ආණ්ඩුවේ මර්දනයට තුම්මුල්ලේ විරෝධය


(යොහාන් භාසුර)

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ ඇතුළු විශාල පිරිසක් එකතුව පසුගිය දිනවල උද්ඝෝෂණවලට එල්ල වූ කදුළු ගෑස් ප්‍රහාර ඇතුළු ආණ්ඩුවේ මර්දනයට එරෙහිව බම්බලපිටිය, තුම්මුල්ල හන්දියේ අද (10) දහවල් විරෝධතාවක් පැවැත්වීය.

කරුඳු පොලු හමුදාවට විරෝධය දැක්වීම, පාසල් දරුවන්ට කඳුළු ගෑස් ගැසීම සහ පොලිසිය සරසවිවලට කඩාපැනීමට ද එම විරෝධතාවට ප්‍රධාන හේතු වී තිබුණි.

පොලිස් නිලධාරීන් විශාල පිරිසක් එම විරෝධතාව පාලන කිරීම සඳහා අද පෙරවරුවේ සිට තුම්මුල්ල හන්දිය සහ කොළඹ විශ්වවිද්‍යාලය ඇතුළු කොළඹ නගරයේ ස්ථාන රැසක ස්ථානගතව සිටියහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර)