ස්වසන රෝග මට්ටුකරන භෞත චිකිත්සාව


(බොරැල්ල රිජ්වේ ළමා රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක සහ වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ජාලිය උඩුවැල්ල)

ශ්වාස නාළ පද්ධතිය හා සම්බන්ධ රෝග ශ්වසන රෝග යනුවෙන් හැඳින්වෙන අතර මෙම රෝග සඳහා හේතු බොහෝය. මෙම රෝගවලට ප‍්‍රධාන හේතුව වන්නේ වෛරසයක්, බැක්ටීරියාවක් හෝ විෂබීජයක් ශ්වාස නාළ පද්ධතියට ඇතුළුවීමයි. දුවිලි ආඝ‍්‍රාණවීමෙන්ද මේවා ශරීරයට ඇතුළු වේ. තවද රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට ශරීරගත විය හැක. ශ්වසන රෝග සාදන බැක්ටීරියා කිහිපයකට උදාහරණ නම් නියුමෝකොකස්, නියුමෝනියේ සහ ස්ටෙ‍්‍රප්ටොකොකස් පෙන්වා දිය හැක. එමෙන්ම නොයෙකුත් රසායනික ද්‍රව්‍ය, විෂ වායු නිසාද ශ්වසන රෝග ඇති වේ. තවද අසාත්මිකතා නිසාද මෙම රෝග ඇති වේ.

ස්වසන රෝග ඇතිවන්නේ ඇයි?

මෙවැනිම රෝගවලට ප‍්‍රධාන හේතුවක් වන්නේ සමහර රෝගීන් නොයෙකුත් අනතුරු වලට මුහුණ දී එක්තැන්වී සිටිමයි. එනම් අංශභාගය වැනි රෝගවලදීත්, කැඩුම්-බිඳුම් වලට ලක්වූ අවස්ථාවලදීත්, නොයෙකුත් ශල්‍යකර්ම වලට මුහුණ දී ඇති අවස්ථාවලදීත් රෝගීන් එක්තැන් වී සිටීම නිසා ශ්වසන රෝග ඇති විය හැක. සමහර අවස්ථාවල ශ්වසන පද්ධතියේ ඇති අර්බුද නිසාද, ශ්වසන පද්ධතියට පැමිණි ආගන්තුක ද්‍රව්‍යයක් නිසාද මෙය ඇති විය හැක.

එසේම මානසික හේතුද මේ සඳහා බලපායි. බහුලව දක්නට ලැබෙන ශ්වසන රෝග කීපයක් නම් නියුමෝනියා, බ්‍රොන්කයිටිස්, බ්‍රොන්කියෝලයිටිස් ඇදුම, බ්‍රොන්කියෙක්ටේසිස්, ප්ලූරල් එෆියුෂන් සහ පෙණහලූ හැකිළීම යනාදිය පෙන්වා දිය හැක.

 

මෙහි රෝග ලක්‍ෂණ මොනවාද?

වැළඳී ඇති රෝගය අනුව රෝග ලක්ෂණ විවිධ වේ. එමෙන්ම ප‍්‍රතිකාරද විවිධය. මෙම රෝගවල රෝග ලක්ෂණ ලෙස වියළි හෝ බුරුල් කැස්ස, හතිය නැතහොත් මහන්සිය, හුස්ම ගැනීමේදී ඇති වන පපුවේ වේදනාව, උණ, වමනය, කෑම අරුචිය, බඬේ වේදනාව, හිසේ කැක්කුම හැඳින්විය හැක. මෙම රෝග සඳහා වෛද්‍ය ප‍්‍රතිකාර මෙන්ම භෞත චිකිත්සක ප‍්‍රතිකාරද අත්‍යවශ්‍ය වේ. භෞතචිකිත්සක ප‍්‍රතිකාර ලෙස පොස්චරල් ඩෙ‍්‍රනේජ් ක‍්‍රමය ඉතා වැදගත් වේ. එනම් රෝගියා විවිධ ඉරියව්වල තබා ගුරුත්වාකර්ෂණය උපයෝගී කර ගනිමින් හා, අතින් තට්ටු කරමින් සෙම ඉවත් කිරීමේ ක‍්‍රමයයි. රෝගියා තබන ඉරියව්ව රෝගියාගේ සෙම තිබෙන ස්ථානය අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස රෝගියාගේ දකුණු හෝ වම් පෙණහැල්ලේ යට ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියා මුනින් අතට හරවා බඩ යටින් කොට්ට කීපයක් තබා හිස පහතට වැටෙනසේ තබමින් රෝගියාගේ පිටට තට්ටු කළ යුතුය. දකුණු පෙණහැල්ලේ මැද ඛන්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියාගේ දකුණු අත පැත්ත ඉහළට දිස්වෙන ලෙස පැත්තට හරවා බඩ යටින් කොට්ටයක් තබා පපුවේ මැද කොටසට සහ පිටේ මැද කොටසට තට්ටු කරමින් සෙම ඉවත් කර ගත හැක. එමෙන්ම දකුණු හෝ වම් පෙණහලූවල ඉහළ ඛණ්ඩිකාවේ සෙම ඇත්නම් රෝගියා උඩුබැලි අතට තබා පපුවට තට්ටු කරමින් කැස්ස ඇති කරවීමෙන් රෝගියාගේ සෙම ඉවත් කර ගත හැක.

මේ සඳහා ඇති භෞත චිකිත්සක ප‍්‍රතිකාර මොනවාද?

මෙම ප‍්‍රතිකාරවලට පෙර සමහර රෝගීන්ට ජල වාෂ්ප ආඝ‍්‍රාණය හෝ නිබියුලයිසර් ප‍්‍රතිකාරයද කරනු ලබයි. මෙය වෛද්‍ය නිර්දේශ අනුව සිදු කරයි. භෞතචිකිත්සක ප‍්‍රතිකාර ලෙස මෙම රෝග සඳහා හුස්ම ගැනීමේ ව්‍යායාමද වැදගත් වේ. අවධාරණය කළ යුතු වැදගත්කම කාරණාව වන්නේ අද අප රටේ බහුලව දක්නට ලැබෙන ඇදුම රෝග තත්ත්වයද මේ හුස්ම ගැනීමේ ව්‍යායාම ම`ගින් පාලනය කරගත හැකි වීමයි. ඔවුන් සඳහා සුදුසු ව්‍යායාමයක් නම් ගැඹුරට හුස්ම ගෙන එය හැකි තරම් දරා සිට මුඛයෙන් එක්වර පිඹ හුස්ම පිට කිරීමයි. මෙහිදී ශ්වසන මාර්ගය පළල් වේ. ඇදුම රෝගීන්ගේ ශ්වසන පේශිවල දරදඬු භාවය නිසා ඒවා සිහින් වී ඇත. ශ්වසන පේශි සංකෝචනය ම`ගින් අපේ හුස්ම ගැනීම සිදුවන අතර ශ්වසන පේශි ඉහිල් වීම ම`ගින් ප‍්‍රශ්වාසය සිදු වේ.  ශ්වසන මාර්ගය සෑදී ඇති බ්‍රොන්කියල් පේශියේ දරදඬු භාවය බ්‍රොන්කොස්පැස්ම් :ඊරදබජයදිච්ිප* ලෙස හැඳින්වේ. මෙම රෝගීන්ගේ ශ්වසන බ්‍රොන්කියල් පේශිය හරියාකාරව

ඉහිල් නොවන නිසා ප‍්‍රශ්වාසය නිවැරදිව සිදු නොවේ. ඒ නිසා ආශ්වාස කිරීම තුළින් ඇතුළට ගන්නා වාතය ප‍්‍රශ්වාසය මගින් සියල්ල පිට කිරීමට රෝගියා අපොහොසත් වේ. එවිට පෙණහලූ තුළ රැඳෙන වාතය වැඩි වේ. මේ තුළ කාබන්ඩයොක්සයිඩ් බහුල වේ.

පෙණහලූවලින් සිදුකෙරන කාර්යය කුමක්ද?

