(උපුල් හේරත්)
ත්‍රිකුණාමලය මහසෙන්පුර පාසලේ උසස් අධ්‍යාපනය ලැබීමේ සිහිනය යථාර්තායක් කරමින් අහිංසක දරුවන්ට උසස් අධ්‍යාපනය ලබාදීමට එම ප්‍රදේශයෙන් බිහි වූ තාක්ෂණ උපාධිධාරියෙක් ඉදිරිපත් වී සිටියි.
රත්මලාන තාක්ෂණික විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු වන ඔහු චානක ධර්මරත්නය. මහසෙන්පුර ගමේ ඉපදී, අධ්‍යාපනය ලබා ගමේ දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබාදීමට හැකිවීම විශේෂත්වයකි.
යුද්ධය පැවැති සමයේ වෙඩි හඬත් සමග ජීවත් වූ මෙම ගම්මානයේ දැනට පවුල් 200 කට අධික පිරිසක් වෙසෙති.
ඔවුන්ගේ එකම වෘත්තිය ගොවිතැනයි. පවුලවල පිරිමි සිවිල් ආරක්ෂක බලකායේ සේවය කරති.
හරිහමන් අධ්‍යාපනයක් ලැබීමට අවස්ථාවක් නොලැබුණු මෙම ගම්මානයේ දරුවන් පළමු ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන්නේ ත්‍රිකුණාමලය මහසෙන්පුර පදවි පරණ මැදවච්චිය විද්‍යාලයේය. එම විද්‍යාලයේ දැනට සිසු දරු දැරියන් 61 දෙනකු සිටින අතර පස්වන ශ්‍රේණියෙන් පසුව ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට වරම් නැත. ඔවුනට ඉගෙන ගැනීමට අවශ්‍ය නම් සැතපුම් දහයක් පමණ දුරින් පිහිටි ජයන්ති විද්‍යාලයට යා යුතුයි. ඊට අවශ්‍ය පහසුකම් නැත.
ඔවුනට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට වටපිටාව සකසමින් මව්පියන් එක්ව තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කළේ. වැවෙන් පස් කපා කැලෙන් ලී දඬුකපා එම ගොඩනැගිල්ල මව්පියෝ එම ගොඩ නැගිල්ල ඉදිකළහ.
අලුතින් පටන් ගත් 6 ශ්‍රේණියේ දරුවන් 12 දෙනෙක් ඉගෙනුම ලබති. හත ශ්‍රේණියේ දරුවන් තිදෙනෙක් ඉගෙනුම ලබති. තවත් දින කීපයකින් අටවන ශ්‍රේණියත් ආරම්භ කරන බවත් ඊට ඇතුළත්වීමට සිසු දරුවන් පිරිසක් සූදානමින් සිටින බව මව්පියෝ පවසති.
උතුරු මැද පළාත හා නැගෙනහිර පළාතේ මායිම් වන මහසෙන්පුර ගමේ පිහිටි පරණ මැදවච්චිය විද්‍යාලයේ පන්ති පිහිටා තිබෙන්නේ පළමු වසරේ සිට පස්වැනි වසර දක්වා පමණයි .6 7 8 යන ශ්‍රේණිවල ඉගෙන ගැනීමට සිසුන් සිටියත් ගුරු හිගය මෙන්ම ගොඩනැගිලි වල අවශ්‍යතාවය එහි ප්‍රදේශයට තදින්ම බලපා ඇති කරුණක්.
මේ ප්‍රදේශයේ සිටින 6,7,8, ෙශ්‍ර්ණිය සඳහා ඉගෙන ගැනීමට සිටින දරුවන් විශාල ප්‍රමාණයක් සිටිනවා . නමුත් ඔවුනට අධ්‍යාපනය ලබා ගන්න පහසුකම් නෑ.
එවන් අවස්ථාවක ඔවුනට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමට එම විද්‍යාලයෙන්ම බිහි වූ චානක ධර්මරත්න මහතා ඉදිරිපත්ව සිටියි. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ චානක ධර්මරත්න මහතා මෙසේ පැවැසීය.
