ඇය ගැන කතා කරන විට ඇය වටා ගොඩනැගුණු සහ ඇය පෝෂණය වුණු වටපිටාව මහා දැවැන්ත කලා පවුලක් කිව්වොත් වඩාත් නිවැරදියි. සංගීතය සහ නර්තනය කියන කලා හැකියාවන් ඇය තුළින් හරි අපුරුවට ඉස්මතු වුණා. සිය මිත්තණියගෙන් උරුම වූ ගී තුළින් සංගීත ක්ෂේත‍්‍රයේ එදා මෙදා තුර සිය නාමයන් බබළන්නට ඇය මෙන්ම ඇගේ වැඩිමහල් සොහොයුරියද සමත් වුණා. දක්ෂ කලා පවුලක තුන්වැනි පරම්පරාවේ පුරුකක් වු ඇය සංගීත් නිපුන් සධානා රණතුංගයි.
සධානා රණතුංග කියන හඬ රසිකයාට නුහුරු නුපුරුදු හඬක් නොවෙයි. හැබැයි කාලයක් පුරාවට සංගීත භූමිකාවේ දැඩි නිහඬතාවයක් ඇයගෙන් දිස් වුණා.
‘‘ඇත්තටම විවාහයෙන් පස්සේ අක්කා සුප‍්‍රියාට වගේ මට එක දිගට වේදිකාවේ රැුඳෙන්න ලැබුණේ නැහැ. පෞද්ගලික ජීවිතේ ගොඩාක් කාර්යබහුල වුණා.’’
ඔය විදිහට කාලෙකට පස්සේ සධානා ඇගේ හඬ අවදිකළා.
‘‘අපි හදවත් රෝගී දරුවන් වෙනුවෙන් ආරම්භ කරපු ව්‍යාපෘතියට ආධාර මුදලක් ලබා දෙන්න ප‍්‍රසංගයක් පවත්වනවා නර්තන සෙව්වන්දි සංගීත සැඳෑව කියලා. ජුලි 16 සෙනසුරාදා මම ආවේ ඒ ගැන පත්තරේට කියන්න.’’
කොහෙද ප‍්‍රසංගය තියෙන්නේ?
සංගීත සැඳෑවේ තරු කීයක් පායනවද?
’’විශාරද ජගත් වික‍්‍රමසිංහ, දයාන් විතාරණ, උරේෂා රවිහාරි, නර්තනය විශාරද වෛද්‍ය උදුම්බරා සෙව්වන්දිගෙන්. මම එදාට සරස්වතී ගීතයකුත් එළි දක්වනවා. කාලයක් මගේ හිතේ තිබුන හීනයක් එදා සැබෑ වෙනවා.’’
ඉතින් කියමුකො බලන්න කාලෙකට පස්සේ ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුණේ.
’’විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. වෛද්‍ය උදුම්බරා තමයි මෙහෙම දෙයක් කරමු කියලා මුළින්ම යෝජනා කළේ. උදුම්බරා මට මුණගැහෙන්නේ දේව උත්සවයකදි හරිම අහම්බෙන්. ටික දවසකට පස්සේ මට දුරකථනයට කථා කරලා උදුම්බරා ඇහුවා මට මිස්ගේ හඬ යොදවලා සරස්වතී ගීතයක් එළි දක්වන්න ආසයි කැමතිද කියලා. කාලයක් තිස්සේ මගෙත් තිබුන හීනයක් නිසා හදවතින්ම කැමති වුණා. සංගීත ක්ෂේත‍්‍රයේ කාන්තාවන් ගායනා කරන සරස්වතී ගීත ගොඩක් අඩුයි. ඒ නිසාමයි මෙවැනි ගීතයක් එළි දක්වන්න ඕන කියලා හිතුණේ. මේ සරස්වතී ගීතයේ පද වෛද්‍ය උදුම්බරාගෙමයි. ශිවරංජනී කියන රාගය යොදාගෙන තමයි මම ගීතයට තනුව නිර්මාණය කළේ. මේ ගීතයේ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ.’’
දශක ගණනාවකට කළින් නිර්මාණය වුණ ”ජගන් මෝහිණී මදුර භාෂිණී” කියන ගීතය තමයි අද අපට තියෙන සරස්වතී ගීතය. ඒ ගීතයට එදා නර්තන ශිල්පිණිය වුනේ මිරැුන්ඩා හේමලතා මිස්. අද මේ ගීතයෙත් නර්තනය සකස් කරන්නේ ඇය විසින්මයි. ඒ නිසා මේ ගීතයට ඇය සම්බන්ධ වීම මට ගොඩක් විශේෂයි. උදුම්බරා තමයි මේ ගීතයේ නර්තන ශිල්පිණිය. මටත් මැරෙන්න කළින් පුංචි ආසාවක් තියෙනවා මේ සරස්වතී ගීතයට මගේම කියලා නර්තනයක් කරන්න.
