අවදානමට පෙර සූදානම


(ඩයනා උදයංගනී සහ ලාල් එස් කුමාර)

ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන  විරෝධතාවක් හේතුවෙන් කොළඹ අවට ආරක්ෂාව තරකර ඇත.

කැලණිය විශ්ව විද්‍යාලය අවට පොලිසියෙ 100ක පමණ බල ඇණියක් සහ ජල ප්‍රහාරය බවුසර්ද සීරුවෙන් තබා ඇත.

කැලණිය විශ්ව විද්‍යාලය අසලින් ආරම්භ කෙරෙන මෙම විරෝධතා පා ගමන ගමන් ගන්නා මාර්ගයේ විවිධ ස්ථානවල පොලීසිය සහ කැරලි මර්දන ඒකක මෙන්ම ජල ප්‍රහාරක රථ ද යොදවා තිබෙනු දක්නට ලැබේ.