධ්‍යක්ෂිකා අදහසයි. විශ්වවිද්‍යාලයේ පැවරුමක් වෙනුවෙනුයි මම මේ නිර්මාණය කරන්නේ.මේ කාරණ මම චිත්‍රපටයට ඇතුළත් කරන්න කලින් මම හොයපු කාරනා. ළමයින්ව ඉස්කෝලෙට දාන්න යන අම්මලා එතැනින් එහාට යන අවස්ථා අද සමාජයේ තියෙනවා. ඒවා ඇත්තටම සිද්ධ වෙනවා. ත්‍රී වීලර් එකකින් මේ සියලු ගණුදෙනු එහා මෙහා වීම තාමත් සිද්ධ වෙනවා. අපිට සමාජයේ මුණගැහෙන මිනිස්සු ලඟ මේ දේවල්වලින් පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනවා. මේ හැමදෙයක්ම ගමන් කෙරෙන, චලනය වන පසුබිමක් ඇතුළතයි සිද්ධ වෙන්නේ. ඒක මට උවමනාවෙන්ම පෙන්වන්න ඕනෑ වුනු කාරණාවක්.
සියල්ල අවසානයේ කතාව අවසන් වන්නේ දෙයියන්ගේ පිහිටයි කියන ප්‍රාර්ථනාවෙන්. මිනිසුන් වන අප සමාජයේ වචන සහ යෙදුම් කොතෙක් නාස්තිකාර ලෙස භාවිතා කරනවාද කියලත් හිතන්න මෙය හොද නිර්මාණයක්.
රචනය සහ අධ්‍යක්ෂණය
- ෂදිසා ධර්මප්‍රේම
රංගනය
- අනූෂා දිසානායක
- අසංක පෙරේරා
- චන්දන ප්‍රභාත්
කැමරාකරණය
- දිමුතු කාලිංග
රචින්ත ජයවර්ධන