අපේ පෙණහලූවල කාර්යය වන්නේ වායුගෝලයේ තිබෙන වාතයේ අඩංගු ඔක්සිජන් රුධිරයට ලබාදීමයි. මෙම කාර්යයට බාධාවක් වන්නේ පෙර කී අපිරිසුදු වාතය වැඩියෙන් එකතු වීමයි. එවිට රුධිරයේ ඔක්සිජන් අඩු වී කාබන්ඩයොක්සයිඞ් ඉහළ යයි. එවිට මොළයේ තිබෙන ශ්වසන මධ්‍යස්ථානය මගින් අඩු ඔක්සිජන් ලබාගැනීම පිණිස ශ්වසන වේගය වැඩි කරයි. මේ තත්ත්වයේදී විශේෂිත හුස්ම ගැනීමේ ව්‍යායාම ක‍්‍රම මගින් වැඩි අපිරිසුදු වාතය ඉවත් කළ හැක. එනම් එක් උදාහරණයක් නම් රෝගියාගේ පපුව දෙපසට අත්ල තබා රෝගියා හුස්ම පිට කරන විට අත්ල ගස්සවමින් පෙණහලූ තෙරපිය යුතුය. එවිට වැඩි අපිරිසිදු වාතය පිට වී පිරිසිදු වාතය පැමිණේ. එවිට නැවතත් රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය ඉහළ ගොස් ශ්වසන වේගය සාමාන්‍ය අතට පත් වේ. හුස්ම පිට කරන වේගය මනින උපකරණ උපයෝගි කරගෙන දළ මිනුමක් ලබාගෙන හුස්ම ගැනීමේ ව්‍යායාමද වෙනස් කරමින් කළ යුතුව ඇත. පෙණහලූවල ඇති එක් එක් ඛණ්ඩිකා පිම්බෙන අයුරින් හුස්ම ගැනීම පුරුදු පුහුණු කිරීමද භෞතචිකිත්සකවරු අතින් සිදු වේ. සමහර රෝග සඳහා හුස්ම ගැඹුරට ගැනීම කළ යුතුව ඇති අතර, සමහර රෝග සඳහා කෙටි හුස්ම ගැනීම කළ යුතුය. හුස්ම දරා සිටීම පාලනය කරන ව්‍යායාමද ඇත. තවද ඇදුම වැනි රෝග පාලනය කළ හැකි ඉරියව් කීපයක්ද භෞතචිකිත්සාවේ උගන්වනු ලැබේ. උදාහරණ ලෙස ඇදුම ඇති අවස්ථාවලදී පුටුවක වාඩි වී උකුළ මත කොට්ට කීපයක් තබාගෙන ඉදිරියට නැමී හිස පහත් කරගෙන සිටීම වැනි ඉරියව් පෙන්වා දිය හැක. මෙම ඉරියව්වේදී බ්‍රොන්යල් පේශිවල දරදඬු භාවය අඩු මෙම භෞතචිකිත්සක ප‍්‍රතිකාර ආහාර ගැනීමට පෙර කළ යුතුය. නැතහොත් වමනය ඇති විය හැක. උදේ කෑමට, දවල් කෑමට සහ ? කෑමට ප‍්‍රථම දිනකට 3 වරක් මෙය කළ යුතුය. තවද සෙම ඉවත් කිරීමට කැස්ස ඇති කළ යුතුය.

 

කුඩා දරුවන්ටත් මේ සඳහා ප‍්‍රතිකාර තිබේද?

 

කුඩා දරුවන්ට කැස්ස උත්තේජනය කරන ක‍්‍රමද ඇත. සුදුසුකම්ලත් භෞතචිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි ගෙලෙහි ඇති ට‍්‍රැකියල් නොච් තෙරපීමෙන් කැස්ස ඇති කළ හැක. තවද දෙමාපියන්ට දිය යුතු අවවාදයක් නම් දරුවාගේ කැස්ස ඇති වූවාට කලබල නොවිය යුතුය යන්නය. එය ශරීරයේ ඇති මහඟු ප‍්‍රතිකි‍්‍රයාවකි. එය වැකුම් ක‍්‍රමයකි. එම`ගින් සෙම පෙණහලූවලින් ඉවතට අදී. ශ්වසන මාර්ගයට ආගන්තුක ද්‍රව්‍යයක් ඇතු`ඵ වන විටදීත් කැස්ස ඇති වී එය ඉවත් කරයි. සමහර අවස්ථාවලදී සෙම නැතිවත් කැස්ස ඇති වන අවස්ථා ඇත. උදාහරණ ලෙස ශ්වසන මාර්ගය හැකිළීමේදී කැස්ස උත්තේජනය වේ. මෙය වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන නිසි ඖෂධ ලබා දේ. සාමාන්‍යයෙන් ඔබ වෛද්‍යවරයෙක් ළඟට යන විට කැස්ස ඇති වන ස්වභාවය, එය මතුවන වේලාව ආදි දේ පැවසීම තුළින් වෛද්‍යවරුන්ට එය විනිශ්චය කිරීම පහසුය. උදාහරණයක් ලෙස පාන්දර 2න් පසු කැස්ස ඇති වන්නේ බොහෝ විට ශ්වසන මාර්ගය දරදඬු වී ඇති වන හතිය තත්ත්වය නිසාය. එය උදෑසන 8-9 වන විට අඩු වේ. සමහර විට ආහාර ගන්නා විට කැස්ස ඇති වේ. සමහර අයට නිදාගන්න ඉරියව්වේදී කැස්ස ඇති වේ, මේ ආකාරයට විවිධ රෝග තත්ත්ව වලට කැස්ස එන ක‍්‍රමද විවිධය. එබැවින් හරියට ඒ දෙස විමසිලිමත් වී වෛද්‍යවරුන්ට පවසන්න. තවද රෝගින් වැඩි අවධානය යොමු කරගැනීමට කැස්ස උදෙන් එනවා, දවලූත් එනවා නිතරම එනවා ලෙස පවසයි. එවිට එය විනිශ්චය කිරීමට අපහසු වී රෝග නිදන්ගත තත්ත්වයට පත් වේ. අනෙක් කාරණාව නම් බොහෝ දෙමාපියන් සිතන්නේ කුඩා දරුවන් සෙම කටින් පිට නොකිරීම නිසා මෙම රෝග තත්ත්වය අඩු නොවන බවය. දරුවා කැස්සත් සමඟ සෙම ගිල දමයි. ඒවා ආමාශයට ගොස් මල සමඟ පිට වේ. සෙම ජීර්ණය නොවන නිසා සමහර විට මල බුරුල් වී කිහිපවරක්ම යා හැකිය. දරුවා සෙම ස‍්‍රාවයන් ගිලින නිසා ආමාශය එම ස‍්‍රාවයන්ගෙන් පිරී යයි. එම නිසා දරුවාගේ කෑම රුචිය අඩු වේ. තවද කිරි බිව් පසු වමනයද ඇති විය හැක.

