අවසන් ගමනත් අවදානම්


(කාංචන කුමාර ආරියදාස)


ජීවිතයේ අවසන් ගමන යන ගමනේ අවදානමක් පවතින ජනතාවක් වෙසෙන   ගම්මානයක් ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබේ.


ඒ ගලේවෙල  රන්වැඩියාව  එම ගම්මානයයි.ගම්මානේ  කොස්පොත ඇල මගේ පාලම කැඩී යෑමත් සමඟ වසර ගණනාවක සිට රන්වැඩියාව ප්‍රදේශයේ පවුල් හත්සියයක් පමණ දෙනා මෙහි එගොඩ-මෙගොඩ වනුයේ ඇළට බැසීමෙනි.


රන්වැඩියාව ගම්මානයේ පුද්ගලයකු මරණයට පත්වුහොත්  ඔහුගේ මිනිය රැගෙන යාමට ඇත්තේද මේ අයුරින්මය.
එවැනි ඛේදජනක අවස්ථාවක්  රන්වැඩිය  ගම්මානයේදී ඊයේ (04) පස්වරුවේදී  දකින්නට ලැබිණි.මිය අයකුගේ දේහයක් කොස්පොත පොදු සුසාන භූමියට ගෙන යාමට ගමිවාසීන්ට ගෙන යාමට සිදු වුයේ ඇලට බැසිමෙනි.


ඇතැම් වැසි  දිනවලදී මේ මළගෙයක් සිදු වූ විට භූමදානය පවා කල් දමන බව ප්‍රදේශවාසීහු පවසති. දැනටමත් ගමේ මිනිස් ජිවිත දෙකක් මේ ඇලේ ගසාගෙන ගොස් අහිමි වී තිබෙන බව ගම්මු කියති .


ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් මෙම ස්ථානයට නැවත වරක් පාලමක් ඉදිකර දෙන ලෙසයි.
ජනතා මුදල් වියදම් කරමින් මෙම ස්ථානයේ ඉදි කරනු ලැබූ පාලම මාස හයක් ඇතුළත   කඩාගෙන ගිය බවත් කිසිම ප්‍රමිතියකින් තොරව අඩුම තරමේ යකඩ කැබැල්ලක් හෝ නොයොදා කොන්ත්‍රාත්කරුවන් විසින් පහළම ඉදිකළ බව ගම්මුන් පවසති.


ඉදිකිරීම් පිළිබඳව සහ පාලම කඩා ගෙන ගිය බව බලධාරීන්ට අවස්ථා ගණනාවකදී දැනුවත් කළ ද ඉන් කිසිදු පලක් නොවූ බවත් අඩුම තරමේ එම කොන්ත්‍රාත් කරුවාගෙන් හෝ විමසීමක් නොකොට පාලම කඩා ගෙන ගිය පසු කොන්ත්‍රාත්කරුගේ මුදල් ගෙවූ බවද ප්‍රදේශවාසීහූ පවසති.


පවුල් 700ක පමණ ජනතාව  ඉතා ඉක්මනින් ගලේවෙල නගරයට පාසලට පන්සලට ආදී සියලු අවශ්‍යතා සඳහා මෙන්ම මරණයට මඟුලට දරු උපත් තියට සියලුම දේ සඳහා මෙම මාර්ගය භාවිතා කළ බව ඔවුහු පවසති.


ඒ  සියලු දේ මේ වන විට අවධානම් ගමනක ඇල මගෙන් බැස ජලයේ ගමන් කළ යුතු බව ඔවුහු හඬා වැටෙමින් අප සමඟ පැවසූහ.