සුභාවිත සරල ගීතයෙන් හැට හැත්තෑව දශකයේදී ගී ලොව ප‍්‍රභාමත් කළ ගායිකාවක් වන කලාශූරී වසන්තා සන්දනායක ගායන ශිල්පිණිය විසින් රසික සවන් මන්මත් කළ මියුරු ගීතාවලියේ වර්තමාන භාරකාරත්වයද පැවරෙන්නේ ද ඇයටමය. ජීවිතේ කුඩා අවධියෙන්ම ගී ලොවට පිවිසි ඇය එදා පුංචි එවුන්ට තිබු හොඳම තැන වු ගුවන් විදුලි ළමා පිටියේ දඟකාරකම් කළ රුවැත්තියකි.
ජීවිතේ අතීතයට ගියොත්?
මම ඇගේ මතක පොතට මඳකට ඉඩදුන්නෙමි.
‘‘මමත් සුප‍්‍රියාටත් වයස අවුරුදු හතේ ඉඳලා ගුවන් විදුලි සංස්ථාවේ ළමා ගී ගායිකාවක් විදිහට ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ආච්චි අම්මාගේ, අම්මගේ කැසට් පටවලට, ගුවන් විදුලි වැඩසටහන් වලට සහභාගී වෙන්න නිතර අවස්ථාව ලැබුණා. ඒත් තාත්තගෙන් නම් මේ දේවල් වලට වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. පාසල් වියේදිම සංගීතය පිළිබඳ වැඩිදුර ඉගෙන ගන්න ඉන්දියාවට යන්නත් ලක ලෑස්ති වෙලයි හිටියේ.’’
ඉන්දියාවට යන්න අවස්ථාව ලැබිලත් ඇයි නොගියේ.?
‘‘ඒ දවස් වල මහාචාර්ය ලයනල් එදිරිසිංහ මහත්මයා කියන්නේ අපේ ගෙදර නිතර ඇස ගැටෙන චරිතයක්. මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා ඔහු දැනගෙන හිටියා. ගෙදර ආවම ඔහු මට කියලා ගීත ගායනා කෙරෙව්වා. මට මතකයි එතුමා ”සත්‍යම්ශිවම් සුන්දරම්” කියන ගීතය මට කියලා ගායනා කරවලා ඇස් වල කඳුළු පුරවගෙන මාව බදාගෙන කිව්වා ඔයාව කවදහරි මම ඉන්දියාවට යවලා තමයි නතර වෙන්නේ කියලා.
ඒත් වාසනාව අත ළඟටත් ඇවිල්ලා මට ඉන්දියාවට යන්න වාසනාව ලැබුණේ නැහැ. ඒ කාලේ ඉතින් පුංචි ප්‍රේම සම්බන්දෙකුත් තිබුණා. අද මං විවාහ වෙලා ඉන්නා සැමියා තමයි ඒ පෙම්වතා. ඉතින් ඔය විදිහට ඉන්දියාවේ යන හීනය මඟ ඇරුණා.’’
කාලෙකට සින්දුවක් කියනවා ආයෙම නිහඬ වෙනවා. එක දිගට වේදිකාවේ නොරැඳුනේ ඇයි?
‘‘විවාහයෙන් පස්සේ පෞද්ගලික ජීවිතේට මුල්තැන දුන්නා. ඒ නිසා වේදිකාවත් මට මඟ හැරුණා. ඔය අතරතුර 2009 දී මගේ ආච්චි අම්මාගේ කලාශූරී වසන්තා සන්දනායක නැතිවෙලා වසර නවයක් වන අනුස්මරණ වැඩසටහනකට මාධ්‍ය තුළින් මට අවස්ථාවක් ලබා දුන්නා. ඔන්න ආයෙම කාලෙකට පස්සේ මම ආයෙම ප්‍රේක්ෂකයා අතරට ආවා. පස්සේ 2000 වර්ෂයේදී මට වසරකට ඇමෙරිකාවේ යන්න වුණා.’’
ඒ කියන්නේ ඔබ ආයෙම පේ‍්‍රක්ෂකයාට අමතක වෙලා ගියා.
‘‘පේ‍්‍රක්ෂකයාට මාව අමතක වුණාට ආච්චි අම්මාගේ ගීත හතර වෙනි පරම්පරාවට රැුකලා දෙන්න මම අමතක කළේ නැහැ. නැවත ලංකාවට ඇවිල්ලා නන්දිත රණතුංග මගේ සැමියා එක්ක 2011 ප‍්‍රසංගයක් පැවැත්තුවා.’’
