අම්පාරේ සාරි කඩය ගිනි රකුසාට බිලි


(වසන්ත චන්ද්‍රපාල)

අම්පාර තිරුක්කෝවිල් පොලිස් වසමේ තම්බිලුව්ල් ප්‍රධාන මාර්ගයේ පිහිටි සාරි කඩයක හට ගත් ගින්නකින් එම සාරි කඩය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලිසිය පවසයි.

එම වෙළෙඳසල අගුළු දමා වසා තිබූ අතර අද අලුයම 3 ට වෙළෙඳසැල ගිනිගෙන තිබෙනු දැක පොලිසියට දැනුම් දී ඇත.

ඉන් අනතුරුව ගිනි නිවන ඒකකය සහ පොලිසිය හමුදාව එක්ව ගින්න පාලනය කර ඇති අතර ඉහළ මහල සහිත වෙළෙඳසැල් සංකීර්ණය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර රුපියල් කෝටි 5කට අධික අලාභහානි සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙම ගින්න ඇතිවීමට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව පොලීසිය සැක පහල කරයි.