හන්තාන කදු වැටියේ නාය යැමක් ඇති වූවත් එමගින් මහනුවර නගරයට කිසිදු අවදානම් තත්වයක් ඇති වන්නට ඉඩක් නැතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ නිශාන්ත පීරිස් මහතා පැවැසිය.
නායයැමේ අවධානමට ලක්වු 4 කණුවවත්ත හා 5 කණූවවත්ත පදිංචි ජනතාව පවසා සිටින්නේ වර්ෂාව පැය 3 ට ආසන්නව දිගින් දිගටම පවතින්නේ නම් ආරක්ෂිත තැන් වලට යන ලෙස නිලධාරින් පැවැසු බවයි. නායයැමට ලක්ව ජිවිත විනාශ වන්නට කලින් තමන් ස්ථිර බිම් කොටසක් ලබා දෙන ලෙස වැසියෝ ඉල්ලති.
හන්තාන කදු අඩවියේ අවපාත බැවුම මහනුවර නගරය දෙසට යොමු වී ඇති අතර එයට දකුණු දෙසින් එහි මොහොර බැවුමේ මෙම නායයැම් සිදු වි ඇති අතර හන්තාන උඩ කොටසේ 4 කණුව ප්‍රදේශය පිහිටා ඇති නිසා එම වතු ප්‍රදේශයට මෙලෙස නායයැමේ අවදානම 4 කණුව ප්‍රදේශයට ඇති නමුත් එම නායයැමෙන් මහනුවර නගරය ආශ්‍රිත පෙදෙසට අවදානමක් නොමැති බවද පිරිස් මහතා පවසයි.
මෙම නාය ගිය ප්‍රදේශය භු විද්‍යාඥයින් විසින් පසුගිය දා නිරික්ෂනය කළ බවත් හන්තාන උඩ කොටස් වසර දහස් ගණනක සිට සිදුවූ නායයෑම් නිසා තැන්පත් වූ සුණුපහන් පස් අංශු වලින් සැදුණු ප්‍රදේශයක් බවත් අධික වර්ෂාවක් ඇති වන විට මෙම පසෙහි ඇති කුඩා හිඩැස් තුළට ජලය දිගින් දිගටම ඇතුළු විම නිසා භූමිය ජලයෙන් සංතෘප්ත වීමෙන් මෙය නැවත සක්‍රිය වී දැඩි අවදානම් තත්ත්වයක් ඇති බවත් එනමුත් වර්ෂාව අඩු වි භූගත ජල මට්ටම අඩු වීමේදී අවදානම ද අඩු වන බවත් පීරිස් මහතා පවසයි.