උත්සවයකට ගිය ඇමති දෙපළට විරෝධයක්


(රවින්ද්‍ර ප්‍රභත් නෙත්තසිංහ)

වාරියපොල බමුණුකොටුව වල්පොල ප්‍රදේශයේ ඉදිකළ සංස්කෘතික මධ්‍යස්ථානයක් මෙසේ විවෘත කිරීමට ගිය අමාත්‍යවරුන් දෙදෙනකුට ප්‍රදේශවාසීගේ දැඩි විරෝධයක් එල්ල විය. 

පසුව කැරලිමර්ධන පොලිසිය ගෙන්වා දැඩ ආරක්ෂාව යටතේ උත්සවය පවත්වාගෙන ගිය

රුපියල් ලක්ෂ 250 ක වියදමින් ඉදිකල සංස්කෘතික මධ්‍යස්ථානය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට සහ රාජ්‍ය අමාත්‍ය ඩී.බිඔ. හේරත් මහත්වරුන්ට එස් ජනතාගේ විරෝධතාවය එල්ල විය.

විරෝධතාවයට එක්වූ පිරිස කියා සිටියේ මෙම ගොඩනැගිල්ල මීට පෙර වාර ගණනාවක් විවෘත කර ඇති බවයි.

තවද මෙම මධ්‍යස්ථානය පිහිටි මහකෙළිය කටුපොත මාර්ගය කලක සිට අබලන්ව පවතින බවත් මෙවැනි ව්‍යාජ උත්සව වලට වැය කරන මුදල් මාර්ගය අළුත්වැඩියා කිරීමට යොදවන ලෙසද පිරිස ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත් බුද්ධසාසන  සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා උත්සවයට පැමිණීමට පමා වූ අතර නව ගොඩනැගිල්ලේ ඵළකය නිරාවරණය කරන ලද්දේ ප්‍රදේශයේ කලා කරුවන් පිරිසක් විසිනි.