මන්ත්‍රි වරප්‍රසාද කැපේ


පිස්තොල, පොලිස් ආරක්ශාව ,වාහන පර්මිට් නෑ 

සුජිත් හේවාජුලිගේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ ඇතැම් වරප්‍රසාද අඩු කෙරෙනු ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම මෙතෙක් සිදු  කෙරුණු අතර එම පහසුකම ඉවත් කිරීමට අවධානය යොමු වී ඇත. මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව සැලසුණු අතර එයද බොහෝ දුරට ඉවත්  කෙරෙනු ඇතැයි පැවසේ. 

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිස්තෝලයක් ලබාදීම මේ දක්වා කෙරුණු අතර එම පහසුකම ඉවත් කිරීමට අවධානය යොමු වී ඇත. මීට අමතරව සෑම මන්ත්‍රීවරයෙකුටම පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ආරක්ෂාව සැලසුණු අතර එයද බොහෝ දුරට ඉවත්  කෙරෙනු ඇතැයි පැවසේ.
එසේම මන්ත්‍රීවරුන්ට මෙතෙක් හිමිවූ තීරු බදු රහිත වාහන බලපත්‍රයද ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ කමිටුවක් පත්කරනු ලැබීය. වරප්‍රසාද සංශෝධනය කිරීමේදී එම කමිටු යෝජනා ද සැලකිල්ලට ගැනෙනු ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.