‘පොලිස්පතිකම දාලා යන්නත් හිතුනා‘


අභියෝගාත්මක අවස්ථා රැසකට ශ්‍රී ලංකා පොලිසිය පසුගිය වසර කිහිපියේ මුහුණ දුන් බව පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා පැවසීය.

2010 වසරේ සිට පොලිස්පති ලෙස කටයුතු කළ ඉලංගකෝන් මහතා අද විශ්‍රාම ගැනීමට නියමිතය.

විශ්‍රාම යෑමටපෙර ඔහු අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.

‘‘දේශපාලන වශයෙන් ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් පසුගිය වකවානුවේ වුණා. පලාත් සභා මැතිවරණ නවයක් තිබුණා. මහ මැතිවරණයක් තිබ්බා. ජනාධිපතිවරණයක් තිබ්බා. මේ මැතිවරණ වලදී දෙස් විදෙස් මැතිවරණ නියෝජිතයන් පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන ප්‍රශංසා කළා.

119 හදිසි ඇමතුම් සේවාව ඇතුළු සේවා රැසක් මේ කාලයේ හඳුන්වා දෙන්න පුළුවන් වුණා. යම් යම් පොලිස් නිලධාරීන්ගෙන් අතපසුවීම් වෙනවා නම් ජනමාධ්‍ය ඒවා පෙන්වා දී හරි මාර්ගයේ යන්න උදව් කළා.

පොලිස් සේවයට එද්දත් මා සැහැල්ලුවෙන් ආවේ. වසර 36ක පොලිස් සේවාව නිමා කර අද යන්නෙත් සැහැල්ලුවෙන්.

විශ්‍රාම ගොස් නිදහසේ කටයුතු කරනවා.‘‘

ඉදිරියේදී තානාපති ධුරයක් ලැබුණොත් බාර ගන්නවාදැයි මාධ්‍යවේදියකු ඇසූ විට ඉලංගකෝන් මහතා කීවේ තවම එවැන්නක් ගැන තීරණය කර හෝ සිතා බලා හෝ නැති බවයි.

ඇඹිලිපිටි සිද්ධිය, කොටකෙතන සිද්ධිය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධි සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.

ප්‍රශ්නය - තවදුරටත් රැදී සිටින්න කියා සේවා දිගුවක් ලබාදෙන්න ආරාධනාවක් ලැබුණේ නැද්ද?

පිළිතුර - මම  මේ තනතුර බාර ගන්නා මොහොතේ මම  ප්‍රකාශ කළා මගේ ධුරකාලය නිම වීමෙන් මෙම පුටුවේ එක  මොහොතක්වත් රැදී සිටින්නේ නැහැ කියා . එම ස්ථාවරයේ එදත් සිටියා. අදත් සිටිනවා. සේවා දිගු ලබා ගන්න මා කිසිම අවස්ථානක අදහස් කළේ නැහැ.

 ප්‍රශ්නය  - පොලිසියට එල්ලවන චෝදනා තමයි සැමවිටම දේශපාලන බල අධිකාරියට පොලිස් සේවය නිතරම යටත් වෙනවා කියලා. පොලිස් නිලධාරියෙන් දේශපානඥයින්ට හිස නැමිය යුතුයි ද?    ඔබතුමාගේ කාලයේ එහෙම බලපෑම් ඇති වුනාද? 

පිළිතුර -  මෙය  බැරෑරුම් ප්‍රශ්නයක්. දේශපානය පොලිසිය, දේශපානය  රාජ්‍ය සේවය මේ දෙකම  පටලවාගන්න හොද නැහැ. මේ දෙකටම කාර්ය බාරයක් තිබෙනවා. දේශාපනඥයින් ට මහජන නියෝජිතියන් වශයෙන් අයිතියක් තිඛෙනවා රාජ්‍ය සේවය රාජයේ සේවකයින්ගේ කටයුතු සොයා බලන්න . පරීක්ෂා කරන්න. මා දකින විදිහට අපි පටලවා ගන්නේ රාජය සේවකයින් වශයෙන් අපි විසින් ජනතාව වෙනුවෙන් කරන කාර්ය බාරය හරියාකාරව ඉටු නොකළොත් ජනතාව  තමන්ගේ  ගැටළු යොමුකරන්න මහජන නියෝජිතයින් වෙත යනවා..  එවන් අවස්ථාවක මහජන නියෝජිතයා  එම කාරණය සදහා මැදිහත් වෙන විට ඇතැම් අය හිතනවා පොලිසියේ රාජකාරියට දේශපාලනඥයා බලපෑම් කරනවා කියා.  අපේ අපේ කාර්ය බාරය ජනතාව වෙනුවෙන් නිවැරදි ලෙස ඉටු කරනවා නම් දේශපානය මැදිහත්මේ අවස්ථාව  අවම කරගන්න හැකිවෙනවා ඒ  මගේ අදහස.