මම අපොස සාමාන්යෙ පෙළ විභාගය හැදෑරූ වේ පදවිය ප්‍රදේශ ෙය් පුර පලුගහ වැව මහා විද්‍යාලයෙන්. මම ඒ විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මගේ අම්මත් එම පාසලේ ඉගැන්නුවා. අපේ අම්මත් එක්ක එකට හිටපු ගුරුවරියක වන නිලු අළුත්ගමගේ මහත්මිය පරණ මැදවච්චිය විද්‍යාලයේ විදුහල්පතිනිය කටයුතු කරනවා. ඇය මා හමු වන අවස්ථා කිහිපයකදීම මට යෝජනා කළා අපේ පාසලේ ළමයන්ට ගණිතය විද්‍යාව යන විෂයයන් උගන්නන්න ගුරුවරයකු නැති බවයි .ඇගේ ඉල්ලීම ඉවත දමන්න මට බැහැ මම ඒ යුතුකම ඉටු කළා .
පරණ මැදවච්චිය විද්‍යාලයේ ළමයින්ට උගන්වන අතර ,කැලණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා අධ්‍යාපනය ලබනවා .ඊට අමතරව රත්මලාන තාක්ෂණික විද්‍යාලයේ විසිටින් ලෙක්චර් කෙනෙක් හැටියට කටයුතු කරනවා.යනුවෙන් ඔහු පැවසීය.
අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් විශාල ප්‍රමාණයක් එහි සිටින මිනිසා මම විදුහල්පතිතුමිය සමග සාකච්ඡා කරමින් තීරණයක් ගත්තා ස්වේච්ඡාවෙන් ළමුන්ට උගන්වනවා කියලා .
ඊළට තිබුණු ලොකුම ගැටළුව දරුවන්ට ඉගෙන ගන්නා හිසට සෙවණක් නොමැති කමයි . මේ කුඩා දරුවන් ගේ මාපියන් එකා මෙන් එක් වී කැලේට ගොස් ලී දඬු කපා ගෙන පාසලක ආකෘතියක් ඉදි කළා. කාන්තා පාර්ශවයේ එක්වී ඒ අසල ඇති වැවට ගොස් මැටි කපා ගෙන කටු මැටි ගැහුවා. පාසලට ලොකු අඩුපාඩුවක්ව තිබුණු නාම පුවරුවක් ඉදි කළා .
ගණිතය විද්‍යාව යන විෂයන් හය, හත, අට ,ශ්රේ ණි සඳහා මම උගන්වනවා. කිසිදු මුදලක් අය කරන්නේ නැතූව. මගේ හිත වත් අය කීප දෙනකු කොළඹ සිටිනවා. ඒ අය දැනුවත් කළ මේ අසරණ පුංචි දරුවන්ට පිහිටපක් වෙන්න එකතු වෙන්නැයි ඉල්ලීමක් කළැ.
මෙවැනි ප්‍රදේශවලට ගුරුවරුන් එන්නෙත් නෑ ,ආවත් වැඩි කාලයක් ඉන්නෙත් නෑ ,මේ ප්‍රදේශයේ දරුවො හැමදාම අසරණයි. ඒ ඒ අයට පිහිට වීමයි මගේ එකම බලාපොරොත්තුව යනුවෙන් ධර්මරත්න මාතා පැවසීය .මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ගැම්වැසියකු වූ එස්.ඒ. චන්දන කුමාර මහතා මෙසේ පැවැසීය.
මේ ගම්මානයේ ජිවත්වන වැඩි පිරිසකගේ ජීවනෝපාය ගොවිතැනැයි. පිරිසක් යුද හමුදාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සේවය කරනවා. වකුගඩු රෝගවලින් පෙළෙන මේ ප්‍රදේශයේ දරුවන්ට හරිහමන් අධ්යානපනයක් නෑ. තැනක් නෑ. ගුරුවරු නෑ. මෙම ගමෙන් බිහි වූ තරුණයෙක් අපේ දරුවන්ට ඉදිරිපත්වීම හරිම සතුටක්. ගමේ අපි එකතුවෙලා අපේ ශ්රණමයෙන් ගොඩනැගිල්ල හැදුවා. ඊට හැමෝගේම සහාය ලැබුණා.