මැක්බර්ත් නාට්‍යයේ අධ්‍යක්ෂ සමිත් රවිහාර
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සමිත් රවිහාර මණ්ඩලදේව සරසවි භූමියේ මැද මිදුලේදී එළඹෙන 26 වැනිදා පස්වරු 7.00 ට නවතම ආකෘතියකට අනුව විලියම් ශේක්ෂ්පියර්ගේ මැක්බර්ත් නාට්‍යය රඟ දක්වන්නට සූදානම්ය. අපි ඒ පිළබඳව මැක්බර්ත් අධ්‍යක්ෂ සමිත් රවිහාර අද හා සම්බන්ධ කරගතිමු.
සදාතනික දේශපාලනික බල අරගලය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 20 සිට ඇරඹී 26 වැනිදා දක්වා ඇකඩමික් තෙස්පියන් නාට්‍ය සංගමයට වසර 10 ක් සපිරීම මුල්කරගෙන නාට්‍ය උලෙළක් දවස් හතක් පුරාවට පැවැත්වෙනවා. හැම දවසකම රාත්‍රී 7 සිට නාට්‍ය දර්ශන පැවැත්වෙනවා.
මගේ නාට්‍යය පැවැත්වෙන්නෙ 26 වැනිදා එදාට මම නිෂ්පාදනය කරපු විලියම් ශේක්ෂ්පියර්ගේ සදාතනික දේශපාලනික අරගලයේ අඳෝනාව වුණු මැක්බර්ත් නාට්‍යය රංගගත වෙනවා. එය නිෂ්පාදනය කරන්නේ මෙතුවක් කල් කිසිදු අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂණය නොකළ ආකාරයකටයි. මේ නාට්‍යය අපි ඉදිරිපත් කරන්නෙ තියටර් එක ඇතුළෙ නෙවෙයි. එළියට ගලවගෙන ඇවිත් නර්තන හා නාට්‍ය කලා පීඨයේ ඇතුළෙ බිම්කඩක් තිබෙනවා. පශ්චාත් නූතනවාදී ආකෘතියට තමයි මේ ශාලාව නිර්මාණය කරල තියෙන්නෙ. පශ්චාත් නූතනවාදී ශාලාව මතම ඇතුළෙන් හතරවටෙන්ම වටවෙච්ච මැද මිදුල තමයි ඉලක්කගත වෙන්නෙ. අපි එතෙන්ට කියන්නෙ මැද මිදුල කියලයි. මැද මිදුල පදනම් කරනගෙන මැක්බර්ත් නාට්‍යය මම නිෂ්පාදනය කරනවා 26 වැනිදා සවස 07.00 ට. නමුත් මෙය වේදිකා නාට්‍යයක් නොවන මේ රංග ආකෘතියට කියන නම් තමයි ස්ථාන විශේෂීකරණ රංග කලාව.
මම ස්ථානයක් තෝරාගෙන එය මගේ නාට්‍යයට විශේෂීකරණය කරනවා. මේ නාට්‍යයට කොහොමද මං තෝරගත්ත පිටපත කොහොමද ඒකාබද්ධ කරන්නෙ හා කොහොමද එය ආසියාතික සමාජයක විලියම් ශේක්ෂ්පියර් වැනි සදාතනික අමරණීය නාට්‍ය රචකයෙකුගේ බරපතළ දේශපාලනික නාට්‍යයක් වෙච්ච මැක්බර්ත් මං කොහොමද ලංකාව ඇතුළෙ ආසියාතික සමාජයට රෝපණය කරන්නෙ සහ මේ නාට්‍යය කොහොමද ලංකාවට අදාළ වෙන්නෙ කියන කාරණය වෙන විදියකට අර්ථ දක්වනවා. තව අවුරුදු දාහක් ගියත් සදාතනික දේශපාලනික බල අරගලයට ඉදිරිපත් කරන්න පුළුවන් දරුණු ගණයේ නාට්‍යයක් අතරින් මුල්ම පෙළේ මෙම නාට්‍යය තිබෙනවා.
කලාකරු අර්ථ දැක්වීම
එනිසාම තමයි මම අවුරුදු 14 ඉඳන් රාජ්‍ය නාට්‍ය උලෙළට හා යෞවන නාට්‍ය උලෙළට නාට්‍ය කරලා අවුරුදු ගාණක් තිස්සේ නාට්‍ය බලලා තරුණ සේවා සභාවේ නාට්‍ය පාසලේ ඉදිරිපත් වෙලා එයින් ඉගෙනගෙන අවුරුදු ගාණක් පුරා නාට්‍යත් එක්ක අසීමාන්තික ගනුදෙනුවක් කරලා බලලා තරග කරලා උලෙළවල් නියෝජනය කරලා මට අවබෝධ වෙනවා. එක්තරා අවස්ථාවකදී මට අවබෝධ වෙනවා.