මම ටිකක් වෙනස් ආරක ප‍්‍රශ්නයක් ඔබගෙන් අහන්න හිතුවා. සධානා රණතුංගට වාසනාව උදා වෙන්නේ ආච්චි අම්මාගෙන්ද? අම්මාගෙන්ද?
‘‘දෙන්නාගෙන්ම. මගේ තාත්තා චිත‍්‍රපට නළුවෙක් නිසා රඟපාන්නත් යටි සිතේ පුංචි ආසාවක් තිබුණා. ඒත් තාත්තා අවසර දුන්නේ නැහැ. එයා කවදාවත් කැමති වුණේ නැහැ අපි රඟපානවට. කොහොම හරි අපි රඟපාවි කියන බයට තාත්තත් රංගන ක්ෂේත‍්‍රයෙන් ඉවත් වුණා.’‘
‘‘මගේ ආච්චි අම්මාගේ හැම ගීතයක්ම තුන්වැනි පරම්පරාවේ අයගෙන් මුළින්ම ගායනා කළේ මම. අපේ පවුලේ මමයි සුප‍්‍රියයි ගීත ගායනා කලාට සුප‍්‍රියා වෛද්‍යවරියක් වෙන්න හිටපු කෙනෙක්. මට ඕන වුණේ සංගීත පැත්තෙන් ඉදිරියට යන්න. එදා ආච්චි අම්මා එයාගේ සියලූම ගීත වල අයිතිය මට පැවරුවේ. මම මේ ක්ෂේත‍්‍රයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් සිටිය නිසා.
හැබැයි ගීතවල අයිතිය මට පැවරුවට පවුලේ සියලූම දෙනාට ගීත ගායනා කරන්න නිදහස තියෙනවා. අපි කවදාවත් ගීත වලට ආරවුල් ඇති කරගෙන නැහැ. අදටත් අපි හරිම සමගියි.’’
විටකදි තරුවකගේ මිණිපිරියක්, විටකදී තරුවකගේ දියණියක්. තරු අම්මලාගේ තරු දියණියක් විදිහට දශක ගණනාවක් ආපස්සට හැරිලා බැලූවොත්.
‘‘හරිම ආඩම්බරයි. ආච්චි අම්මාගේ ගීත තමයි අපිට ආලෝකයක් වුණේ. ආච්චි අම්මාගේ ගීත අපි ගායනා කළේ ඇය රැුක ගත්ත දේ ඉදිරියට ගෙනියන්න ඕන නිසා. අදටත් ප්‍රේක්ෂකයෝ අපට ආදරේ කරන්නේ ආච්චි අම්මා සහ මගේ අම්මාට රසිකයෝ ආදරය කරපු නිසා. ආච්චි අම්මගේ ගීත ගායනා කරලා ක්ෂේත‍්‍රයට ආවට ක්ෂේත‍්‍රයේ නමක් හදා ගත්තේ බොහොම අමාරුවෙන්.
මීට ගොඩක් ඉස්සර මම ඉන්න ඕන තැනට අද මට යන්න ලැබිලා තියෙනවා. පරක්කු වෙලා හරි නැවත ප්‍රේක්ෂකයා අතරට එන්න ලැබීම ගැන හදවතින්ම සතුටුයි.
සරස්වතී ගීතයට අමතරව අලූතින් ගීත නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
‘‘2014 ”හද ගැහෙන හැම විටම” කියලා රූප රචනාවක් එක්ක මම ගීතයක් කළා. දරුවන්ගේ වැඩත් එක්ක ප‍්‍රසංග වේදිකාවට කැප වෙන්න ඉඩ වෙලාව නම් අඩුයි. ඒත් ඉදිරියේදී අලූත් නිර්මාණයක් කරන්න පුංචි බලාපොරොත්තුවක් තියෙනවා.’’
තුන්වැනි පරම්පරාවෙන් එහාට මේ ගීත බාරගන්න හතර වෙනි පරම්පරාවේ භාරකරුවා කවුද?
‘‘මගේ පුතා ඔෂද සමිත් රණතුංග, දයාරත්න රණතුංග එයාගේ සීයාගේ ගීත දැනටත් එයා ගායනා කරනවා. ශෂික රණතුංග පොඩි පුතා නංගිටත් දියණියක් ඉන්නවා. බයක් නැහැ. කවදාහරි අපේ ආච්චිගේ, අම්මාගේ, අපේ ගීත රැුක ගන්න හොඳ හතරවෙනි පරම්පරාවක් ඉන්නවා.’’ කථා බහට සමුදෙන්න වෙලා. ඇයට සමුදෙන්න මත්තෙන් ඇය නැවතත් ආදරණීය ඇරයුමක් කරනවා.
2016 ජුලි 16 සෙනසුරාදා ප.ව. 6 මරදාන ටවර් රඟහලට එන්න කියලා.
නදීශා අතුකෝරළ