දරුවන්ට ඇතිවන සංකූලතා මොනවාද?

කුඩා දරුවන්ගේ නාස් කුහරද ස‍්‍රාවයන්ගෙන් පිරී යයි. එවිට දරුවා හුස්ම ගැනීමට මුඛය භාවිත කරන අතර කිරි උරා බීම ප‍්‍රතික්ෂේප කරයි. මෙවැනි තත්ත්ව වලදී සක්ෂන් උපකරණයක් ම`ගින් සෙම ස‍්‍රාවයන් පිටතට ගැනීම සුදුසුය. එවිට දරුවාගේ අපහසුතා දුරු වී යයි. තවත් වැදගත් කරුණක් වන්නේ නියුමෝනියා වැනි රෝග තත්ත්වවලදී පෙණහලූවල ඇති වන සෙම පැල්ලම් ඉතුරු නොවී ඉවත් කළ යුතු වීමයි. නැතහොත් අප හුස්ම ගන්නා වාතය සමඟ එන ක්ෂුද්‍ර ජීවින් එම සෙම පැල්ලම් තුළ නැවත ව්‍යාප්ත වී අපව යළිත් ලෙඩ කරවයි. හරියට බිමට කෑම කොටසක් වැටී ඇති විට කුහුඹුවන් එය වට කරගන්නා සේ අප ගන්නා වාතයේ පාවී එන ක්ෂුද්‍ර ජීවින් එම සෙම පැල්ලම වටා රොක්වී එයින් පෝෂණය ගෙන එම ක්ෂුද්‍ර ජීවින්ගේ ගහනය වැඩි වී අපට පාලනය කර ගත නොහැකිව නැවත ආසාදනයක් පටන් ගනී. සතුරන්ට ආයුධ දෙන්නාක් සේ එම සෙමවලින් ක්ෂුද්‍ර ජීවින්ට ආහාර ලැබේ. එබැවින් එම සෙම පැල්ලම ඉවත් වන තුරු ගෙදරදී එම භෞතචිකිත්සක ව්‍යායාම දිනකට 3 වරක් බැගින් දින 7ක් පමණ කළ යුතුය.

පෙණහලූ වටා ඇති ප්ලූරල් අවකාශය තුළ සමහර අවස්ථාවල සැරව ඇති වේ. එය ප්ලූරල් එෆියුෂන් ලෙස හැඳින්වේ. එවිට ශල්‍ය වෛද්‍යවරු අන්තර් පර්ශුක බට දමා එම සැරව පිටතට ගනී. එම කි‍්‍රයාවලියේදී එය පහසුවෙන් ඉවත් කිරීමට භෞතචිකිත්සාවේදී කරන ව්‍යායාම වැදගත් වේ.