තරග කරලා සම්මාන ගන්නකොට වැඩිය අපිට හොයාගන්න වෙනවා. අපි කලාකාරයො නම් අපේ අර්ථදැක්වීම් කොහොමද සමාජගත කරන්නෙ කියල. එහෙම නැත්තම් හැමදාම නාට්‍යයක් හරි මොකක්හරි කළාම වෙන්නෙ අපේම හෝටලේ කෑම ටික අපිම හදාගෙන අපිම කාලා අපිම බිලත් ගෙවල අපිම රසයි කියලත් කියනවා. ඒක තමයි ලංකාවෙ නාට්‍ය කලාවට වෙලා තියෙන්නෙ.
දෙස්විදෙස් ගුරු කලාකරු ගනුදෙනුව
ඇයි ලංකාවෙ සැමුවෙල් බෙකට්ගෙ වගේ රංග වින්‍යාස බිහි නොවන්නෙ. ඇයි බ්‍රෙෂ්ට්ගෙ වගේ රංග ආඛ්‍යාන බිහි නොවන්නෙ. අන්තානියෝ ආටෝ සහ ගොටෝස්කි වාගේ ආඛ්‍යාන ඇයි බිහිනොවන්නෙ. එයට හේතුව තමයි ලංකාව වෙන සීමාන්තික විදියට මේ ප්‍රශ්නයට අවිඥානිකව ගොදුරුවෙලා ඉන්නවා. මම තරුණ නාට්‍යකරුවෙක් විදියට මම අධ්‍යයනය කළා මොකද්ද මට මේකට කරන්න පුළුවන් කියල.
විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගමන් මේ ප්‍රශ්නයත් එක්ක වැඩකරමින් ඉන්නකොට මට එක්තරා අවස්ථාවකදී හමුවෙනවා. ආචාර්ය සෞම්‍ය ලියනගේ මාර්ගයෙන් යුරෝපයේ සයිට්ස් පැසිෆික් යන නාට්‍ය විශේෂයේ නියැළෙන කලාකරුවන් පිරිසක්. ඔවුන් විශ්වවිද්‍යාලයට ඇවිත් දින දෙකක වැඩමුළුවක් පවත්වනවා. ඒ වැඩමුළුව තුළදී මට වෙනස්ම ගනුදෙනුවක් ඇතිවෙනවා. මම තීරණය කරනවා මේ ආඛ්‍යානය අපට පුළුවන් නේද යොදාගන්න ලංකාවෙ තියටර් එකට. මිනිස්සු ගාවට කලාව ගෙනියන්න මේ ආඛ්‍යානයට පුළුවන් නේද කියල.
හුවමාරු කළ දැනුම
සෞම්‍ය ලියනගේ මහතාගෙ මාර්ගයෙන්ම ඉහත කී රටවල් හයක ශිල්පීන් හත්දෙනාව මුණගැසෙනවා. පසුව ඔවුන් එක්ක moving through නමින් හික්කඩුවේ සතිදෙකක වැඩමුළුවක් කරනකොට ඔවුන් එක්ක ඇති කරගත් සම්බන්ධතා එක්ක ඔවුන් මට උපදෙස් දෙන්න පටන් ගන්නවා. එවිට තමයි මට මැක්බර්ත් නාට්‍යය පිළිබඳ අදහස එන්න පටන් ගන්නෙ.
ඔවුන් එක්ක මං මේ ගනුදෙනුව පටන් ගන්නෙ එතැනින්. මේ වැඩේට අවශ්‍ය විදේශීය දැනුම තියරි කොටස්වල දැනුම ලැබෙන්නෙ ඉතාලි ජාතික සයිට්ස් පැසිෆික් කලා ශිල්පියෙකු වන මැතියෝ ලැන්ෆ්‍රැන්චි, ඔස්ට්‍රියන් ස්ටෙෆනි ඔහියෝ, නයිජීරියාවෙන් සැම්සන්, අයර්ලන්තයෙන් ජේම්ස් යන පිරිස ගුරුවරුන්ට එහා ගිහින් යාළුවො වගේ කලාව අපිත් එක්ක හුවමාරු කරගත්ත නිසාම ලංකාව ඇතුළෙ වෙන විදියකට සමාජගත කරන්න.අපිට අවස්ථාවක් හිමිවුණා.
රටවල් කිහිපයකම දැනුම අපිත් එක්ක හුවමාරු වෙනවා වගේම, දිනපතාම සිදුවන ක්‍රියාවලිය පිළිබඳව ඔවුන්ව යාවත්කාලීන කරනවා. එමෙන්ම ඔවුනුත් මාව දැනුවත් කරනවා.
