අන්තරේ පිරිසක් තංගල්ලට පාරවල් වසයි


(ඉන්දිකා රාමනායක)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලට විශාල පිරිසක් පැමිණීම නිසා තංගල්ලේ මාර්ග රැසක වසා දමා ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

ත්‍රස්ත  පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයිය ශිෂ්‍ය  බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ල බන්ධනාගාර දෙසට ගමන් කිරීම හේතුවෙන් දැඩි ආරක්ෂාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි.

විරෝධතා කරුවන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට තංගල්ල බලා ගමන් කරයි.

මෙම විරෝධතාවට සහභාගීවීම සඳහා විරෝධතාපුවරු රැගෙන පිටකොටු ගාල්ල ආදී දුම්රිය ස්ථානවල සිට ‍තංගල්ල බලා විශාල පිරිසක් ගමන් කරමින් සිටින බව වාර්තා වේ.