ප්‍රශ්නය  - බොහෝ විශ්‍රාම ගිය නිලධාරීන් බොහොම දෙනෙක් නවතින්නේ විදෙස් සේවයේ නැතිනම් තානාපති සේවයේ . ඔබගේ විශ්‍රාම දිවියෙන් කොහොමද සැලසුම් කරන්නේ.

පිළිතුර -  කිසිම තනතුරකට ගැනීමට  මගේ විශේෂ සැලැස්මක් නැහැ කිසිම බලාපොරොත්තුවකුත් නැහැ.  ටික කාලයක් විවේකයෙන් ඉන්න තමයි බලාපොරොත්තුව.

ප්‍රශ්න  - රාජයෙන් ඔබට තානාපතිධුරයක් හෝ වෙනත් තනතුරක් ලබා දුන්නොත් බාර ගන්න සුදානම් ද

පිළිතුර -  තාම තීරණය කර නැහැ.

ප්‍රශ්නය -  රාජකාරි කාලයේ දේශපාලන බලපෑම් ඇවිත් තිඛෙනවා ද?

 පිළිතුර  -  නීති රාමුවට  පිටින්  යම් දෙයක් කරන්න  කියලා බලපෑමක්  ආවාම බැහැ කියලා  තියනවා.

ප්‍රශ්නය -  පොලිස්පති ධුරයේ වසර 5  ආසන්න කාලය තුළ යම් පසුතැවීමට ලක්වන කාරණ සිදුවෙලා  තියනවා ද?

පිළිතුර  - නැත්තෙත්ත් නැහැ. මම බොහොම ප්‍රශ්න කාලයට බාර දීලා නිහඩව සිටියා. පොලිස්පති ධුරයෙන් යන්න  සිතුන   අවස්ථා කිහිපයක්ම තිබුණා.

ප්‍රශ්නය - කාලයට බාරදීලා තිබුණ  ප්‍රශ්න දැන් විසදීලා තිඛෙනවා ද?

පිළිතුර  - බොහෝ ප්‍රශ්න විසදිලා තියනවා. මම හිතනවා ඒ ප්‍රතිපත්තිය හොදයි කියා මම ඒ අවස්ථාවේ ඒවාට පිළිතුරු දෙන්න ගියානම් සමහර විට මේ ප්‍රශ්න දෙගුණ වෙන්න ඉඩ තිබුණා.  ඒ වනවිට මතයක් ගොඩනැගිලා තිබුණා . එම නිසා නිහඩව  බලාගෙන සිටියා.

ප්‍රශ්නය -  කොටතෙකන ඝාතන සිද්ධින්  වලට සම්බන්ධ බවට  චෝදනා ලබා   පිරිසක් අත්අඩංගුවට ගෙන  බන්ධනාගාර ගතකරලා  නඩු කටයුතු වලට ලක්වෙලා සිටිනවා .දැන් මෙම සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන සිටින හෙයින් පෙර අත්අඩංගුවට ගත්  පිරිසට සාධාරණයක් සිදුවෙන්නේ නැද්ද ?

පිළිතුර - මෙම ඝාතනව වලට සම්බන්ධයි කියලා මීට පෙර අත්අඩංගුවට ගෙන සිටින පිරිසට සාධාරණයක් වෙනවා.  ඩී එන් ඒ තාක්ෂයත්  මුල්කරගෙන එයට සම්බන්ධ නොවුන අයට  ඉදිරියේ  සාධාරනයක් ඉටුවේවි.

මෙම අවස්ථාවට  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු, සහකාර පොලිස් අධිකාරිනරු රැසක් ම සහභාගි වුහ.

(වීඩියෝ හා ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

_DSC0748 _DSC0854 _DSC0861