මැද මිදුලට පිවිසුම
ඔවුන් උදවු කරනවා ලංකාව ඇතුළෙදි මෙවැනි කලා විශේෂයක් කරන්න. මොකද ලංකාව ඇතුළෙ මෙහෙම වැඩක් වෙලා නෑ. මැක්බර්ත් නාට්‍යය මේ ආකෘතියට ගේනවා කිව්වමත් ඔවුන් පුදුම වුණා. එවැනි දරුණු ගණයේ නාට්‍යයක් ඔයා කොහොමද කරන්නෙ කියලත්. මම ඔවුන්ට පැහැදිලි සැකැස්ම පිළිබඳව දන්වා සිටියා. ඒ සමගම එයට මැද මිදුල යෝජනා කරගත්තා.
මෙය පැහැදිලිවම දේශපාලනික නාට්‍යයක්. ලංකාව වගේ ආසියාතික සමාජයක දේශපාලනයෙන් හෙම්බත් වෙලා පීඩාවට පත්වෙලා මිරිකීලා බලයට යටත් වෙලා කෑදරකමින් ජීවත්වෙන සමාජ ක්‍රමයක බලය මත්තෙම හැමදේම තීරණය වෙච්ච සමාජ ක්‍රමයක බලයටම අභියෝග කරන සහ එහි නිස්සාරත්වය අවබෝධ කරන දේශපාලනික ගිනිසිළුව තමයි මැක්බර්ත්. මේක විලියම් ශේක්ෂ්පියර්ගේ මැක්බර්ත් නාට්‍යය නෙවෙයි. මේක සමිත් රවිහාර මණ්ඩලදේවගේ මැක්බර්ත් නාට්‍යය.
අති දැවැන්ත නිමැවුම
සමස්ත නිෂ්පාදනයේම නිෂ්පාදක ලෙස කටයුතු කරන්නෙ නිමේෂ් චතුරංග අධිකාරි, මගේ පුහුණු අධ්‍යක්ෂ සංජය ඉෂාන්, අංග රචනය දමිත් අලුත්ගමගේ, ඇඳුම් නිර්මාණය රාජ්‍ය සම්මානලාභී දිනුෂිකා සෙනෙවිරත්න, නර්තන නිර්මාණය ගිමන්ත චරිත් වෙලගෙදර, සංගීතය හැපි ජර්නි කණ්ඩායම, විශ්වවිද්‍යාලයේ සුනෙත් තාරක ඇතුළු පිරිස, වේදිකා පසුතල නිර්මාණයෙන් චරිත් රත්නායක යන පිරිස දායක වෙනවා. ඉතින් මම ලංකාවෙ කලාකරුවෙක් කියල මම යෝජනා කරනවා.
තරුණ නාට්‍යකරුවෙක් විදියට මගේ ප්‍රකාශනය වේදිකා නාට්‍ය නම් වේදිකාවෙන් එහාට අපි කොහොමද ඒ ප්‍රකාශනය අරගෙන ගිහින් යහපත් සමාජයක් උදෙසා නාට්‍ය කලාව භාවිත කරලා කලාව කලාව උදෙසා පාචිච්චි කරලා වර්තමානයේ කොහොමද නාට්‍යයට භාවිත කරන්නෙ කියල සහ අලුත් ඇහැකින් ලංකාව කියවන්නෙ කොහොමද කියල මම අර්ථදක්වන්න සූදානම් 26 වැනිදාට. ආරාධනා කරනවා එන්න බලන්න මේ වෙනස. ඔබට පුළුවන් ඕනම විදියකට ගනුදෙනු කරන්න.
ඔබ කොහොම ආවත් අපි කඩුව අමෝරාගෙන බලන් ඉන්නවා. අපි සටනට සූදානම් වෙලා ඉවරයි. අපි මැක්බර්ත් සටන පටන් අරන් ඉවරයි. අපි සටන් කරන්නෙ ඒක ජයග්‍රහණයේ හේතු නිසා. ඉතින් ආරාධනා කරනවා 26 වැනිදා හවස 7 ට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ මැද මිදුලට. අපි පෙන්නනවා සදාතනික දේශපාලනික බල අරගලයේ දේශපාලනික අඳෝනාව අලුත් ආකෘතියකට. ඔබත් එන්න විඳගත්න
තුති පිදුම
මෙහිදී සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සෞම්‍ය ලියනගේ මහතා, බාහිර කථිකාචාර්ය පියල් කාරියවසම් මහතා, මගේ අංශ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අසේල රංගදේව මහතා, ප්‍රසන්නජිත් අබේසූරිය මහතා සහ උපකුලපතිතුමා මතක් කළ යුතුමයි.
0715655296
සටහන -ඉඳුනිල් සින්දු